lankadeepa.lk

කොළොම්බියාවේ අලුත් තරුව ඉවාන් ඩුකේ

2018 සැප්තැම්බර් මස 21 පෙ.ව. 12:01

1     124

දශක හයකට ආසන්න කාලයක් තිස්සේ ගරිල්ලා කැරලිකරුවන් සමඟ නොවිසඳුණ අර්බුදයක් රටපුරා වෙළා ගනිමින් සිටියදීත්, රටේ දූෂණ වංචා නැවැත්වීමටත්, දිළිඳු බව නැති කිරීමටත් දායකවන බව පවසමින් රටේ බහුතර අභිමතයෙන් කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉවාන් ඩුකේ ඉකුත් අගෝස්තු 8 දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීමත් සමඟ එරට එදා මෙදා තුර බිහිවූ ළාබාලතම ජනාධිපතිවරයා වන්නේ තවමත් 41 හැවිරිදි වියේ පසුවන ඩූකේය.


lankadeepa.lk

ලෝක දේශපාලනයේ අලුත් මාතෘකාව එම්මානුවෙල් මැක්රොන්

2018 සැප්තැම්බර් මස 14 පෙ.ව. 12:20

1     209

2017 වසර යනු ප්‍රංශයට පෙරළිකාර වසරකි. ඒ එම වසරේ මැයි මාසයේ පැවැති ජනාධිපතිවරණය ප්‍රංශ ඉතිහාසයට නව පිටුවක් එක් කිරීමත් සමඟය. මේ පිටුව වාර්තා ගණනකින් සමන්විත වූවකි. දේශපාලන පක්ෂයක් නොමැති ස්වාධීන අපේක්ෂකයකු එරට ජනාධිපති වූ ප්‍රථම වතාව, ප්‍රංශ ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා, ප්‍රංශයේ මෙතෙක් පාලනය කළ සමාජවාදී පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය ප්‍රථම වතාවට සුදුසුකම් නොලැබීම, 57,000 ක් තරම් පොලීසිය හා හමුදා ආරක්ෂාවක් සහිතව පැවැත්වු ප්‍රථම ජනාධිපතිවරණය වීම, හිටප


lankadeepa.lk

රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය

2018 සැප්තැම්බර් මස 14 පෙ.ව. 12:01

0     8

විදේශීය අධිරාජ්‍යවාදීහු සහ බලයෙන් පහ කරන ලද ධනේශ්වර පංතිය හා ඉඩම් හිමියෝ රුසියාවේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කළෝය. ආරම්භ වී ඇති විප්ලවීය අග්නි ජාලාව අනෙකුත් රටවලට ද පැතිරී යනු ඇ


lankadeepa.lk

සමාජවාදයේ ගිනිසිළුව එංගල්ස්

2018 සැප්තැම්බර් මස 07 පෙ.ව. 12:15

0     106

සමාජ ක්‍රමයේ පරිණාමය ස්වභාවික ක්‍රියාවලිය හා බද්ධ වූවක් බවත් සමාජ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් චින්තනයේ වර්ධනයක් සිදුවන බවත් විද්‍යාත්මක දැක්මකින් හෙළිකළ විද්වතා 1895 අගෝස්තු 05 වැනිදා ලන්ඩන් නගරයේදී මිහි මවගෙන් සමුගත්තේය. ඒ පෙඞ්රික් එංගල්ස්ය.’ ශ්‍රමය හා වැටුප් අතර පොර බදිමින් දිවා රෑ වෙහෙස වී වැඩකරන ජනතාව වෙත විද්‍යාත්මක දර්ශනයක් දායාද කළ. ‘කාල් මාර්ක්ස්’ සමග එකතුව එම දර්ශනය පෝෂණය කරමින් ඉදිරියට ගෙන යාමට ඔහු සිය දිවිය පුරාම කැපවුණි.


lankadeepa.lk

වැඩ ගොඩක් එකවර කරන නවසීලන්තයේ අගමැතිනි ජසින්ඩා

2018 අගෝස්තු මස 31 පෙ.ව. 12:20

1     354

අගමැතිවරුන් දෙදෙනකු යටතේ රාජකාරී කළ අයෙක් දිනෙක රටක රාජ්‍යතන්ත්‍රය මෙහෙයවන පාලකයෙකු බවට පත්වන්නට නම් වාසනා ගුණය තිබිය යුතුමය. ඊට නොදවනි ලෙසින් කාර්යක්ෂම බවද, සකසුරුවම් බවද, පළපුරුද්දක්ද තිබිය යුතුය. මේ සියලු ගුණාංගයෙන් හෙබි වාසනාවන්ත නායකයින් වත්මන් ලෝකයේ නැතිවාම නොවේ.


lankadeepa.lk

මැදියම් රැයේ ලැබුණු නිදහස

2018 අගෝස්තු මස 28 පෙ.ව. 12:01

0     196

ඉන්දියාව සහ පාකිස්ථානය යන නව රාජ්‍යයන්ට නිදහස ලැබෙන දිනය අගෝස්තු 15 වැනිදා බව මවුන්ට් බැටන් ප්‍රතිරාජයා විසින් නිවේදනය කර තිබුණි. මේ දිනය දැනගත් වහාම ඒ ගැන උනන්දුව දැක්වූ බලවත් පිරිසක් වූහ. ඒ ජ්‍යොතිශඥයෝය. ලංකාව මෙන්ම ඉන්දියාවේද සෑම කටයුත්තකටම ශුභ දින මෙන්ම නැකත් ගැන අවධානය යොමුකිරීම් සුලබය. හින්දු වැසියෝ මේ ගැන උනන්දුව දක්වති. 1947 අගෝස්තු 15


lankadeepa.lk

තෙල් නිධියෙන් මතු වූ නිකලස් මදුරෝ

2018 අගෝස්තු මස 24 පෙ.ව. 12:10

0     276

“අපට සිදුවෙනවා අධික ලෙස ආහාර පරිභෝජනය සීමා කිරීමට. ඒ මේ රටේ සැපයුම හා මිල අතර තුලනයක් පවත්වාගැනීම සඳහායි. මම විශ්වාස කරනවා රටේ බහුතර වැඩ කරන ජනතාව මෙය පිළිපදී කියා...” මේ අපේ රටේ නායකයෙකු නොව ලෝක රාජ්‍ය නායකයෙකු කියන දෑයි. ඒ රාජ්‍ය නායකයා එසේ මෙසේ නායකයකු ද නොවේ. සමාජවාදයට වඩා බර රටක නායකයෙක්ය. හියුගෝ චාවේස් නමැති අසහාය නව වාමාංශික නායකයා තැනූ 21 වැනි සියවසේ සමාජවාදී දේශය එනම් වෙනිසියුලාව අද වන විට ඉතා බිහිසුණු අර්බුදයකට තල්ලු වී ඇත. දැඩි ආහාර


lankadeepa.lk

රුධිර තඩාගයේ ඇරැඹුණු ඉම්රාන් ඛාන්ගේ දෙවැනි ඉනිම

2018 අගෝස්තු මස 15 පෙ.ව. 12:02

0     403

සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ කලක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වූ ඉම්රාන් ඛාන් නොබෝදා පැවැති එරට මහා මැතිවරණයෙන් බලයට පත්ව ඇත. මෙම අලුත්ම තොරතුරුත් සමඟ පාකිස්ථානය නම් වූ රාජ්‍යය පිළිබඳව ලෝකයේ කතා බහ වැඩි වී ඇත. ශ්‍රී ලංකාවේ සමීප හිතවතෙකු වන පාකිස්ථානය තුළ ඇතිවන දේශපාලන වර්ධනයන් නිසැකවම ශ්‍රී ලංකාවට ද බලපාන බව අමුතුවෙන් කිවයුතු නොවේ. විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති වර්තමාන ලෝ


lankadeepa.lk

ලෝකයම සමඟ යුද වදින අපූරු ජනාධිපතිවරයා

2018 අගෝස්තු මස 10 පෙ.ව. 12:20

0     469

“හිට්ලර් හැට ලක්ෂයක් යුදෙව්වන් මරාදැම්මා. අපේ රටේ විතරක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවනුත් තිස් ලක්ෂයක් ඉන්නවා. ඔවුන් මරාදාන්න මම කැමතියි.” මේ ලොව සිටින ප්‍රබල විධායක ජනාධිපතිවරයකුගේ හඬයි.... මේ දූපත් දහසකින් සුසැදි පිලිපීනයේ දහසය වැනි විධායක ජනාධිපතිවරයාගේ හඬයි. දකුණු පිලිපීනයේ පිහිටි දුප්පත් ජනතාවක් වෙසෙන මින්දනාවෝ දුපතෙන් පැමිණ ජනාධිපති පදවියට පත්වෙන ප්‍රථම පිලිපීන ජාතිකයා වන්නේ රොද්‍රිගු ඩුටරේට්ස්ය. ඔහු 2016 ජූනි මාසයේ ජනාධිපති පදවිය භාර ගත්තේ රට


lankadeepa.lk

සුද්දගේ මරණ දඬුවම් පුරාණය

2018 අගෝස්තු මස 09 පෙ.ව. 12:10

0     121

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉහවහ ගොස් තිබේ. මෙරට තරුණ පරපුරෙන් විශාල කොටසක් ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව මෙම ව්‍යසනයට ගොදුරුවී තිබේ. මුලදී නගරබදට පමණක් සීමා වී තිබුණු මෙම උපද්‍රවය වර්තමානය වන විට ඈත දුෂ්කර ගම්මානවලට පවා පැතිර ගොස් ඇති බව නිරන්තරයෙන් මාධ්‍ය වාර්තා කරයි. මෙය අපේ රටට පමණක් නොව ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය පිලිපීනය වැනි රටවල පවා ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති ආකාරයක් දැකිය හැකිය. දැඩි නීති ක්‍රියා


lankadeepa.lk

ලොව දිනූ සුරූපී ජනපතිනිය

2018 අගෝස්තු මස 03 පෙ.ව. 12:10

1     885

විවිධ දේශපාලන මතවාදයන් සමඟ දෝලනය වන ලොව හතර දිග්භාගයේ සිටන රටවල් එකසිය අනූතුනකට අයත් බිලියන හතකට අධික ජනගහනයක් සමඟ හද බැද ගන්නා රාජ්‍ය නායක තරුවක් වෙනුවෙන් දියත අතිරේකයේ පිටුවක් අද සිට වෙන් වේ.


lankadeepa.lk

බිඳ වැටුණු “ සෝවියට් දේශය ”

2018 ජුලි මස 20 පෙ.ව. 12:10

0     626

1985 මැයි මාසයේ දී එවකට සෝවියට් නායක මිහායිල් ගොර්බවොච් ලෙනින් ග්‍රැඞ් නගරයේදී ප්‍රකාශයක් කරමින් පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වැඩපිළිවෙළ යටතේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් සිදුකරන බව පැවසීය.


lankadeepa.lk

විප්ලවවාදියා අත්අඩංගුවට

2018 ජුලි මස 13 පෙ.ව. 12:11

0     192

ජපන් අධිරාජ්‍යවාදයට එරෙහිව කොරියානු දේශප්‍රේමීහු සංවිධානය වූහ. එහි එක් හමුදා ඛණ්ඩයක නායකයා වූ කිම් ඉල් සුං එවකට සාර්ථකව සිදුවෙමින් පැවති චීන සමාජවාදී විප්ලවයේ ආභාසයද ලබමින් මාක්ස්වාදියෙකු බවට පත්ව සිටියේය.


lankadeepa.lk

ලෝක බලවතා දමනය කළ උතුරු කොරියාවේ දඟකාර පොඞ්ඩා

2018 ජුලි මස 06 පෙ.ව. 12:10

0     541

“අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකි. ඔහු සමග සටන් කළ යුතු වන්නේත්, ලෝක සමාජවාදී විප්ලවය සාර්ථක කළ යුතු වන්නේත් පවත්නා සමාජවාදී රාජ්‍ය පද්ධතිය ආරක්‍ෂා කර ගත හැක්කේත් තුවක්කු බටය හරහා පමණකි.


lankadeepa.lk

ඓතිහාසික අත්වැරැද්ද

2018 ජුනි මස 27 පෙ.ව. 12:10

0     333

විප්ලවිය ජයග්‍රහණයෙන් පසු හමුදාව සහ බහුතර ජනයා තුළ විප්ලවීය ජවය හිනවීම මාවෝ තුළ පැවති ලොකුම කනස්සල්ල විය. භෞතික ලෝකය වෙනස් වෙනවාට වඩා මිනිසාගේ චින්තනය වෙනස්වීම මාවෝ වඩාත් කැමැත්තක් දැක්වු කරුණකි. කවියෙකුගේ එක් කියමනක් වූවේ ‘අවුරුදු දහසක් බොහෝ දිගු වැඩිය. එක් පැයකින් දවස ගෙවමු.’ යන්නයි. මාවෝ යථාර්ථවාදී නොවුණු ඒවගේම චීනය බාර ගන්න සූදානම් නැති කරුණු ගණනාවක් කරන්නට උත්සාහ ගත්තේය. “මහා ඉදිරි පිම්ම” මෙ


lankadeepa.lk

සීතල රැය උණුසුම් කළ ලෙනින්ගේ අන්තිම මොහොත

2018 ජුනි මස 22 පෙ.ව. 12:15

0     385

1923 නොවැම්බර් මුල්භාගයේ ග්ලුක්හමෝ මෝලේ කම්කරු නියෝජිත පිරිසක් ලෙනින් බැලීමට ගෝර්කි බලා ආවේය. ඔවුහු තෑගි වශයෙන් චෙරිගස් දහඅටක් රැගෙන ආහ. ඔවුන් අමුත්තන්ගේ කාමරයට කැටුව යන ලදී. එවිට එහි දොර ඇරුණි.


lankadeepa.lk

මිනිසුන් අතර සැබෑ මිනිසෙක්

2018 ජුනි මස 20 පෙ.ව. 12:01

1     109

කාවෝ කාවෝ ගැන සංවාදය නිමාවීමෙන් අනතුරුව රාත්‍රී නින්දට යන්නට පෙර මාවෝ කල්පනාබරව අපට මෙසේ කීවේය. “මේ කාලයේ තරුණ පිරිස්වල සිතුම් පැතුම් ගැන දැනගන්න මම බොහොම කැමතියි. මේ කාලේ ලේඛකයෝ වැඩිපුරම ලියන්නේ තරුණ පිරිස්වලට තියෙන රැකියා අවස්ථා, ඔවුන්ගේ විවාහ ගැන තියෙන ආකල්ප වගේ දේවල්. එතකොට ඉතිහාසය හා ලෝකය ගැන ඔවුන්ගේ තියෙන දැනුවත්භාවය මොකක්ද?.” මේ කතාවෙන් පසු ඒ ළඟම දිනක “මෑතකදී ඔබ කියවු පොත මොකක්දැ,යි” මාවෝ ටියැන්ග් යුනූගෙන් ඇසුවේය.


lankadeepa.lk

ආත්ම උඩඟුවේ ආදීනව

2018 ජුනි මස 15 පෙ.ව. 12:45

0     180

ලෙනින් ම, තමා පක්ෂයේ සහ රජයේ නිලධාරීන් බලාපොරොත්තු වූ දැඩි ආත්මසංයමයේ ආදර්ශයක් විය. පක්ෂයේ තීරණය ඔහුට නීතිය විය. ඔහු එම ආකල්පය අනෙක් අයගෙන් බලාපොරොත්තු විය. පක්ෂ විනය උල්ලංඝනය කළ පුද්ගලයා පක්ෂයේ සතුරන්ට ආධාර කළේ යැයි ඔහු කීමට පුරුදුව සිටියේය.


lankadeepa.lk

ජීවිත කාලයේ කළ නොහැකිවූ දේ

2018 ජුනි මස 14 පෙ.ව. 12:45

0     61

නව චීනය ගොඩ නැගුණු හැටියේම වාගේ වූ ෂූජුන් මාවෝගේ ප්‍රධාන හෙද පාලිකා තනතුරට පත්වූවාය. මා මෙන්ම ඇය ද මාවෝ ළඟ දිගු කාලයක් සේවය කළ කෙනෙකි. මා මාවෝගේ සේවයෙන් ඉවත් වු පසුවත් ඇය ඔහු ළඟ දිගටම වැඩ කළාය. 1976 ලූනා අවුරුදු දින (චන්ද්‍ර මාස අනුව ලබන අවුරුද්ද) මාවෝ ගේ සැඳෑ භෝජනයේ අරාධිත අමුත්තා වුවේ ඇයයි. සැඳෑ භෝජනය ගන්නට පෙර ඔවුහු චිත්‍රපටයක් ද නැරඹූහ.


lankadeepa.lk

නිලධාරිවාදයට එරෙහිව

2018 ජුනි මස 08 පෙ.ව. 12:45

0     76

ලෙනින් නිරන්තරයෙන්ම වෙහෙස නොබලා බහුජනතාවට රාජ්‍ය පාලනය කිරීමට හා කළමනාකරණ ශිල්පක්‍රමය ප්‍රගුණ කිරීමට උගැන්වීය. ඔහු නිලධාරිවාදයට විරුද්ධව වැඩ කරන ජනතාවගේ උවමනාවන් හා අපේක්ෂාවන් කෙරෙහි කර්කශවීමට විරුද්ධව හා වැඩ කෙරෙහි සම්ප්‍රදායික ආකල්පයක් දැරීමට විරුද්ධව සටන් කළේය. ඔහුගේම ජීවිතය ස්වයංවිනය හා කාර්යක්ෂමතාවය පිළිබඳ නිදසුනක් විය. ඔහු විසින් මුලසුන හෙබවූ මහජන කොමිසාර් මණ්ඩලයේ රැස්වීම් නිතරම කාර්යශූර නිශ්චිතතාවයකින් පවත්වාගෙන යන ලදී.


lankadeepa.lk

සෝවියට් සංගමය බිහිවෙයි

2018 ජුනි මස 01 පෙ.ව. 01:00

0     240

විවිධ සෝවියට් සමූහාණ්ඩු තනි රාජ්‍යයක් බවට ඒකාබද්ධ කළ යුතු යයි ඔහු යෝජනා කළේය. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වෙත, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය පිහිටුවීම ගැන සහ ජාතීන් පිළිබඳ ප්‍රශ්නය නොහොත් ස්වායත්තතාකරණය ගැන ඔහු ලිපි ලිවීය. එමගින් ඔහු ස


lankadeepa.lk

ප්‍රතිසංවිධානයට බියවීම

2018 මැයි මස 18 පෙ.ව. 12:03

0     142

දොන්බාස්හි ගල් අඟුරු කපන යන්ත්‍ර යෙදවීමටත්, ජර්ණක කැණීම සඳහා හයිඩ්‍රොලික් යන්ත්‍ර උපයෝගී කරගැනීමටත් යනාදියට ඔහු තියුණු උනන්දුවක් දැක්වීය. නව නිපැයුම් පිළිබඳ ඔහු කොතරම් තියුණු උනන්දුවක් දැක්වීදයත් නිපයුම්කරුවන්ට කුමන ආධාර දුන්නේද යන්න පෙන්නුම් කරන ලියකියවිලි බොහෝමයක් සුරක්ෂිතව ඇත.


lankadeepa.lk

ප්‍රංශයේදී ගහට ගහක් හමුවෙයි

2018 මැයි මස 17 පෙ.ව. 12:01

0     112

මෙම පැරිස් ජීවිතය තුළදී අසාර්ථක වූ ප්‍රංශ විප්ලවය ගැනත් එහි අත්දැකීම් සහ ඒවා නවීන ලෝකයට ගළපා ගතහැකි ආකාරය ගැනත් විමර්ශනය කරමින් හා පර්යේෂණයට ලක් කරමින් සිටියේය. ඔහුගේ ශාස්ත්‍රීය ලිපි නොයෙකුත් පත්‍ර සඟරා ආදියේ පළවෙමින් තිබුණු නිසා බටහිර ලෝකයේ විද්‍යාත්මක සමාජවාදය මෙන්ම විප්ලවවාදයේ ඓතිහාසික වර්ධනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු අතරේ කාල් මාක්ස් යන නාමය ප්‍රචලිතව තිබුණි. එනිසා බොහෝ බුද්ධිමත්හු කාල්මාක්ස් සමග නිරන්තරයෙන්ම බුද්ධිමය සංවාද පැවැත් වූහ.


lankadeepa.lk

අහිමි තායිවානය

2018 මැයි මස 15 පෙ.ව. 12:01

0     103

දිගු කාලයක් මාවෝ ළඟ වැඩකිරිමෙන් අනතුරුව වෙන්ව ගිය සියලු දෙනාටම මෙන් ගාවෝ ටත් මාවෝ ගෙන් ඈත්වී සිටීමට නොහැකිවිය. සභාපතිතුමා නැති අඩුව ඔහුට බෙහෙවින්ම දැනුණු අතර නින්දේදී සිහිනෙන් පවා ඔහු මාවෝ ගේ නම හඬ ගාමින් වැලපෙන්නට විය. “සභාපති සහෝදරයා! සභාපති සහෝදරයා!” ඔහුට දැනුණේ මාවෝ ඔහු ළඟ සිටින්නාක් මෙනි. නමුත් ඔහු අවදිවි බලන විට රාත්‍රී නිහඬතාව මිස වෙන කිසිවක් හෝ දැකගත නොහැකි විය. එවිට ඔහුගේ මුහුණ දිගේ කඳු`එ දහරා ගලා යන්නට විය.


lankadeepa.lk

පක්‍ෂ විනයට මුල් තැන

2018 මැයි මස 11 පෙ.ව. 12:12

0     85

පක්ෂය තුළ සියලුම නිකායවාදී සහ පක්ෂ විරෝධී කණ්ඩායම්වල කටයුතු පවත්වාගෙන යාම තහනම් කිරීමේ යෝජනාවක් ලෙනින් දහවෙනි සමුළුවට ඉදිරිපත් කළේය. පක්ෂ සමගිය ගැන ලෙනින්ගේ යෝජනාව සම්මත කළ සමුළුව, මධ්‍යම කාරක සභාවේ ඕනෑම සාමාජිකයෙකු ඇතුළුව, පක්ෂයේ කුමන සාමාජිකයෙ


lankadeepa.lk

ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය

2018 මැයි මස 08 පෙ.ව. 12:08

0     223

ලෝකය වෙනස් කිරීම යනු අතිශය දුෂ්කර කාර්යකි. නැපෝලියන් අධිරාජයා සටනට ගියේ ලෝකය වෙනස් කරන අදහසිනි. එහෙත් අවසානය වූවේ නැපෝලියන් පමණක් නොව ප්‍රංශයේ අභිමානයද විනාශ කර ගනිමිනි. ඇඩොල්ෆ් හිට්ලර් සටන් ඇරඹුවේ ලෝකය වෙනස් කරන බවට සපථ කරමිනි. ඇත්තය. ඔහුගේ ක්‍රියා කලාපය නිසා යුරෝපයේ සිතියම වෙනස් විය. තමාගේම රටවූ ජර්මනියේද දේශ සීමාවන් වෙනස් වූ අතර නැගෙනහිර සහ බටහිර වශයෙන් ජර්මන් රාජ්‍යයන් දෙකක් බිහි විය. එහෙත් තම බුද්ධි ප්‍රභාවයෙන් සහ දර්ශනවාදී චින්තනයෙන් නිර්ම


lankadeepa.lk

රතු විප්ලවයේ ලෙනින්ගේ අරගලය

2018 මැයි මස 04 පෙ.ව. 02:00

0     103

ලෙනින් නායකත්වය දෙන ලද කොමියුනිස්ට් පක්ෂය සිවිල් යුද්ධයේ සියලු බරපතළ අමාරුකම් හා හිරිහැර මැදින් සෝවියට් ජනතාව කාර්යක්ෂම ලෙස හා අභීතව මෙහෙයවීය. එහෙත් ආර්ථික පුනර්ජීවනය කරා යන මාවතේ නව බරපතළ දුෂ්කරතා පැන නැගිනි. අධිරාජ්‍යවාදීහු සෝවියට් සමූහාණ්ඩුව සන්නද්ධ බලයෙන් විනාශකර දැමීමට අසමත් වී සිටියහ. එහෙත් ඔවුන් කොතෙක් දුරට රට විනාශ මුඛයට පත්කර තිබුණේද යත්, ලෙනින් පැවසූ පරිදි ඔවුන්ගේ අඩක් විසඳී තිබුණි.


lankadeepa.lk

පැරදුණු තැන

2018 අප්‍රේල් මස 28 පෙ.ව. 01:44

0     119

පෙණ දමමින් වේගයෙන් රැලි නගන කහ ගංඟාවේ අපහැදිලි බොරදිය සහිත දිය සුළි දෙස ඔහු බැලුවේය. ඔහු යමක් තක්සේරුකරන්නට සිතින් උත්සාහ කරන බවක් පෙනුණි. අවසානයේ දිග සුසුමක් හෙළු ඔහු තමන්ටම කියාගන්නාක් මෙන් බෝට්ටුවේ සිටි අප සියල්ලන්ටම ඇසෙන සේ මෙලෙස කීවේය. “හෑල්ලුවට පත්නොකළ යුතු දෙයක් තියෙනවා නම් ඒ වෙන මොකක්වත් නෙවෙයි, කහ ගංඟාවයි. කහ ගංඟාව හැල්ලුවට ලක්කරණ එක අපේ මුළු ජාතියම හෑල්ලුවට ලක්කරණවට සමානයි.”


lankadeepa.lk

කහ ගංඟාවේ අභියෝගය

2018 අප්‍රේල් මස 26 පෙ.ව. 01:00

0     80

ර`එ පෙනුමෙන් යුත් ශක්තිමත් මිනිසුන් මෙහෙයවු ඔරු දුසිමකට වඩා ගංඟාවේ නවතා තිබුණි. මාවෝ පළමු ඔරුවට ගෙඩාවූ අතර චූ එන්-ලායි සහ රෙන් බිසී දෙවැනි ඔරුවට නැග ගත්හ. ලූ ඩින්ග්යි සහ හූ කියෙවු තුන්වැනි ඔරුවට ගොඩවූහ.


lankadeepa.lk

ලොවම වසඟයට ගත් රුසියාවේ පූටින්

2018 අප්‍රේල් මස 17 පෙ.ව. 02:00

1     878

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිධූරය සඳහා ව්ලැඩිමීර් පූටින්ගේ පත්වීම ලෝක ජනමාධ්‍යවලට විශේෂ ප්‍රවෘත්තියක් වී තිබේ. එසේ වන්නට ඇත්තේ පූටින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජය ලැබූ සිව්වන අවස්ථාව මෙයවීම නිසාය. රුසියාව ඉතිහාසයේ කිසිදු කාලයක ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ ජනතා ඡන්දයෙන් පත්වන රාජ්‍ය නායකයන් ගැන හෝ විශ්වාසය තැබූ රාජ්‍යයක් නොවීය. පසුකාලීනව එම රටේ ඇතිවූ දේශපාලන ප්‍රතිසංස්කරණවලින් පසුව මැතිවරණ ක්‍රමය ආරම්භ වූ අතර එමගින් සිව්වැනි වරටත් පූටින් තෝරාපත්කර ගැනීම