ඔවුන්ගේ කටයුත්ත නිමවූ පසු අප ඔවුනට පිටුපා සරදම් කරන විට ඔවුහු නිහඩව බලා සිටිති. ඒ අතර අතුරුදන් වන ලීනා අපේ පළමු දවසේ මව්පියන් හා අප පිළිගනු ලැබූ ශාලාවෙන් මතුවේ. ලීනා වාර්තා කළ පරිදි මෙම හමුවීම ඇරඹෙන්නේ ටෘහිලෝ ඇයට ඇසෙන සේ කවි කිහිපයක් කීමෙන්ය. විටෙක ඔහු ඇයට ගායනයක් ඉදිරිපත් කිරීමට හෝ නැටුමක් කිරීමට කියයි. වඩාත් විශේෂ දෙය වූයේ ඈ ඔහුගේ පපුවේ ඇති පදක්කම් ගලවමින් නැවත එල්ලමින් ඈ ඒවා සමග ක්‍රීඩා කරනු දැකීමට ඔහු ප්‍රිය කිරීමය. 


නමුත් ඔබ ඔහුට ආදරේ කරනවද? සිනිටා වතාවක් ලීනාගෙන් විමසුවාය. ඇගේ ස්වරයෙහි වූයේ ඈ දිවිමකුළුවෙකු හා පෙමින් බැඳී  සිටියේ දැයි විමසන  අන්දමේ පිළිකුල් සහගත බවකි. 


මගේ මුළු හදින්ම යි කියූ ලීනා සුසුමක් හෙලුවාය. මගේ ජීවිතයටත් වැඩියෙන්.

 
ටෘජිලෝ නොකඩවා පැමිණ ලීනා මුණගැසී ඇයට දුන් ත්‍යාග හා පෙම් පණිවිඩ ඈ අප හා බෙදා ගත්තාය. මා සිතන  අන්දමට සිනිටා  හැර අන් සියලුදෙනාම ලීනාගේ සරල පිවිතුරු හදවතේ සිටි මායා වීරයා හා පෙමින්  බැදිණ. අප සෑම දෙනාටම පුරවැසි පන්තියේදී ලබාදුන් වෘහිලෝගේ පින්තූරය මම සිනිටාට නොපෙනන පරිදි ඇඳුම් ලාච්චුවේ කෙළවරක  සඟවා තබා ගතිමි. රැයේදී මා එය කොට්ටය යටින් තබා ගත්තේ බියකරු සිහින පෙනීම වළකා ගැනුමටය. 

 

කලකට පසු අසන්නට ලැබුණේ ලීනා මෙම නිවසේ දී ගැබිනියක වී ඇති බවය. ටෘජිලෝගේ බිරිය  දෝන  මාරියා පිහියක් ද රැගෙන ඈ සොයා ගොස් තිබුණාය. ටෘජිලෝ මියාමි වෙතින් මිලදී ගෙන තිබුණු නිවසක අද රැඳවුම් බව අසන්නට ලැබිණි. ඉන් එහා  ඇය ගැන කිසිදු තොරතුරක්  නොවීය. අපගේ රූමත් ලිීනාගේ  ඉරණම ගැන අපි බෙහෙවින් ශෝක වීමු.

 

ලීනාගේ දාහත් වැනි උපන් දිනයට ටෘහිලෝ ඈ වෙනුවෙන් සාදයක් පැවැත්වූයේ මෑතදී ඔහු සන්තියාගෝවට නුදුරින් ඉදිකළ අලුත්ම නිවසකය. එදින පුවත්පත්වල ලීනාගේ සේයාරුවක් තනිකර පිටුවක පළවී තිබු අතර එයට යටින් ටෘජිලෝ ලියු කවියක්ද දක්නට ලැබිණි. 


රජවංශයක හිමිකම නොලැබුනත් සුරලොවින්  දුලබ ලෙස මිහිමතට එවනු ලැබූ රූප ශ්‍රියාවේ අයිතියෙන් ඈ රැජිනක්ව උපන්නියකි. 


සිනිටා අවධාරණය කෙරුවේ ටෘහිලෝට සිය නම කුරුටු ගෑමට හෝ අසීරු බැවින්  මෙය  අන් කිසිවකු ඔහුට ලියා දී ඇති බවය. මම ලීනා වුණා නම්’ කියූ ඈ ඇගේ දකුණත දිගු  කර මිදි පොකුරක් මෙන් මිරිකා දමන අයුරු  අභිනයෙන් දැක්වුවාය. 


ලීනා නික්ම ගොස් සති කිහිපයක් ගෙවි ගියද ඈ ආපසු  නොපැමිණියාය. අවසාන යේ කන්‍යා සොයුරියන් නිවේදනය කෙරුවේ ඈ නොසිටි කාලයේ රජයෙන් ඇගේ ඩිප්ලෝමා ප්‍රදානය  ලබා දී ඇති බවය. ‘ඇයි ද? තවමත් අපේ ප්‍රියතමයා බවට පත්ව සිටි මිලාග්‍රස් කන්‍යා සොයුරිය ගෙන් මම ඇසුවෙමි. ඈ හිස සලා මුහුණ ඉවතට හරවා ගත් නමුත් මට ඇගේ ඇසෙහි කඳුළු දිස්විය.

 
පසුව  ශාන්ත නිවාඩුවේ දී මට දැන ගැනීමට ලැබුණේ සැන්තියාගෝවෙන් පිටත  විශාල මැදුරක  ලීනා ටෘහිලෝගේ පෙම්වතියක  මෙන් දිවි ගෙවන බවය. විවාහකයකු වූ රටේ නායකයාට එවැනි පෙම්වතියන් රට පුරා සිටි බව කියැවුණි. 


කලකට පසු අසන්නට ලැබුණේ ලීනා මෙම නිවසේ දී ගැබිනියක වී ඇති බවය. ටෘහිලෝගේ බිරිය  දෝන  මාරියා පිහියක් ද රැගෙන ඈ සොයා ගොස් තිබුණාය. ටෘහිලෝ මියාමි වෙතින් මිලදී ගෙන තිබුණු නිවසක රැඳවු බව අසන්නට ලැබුණි. ඉන් එහා  ඈ ගැන කිසිදු තොරතුරක්  නොවීය. අපගේ රූමත් ලිීනාගේ  ඉරණම ගැන අපි බොහෙවින් ශෝක වීමු. 


 

ජූලියා අල්වාරෙස් :(Julia Alrarez) නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද In the time of butterfies  කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.
මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියක් ඇසුරින් In time of Butterfies
කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 

හත්වන කොටස.

 


 


පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර