IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


තායිලන්තයේ නව ප්‍රජාතන්ත්‍රවාදියා චාන් ඕ චා

 

 

තායිලන්තයේ පැවැති හමුදා පාලනය අවසන් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව පසුගිය මැතිවරණයෙන් අගමැති ධුරයට පත් වූ හිටපු හමුදාපති ප්‍රයාත් චාන් ඕ චා ගෙවී ගිය සතියේ බැංකොක් නුවරදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.


වසර පහකට පසු, තායිලන්තයේ හමුදා පාලනය අවසන් විය. තායිලන්ත හමුදාපති ලෙස ජනරාල් ප්‍රයාත් චාන් ඕ චා ලේ වැගිරීමකින් තොරව, තායිලන්තයේ බලය අල්ලා ගත්තේ 2014 දීය. ඒ, රට අස්ථාවර වූ අවස්ථාවකදීය. ජනරාල් ප්‍රයාත් චාන් ඕ චා සහ ඔහුගේ හමුදා පාලනය යටතේ තායිලන්තයේ වෙනස්කම් රැසක් සිදුවුණු බවත් ඒවා තායිලන්ත වැසියන්ගේ සහ එරට දේශපාලන විශ්ලේෂකයන්ගේ පැසැසුමට ලක් විය.


නීති විරෝධී ලෙස සිදු කෙරෙන ධීවර කටයුතු නැවැත්වීමටත්, හොර ජාවාරම් නැවැත්වීමට පමණක් නොව, ඉකුත් මාර්තු මාසයේ ජලයෙන් යටවුණු ලෙන තුළ සිරවුණු පාසල් පාපන්දු දරුවන් කණ්ඩායමේ 12 දෙනා බේරා ගැනීම ද සිදුවූයේ හමුදා පාලක මණ්ඩලයේ තීන්දු තීරණ මතය. එහෙයින්, ජනරාල් ප්‍රයාත් චාන් ඕ චා ජනතාව අතරේ පැසැසුමට ලක් විය.


දිනෙන් දින ප්‍රමාදවීමෙන් පසු, පසුගිය මාර්තු 24 වැනිදා තායිලන්ත මහ මැතිවරණය පැවැත්විණි. හමුදා නායකයන්ගේ සහාය ද ලබමින්, නව දේශපාලන පක්ෂයකින්, ප්‍රයාත් චාන් ඕ චා මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහුට පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකිවිය. මැතිවරණයට ප්‍රයාත් චාන් ඕ චා මුහුණ දුන්නේ හමුදා බලතල අතහැර සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදි වැසියකු ලෙස වීම විශේෂත්වයකි.


එරට යුද හමුදාව විසින් පත් කරන ලද තායිලන්ත පාර්ලිමේන්තුවෙන් මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් ව ඇත්තේ ජෙනරාල් ප්‍රයාත් චාන් ඕ චා පමණි. මැතිවරණ ප්‍රචාරණ සමයේදී ඔහු පුන පුනා මහජනතාව හමුවේ ප්‍රතිඥා දෙමින් කියා සිටියේ වසර කිහිපයක් මුළුල්ලේ පවත්නා දේශපාලන අස්ථාවරභාවය යළි ඇතිවීම වැළැක්වීමට පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරන බවය. 


බීබීසී බැංකොක් වාර්තාකරු කියා සිටියේ විවේචකයන් පවසන්නේ ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕ චා ගේ ප්‍රයත්නය වී ඇත්තේ හිටපු අගමැතිවරයාගේ දේශපාලන පක්ෂය පිටු දැකීම බවයි. තවදුරටත් අදහස් දක්වන විවේචකයින් පවසන්නේ තායිලන්ත පාලනයේ සම්පූර්ණ බලතල තමන් සතු මොහොතක ජෙනරාල්වරයාට අන් බලවේග සම්බන්ධයෙන් සලකා බැලීම අනවශ්‍ය බවයි.


තායිලන්ත නව අගමැති ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕ චාගේ මීළඟ කාර්ය භාරය වන්නේ කැබිනට් අමාත්‍යවරුන් තිස් පස් දෙනෙකු පත් කිරීමයි. අමාත්‍යවරුන් තිස් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කැබිනට් මණ්ඩලය, රාජ්‍ය සහ දේශපාලනික ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් ඔස්සේ සාමාජිකයින් දෙසිය පනස් දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මණ්ඩලය අධීක්ෂණය සඳහා කටයුතු කරති.


තායිලන්ත නව පාර්ලිමේන්තුව විසින් ප්‍රයුත් චෑන් ඕ චා තෝරා පත්කර ගැනීමත් සමග මීට පෙර තායිලන්ත හමුදා කුමන්ත්‍රණයේ ප්‍රධානියා වූ හෙතෙම එරට සිවිල් ආණ්ඩුවේ නව ප්‍රධානියා බවට පත්ව තිබේ.


තායිලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට නම් ඡන්ද 375 ක් ලබාගත යුතුවේ. තම ප්‍රතිවාදියා වූ ප්‍රකෝටිපති අපේක්ෂක තනාතෝර්න් ඡන්ද 244 ක් හිමිකරගන්නා විට ප්‍රයුත් චාන් ඕ චා ඡන්ද 500 ක් හිමිකරගත්තේ බහුතරය පහසුවෙන් ළඟා කරගනිමිනි. කෙසේ වෙතත් හමුදාවෙන් තෝරාගත් සෙනෙට් සභිකයන් 250 කගෙන් සමන්විත තායිලන්ත නව පාර්ලිමේන්තුවෙන් ජනතා අපේක්ෂා ඉටුනොවනු ඇතැයි, දේශපාලන විචාරකයෝ පවසති.


මාර්තු 24 වැනිදා පැවැත්වූ තායිලන්තයේ මහ මැතිවරණය ඉතිහාසගත වන්නකි. ඒ 2014 දී  එරට මහ මැතිවරණය අහෝසි කරන ලද හෙයින් තායිලන්තය මේ මැතිවරණයත් පවත්වන්නේ වසර හතකට පසුවයි. එමෙන්ම දිගු කලක් තායිලන්ත රාජ්‍ය නායකයා වූ භූමිබෝල් අදුල්යාදෙජ් රජුගේ මරණින් පසු පවත්වන පළමු මහ මැතිවරණය ද මෙයයි.
දශක දෙකක් පුරා පැවැති පරිද්දෙන් මෙවර ද හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාගේ ඡායාව මැතිවරණය පුරා දකින්නට විණි. තක්සින් දූෂණ චෝදනා හේතුවෙන් රටින් පිටව සිටිනවා. ඔහුගේ සහෝදරිය යිංග්ලක් ෂිනවත්‍රා ද බලයෙන් නෙරපා දමන ලද්දේ දූෂණ චෝදනා මත යි. 2014 සිට යුද හමුදාව රටේ බලය අතට ගත් අතර දැන් එහි සහයෙන් ක්‍රියාත්මක දේශපාලන පක්ෂයක් ද තරග බිමට පැමිණ තිබෙනවා. ඒ ෆලාංග් ප්‍රචාරත් පක්ෂය යි. තායිලන්ත අගමැති ලෙස කටයුතු කරන ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා එහි අගමැති අපේක්ෂකයා විණි.


තායිලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකක් පවතින අතර එයින් පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් 500ක් ද, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් 250ක් ද වනවා. මෙයින් මැතිවරණය පවත්වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයට යි. එහි ආසන 350ක් සඳහා මන්ත්‍රීන් පත් වන්නේ කේවල ක්‍රමයට යි. අනෙක් මන්ත්‍රීන් 150 දෙනා සමානුපාතික ක්‍රමයකට තෝරා ගැනෙනවා. 


මේ අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 250 සඳහාම මන්ත්‍රීන් පත් කරන්නේ යුද හමුදාව විසිනුයි. මේ හේතුව නිසා යුද හමුදාවේ සහාය ලබන ෆලංග් ප්‍රචාරත් පක්ෂය මැතිවරණයෙන් පසුව ද තායිලන්තයේ බලය ස්ථාපිත කරගනු ඇතැයි විශ්වාසය පළ වනවා. මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 80කට ආසන්න ප්‍රමාණයකින් අපේක්ෂකයෝ 2,700ක් පමණ ඉදිරිපත් වූහ. මේ අතරින් ප්‍රයුත්ගේ පක්ෂය හැරුණ කල, කලක පටන් ක්‍රියාකාරී වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද, තක්සින් පාක්ෂික ප්‍රධානම පක්ෂය වන පියු තායි පක්ෂය ද, නව දේශපාලන පක්ෂයක් වන ත්‍මඑමරු ත්‍දරඅ්රා (අනාගතය ඉදිරියෙන්) පක්ෂය ද වැදගත් වනවා. මීට අමතරව භූම්ජායිතායි පක්ෂය ආදී කලක පටන් තායි දේශපාලනයේ රැඳී සිටින පක්ෂ කිහිපයක්ම මැතිවරණයට ඉදිරිපත් වූයේය.


මෙවර මැතිවරණ ව්‍යාපාරයේ මුලදී ම ආන්දෝලනාත්මක සිද්ධියක් සිදුවුණා. තායිලන්ත ඉතිහාසයේ මින් පෙර කිසිදු විටෙක සිදු නොවූ විරූ අවස්ථාවක් සනිටුහන් කරමින් එරට රජ පවුලේ කුමාරිකාවක මැතිවරණයක අගමැති අපේක්ෂිකාව ලෙස නම් කරනු ලැබුණා.


1932 පටන් මේ දක්වා හමුදා කුමන්ත්‍රණ 12කට මුහුණ දී  ඇති තායිලන්තය, අවසන් වතාවට හමුදා කුමන්ත්‍රණයකට මුහුණ දුන්නේ 2014 වසරෙදි. හරියටම 2014 මැයි 22 වැනිදා. ඒ, ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර මාස 6ක දේශපාලන අර්බුදය නිමාකරමින්, එතෙක් පැවති භාරකාර ආණ්ඩුව හා සෙනෙට් සභාව විසුරුවා හැර, හමුදාපති ජෙනරල් ප්‍රයුත් චාන් ඕ චා ගේ නායකත්වයෙන් යුත් ‘නීතිය හා සාමය සඳහා වූ ජාතික කවුන්සිලය (භක්‍ඡධ* නමින් හමුදා රජයක් පිහිටුවීමත් සමග.


රටේ පාලනය හමුදාව යටතට පත්වීමත් සමගම, රට තුළ අනවශ්‍ය කලබල ඇතිවීම වැළැක්වීම සඳහා දේශපාලන රැස්වීම් තහනම් කිරීමටත්, රට පුරා හමුදා නීතිය හා ඇඳිරි නීතිය පැනවීමටත් කටයුතු කෙරුණා. ඊට අවනත නොවූ දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් හමුදා අත් අඩංගුවට පත් වුණා. මෙලෙස හමුදා කුමන්ත්‍රණයකට ඉඩකඩ සැලසුණේ, 2011 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ යින්ලක් ෂිනවාත්‍රා අගමැතිනියගේ ආණ්ඩුව හා එරට විපක්ෂය අතර හටගත් දේශපාලන අර්බුදකාරී තත්ත්වය නිසාය.


රටේ අස්ථාවර දේශපාලන පසුබිම තුළ, 2014 මැයි 22 වෙනිදා තායි හමුදා ප්‍රධානී ජෙනරල් ප්‍රයුත්  රූපවාහිනිය හරහා රටේ පාලනය හමුදා භාරයට ගත් බවත්, භාරකාර අගමැතිවරයාගේ රජයත් සෙනෙට් සභාවත් විසුරුවා හැර, තම නායකත්වයෙන් යුතුව ගුවන්, නාවික, පොලිස් ප්‍රධානීන්ගෙන් සමන්විත භක්‍ඡධ සභාව පිහිටුවීමට කටයුතු කළ බවත් ප්‍රකාශ කළා. අලුත් අගමැතිවරයෙකු පත්කර ගන්නා තෙක්, අගමැතිටත් සෙනෙට් සභාවටත් පැවරී තිබූ සියලු බලතල හමුදා ප්‍රධානී ජෙනරල් ප්‍රයුත්  යටතට ගැනුණා. රජයේ අමාත්‍යාංශ ද යුද හමුදා සාමාජිකයන් යටතට පත් වුණි. කෙසේ නමුත්, 2014 මැයි 24 වෙනිදා එවකට තායිලන්ත රජු වූ අතුල්යතේජ් භූමිපෝල් රජු  භක්‍ඡධ සභාව පිළිගෙන, එහි ප්‍රධානියා වූ ජෙනරල් ප්‍රයුත් රට පාලනය කිරීමට නිල වශයෙන් පත් කරනු ලැබීය.  


2014 වසරේ හමුදා පාලනයට රට නතු වීමෙන් පසු මේ දක්වා මහ මැතිවරණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට අපොහොසත් වීමත්, විරුද්ධවාදීන් මර්දනය කිරීමත්,  සම්බන්ධයෙන් බොහෝ රටවල් හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සිය අප්‍රසාදය අගමැති ජෙනරල් ප්‍රයුත්ගේ නායකත්වයෙන් යුත් වත්මන් පාලනයට පළ කර තිබූ අවස්ථාවක මහ මැතිවරණයක් පවත්වා හෙතෙම ජයග්‍රහණය කළේය.


ජාත්‍යන්තර ප්‍රජාවෙන් හා රටේ පුරවැසියන්ගෙන් එල්ලවන පීඩනය හමුවේ, දැනටමත් අගමැති ජෙනරල් ප්‍රයුත් ප්‍රකාශ කර ඇති පරිදි බොහෝ දුරට තායිලන්තය සුඛිත මුදිත දේශයක් වෙයි දැයි කීමට කල් වැඩිය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

තායිලන්තයේ නව ප්‍රජාතන්ත්‍රවාදියා චාන් ඕ චා

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site