ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දෙ ඊමඑඑැරකෙසැි කෘතියේ අනුවාදයකි.
1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000* ජන සංහාරයක්ද මෙයට අයත්ය.


එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැුබල් සොයුරියක් ඇසුරින් ෂබ එසපැ දෙ ඊමඑඑැරකෙසැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි‍්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


අතීතයේ දිනක සඳ එළියෙන් නැහැවුණු එක් පැහැදිලි රැුයක් ඬේඬේ ගේ මතකයේ ඇඳී තිබේ. ඔවුහු ඉදිරිපස මිදුලේ තිබූ ඇනාකවුහිතා (කැලෑ ඔලිව්* ගස යට සිහිල් අඳුරේ වාඩි වී ගුආනබනා (අනෝදා* යුෂ බොමින්, කතාන්දර කියමින් විනෝදයෙක් ගත කළහ. ගුආනබනා යුෂ සිරුරේ ස්නායු සඳහා කදිම බැව් අම්මා නිතර පැවසුවාය. 


අම්මා, තාත්තා, පැටි‍්‍රයා, මිනර්වා හා ඬේඬේ යන පවුලේ සැවොම එහි වූහ. තාත්තා ඔවුනට පිස්තෝලයක් මෙන් ඇඟිල්ල උරුක්කර ඩොංx ඩෝංxඩෝං කියා වෙඩි තබමින් විනෝද වූයේ ඔවුනට උපත් ලබාදීම ගැන පම්පෝරි නොගසමිනි. මෙම ගැහැනු ළමුන් තිදෙනා එකෙකුට පසුව එකෙකු බැගින් වසරක් පාසා උපත ලැබූහ. අනතුරුව නව වසරක් ඇවෑමෙන් පුතෙකු පිළිබඳව බලාපොරොත්තුව තව දුරටත් සිහිනයක් බවට පත් කරමින් මරියා තෙරේසා උපත ලැබුවාය.
තාත්තා වාඩි වී සිටියේ රබර් සෙරෙප්පු පැලඳි දෙපා එකක් පසුපසින් අනෙක රඳවාගෙනය. රම් බෝතලය වීදුරුවේ ගැටෙන හඬ ඬේඬේට ඉඳහිට ඇසිණ.
බොහෝ රැුයවල මෙන් මෙම රාත‍්‍රියේද අඳුරේ සිට අමතන හඬකින් සමාව යදිනු ඇසින. ඔවුනට සිය කරුණාව හේතුවෙන් රෝගී දරුවෙකු උදෙසා කැල්මැන්තේ කුප්පියක් අපතේ හැරීමට සිදුවීමක්ද? නැතහොත් දවස පුරා යුක්කා කුඩු කරමින් වෙහෙසුණ විඩාපත් මහල්ලෙකු දුම්කොළ ස්වල්පයක් ඉල්ලා ගැනීමට පැමිණ තිබුණද?


ඔවුන්ගේ පියා නැගිට බීමතින් හා විඩාවෙන් පැද්දෙමින් ගොස් ගබඩාව විවර කරයි. මෙම දුප්පතා ඔහුගේ බෙහෙත සමඟින් සුරුට්ටු කිහිපයක් හා කුඩා එවුන්ට මින්ට් කිහිපයක්ද රැුගෙන යයි. ඔහු මෙසේ දන්දෙන අන්දමට ඔවුනට අනාගතයක් ඉතිරිවේදැයි නොදන්නා බව ඬේඬේ තම පියාට කියන්නීය. නමුත් ඇගේ කරවටා අත තබන තාත්තා කියන්නේ මෙවැන්නකි.


‘‘ඒ නිසයි ඬේඬේ මට ඔයා ඉන්නෙ, හැම මෘදු පයකටම රළු සාත්තුවක් උවමනා කරනවා.’’


‘‘අද අපි සේරම වළදායි’’ තාත්තා තවදුරටත් කියන්නේ සිනාසෙමිනි.’’ සේද හා මුතු ගොඩක් ඬේඬේට යළි රම් බෝතලයේ වීදුරුව ගැටෙන හඬ ඇසේ. ‘‘ඔව්, නිසැකවම අපේ පවුලෙ කෝටිපතියා වෙන්නෙ ඬේඬේ තමයි.’’


‘‘එතකොට මම, තාත්තා මමද?’’ මාරියා තෙරේසා ඇගේ ළමා හඬ උස් කරමින් විමසනුයේ අනාගතයේ අත්හැර නොදැමෙනු පිණිසය.
‘‘ඔයාද? ඔයා තමයි අපේ පුංචි විලාසිනිය. ඔය තියා හුඟක් පිරිමි’’


ඔවුනගේ මව උගුර පාදන්නේ වදන් හැසිරවීම වගබලා ගන්නට කියන අයුරිනි.


‘‘හුඟක් පිරිමින්ගෙ කටට කෙළ උනාවි.’’ තාත්තා එසේ අවධාරණය කරයි.


මාරියා තෙරේසා මුවින් නොසතුටු හඬක් නංවයි. දිගට කොණ්ඩා කරල් දෙකක් ගොතා, අල්ලි වැටුණු හැට්ටයක් ඇඳ සිටි අට හැවිරිදි කුඩා දැරියට උවමනා වූ එකම අනාගතය වූයේ ඇගේ මුවට කෙළ උනන රස කැවිලි හා සොලවා බලන විට හඬක් ඇති කරවන ඇතුළත විනෝදජනක යමක් සහිත පෙට්ටි තෑගි වශයෙන් ලැබීමය.


‘‘මට මොකද වෙන්නෙ තාත්තා?’’ පැටි‍්‍රයා විමසනුයේ බොහෝ සංසුන්වය. පැටි‍්‍රයා උකුලේ දරුවෙකු නොමැතිව අවිවාහකව සිටිනු සිතෙහි ඇඳ ගැනීම අසීරු නමුත් ඬේඬේගේ මතකය අතීත බෝනික්කන් හා සෙල්ලම් කරයි. අනාගතය ඇරඹීමට පෙරාතුව වූ එම සිහිල්, පැහැදිලි රාත‍්‍රියේ ඈ ඔවුන් පෙළට වාඩි කරවා තබයි. අම්මා, තාත්තා සහ ඔවුනගේ රූමත් දියණියන් සිව් දෙනා. අලූතින් එක්වූ කිසිවෙකු හෝ රැුගෙන යනු ලැබූ අයෙකු නොවීය. තාත්තා සිය පේන කීම සඳහා අම්මා කැඳවා ගනී. ඔහුට නොකියන නමුත් ඔහු මේ වීදුරු කිහිපයකින් ලබාගත් දිවැස වාරණය කිරීමට ඈ වෑයම් කරද්දී විශේෂයෙන් මෙය සිදුවේ. 
‘‘අපේ පැටි‍්‍රයා ගැන ඔයා මොනාද කියන්නෙ අම්මා?’’


‘‘ඔයා දන්නවා එන්රික්, මම අනාගතය කීම ගැන විශ්වාස කරන්නෙ නැහැ.


අම්මා නොවෙනස්ව කියන්නීය. ඉග්නාසියෝ පාදිලි තුමා කියනවා පේන අහන්නෙ ආගමික විශ්වාසයක් නැති උදවිය බව.


සිය මව්පියන් අතර ඇතිවන දුරස්ථර භාවය මවගේ හඬින් ඬේඬේට ඒ වන විටත් ඇසේ. අතීතය දෙස හැරී බලන විට ඈ සිතනුයේ තම මව මෙම අණ පනත්වලින් යම් සහනයක් අත්කරගත් බවය. එනම් ක‍්‍රිස්තියානි ගණිත ක‍්‍රමය අනුව බබ ස්වල්පයක් ලබා දී එය සියක්වාරයකින් ආපසු ලබා ගැනීමය. නමුත් ඇගේ දික්කසාදය ගැන කල්පනා කරන විට ගණිත ක‍්‍රමය හැමෝටම ක‍්‍රියාත්මක නොවන බවට ඬේඬේ එකඟයි. ඔබ බිංදුවෙන් වැඩි කළවිට ඔබට ලැබෙනුයේ බිංදුව හා දාහක් සිත්රිදවීම්ය.


මාත් අනාගතය ගැන විශ්වාස කරන්නෙ නැහැ.’’ පැටි‍්‍රයා වහා කියන්නීය. ඇයද අම්මා මෙන්ම දැඩිව භක්තිවන්තය. නමුත් තාත්තා කියන්නෙ ඇත්ත නොවෙයිනෙ.


මිනර්වාද එකඟ වන්නීය. ‘‘තාත්තා අපේ ශක්තිය ගැන හිතෙන දේ කියාපානවා විතරයි.’’ එහෙම නේද තාත්තා?


‘‘එහෙමයි සෙනොරිටා’’ තාත්තා රාමතෙල් අරිමින්, වචන පටලයි. නිවස තුළට යාමට වේලාව පැමිණ තිබේ. 
‘‘ඒවගේම’’ යි මිනර්වා තව දුරටත් පවසයි. 


‘‘ඉග්නාසියෝ පාදිලි තුමා පේන කීම හෙළා දකින්නේ දෙවියන් වහන්සේට පමණක් දැන ගත හැකි යමක් සාමාන්‍ය මිනිහෙක් දන්නවයි කියල ඔබ විශ්වාස කරනව නම් විතරයි.’’


‘‘අපි ටිකදෙනෙක් විතරයි ඒ බව දන්නෙ.’’යි අම්මා කෙටියෙන් කියා සිටින්නීය.


මාරියා තෙරේසාට සිය අගේ ඇති වැඩිමහල් සොයුරියන් මත රැුඳී සිටීමට සිදුව තිබිණ.


‘‘ඒක පවක් නෙවෙයි අම්මා. බර්ටෝ සහ රාවුල් නිව්යෝර්ක්වලින් ගෙනා සෙල්ලමක් විතරයි. ඉග්නාසියෝ පාදිලිතුමා අපි එක්කත් ඒ සෙල්ලම කෙරුවා. එයින් කරන්නෙ ලෑල්ලක් වටේට පුංචි වීදුරුවක් යැවීම විතරයි. එයින් අපේ අනාගතය කියනවා’


හැමදෙනාම සිනාසේ. ඔවුනගේ මව පවා සිනාසෙනුයේ මාරියා තෙරේසාගේ හඬෙහි වූ උද්වේගී බව හේතුවෙනි. දැරිය එකවර මුව උල් කරගෙන නතර වේ. ඇගේ සිත පහසුවෙන් රිදේ. මිනර්වාගේ පෙළඹවීම නිසා අනතුරුව ඈ මෙසේ කියනුයේ හීන් හඬිනි.


‘‘මම කතා කරන ලෑල්ලෙන් ඇහුවා මං ලොකු වුණාම කරන්නෙ මොනවද කියලා. එයින් කිවුවා මම නීතිඥයෙක් වෙන බව’’


මේ වතාවේ ඔවුන් හැමදෙනාම සිනහව නතර කර ගත්තේ මාරියා තෙරේසා ගිරවියක මෙන් ඇගේ ලොකු අක්කාගේ සැලසුම හෙළිදරව් කරන බැවිනි. මිනර්වා වසර ගණනක් තිස්සේ නීති විද්‍යාලයට යාමට උවමනා බව කියමින් කලහ කරන්නීය.


‘‘... ඕ දෙවියනි, මා ගලවාගනු මැනවි’’ යි කියූ අම්මා සුසුම් හෙළයි. ඇගේ හඬට යළි කෙළිලොල් බවක් එක්වේ. ‘‘අපට අඩුවෙලා තියෙන්නෙ එපමණයි, නීතියෙ වාටිය අල්ලා ගැනීම.’’


‘‘එය මේ රටේ අවශ්‍යතාවක්..’’ මිනර්වා දේශපාලනය කතා කරන විට ඇගේ හඬට තියුණු, දැඩි බවක් එක්වේ. ඈ බොහෝ සේ දේශපාලනය කතා කිරීම අරඹා තිබේ. ඈ පෙරෝසෝ ගැහැනු ළමුන් හෝ පමණට වැඩියෙන් රවුම් ගහන බව අම්මා කියන්නීය. ‘‘අපේ රට පාලනය කරන්න ගැහැනු කටහඬක් උවමනා කරන කාලෙ..’’ 


‘‘උඹයි ටෘජිලෝ යි.’’ පියා කියන්නෙ තරමක් උස් හඬින්ය. අනතුරුව මේ පැහැදිලි සාමකාමී රැුයේ ඔවුහු සැම නිහඬ වෙති. හදිසියේ මුදලට ඔත්තු බලා ආරක්‍ෂක අංශ වලට වාර්තා කරන්නන් අඳුර තුළ පිරී සිටින බව හැෙඟ්. ඩොන් එන්රිකෝ අවධාරණය කරන්නේ ටෘජිලෝට මේ රට ගෙනයාමට උදවු උවමනා බවය. ඩොන් එන්රිකේ ගේ දුව කියන්නේ රජයේ පාලනය ගැහැනුන් අතට යාමට කාලය පැමිණ ඇති බවය. වචන යළි කියැවී, අලූතින් යළි නිර්මාණය වී එදිරිවාදිකම් පිරිමසා ගන්නවුන් ඒවායින් ප‍්‍රයෝජනයට ගෙන අවසානයේ පවුලේ හැමදෙනා මරා දමා ඔවුනගේ සිරුරු අගලකින් මතුවන තෙක් දුරදිග යැවෙනු ඇත. පමණට වැඩියෙන් කතා කිරීම නිසා ඔවුනගේ දිවවල් කපා දමනු ඇත.


රාත‍්‍රිය සීනු නාදයක් මෙන් පැහැදිලි නමුත් වැසි බිඳු හැලෙන්නට පටන් ගන්නා බැවින් ඔවුන් තම සාළු හා බීම එක්කාසු කරමින් කඩිනමින් නිවස තුළට යාම සැරසෙන්නේ ගෙවත්තේ වැඩ කරන කොලූවාට පැද්දෙන පුටු ගෙන ඒම ඉතිරි කරමිනි. මාරියා තෙරේසා ගලක් පෑගි මොර දෙන්නීය’’ මං හිතුවෙ ඒ එල් කැකෝ කෙනෙක් කියලයි. ඈ මැසිවිලි කියන්නීය.


ඬේඬේ තම පියාට ගැලරියාවේ පඩි නැගීමට උදවු කරන විට ඔහු කියූ එකම අනාගතය හිමි තමාට බව ඇයට අවබෝධ වේ. මාරියා තෙරේසා හුදු සරදමකි. අම්මාගේ අනුමත නොකිරීම හමුවේ පියා කිසිවිට මිනර්වා හෝ පැටි‍්‍රයා පවසන දෑ ගැන තැකීමක් නොකරයි. ඇගේ සිරුරෙහි ශීතලක් විනිවිද ගමන් කරයි. එය ඇගේ අස්ථිවලටද කා වදින බව දැනේ. අනාගතය ඇරඹෙමින් ඇත. එය අවසන් වන කාලය එන විට එය අතීතය වනු ඇත. ඔවුනගේ කතාව කිරීම ඉතිරිවන එකම තැනැත්තිය වීමට ඇයට උවමනා නොවීය. නමුත් සිදුවන්නේ එයයි.

පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර