IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොමියුනිස්ට් ජාත්‍යන්තරය බිහිවෙයි

රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය - 06

ප්‍රථම සාකච්ඡා සමුළුව තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය ආරම්භ කළේය. ජාත්‍යන්තරය ගොඩනැගීම ලෙනින් වාදයේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් විය. ලෙනින් කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ අනෙක් සම්මේලනවල වැඩකටයුතුවලට ද සහභාගි විය. එනම් 1920 දෙවන සමුළුව 1921 තෙවන සමුළුව හා 1922 සිව්වන සමුළුවයි ඔහු ඉතාමත් වැදගත් කමිටුවල වැඩකටයුතු කළේය. ගොවි හා ජාතික ප්‍රශ්න ගැනද, පීඩිත ජාතීන් කෙරෙහි ආකල්පය ගැනද යටත් විජිත ප්‍රශ්නය සහ කොමියුනිස්ට් පක්ෂවල කාර්යභාරය හා උපක්‍රම ගැනද කථා කළේය. කොමියුනිස්ට් ජාත්‍යන්තර සම්මේලන වල ප්‍රධාන යෝජනා ලෙනින් විසින් කෙටුම්පත් කරන ලදී.
සියලුම රටවල කම්කරු හා කොමියුනිස්ට් පක්ෂ අතර සමගියේ සහ සහයෝගිතාවේ වැදගත්කම පිළිබඳ විශේෂයෙන් අවධාරණය කළ ලෙනින් නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ ප්‍රතිපත්ති දැඩි ලෙස අනුගමනය කරන ලෙස බලකර සිටියේය. 


ඔහු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සමුළුවලට සහභාගි වූ නියෝජිතයන් මුණගැසී ඔවුන්ගේ රටවල කම්කරු පංති ව්‍යාපාරය සහ කොමියුනිස්ට් පක්ෂ ගැන ඔවුන් සමග සාකච්ඡා කළේය. ලෙනින් සමග මෙම හමුවීම් සහ සාකච්ඡා විලියම් ගොලචර් (බි්‍රතාන්‍යය) මාර්සල් කෂෙන් (ප්‍රංශය) ඇන්තෝනින් සපොතොටස්කි (චෙකොස්ලෝවෙකියා) ක්‍රිස්ටෝ කබක්චියෙව් (බල්ගේරියා) වැනි සහෝදර කොමියුනිස්ට් පක්ෂවල නායකයන්ගේ සහ තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කළේය. 


ජාත්‍යන්තර කොමියුනිස්ට් හා කම්කරු ව්‍යාපාරයේ නායකයන් වෙත යවන ලද සිය ලිපිවලින් ලෙනින් ජගත් විප්ලවයේ අනිවාරණීය ජයග්‍රහණය පිළිබඳ සිය දැඩි විශ්වාසය ප්‍රකාශ කළේය. 


ලෙනින් දෘඪ දේශප්‍රේමියෙකි. ඔහු රුසියාවට ඇගේ ජනතාවට සංස්කෘතියට භාෂාවට හා සාහිත්‍යයට ආදරයක් දැක්වීය. ඒ සමගම ඔහු ශ්‍රේෂ්ඨ නිර්ධන පංති ජාත්‍යන්තර වාදියෙකි. ඔහු නිතරම බොල්ෂේවික් පක්ෂයේ රුසියන් කම්කරු පංතියේ සහ රුසියාවේ වැඩ කරන බහුජනතාවගේ උවමනාවක් හා කර්ත්‍යවයන් ජාත්‍යන්තර කම්කරු හා කොමියුනිස්ට් ව්‍යාපාරයේ උවමනාවන් හා කර්තව්‍යයන් සමග සම්බන්ධ කළේය. රුසියාවේ විප්ලවය ජගත් සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස ඔහු සැලකීය.


හංගේරියාවේ සහ බැවේරියාවේ (1919 වසන්තයේ) සෝවියට් සභා පිහිටුවීමේදී සුබපැතූ ඔහු හංගේරියානු විප්ලවයේ නායක බෙලාකුන්ට ආධාර කළේය. ක්ලාරා සෙත්කින්ට යවනලද ලිපියක ඔහු මෙසේ සඳහන් කළේය. “මේරිගේ සහෝදරිය ඔබ සහ ජර්මනියේ අනිකුත්” ස්පාර්ටකස් සහෝදරවරු අප සමග සිතින් සහ හදවතින් සිටීම ගැන අපි සියලු දෙනා ඉතාමත් ප්‍රීතිවෙමු. 


ඔහු කොමියුනිස්ට් හා සමාජවාදී පක්ෂවල වර්ධනයන් ඉතා සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කළේය. ඒ මා තුළ සිටි අව්‍යාජ විප්ලවවාදී කොටස්වලට සක්‍රීය ලෙස ආධාර කළේය. ඒ සමගම සෑම ආකාරයේම මාක්ස්වාදය විකෘති කිරීම් සහ ඍණ කිරීම් විවේචනය කළේය. කොමියුනිස්ට් සහ සෙසු කම්කරු පක්ෂ අතර සබඳතා සංවර්ධනය කිරීම හා එක් පක්ෂයක් අනෙකට තම පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය සහ කටයුතු අන්‍යොන්‍ය වශයෙන් දැනුම්දීම අත්‍යවශ්‍ය යයි ඔහු සැලකීය. මෙය ඔහු විසින්ම අනවරතයෙන්ම දැඩිව අනුගමනය කළ පිළිවෙතක් විය. 


විවිධ රටවල ලාබාළ කොමියුනිස්ට් පක්ෂවලට රුසියන් කොමියුනිස්ට්වරුන්ගේ අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ලබාදීමට හා මෙම අත්දැකීම් ඔවුන් වෙත ගොනුකර දීම සඳහා 1920 ලෙනින් “වාමාංශික කොමියුනිස්ට්වාදය ළදරු වලිප්පුවකි” නමැති පොත ලිවීය. බෙල්ෂෙවින් පක්ෂයේ ආරම්භය වර්ධනය අරගලය සහ ජයග්‍රහණ පිළිබඳ ඉතිහාසය ඔහු මෙම පොතෙන් විස්තර කළේය. බොල්ෂෙවින් පක්ෂය වැඩුණේ සහ මුහුකුරා ගියේ කෙසේද. එය දුෂ්කරතා නිරාකරණය කර ගැනීමට සමත් වූයේ කෙසේද එසේ සමත් වූයේ ඇයි සහ එහි පොහොසත් අත්දැකීම් සම්භාරයෙන් සෙසු කොමියුනිස්ට් පක්ෂවලට උගත හැකිවන්නේ කුමන පාඩම්ද යන්න ඔහු විස්තර කළේය. 


බොල්ෂෙවික් පක්ෂය වර්ධනය වූයේ සහ මුහුකුරා වැඩුණේ අවස්ථාවාදීන්ට මෙන්ෂවික්වරුන්ට, සමාජවාදී විප්ලවාදීන්ට සහ කම්කරු පංතියේ සෙසු සතුරන් හා මාක්ස්වාදයේ සතුරන්ට එරෙහිව කරන ලද අරගලයේදී යයි ලෙනින් ලිවීය. එහි පොදු සාමාජිකත්වය තුළ තිබූ අයෝමය විනය, බහුජනතාව සමග තිබූ සමීප සබඳතා සහ එය මාක්ස්වාදී න්‍යායෙන් මගපෙන්වනු ලැබීම හේතු කොටගෙන එය ඉමහත් දුෂ්කරතා ජයගෙන තිබුණි. දක්ෂිණාංශික අවස්ථාවාදය කම්කරු පංති ව්‍යාපාරයේ ප්‍රධාන අනතුර වශයෙන් සැලකූ අතර බහුජනතාව සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙය හා කර්තව්‍යන් වරදවා වටහාගත්තා වූද ධනේශ්වර පාර්ලිමේන්තුව සහ වෘත්තීය සමිතිවල වැඩකිරීම ප්‍රතික්ෂේප කළා වූද, එසේම අනිකුත් පක්ෂ සමග කුමන ගිවිසුමක් හෝ සම්මුතියක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළා වූද, කොමියුනිස්ට් පක්ෂවල “වාමාංශික” නායකයන්ගේ වැරදි ලෙනින් දැඩි විවේචනයට ලක් කළේය. ඔවුහූ විප්ලවීය ක්‍රියා විප්ලවීය වදන්වලට ආදේශ කළහ. මෙය කම්කරු ව්‍යාපාරයටත් මුළු මහත් ජගත් කොමියුනිස්ට් ව්‍යාපාරයටත් හානිකර හා අන්තරාදායක වූ අතර පක්ෂය බහුජනතාවගෙන් හුදකලා වීමට තුඩුදුනි. බහුජනතාව කොතැනද ඒ සෑම තැනම කොමියුනිස්ට්කරුවන් වැඩ කළ යුතු යැයි ජගත් නිර්ධන පංති නායකයා පෙන්වා දුන්නේය. ඔහු උපක්‍රමවල නම්‍යතාව පිළිබඳ උගැන්වීය. උපක්‍රමවල නම්‍යතාව ඉගැන්වූ ලෙනින් මුර්ත ගැටලුවලට අයත් පොදු තත්ත්වයට ආධාන ග්‍රාහි වාග්පාඨ අදාළ කිරීම ගැන අනතුරු හැඟ වූයේය. කුමන රටක වුවද සුවිශේෂී ලක්ෂණයන්ට සම්බන්ධ ප්‍රායෝගික ගැටලු පිළිබඳව කටයුතු කිරීමේ දී කිසියම් අයෙකු කිසි විටෙකත් මොහොතකටවත් මූලික ජාත්‍යන්තර කර්තව්‍යය අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍ය පෙරළා දමා සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය ගොඩනැගීම අමතක නොකළ යුතුය. 


මෙම පොත කොමියුනිස්ට් පක්ෂවලට සිය වැරදි නිවැරදි කරගැනීමටත් කම්කරු පංතියේ සතුරන්ට එරෙහිව වඩා ඵලදායි අරගලයක් දියත් කොට බහු ජනතාව ඒකරාශි කිරීමට සමත් සටන් පන්නරය ලැබූ මාක්ස්වාදී පක්ෂ බවට පත්වීමටත් ආධාර විය. අද පවා ලොව මුළුල්ලේ කොමියුනිස්ට් ව්‍යාපාරයට මෙම පොතෙහි අතිවිශාල වැදගත්කම නොඅඩුව පවතී. 


කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ සුභසිද්ධිය උදෙසා ලෙනින් ගෙන ගිය අනාත්මීය අරගලය හේතුකොටගෙන ඔහුට ලොව මුළුල්ලේ වැඩකරන ජනතාවගේ අපරිමිත ආදරය සහ විශ්වාසය හිමි විය. ජාත්‍යන්තර නිර්ධන පංතිය සහ සියලු රටවල කොමියුනිස්ට්වාදීහු ඔහු ඔවුන්ගේ නායකයා හා ගුරුවරයා වශයෙන් සැලකූහ. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවන සමුළුවට පැමිණි නියෝජිතයන් ලෙනින් පිළිබඳ සිය හැඟීම් ලියු සමරු පොතෙහි සටහන් කීපයක් මෙසේය. 


“රුසියන් නිර්ධන පංතියට ලෙනින් සහෝදරයා ගැන ආඩම්බරවීමට සෑම අතින්ම අයිතියක් ඇත. විප්ලවීය යුගයක නායකත්වය සඳහා ඉමහත් අවශ්‍යතාවන් පවතින විටෙක ඔවුන්ට ලෙනින් සිටීම ඔවුන්ගේ ඉමහත් භාග්‍යයක් ලෙස සැලකිය හැකිය” යි අන්තෝනින් සපතොට්ස්කි ලිවීය. 


“ලෙනින් ඉතාමත් සරල ඉතාමත් මානුෂික එහෙත් ඉතාමත් දූරදර්ශී සහ අචල යයි ජෝන් රීඞ් ලිවීය. ලෙනින් පෙරදිග ජනතාවන්ගේ හදවත් තුළ නව බලාපොරොත්තු පුබුදු කළ බවත් ඔවුන්ට සොම්නසෙහි මාවත පෙන්වා දුන් බවත් යටත්විජිත හා පරායන්ත රටවලින් පැමිණි නියෝජිතයෝ ලිවූහ. “මනුෂ්‍යත්වයේ අති උත්තම නියෝජිතයා” යැයි ඉන්දියාවෙන් පැමිණි නියෝජිතයා සංක්ෂිප්ත ලෙස ප්‍රකාශ කළේය. 


පෙර අපර දෙදිග වෙහෙසී වැඩකරන බහුජනතාවත් පීඩිත ජනතාවනුත් ආශාවෙන් ලෙනින්ට සවන් දුන්හ. 1920 ගණන්වල මුල්භාගයේ ලෙනින්ගේ නම ඉතාලියේ ඉතාමත් දුර බැහැර ගම්මානවල පවා දැන සිටියේ යැයි ජර්මනෙතෝ නමැති ඉතාලි කොමියුනිස්ට් වාදියා ලිවීය. ඔහුට දක්වන ලද ගැඹුරු ආදරයේ සංකේතයක් වශයෙන් සමහර කම්කරු පවුල්වල අලුත බිහිවූ දරුවන්ට “ලෙනින්” යයි නම් තැබූහ. 


1919 යේ ගිම්හානයේ ආක්‍රමණිකයෝ සහ ධවල හමුදා සෝවියට් සමූහාණ්ඩුවට එරෙහිව ඔවුන්ගේ තර්ජනය උත්සන්න කළහ. එක්සත් විදේශීය ආක්‍රමණික හා ධවල හමුදාවලට එරෙහිව සිවිල් යුද පෙරමුණුවල තීරණාත්මක සටන් සිදුකෙරිණ. ඇමරිකා එක්සත් ජනපදයේ බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය හා ජපානයේ අධිරාජ්‍යවාදියෝ පෙන්වති. ඩෙනිකින් සහ යුදෙව්ගේ හමුදා ද කොල්චාන්ක් ඉතිරි භටයන්ද සෝවියට් සමූහාණ්ඩුට එදිරිව ප්‍රහාරයක යෙද වූහ. මෙම ප්‍රහාරයේ ප්‍රතිඵලයක් වශයෙන් නගර සහ ගම් දහස් ගණනක් විනාශ විය. ඒ වනවිටත් අඩපණ වී තිබු ආර්ථිකය තවදුරටත් පරිහානියට පත්කරන ලදි. දසලක්ෂ ගණන් ජනී ජනයා මරුමුටව හා දරිද්‍රතාවට ඇද දමන ලදි. ලෙනින් විසින් මෙහෙයවන ලද කොමියුනිස්ට් පක්ෂය යළිත් වරක් සතුරා පලවා හැරීමට ජනතාව ඒකරාශි කළාය. යළිත් වරක් ජනතාව සිය සෝවියට් මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට නැගී සිටියේය. 


මෙම බැරෑරුම් අවධියේ ලෙනින් දියුණු කම්කරුවන් පුළුල් වශයෙන් පක්ෂය තුළට ඇද ගැනීම සඳහා විශේෂ පක්‍ෂ සතියක් සංවිධානය කිරීමට යෝජනා කළේය. ලෙනින්ගේ ඉල්ලීම පරිදි කම්කරුවෝ ගොවීහු සහ යුද භටයෝ දහස් ගණනින් කොමියුනිස්ට් පක්ෂයට බැඳුණහ. ජනතාව කොමියුනිස්ට්වරුන් පිටුපසින් සිටි බවත්, පක්ෂය ජනතාවගේ පූර්ණ සහයෝගය ලැබූ බවත් පක්ෂ සතිය ප්‍රදර්ශනය කළේය. වැඩකරන ජනතාවගේ බහුතරය අප සමගය. අපේ ශක්තිය රැඳී ඇත්තේ එහිය. ජගත් කොමියුනිස්ට් ව්‍යාපාරයේ අපරාජිත බලයේ උල්පත එයයි. යනුවෙන් ලෙනින් “කම්කරු රාජ්‍ය සහ පක්ෂ සතිය” නමැති සිය ලිපියෙහි සඳහන් කළේය.

 

සෝවියට් සංගමයේ මාක්ස් ලෙනින්වාදි විද්‍යායතනයේ “වී. අයි. ලෙනින්” ප්‍රකාශනය ඇසුරින් සකස් කරන ලදි.

 

මතු සම්බන්ධයි.

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

කොමියුනිස්ට් ජාත්‍යන්තරය බිහිවෙයි

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site