IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජපානයේ සුක්කානම යළිත් අතට ගත් ෂින්ෂෝ අබේ

ජපාන අගමැති ෂින්ෂෝ අබේ 2012 වසරේ සිට මේ දක්වා බලයේ සිටින අතර මේ වනවිට ඔහු එරට ව්‍යස්ථාදායකයේ බහුතර විශ්වාසය ලබා ගනිමින් අවස්ථා තුනකදී අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටී. මෑත ඉතිහාසයේ ජපානයේ දිගුකලක් බලයේ සිටි අගමැතිවරයා ලෙස සැලකෙන්නේ ෂින්ෂෝ අබේය.


ජපාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස තෙවන වරටත් අගමැති ලෙස කටයුතු කිරීමට බාධාවක් ලෙස පැවතියේ එරට පවතින ව්‍යස්ථාවයි. කෙසේ නමුත් ඒ සියල්ල පරිපූර්ණ කර ගනිමින් හෙතෙම තෙවැනි වරටත් බලයේ සිටී. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ලෝක දේශපාලනයේ පරිණත දේශපාලනඥයෙකු වූ ඔහු වෙනුවෙනි.
ජපානය අවස්ථා දෙකකදී ආර්ථික අවපාතයක් ඇති වී ආර්ථික පරිහානියක් අත්පත්කරගත් අතර අද වනවිට එය වශයෙන් ලොව බලවත්ම රටක් ලෙස ඉදිරියට පැමිණ තිබේ. බටහිර රටවලින් පිටස්තරව ඉහළම ආර්ථික සංවර්ධනයක් ලබාගත් මුල්ම රට වන්නේ ජපානයයි. දෙවන ලෝක සංග්‍රාමයෙදී ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වී ගිය ද ජපානයට අද නැවත වරක් ලොව ප්‍රධාන ආර්ථික බලවේගයක් බවට පත්වීමට හැකි වී ඇත. නැගෙනහිර ආසියා සමුද්‍ර තීරයෙහි පිහිටි ජපානය ප්‍රධාන දූපත් හතරකින්ද ආසන්නව පිහිටා ඇති කුඩා දූපත් 3000කින් පමණ ද සමන්විත රටකි. 


1946 මැයි මස 3 වන දින සිට ජපානයේ වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වේ. එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිරාජයා ජපන් රාජ්‍යය මූර්තිමත් කරන සංකේතයක් වන අතර ජනතාවගේ එකමුතු භාවයේ සංකේතයද වේ. එසේ වුවද ඔහුට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කිසිදු බලයක් හිමි නොවන අතර බලය හිමිවන්නේ මහමැතිවරණයෙන් පත්වන අගමැතිටය.


දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1947 වසරේදී එක්සත් ජනපදය විසින් සකස් කරන ලද ව්‍යස්ථාවේ පවතින නියමයන්ට අනුව තෙවන වරට අගමැතිවරයා ලෙස පත්වීමට ද බාධා තිබේ. මේ හේතුවෙන් ව්‍යවස්ථාව වෙනස්කම් කරමින් නැවත වරක් ජපාන අගමැති ධුරයට පත් වූයේ ඉකුත් 2017 වසරේ ඔක්තෝබර් 23 වැනිදාය.


2012, 2014 සහ 2007 යන වසරවලදී පිළිවෙළින් තෙවරක් ජපානයේ අගමැති පදවියේ කටයුතු කළ ශින්ෂෝ අබේ, න්‍යෂ්ටික බලයට පක්ෂපාත ජපන් ජාතිකවාදියකු හැටියට ද ප්‍රසිද්ධ දේශපාලනඥයෙකි.


චීනයත් සමඟ පවතින දේශ සීමා අර්බුදයේදී දැඩි පිළිවෙතක් ගන්නා බවට ඔහු ප්‍රතිඥාවක් දී තිබෙන නමුත් චීනය කියා සිටියේ දෙරට අතර යහපත් ද්විපාර්ශ්වීය සම්බන්ධතා පවත්වා ගැනීම තම උවමනාව බවයි. එසේම ජපානය සාමකාමී සංවර්ධන මාවතක ගැලී සිටිනු ඇත යන්න සිය බලාපොරොත්තුව වන බවත් චීනය ප්‍රකාශ කළේය.
ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ජපන් දේශපාලන ඉතිහාසයේ නම් රැඳි පවුලක සාමාජිකයෙකි. ඔහුගේ මුත්තණුවන් කිෂි නොබුසුකේ :ණසියස භදඉමිමනැ* මහතා 1957-1960 කාලසීමාවේ ජපන් අගමැති ලෙස කටයුතු කළ අතර 1964-1972 කාලයේ ජපන් අගමැති ධූරය හෙබැ වූ සැටෝ එයිසකු :ී්එද ෑසි්නම* මහතා අගමැති ෂින්සෝ මහතාගේ මාමා කෙනෙකු වේ.


ෂින්සෝ අබේගේ පියා ෂින්තැරෝ අබේ :්ඉැ ීයසබඒරද* මහතා ද කලක් ජපානයේ විදේශ ඇමැති ලෙස සේවය කර ඇත. දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යා උපාධියක් ලබා ගත් ඔහු සිය පියාගේ ලේකම් ලෙස 1982 වසරේදී එරට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුව දේශපාලනයට පිවිස ඇත.


2000-2001 කාලයේදී එවකට ජපන් අග්‍රාමාත්‍ය මෝරි යොෂිරෝ මහතාගේ උප ප්‍රධාන කැබිනට් ලේකම් ලෙස පත් විය. එහි ලත් අත්දැකීම් සමඟ කොයිසුමි ජුනිචිරෝ ජපන් අගමැති පදවියට පත් වූ 2001 වර්ෂයෙන් පසු ද අබේ ඔහුගේ ද උප ප්‍රධාන කැබිනට් ලේකම් ලෙස පත්වීම් ලද අතර නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ජෙනරල් ලෙස සිය දේශපාලන දිවියේ නව හැරවුම් ලක්ෂ්‍යයකට පිය නැගීම ආරම්භ විය. ඔහුගේ කැපී පෙනෙන දේශපාලන ක්‍රියාකාරිත්වය දුටු අග්‍රාමාත්‍ය මෝරි යොෂිරෝ ඔහුව ප්‍රධාන කැබිනට් ලේකම් ලෙස පත් කළ අතර ඔහුගේ විදේශ ප්‍රතිපත්තීන් නිසා ජපන් ප්‍රජාව අතර දේශපාලන වීරයා වීමට ෂින්සෝ අබේ මහතාට හැකි විය.


2006 දෙසැම්බර් මාසයෙන් පසු ජපානයේ ආර්ථික, සාමාජීය, දේශපාලන හා විදේශ ප්‍රතිපත්තිය පෙරළිකාර ලෙස වෙනස් වීම ආරම්භ විය. එය නව ජපන් ඉතිහාසයේ පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් වූ අතර ජපානයේ බාහිර වාතාවරණය, ජපානයේ ගතානුගතික ප්‍රභූ පිරිසගේ ජීවන රටාව හා පාරම්පරික ප්‍රතිරූපය වෙනස් වන්නට විය.


ඒ 2006 සැප්තැම්බර් 26 ජපන් අගමැති ධූරයට පත් වූ ෂින්සෝ අබේගේ පාලනය පැමිණීමත් සමඟය. නමුත් වසරකටත් අඩු කාලයක් එම නිලයේ රැඳී සිටි ඒ මහතා 2007 වසරේදී සිය ධූරයෙන් ඉල්ලා අස් විය. ෂින්ෂෝ අබේ නැවත වරක් 2012 වසරේදී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මුලසුන හොබවමින් ජපානයේ අගමැති ලෙස පත් විය.


අබේ මහතාගේ නව ජාතික ප්‍රතිපත්ති සමඟ ජාත්‍යන්තර වේදිකාවේ ජපන් විදේශ හා අභ්‍යන්තර ප්‍රතිපත්ති සංස්ථාව මූලික ලෙස වෙනස් වන්නට විය. විශේෂයෙන් ඔහුගේ ප්‍රතිපත්ති හා තීරණ ගැනීම උතුරු කොරියාව, චීනය හා ඇමරිකා එක්සත් ජනපදය දෙසට යොමුව තිබූ අතර එම රටවල් හා ද්විපාර්ශ්වීය සබඳතා ජපානය හා වඩා තහවුරු වූයේද මේ කාලයේය.


අබේ මහතාගේ දේශපාලන දිවිය වඩා වර්ණවත් වූයේ ඔහු දැරූ විශේෂ විදේශ ප්‍රතිපත්තීන් නිසාය. ඔහුගේ පදවි ප්‍රාප්තියට ද මූලිකවම ජපානයේදී උතුරු කොරියානුවන් විසින් ජපන් වැසියන් පිරිසක් පැහැරගත් අවස්ථාවේදී ඔහු ගත් ක්‍රියාමාර්ග හේතු වූ බව ජපන් දේශපාලන විශේෂඥයන් පවසා ඇත. ජපානයට “අහිමි වූ දශකයන්“ අවසන් වී ඇති බව අබේ පැමිණීමත් සමඟ සාක්ෂාත් විය.


අබේගේ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධ විදේශ ප්‍රතිපත්තිය වූයේ අනෙක් රටවලට නීති පැනවීම නොව එම රටවල් හා සිය රාජ්‍යයේ ආරක්ෂාව හා ගැටලු_ පිටුදැකීමයි. කෙසේවෙතත් මෙම ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රජාව අතරේ ජපානය ඉහළින් තැබීමට සමත් වූණි. අගමැති ෂින්ෂෝ අබේ විසින් ජපන් ආර්ථිකය නගාසිටුවීමට අපේක්ෂා සහගත ආර්ථික ක්‍රියාවලියක් නිර්මාණය කළ අතර විශේෂයෙන් එමඟින් 2011 වසරේ ජපානයේ ඊසානදිග හොන්ෂු ප්‍රදේශයට බලපෑ භූ කම්පනය හා සුනාමි ව්‍යසනයෙන් පහළ ගිය ආර්ථිකය ඉතා වේගයෙන් ප්‍රතිපූරණය කිරීමට සමත් විය.


ජපන් අග්‍රාමාත්‍යවරයාගේ භාර්යාව වන අකි අබේ මහත්මියද එරට සෞඛ්‍ය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්ගේ ප්‍රවර්ධනයට සෘජුවම දායකත්වයක් දක්වන අතර එරට සාම්ප්‍රදායික ආහාර කලාව ප්‍රචලිත කිරීමටද කටයුතු කරයි. 2007 වසරේ සිය සැමියා අගමැති ධූරයෙන් සමුගැනීමත් සමඟ ටෝකියෝ කනාඩා දිස්ත්‍රික්කයේ නව ජපන් ක්‍රමයේ බීම සැලක් ආරම්භ කර සිය අකි ගොවි පොළෙන් ලද අස්වැන්නෙන් සැකසූ කාබනික “අකි හාල්” :්නසැ ඍසජැ* හා බීම තමන්ම අලෙවි කිරීම ආරම්භ කළාය.  එසේම සිය ජීවන රටාව සාමාන්‍ය රට වැසියා සමඟ සම කිරීමටත් උත්සාහ දරන්නීය. 


ලොව පරිණත දේශපාලනඥයකු ලෙස ෂින්සෝ අබේ ජපන් අග්‍රාමතා්‍යවරයා ඉතිහාසගත වී හමාරය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජපානයේ සුක්කානම යළිත් අතට ගත් ෂින්ෂෝ අබේ

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1702 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site