1938 අපට පාසල් අධ්‍යාපනය ලබාදීම ගැන පියා සමගින් කතා කෙරුවේ කවුරුන්දැයි නොදනිමි. පෙනෙන අන්දමට දෙවියන් වහන්සේගෙන් මරියාට දරුගැබක් ලැබී ඇති බවත් ඈ ඒ පිළිබඳව සතුටට පත්විය යුතු බවත් දැනුම් දුන් දේව¥තයාම ඒ කාර්ය භාරගන්නට ඇතැයි සිතේ.

අප සිව් දෙනාට සෑම දෙයකටම අවසර ගැනීමට සිදුව තිබිණ. දුම්කොළ නෙළන අන්දම බැලීම සඳහා කුඹුර වෙත යාමට, උණුසුම් දිනවල කළපුව වෙත ගොස් දෙපා තෙමා ගැනීමට, මිනිසුන් කරත්තවලින් රැුගෙන ආ බඩු බාන අතරතුර ඉස්ටෝරුව ළඟට වී අශ්වයින් සුරතල් කිරීමට ඇතුළු මෙකී නොකී සියලූ දෑ සඳහා අවසර ලබා ගැනීමට සිදුව තිබිණ.


විටෙක කොටුවල දමා සිටි සාවුන් නෙත ගැටෙන විට මා සිතනුයේ අසරණ සත්තු, උඹලගෙයි මගෙයි වෙනසක් නැහැ කියාය. වතාවත් මම කූඩුවක දොර හැර කුඩා සාවියක නිදහස් කළෙමි. නමුත් උගේ දෙපා ක‍්‍රියා කරවීම සඳහා ඌ හට පහරක් දීමට මට සිදුවිය. නමුත් ඌ නොසෙල් වී සිටියේ. ඌ උගේ කුඩා කූඩුවට පුරුදුව සිටි බැවිනි. මා දිගටම ඌට තැලූ අතර ඒ හැම වතාවකම පහර සැර වැඩිවිය. ඌ බියපත් දරුවෙකු මෙන් කෙඳිරි ගාන්නට විය. සාවියට නිදහස පෙන්වා දීම සඳහා ඌට රිදවීමට මට සිදුවුණි.


මෝඩ සාවිය.


ඌ කොහෙත්ම මා මෙන් නොවීය.


එහි ඇරඹුම වූයේ පැටි‍්‍රයාට කන්‍යා සොයුරියක වීමට උවමනා වීමෙන්ය. පවුලේ කෙනෙකු ආගමට සම්බන්ධ වීම ගැන අම්මා එක හිතින් කැමති වූවත් තාත්තා එය යම් තරමකට හෝ අනුමත නොකළේය. පැටි‍්‍රයා කන්‍යා සොහොයුරියක වීම සුරූපී ගැහැණු ළමයෙකුගේ ජීවිතය අපතේ යාම බව ඔහු වරකට වැඩියෙන් කීය. ඔහු එය අම්මා ඉදිරියේ පැවසුවේ වතාවක් පමණක් වූවද මා හා යළි යළිත් කියා තිබිණ.


අවසානයේ තාත්තා මවගේ අදහසට ඉඩ දුන්නේය. ඔහු පැවසුවේ පැටි‍්‍රයාට කන්‍යාරාමයකට යා හැකි නමුත් එය කන්‍යා සොයුරියක වීම සඳහා නොවන බවයි. අම්මා එකඟ වූවාය.

 


ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දෙ ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000* ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැුබල් සොයුරියක් ඇසුරින් ෂබ එසපැ දෙ ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි‍්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ.


 

එබැවින් පැටි‍්‍රයා කන්‍යාරාමයට යන දිනය ළඟාවත්ම මමද එහි යාම පිණිස පියාගෙන් අවසර පැතුවෙමි. එවිට මට මගේ වැඩිමහල් සොයුරියට තනි රැුකීමටද ඉඩක් ලැබේ. ඈ මේ වන විට වැඩුණු සිනොරිටා (මෙනවියක* වී සිටි අයෙකි. ගැහැණු ළමුන් වැඩිවිය පත්වන අන්දම ඈ මට කියා දී තිබුණාය.


තාත්තා සිනාසුණේය. ඔහුගේ ඇසෙහි මා පිළිබඳව උපන් අභිමානයකින් දිලිසුණි. මා පියාගේ ප‍්‍රියතමයා බව සෙස්සෝ කීහ. ඔහුට එරෙහි වන එකම කෙනා මා වූ බැවින් එය කෙසේ වීදැයි මම නොදනිමි. ඔහු මා උකුලට ගෙන මෙසේ විමසුවේය. එතකොට ඔයාගෙ තනියට ඉඳගෙන ඔයා බලා ගන්නෙ කවුද?


‘‘ඬේ ඬේ..’’ යි මට කියැවුණි. එබැවින් අපෙ තිදෙනාටම එකට යාමේ අවස්ථාව ලැබිණ. ඔහු මුහුණ දික්කර ගත්තේය. මගේ කුකුළු පැටවු සේරම ගියොත් මට මොනවා වෙයි ද?


මා සිතුවේ ඔහු සරදම් කරන බවයි. නමුත් ඔහුගේ ඇස්වල බැ?රුම් සහගත බවක් රැුදිණ. ‘‘තාත්තා’’ යි මම ඔහුට දැනුම් දුනිමි. ‘‘ඔයා අපි නැති ජීවිතේට පුරුදු වෙයි, අවුරුදු කීපෙකින් අපි හැමෝම විවාහවෙලා ඔයාව දාල යනවා.’’


ඔහු දුක්මුසුව හිස සලා මෙසේ අවධාරණය කළේය. ‘‘දුවක් කියන්නෙ හදවත ඇතුළෙ ඉඳිකටුවක්’’


ඔහු එසේ කීම අම්මා ප‍්‍රිය නොකළාය. ඈ සිතුවේ ඔහු එසේ නිර්දය වනුයේ ඔවුනගේ එකම පුත‍්‍රයා ඉපදි සතියක ඇවෑමෙන් මිය ගිය බැවිනියි කියාය. තෙවසරකට ඉහත දී මාරියා තෙරේසා පුතෙකු නොවී දුවක්ව ඉපදුණාය. කෙසේ වෙතත් අප තිදෙනාම පිටතට යැවීම එපමණ නරක අදහස් සේ මවට නොපනුණි. ‘‘එන්රිකෝ, මේ ගෑනු ළමයින්ට යම් අධ්‍යාපනයක් උවමනායි. බලන්නකො අපි දිහා’’ අම්මා කිසිවිට එම අදහසට එකඟ නොවූ නමුත් ඇයට අකුරු කියවීමට හෝ නොහැකි බවට මම සැක කළෙමි.


‘‘අපේ වරද මොකක්ද?’’ තාත්තා ඇගේ අදහසට එරෙහි වූයේ ඔහුගේ ගබඩාව ඉදිරිපිට බඩු බාන්නට බලා සිටි කරත්තය අතින් දක්වමිනි. පසුගිය වසර කිහිපයේ තාත්තා ඔහුගේ ගොවිපොළෙන් ලොකු මුදලක් උපයා තිබිණ. අපේ මුදල් වලින් අපට අධ්‍යාපනය ලබා දිය යුතු බවට අම්මා තර්ක කළාය.


තාත්තා මෙවර යටත් වූ නමුත් ඉස්ටෝරුවේ කටයුතු සඳහා උදව් දීමට කෙනෙකු සිටිය යුතු බව පැවසුවේය. අම්මාගේ අදහසට අමතර යමක් කිරීම ඔහු හැමවිටම කළ දෙයකි. ඔහු හැම දෙයකටම මම ලකුණ එක් කරන්නේ එතිරිකේ මිරැුබලි ඔහුගේ පවුලේ කලිසම් අඳින්නා නොවන බව කිසිවෙකුට කීමට නොහැකි වීමට බව අම්මා පැවසුවාය.


ඔහු සැරසෙන්නේ කුමටදැයි මට හොඳින් වැටහුණි. අපගෙන් කිසිවෙකු හෝ තම සහයට නතර විය යුතු බව කියමින් ඔහු එක එල්ලේ බැලූවේ මා දෙසය.


මම වචනයකු දු නොදොඩමි. මම පොළොව දෙස බලාගෙන පසුවූයේ බිම් ලෑලි මත මගේ පාඩම් ලියා තිබූ අයුරිණි. මට කනගාටුවීමට දෙයක් නොවීය. ඬේඬේ හැමවිටම සිනහවෙන් එකඟ වන්නියක් වූවාය.’’ මම උදවුවට නතර වෙන්නම් තාත්තා’’ ඈ පැවසුවාය. 


තාත්තා විමතියට පත් බව පෙනුණේ ඬේඬේ මට වඩා වසරකින් වැඩිමහල් වූ බැවිනි. යා යුතු වූයේ ඈ හා පැටි‍්‍රයාය. නමුත් එවිටම තාත්තා අවසන් තීරණය ගනිමින් අපේ හැම දෙනාටම කන්‍යාරාමය වෙත යා යුතු වූ අතර ඬේඬේ ජනවාරිය තෙක් රැුදී සිටිය යුතු වූයේ අවිවේකී අස්වනු නෙළන සමයේ ගිණුම් කටයුතු සඳහා තාත්තාට සහායක් උවමනා වූ බැවිනි.


මා නිදහස ලබා ගත්තේ ඒ අන්දමිනි. මා ඉන් අදහස් කෙරුවේ ට‍්‍රන්කා පෙට්ටියක් පුරවා ගත් අලූත් දේවල් සමඟින් නේවාසික පාසලකට යාම නොවේ. මා එහි ගිය පසුව මට සිනිටා නම් බාලිකාව හමුවීම හා ලීනාට වූ දෙය දැකීමත්, මා කුඩා කූඩුවක සිට විශාල කූඩුවකට, මුළු රටම පමණ වූ විශාල කූඩුවකට ඇතුළු වූ බව අවබෝධ කර ගැනීමත්ය. රටේ පාලකයා දුෂ්ටයෙකු බව මා පළමුවරට අවබෝධ කරගත්තේ එහිදීය.

 

පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර