IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අරගලයේ රතු රෝස මල රෝසා ලක්සම්බර්ග්

විසිවැනි සියවසේ මුල් භාගයේ ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරය තුළ පැන නැගි ප්‍රතිසංස්කරණ වාදයන්ට, අවස්ථාවාදයන්ට සහ සංශෝධනවාදයන්ට එරෙහිව මාක්ස්වාදය ආරක්ෂා කිරීම සඳහා සටන්වැදී ප්‍රමුඛතම විප්ලවවාදිනියක් ලෙස රෝසා (රොසලියා) ලක්සම්බර්ග් හැඳින්විය හැකිය. දෙවැනි ජාත්‍යන්තරයේ සම්භාවනීය නායිකාවක වූ රෝසා ලක්සම්බර්ග් පළමු ලෝක යුද්ධය තුළදී දෙවන ජාත්‍යන්තරයේ පක්ෂ ස්වෝත්තමවාදයට යටත් වීමට විරෝධය පාමින් නිර්ධන පංති ජාත්‍යන්තරවාදය වෙනුවෙන් විවෘත ස්ථාවරයක් ගත්තාය.


“මිනිසුන්ගේ සිතුම් පැතුම් විවිධාකාරය. එක් අයෙකු සිතන්නේ තවකෙක් සිතනවාට වඩා වෙනස් ආකාරයකටය. සැබෑ නිදහස යනු ඒ සියලු කෙනෙකුගේම නිදහසයි.” රෝසා ලක්සම්බර්ග් නිදහස පිළිබඳව අර්ථ දැක්වූයේ එපරිදිය.


පෝලන්ත සම්භවයකින් යුත් රෝසා ලක්සම්බර්ග් 1871 මාර්තු 05 වැනිදා රුසියාවේ විස්ට්‍යුලා ලෑන්ඞ් පළාතේ, ගැමොස්ක් නගරයේ උපත ලැබුවාය. ඇය පවුලේ පස්වන දරුවා වූවාය. ඇගේ මව ලොවෙන්ස්කින් නම් වූ අතර පියා එලියාස් ලක්සම්බර්ග් නම් ලී වෙළෙන්ඳෙකු වූයේය. තම පස්හැවිරිදි වියේදී උකුලේ ආබාධයක් හේතුවෙන් බොහෝ කාලයක් ඇඳ මත කල් ගෙවන්නට ඇයට සිදුවූ අතර සුවපත්ව නැගී සිටින විට සදාකාලික කොරයක් ඇය හට උරුමව තිබිණි. රෝසා නව හැවිරිදි වියේදී ඇගේ පවුලේ අය ජර්මනියේ වෝසෝ (උදරිදඅ) කරා සංක්‍රමණය වූහ. එහිදී ඇය ද්විතියික පාසලකට ඇතුළත් කෙරුණු අතර පාසලේදී ඇය ඉතා දක්ෂ දැරියක් වූවාය. මේ අතර ළාබාල වියේදීම ඇය දේශපාලන ලෝකයට සම්බන්ධ වූවාය. ඡදකසිය කැඓ අසබට නම්වූ වාමාංශික ව්‍යාපාරයට එක්වන විට ඇගේ වයස අවුරුදු දහසයකි.


රෝසා දේශපාලන ක්‍රියාකාරිනියක් පමණක් නොවීය. මාක්ස්වාදී න්‍යායාචාර්යවරියක, දාර්ශනිකාවක, ආර්ථික විද්‍යාඥවරියක හා විප්ලවකාරි සමාජවාදිනියක ද වූවාය. ඇය ප්‍රථම වරට චරදකැඒරස්එ ච්රඑහ (ජර්මානු නිර්ධන පංති පක්ෂය) නම් දේශපාලන පක්ෂයේ සාමාජිකත්වය ලැබූ අතර එකල ජර්මනියේ පැවති පාලන තන්ත්‍රයට විරෝධය දක්වන වැඩවර්ජන සංවිධානය කිරීමට ඇය සම්බන්ධවූ ආරම්භක දේශපාලන කර්තව්‍ය විය. 1886 වසරේදී සිදු කෙරුණු එකී වැඩ වර්ජන සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ අතර රෝසා සමග එක්ව සිටි නායකයෝ සිව්දෙනෙකුද ඝාතනය වූහ. අනතුරුව රෝසා ජීවිතාරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පලා ගියාය. 1889 දී සුරිච් විශ්වවිද්‍යාලයට ඇතුළුවූ ඇය දර්ශන විද්‍යාව, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ ගණිතය විෂයයන් හැදෑරුවාය.


විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකර 1893 වසරේදී වැඩකරන ජනතාව වෙනුවෙන් ඔයැ අදරනැරි ක්‍දමිැ නම් පුවත්පතක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර පවතින සමාජ දේශපාලන ව්‍යුහයේ වෙනසක් ඇතිකළ හැක්කේ ගොවි කම්කරු විප්ලවයක් තුළින් පමණකැයි ඇය තරයේම විශ්වාස කළාය. යුරෝපයේ සමාජ ආර්ථික ප්‍රශ්න පිළිබඳවද විවිධ පුවත්පත් වලට ලියු රෝසා ජර්මානු රණකාමිත්වයට හා අධිරාජ්‍යවාදයට එරෙහි වූවාය.


1898 දී ජර්මානුවකු වූ ගුස්ටොව්ලුබෙක් හා විවාහ වූ අතර විවාහය හේතුවෙන් ඇයට ජර්මනියේ පුරවැසිභාවය හිමිවිය. එහෙත් එම විවාහය සහතිකයකට පමණක් සීමාවූ අතර වසර පහකට පසු ඔවුන් දෙදෙනා දික්කසාද වූහ. මේ අවධිය වනවිට රෝසා ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි සාමාජිකත්වය ලැබ ක්‍රියාකාරී දේශපාලන නායිකාවක් බවට පත්ව සිටියාය. ඇය එදුවාර් බර්න්ස්ටයින්ගේ සංශෝධන වාදී න්‍යායට දැඩිව පහර දුන් අතර ඇගේ මේ න්‍යායික ප්‍රහාරය ිදජස්ක ඍැදෙරප දර ඍැඩදකමඑසදබ (සමාජ ප්‍රතිසංස්කරණයද? විප්ලවයද?) නමැති කෘතියෙහි අන්තර්ගත වේ. ඇගේ වාග් චාතුර්ය ඇය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රතිසංස්කරණවාදී පාර්ලිමේන්තු ක්‍රියා පිළිවෙත හෙළා දකින ප්‍රධාන කථිකයා බවට පත්කරන ලදී. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර පවත්නා තීරණාත්මක වෙනසට එරෙහිව මුහුණ දිය හැක්කේ, නිර්ධන පංතිය රාජ්‍ය බලය ලබාගැනීම සහ නිෂ්පාදන මාර්ගයන්ගේ විප්ලවවාදී පරිවර්තනයක් ඇතිකිරීම මගින් පමණක් බවට ඇය තර්ක කළාය.


කම්කරු සහයෝගිතාව නගා සිටුවීමට සහ පළමුවැනි ලෝක යුද්ධය වළක්වාලීම සඳහා මහාවැඩවර්ජනයක් ආරම්භ කිරීමට ඇය මේ අවධියේ උත්සාහ කළාය. යුධ විරෝධී හා ධනවාදයට එරෙහි වූ අරගල සහ වැඩවර්ජන සංවිධානය කිරීමේ හේතුවෙන් 1904 - 1906 දක්වා කාලය තුළ රෝසා තෙවරක් සිරගත කෙරිණි. 1907 වර්ෂයේදී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පස්වන සමුළුව සඳහා ලන්ඩනයට ගිය රෝසාට එලැදිමිර් ලෙනින් හමුවන්නට අවස්ථාව හිමිවිය. ස්ටුට්ගාට් හි පැවැත්වුණු දෙවැනි සමාජවාදී ජාත්‍යන්තර සමුළුවේදී ඇය යුද්ධය නතර කිරීමේ ප්‍රයත්නයක් ලෙස යුරෝපීය කම්කරු පක්ෂ එක්සත් විය යුතු බව කියවෙන යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය සම්මත විය. ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මගින් පවත්වාගෙන යනුලැබූ බර්ලින් අධ්‍යයන ආයතනයේ මාක්ස්වාදය සහ ආර්ථික විද්‍යාව උගන්වනු ලැබුවේ රෝසා විසිනි. පසුකාලීනව ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා සහ ජනරජයේ ප්‍රථම චාන්සලර්වරයා බවට පත්වූයේ ඇයගේ ශිෂ්‍යයෙකු වූ ෆෙඞ්රික් ඊබර්ට්ය. කෙසේ වුවද කම්කරු සහයෝගිතාව නගා සිටුවීම සහ පළමු වැනි ලෝක යුද්ධය වළක්වාලීම සඳහා මහා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට ඇයගත් උත්සාහයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයෝ ප්‍රතික්ෂේප කළහ. එකී සිදුවීම මත රෝසා එම පක්ෂයෙන් ඉවත්වූවාය.


ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1915 දී පළමු වැනි ලෝක සංග්‍රාමයට සම්බන්ධ වීමට සහයෝගය පළකිරීමෙන් පසු ඇය කාල්ලිබ්නෙක්ට්, ක්ලේරා සෙට්කින් සහ ෆ්‍රාන්ස් මෙග්රින් සමග එක්ව යුදවිරෝධී ‘ස්පාටසිස්ට් ලීගය’ ආරම්භ කළාය.


1916 දී ජර්මානු කම්කරුවන් යුද විරෝධී වැඩවර්ජනයක් සඳහා පෙළ ගැස්වීමට මොවුහු ක්‍රියාකළ අතර නීතිවිරෝධි වූ යුද විරෝධාකල්පයන් සහිත පත්‍රිකා මුද්‍රණය කොට බෙදාහරින්නටද කටයුතු කළහ..

 


මතු සම්බන්ධයි.

 

එම්. තාරික් 
ඡායාරූප අන්තර්ජාලයෙනි

 
 



අදහස් (0)

අරගලයේ රතු රෝස මල රෝසා ලක්සම්බර්ග්

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site