IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණු අප්‍රිකාවේ සුදු නායකයා සිරිල් රැම්ෆෝසා

 

 

අප්‍රිකා මහාද්වීපයේ දකුණට වන්නට පිහිටි වර්ග කි.මී. 2798 වපසරියකින් පිහිටි දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුව ලෝක ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ වූයේ කළු - සුදු වර්ණ භේදවාදය 90 දශකය අවසානය වන තෙක්ම දරුණුවට පැවතීම හේතුවෙනි. දකුණු අප්‍රිකා නායකයා ගැන පසුගිය කාලවලදී අසන්නට ලැබුණේ කිහිපවතාවක්ම ඔහු ලංකාවට පැමිණීමත් සමඟිනි. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාව පිළිබඳ ජනාධිපති සූමාගේ විශේෂ නියෝජිතයා ලෙස එවකට උපජනාධිපති පදවිය හෙබැවූ සිරිල් රැම්ෆෝසා පත්කරනු ලැබ තිබිණි. අද දියත වෙන්වන්නේ වර්තමානයේ එහි ජනාධිපති ධුරය හොබවන සිරිල් රැම්ෆෝසා මහතා වෙනුවෙනි.


උතුරට නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ හා නැගෙනහිරට මොසැම්බික් හා ස්වාසිලන්තයට මායිම්ව පවතින්නා වූත්, අප්‍රිකා මහාද්වීපයේ වඩාත්ම කාර්මික රාජ්‍යය වූ දකුණු අප්‍රිකාවේ වර්තමානයේ එහි සුක්කානම මෙහෙයවනු ලබන්නේ එරට ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වූ සිරිල් රැම්ෆෝසා විසිනි. හැට හයවැනි වියේ පසුවන වෘත්තියෙන් ව්‍යපාරිකයෙකු වූ හෙතෙම දකුණු අප්‍රිකාවේ පස්වැනි ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ ඉකුත් වසරේ පෙබරවාරි 14 වැනිදාය.


1952 වසරේ නොවැම්බර් 17 වැනිදා උපන් සිරිල් රැම්ෆෝසා දකුණු අප්‍රිකාවේ පස්වන හා වත්මන් ජනාධිපතිවරයාය. ජාකොබ් සූමාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඔහු ජනාධිපති විය. මීට පෙර වර්ණභේද විරෝධී ක්‍රියාකාරිකයෙකු, වෘත්තීය සමිති නායකයෙකු හා ව්‍යාපාරිකයෙකු වූ රැම්ෆෝසා 2014 සිට 2018 දක්වා දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය ජනාධිපති ලෙසද සේවය කළේය. ඔහු 2017 දෙසැම්බර් මාසයේ පැවති අප්‍රිකා ජාතික කොංග්‍රස් සමුළුවේදී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. දකුණු අප්‍රිකාව “දිගු කාලීනව සංවර්ධනය සඳහා පොදු අරමුණු හා ප්‍රමුඛතා සමූහයක් වටා” පෙළගැස්වීමේ අරමුණින් රටේ අනාගතය සඳහා උපායමාර්ගික සැලසුම් කිරීම සඳහා වගකිව යුතු ජාතික සැලසුම් කොමිෂන් සභාවේ හිටපු සභාපති ඔහු විය. 2019 දකුණු අප්‍රිකානු මහ මැතිවරණයෙන් ඒඑන්සීය ජයග්‍රහණය කිරීමෙන් පසු මැයි 22 වන දින රැම්ෆෝසා සිය පළමු පූර්ණ ධුර කාලය සඳහා ජාතික සභාව විසින් ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබීය.


දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදයට මාරුවීමේදී ඒඑන්සීයේ ප්‍රධාන සාකච්ඡාකරු ලෙස කටයුතු කළ ඔහු දක්ෂ සාකච්ඡාකරුවකු ලෙස හැඳින්වේ. රැම්ෆෝසා රටේ විශාලතම හා බලවත්ම වෘත්තීය සමිතිය ගොඩනඟා ගත්තේය. පතල් කම්කරුවන්ගේ ජාතික සංගමය වර්ණභේදවාදයට සාමකාමී අවසානයක් ගෙන ඒම සහ 1994 අප්‍රේල් මාසයේ පැවති ප්‍රථම පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සඳහා රට මෙහෙයවීම සඳහා වූ සාකච්ඡා අතරතුර ඔහු ජාතික පක්ෂයේ රෝල්ෆ් මේයර් සමග තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. එවකට ජනාධිපතිවරයා ලෙස නෙල්සන් මැන්ඩෙලා තෝරා ගැනීම සිදුවූයේ රැම්ෆෝසාගේ සුවිසල් දායකත්වයෙනි. රැම්ෆෝසා ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම් වටිනාකම 2018 වසර වන විට රුපියල් බිලියන 6.4 (ඩොලර් මිලියන 550) ඉක්මවූයේය.


තම රටේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදයට මාරුවීමේ වැදගත් යෝජකයෙකු ලෙස කටයුතු කළ රැම්ෆෝසා ඔහුගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කිරීම සම්බන්ධයෙන් ද ඔහු විවේචනයට ලක්ව ඇත.


අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ තීන්දුවක් ප්‍රකාරව අප්‍රිකා ජනාධිපති ධුරයේ කටයුතු කළ ජේකබ් සූමා ඉකුත් වසරේ පෙබරවාරි 14 වැනිදා එම පදවියෙන් ඉල්ලා අස් වූ අතර, ඊට පසුදින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනපති පදවියට යෝජනා කෙරුණු එකම අපේක්ෂකයා වූයේ ඒවන විට උපජනාධිපති ධුරයේ කටයුතු කළ සිරිල් රැම්ෆෝසා මහතාය.
පදවියෙන් ඉල්ලා අස් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවකට මුහුණදීමට සිදුවනු ඇති බව අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජේකබ් සූමාට දැනුම් දී තිබුණි. ඒ අනුව වහාම පදවියෙන් ඉල්ලා අස්වන බව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් නිවේදනය කළ ජේකබ් සූමා, එහෙත් සිය පක්ෂයේ තීන්දුවට එකඟ නොවන බව ද පැවසීය. බරපතළ දූෂණ චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව එල්ල වී තිබෙන අතර ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටියේය.


පාර්ලිමේන්තු සැසිවාරයේදී ෑජදබදපසජ ත්‍රුැාදප ත්‍සටයඑැරි නම් එක් විරුද්ධ පක්ෂයක් පමණක් සභාවෙන් පිටව ගියේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් නව ජනාධිපතිවරයා නම් කරනු ලැබීමට විරෝධය පළකරමිනි. එම පක්ෂය, නව ජනපතිවරණයක් කැඳවන මෙන් ඉකුත් වසරේ  ඉල්ලා සිටියේය. මේ අතර අප්‍රිකාවේ වඩාත්ම කාර්මික රාජ්‍යයේ සුක්කානම සිරිල් රැම්ෆෝසා අතට පත්වීමත් සමග රටේ අනාගතය පිළිබඳව නව බලාපොරොත්තු දැල්වෙමින් පවතී. විශේෂයෙන්ම මූල්‍ය වෙළෙඳපොළ එවකට ජේකබ් සූමාගේ ඉල්ලා අස්වීම අනුමත කරන හැඩක් දක්නට ලැබිණ.


එහෙත් ඔහුගේ පාලන සමය තුළ අත්කරගන්නා ලද ඇතැම් ජයග්‍රහණ පිළිබඳව ඇතැමුන් තවමත් කෘතවේදීව සිහිපත් කරන ජනතාවක්ද වූහ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා අය කළ මුදල අහෝසි කිරීම ඒ අතරින් ප්‍රධාන ජයග්‍රහණයකි. දකුණු අප්‍රිකාවේ පාලක අප්‍රිකා ජාතික කොංග්‍රසයේ නායකත්වය සඳහා පැවති තියුණු තරගයකින් අනතුරුව උපජනාධිපති සිරිල් රැම්ෆෝසා ජයග්‍රහණය කිරීම ඔහු එරට ජනාධිපති පුටුවට තේරී පත්වීමේ හැරවුම් ලක්ෂ්‍යය විණි.


පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග මේ වසරේ දී පැවැත් වූ ජනපතිවරණයේදී සිරිල් රැම්ෆෝසා ජනපති පදවියට තේරී පත් වූයේ හිටපු විදේශ ඇමැතිවරියක සහ ජනාධිපති ජේකබ් සූමාගේ හිටපු බිරිය ද වන න්කොසසානා ද්ලමිනි සූමා (භනදි්‘්බ් ෘක්පසබස-’මප්) පක්ෂයේ නායකත්වය සඳහා උපජනාධිපතිවරයා සමග තරග වැදී සිටියාය. නායකත්වය සඳහා ඔවුන් දෙදෙනා අතර පැවති තියුණු තරගය හේතුවෙන් පක්ෂය දෙකඩ වීමට ඉඩ තිබෙන බවට ද අනතුරු ඇඟවීම් කෙරිණ.


නායකත්ව තරගය අතරවාරයේ රාජ්‍යයේ වංචා, දූෂණවලට එරෙහිව හඬ නැගූ 65 හැවිරිදි සිරිල් රැම්ෆෝසාට (ක්‍හරසක ඍ්ප්චයදි්) ව්‍යාපාරික ප්‍රජාවේ සහාය හිමිවිය. මේ අතර සුදු ජාතික ව්‍යාපාරික ප්‍රජාවේ බලය දැඩි විවේචනයට ලක් කළ 68 හැවිරිදි ඔහුගේ ප්‍රතිවාදිනිය රට තුළ පවතින වාර්ගික අසමානතාව ලෙසින් ඇය විග්‍රහ කළ තත්ත්වයට පිළියම් යොදන බවට ප්‍රතිඥා දුන්නද ඇය පරාජයට පත්වූවාය.


එකී මෙකී සියලුම සිද්ධි අවසානයේ ඉකුත් මැයි 8 වැනිදා පැවති දකුණු අප්‍රිකා මහ මැතිවරණයෙන් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කිරීමත් සමග දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට සිරිල් රැම්පෝසාට අවස්ථාව උදාවිය. අප්‍රිකානු ජාතික කොංග්‍රසය, ජනාධිපති ධුරයට යෝජනා කර තිබුණේ රැම්පෝසාගේ නම පමණි.


ඒ අනුව, මැතිවරණ ජයත් සමග නීතිපති මොගොයෙන්ග් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ, රැම්පෝසා දකුණු අප්‍රිකාවේ ජනපති ධුරයට පත්වනු ඇති බවය. දකුණු අප්‍රිකා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ආසන 400න් ආසන 230ක් දිනා ගැනීමට අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමත් විය.


1996 වසරේ සකස් කරගත් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරන පාලක පක්ෂය ඔවුන් විසින් නම් කරන අපේක්ෂකයා ජනපති ලෙස පත්කර ගැනීම සිදු කරයි. ඒ අනුව බලයට පත් රැම්ෆෝසා කරන කියනා දෑ ගැන එරට ජනතාව බලා සිටිනුයේ මහත් උනන්දුවෙනි.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (1)

දකුණු අප්‍රිකාවේ සුදු නායකයා සිරිල් රැම්ෆෝසා

de silva berlin Saturday, 13 July 2019 12:29 PM

සුදු පාලකයෝ වර්ණ බේද වාදීයෝ වුනාට ඔව්න් යම්කිසි නීතියකට රට පාලනය කරා, නමුත් කළු මිනිස්සු රට පාලනය කරන්න පටන්ගත්තම ලංකාවේ මෙන් පවුල් පිටින් හොරකම් කරන්න පටන්ගැනීම නිසා රටේ ආර්ථිකය දිනෙන් දිනම පිරිහුනා , ඉස්සර අප්‍රිකාවේ ධනවත් රාජ්‍යයක් වුන දකුණු අප්‍රිකාව අද නයිජිරියාවේ තරමටම පිරිහිලා .

:       0       14

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site