IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තුර්කියෙන් බිහි වූ සුහදශීලී නායකයා රිජෙප් තායිප්

 

 

යුරෝපීය රටක් වන තුර්කිය, බල්ගේරියාව, ග්‍රීසිය, ආර්මේනියාව, අසර්බයිජාන්, ඉරානය, ඉරාකය, සිරියාව හා සයිප්‍රසයට මායිම්ව තිබෙන සුන්දර රාජ්‍යයකි. ජනගහනයෙන් බහුතරයක් තුර්කි හා කර්ටිස් ජාතියට අයත් වැසියන් වෙසෙන එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්‍රාප්තිකයෙකි. 


1923 වසරේදී මුස්තෆා කෙමාල්ගේ නායකත්වයෙන් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ තුර්කිය ඉන්පසු බටහිර සමග බද්ධ වී ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ජී විස්ස කණ්ඩායම යන සමුළුවල ප්‍රබල භූමිකාවක් ඉටු කරමින් සිටියි. ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලොව පිළිගත් රාජ්‍යයක් බවට පත්වූයේ එරට පහළ වූ විශිෂ්ට ගණයේ නායකයකු වන වත්මන් තුර්කි ජනපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ නායකත්වයෙන් බව අවිවාදාත්මකය. ඇමෙරිකාව, රුසියාව යන රටවල් ඇතුළු සියලු රාජ්‍යයන් සමග සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ගනිමින් සිය පාලනය මෙහෙයවන තුර්කි ජනපති වෙනුවෙන් මෙවර මෙය වෙන් වේ.


1954 වසරේ පෙබරවාරි 26 වැනිදා උපන් එර්දොවාන් 1994 වසරේ පටන් වෘත්තීයෙන් දේශපාලනඥයෙකු වීමට මත්තෙන් පාපන්දු ක්‍රීඩකයෙකු වශයෙන් ප්‍රචලිත වූයේය. ක්‍රීඩකයෙකු වුවද එර්දොවාන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වූයේ 1994 වසරේ දී ඉස්තාන්බුල් හි නගරාධිපතිවරයා බවට පත්වීමයි. එතැන් පටන් ඇරඹි ඔහුගේ ජීවිතයේ තවත් කඩඉමක් වනුයේ 2003 වසරේදී තුර්කි අගමැති ධූරයට පත්වීමයි. එතැන් පටන් 2014 වසර තෙක්ම එරට අගමැති ධූරයේ සිටි ඔහු එම වසරේ දී එරට ජනාධිපතිවරයා බවට පත්වූයේ ජනතා පරමාධිපත්‍යයෙනි.


එලෙස තේරී පත්වූ ඔහු 2018 වසරේදී පැවති ජනාධිපතිවරණයේ පළමු වටයේදීත් පූර්ණ ජයග්‍රහණයක් තහවුරු කර ගැනීමත් සමග තුර්කියේ දීර්ඝ කාලයක් තිස්සේ නායකත්වය දරන රිචෙප් තයියීප් එර්දොවාන් විසින් තවත් වසර පහක් සඳහා බලය තහවුරු කර ගනු ලැබ ඇත. මැතිවරණ ප්‍රධානී සාදි ගුවෙන් කියා සිටියේ “වලංගු ඡන්දවලින් පූර්ණ බහුතරයක්” ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවය. ගණන් කරන ලද ඡන්ද සියයට 99 කින් සියයට 53ක්ම එර්දොවාන් වෙත ලැබී ඇතැයි රජයේ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉහත කී ප්‍රතිඵල නිල වශයෙන් පිළිගනු ලැබීමට විපක්ෂ දේශපාලනඥයන්ට සිදු වූ අතර “ප්‍රතිඵලය කුමක් වුවත්” සිය ප්‍රජාතන්ත්‍රවාදී සටන ඉදිරියටත් සිදු කෙරෙනු ඇති බව ඔවුහු පවසති. මෙවර ජනාධිපතිවරණය විශ්ලේෂකයන් විසින් හඳුන්වනු ලැබුවේ වසර ගණනාවකට පසු උග්‍ර සටනක් පැවති මැතිවරණයක් ලෙසය. නව විධායක ජනාධිපති ධුරය යටතේ එර්දොවාන්ට පුළුල් බලයක් හිමි විණි.


ශක්තිමත් ආර්ථිකයකට නායකත්වය දුන් ජනපති එර්දොවාන් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම තුළින් දැඩි ඡන්ද පදනමක් ගොඩනගා ගැනීමට සමත්විය.


විපක්ෂ කණ්ඩායම් පසුපස හඹා ගොස්, එක්ලක්ෂ හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හැටහතර හැවිරිදි ජනාධිපතිවරයා බටහිර මාධ්‍ය ඔස්සේ දෝෂ දර්ශනයට ලක් නොවුනාම නොවේ.


අන්කාරා අගනුවර පිහිටි සිය පක්ෂ මූලස්ථානයේ සිට සිය දෙවැනි ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් එර්දොවාන් කියා සිටියේ, “මේ මැතිවරණයේ ජයග්‍රාහකයන් වන්නේ මිලියන 81ක් වූ මාගේ රටවැසියන් සියලු දෙනායි.” යනුවෙනි.


මෙලෙස අතිවිශේෂ වූ ජනතා ජයග්‍රහණයක් ලබා ගත් එර්දොවාන් ජනපතිවරයා සමාජයේ විවාදයට තුඩු දෙන්නාවූ දෑ වලට සම්බන්ධ වූ දේශපාලනඥයෙක් ලෙස ප්‍රචලිතය. මෑත දිනක දී ඔහු ලොව අංක එකේ ජර්මන් පාපන්දු ක්‍රීඩක, තුර්කි සම්භවයක් ද ඇති, 30 හැවිරිදි මෙසුත් ඔසිල්ගේ විවාහ මංගල උත්සවයට සම්බන්ධ වූයේ fඔසිල්ගේ දෙවැනි මනාලයා ලෙසිනි. මෙසුත් ඔසිල් සහ තුර්කි ජනාධිපති අතර ඇති හිතවත්කම හේතුවෙන් ඔසිල්ට විවේචන එල්ල විය. තමාගේ විවාහ මංගල්‍යයේ දෙවැනි මනාලයා ලෙස තමන් තුර්කි ජනාධිපතිට ඇරැයුම් කරන බව පැවැසූ අවස්ථාවේ දී ද ඔසිල්ට විවේචන එල්ල වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මංගල උත්සවය ඉතා චාමෙට තුර්කියේ බොස්පෝරස් නුවර හෝටලයක දී පැවැත්විණි. තුර්කි ජනාධිපති එර්දොවාන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ද මංගල උත්සවයට සහභාගී වූවාය.


මැතිවරණ පැවැත්වීමට ඔන්න මෙන්න තිබිය දී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, විවාහ මංගල උත්සවවලට සහභාගී වී ජනතාව අතරේ ප්‍රසිද්ධ වීම සාමාන්‍ය දෙයක් බව ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මේ දිනවල ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය යළිත් වරක් පැවැත්වීමට නියමිතව ඇති බව ද සිහිපත් කරමිනි.

 

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

තුර්කියෙන් බිහි වූ සුහදශීලී නායකයා රිජෙප් තායිප්

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3067 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 756 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 566 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site