යුදෙව් සංහාරකයාගේ නොපළ කතා - 03

බලවත් සංවිධානයක අවශ්‍යතාව මතු වූ හෙයින් එවකට ජර්මන් කම්කරු පක්ෂය වෙත පිවිස අයාලේ යමින් තිබූ එහි දුර්වලතාව වටහා දී එය බිඳ දමා එහි නායකත්වය ගෙන ලාංඡනයක්, ප්‍රතිපත්ති මාලාවක්, අරමුණක්, විනයක් ඇතිව ලෝක ප්‍රසිද්ධ නාසි ව්‍යාපාරය ආරම්භ කළේය. බොහෝ ව්‍යාපාරිකයින්, මහජනතාව, ධනවතුන් මේ වටා රොක් වූ අතර හිට්ලර්ගේ මග පෙන්වීම යටතේ එය දිනෙන් දින වර්ධනය වී පක්ෂ සාමාජිකයින් ලක්ෂ ගණනක් දක්වා වර්ධනය වී ගියේය. එහි මංගල රැස්වීම සුප්‍රසිද්ධ “හොප් බෝ හවුස්” නම් බීර හලේ රැස්වීම නම් විය. 


කෙසේ නමුත් මේ වන විටදී පැවති ආණ්ඩුවටවත් තත්කාලීනව පැවති කිසිදු පක්ෂයකටවත් එවැන්නක් සිදු කිරීමට නොහැකි විය. ඔහු තම පුද්ගලික මුදලින් අත් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරියේය. පක්ෂ අරමුදලෙන් 10ක් ගෙන 100 ක වැඩ කළේය. නාසි පක්ෂයේ ප්‍රචාරක කටයුතු ගෙන යාම සඳහා ජනතා නිරීක්ෂකයා :ඪදනසිජයැර ඊැදඉ්ජඉඑැර* නමින් පුවත්පතක් ආරම්භ කළේය.


මේ වන විටදී ඔහු වටා ප්‍රසිද්ධ, උසස් හා ධනවත් නායකයින් එක් රැස්වීම ආරම්භ වී තිබුණේ ඔවුන් තත්ත්කාලීන ආණ්ඩුවේ දුර්වලතාව වටහාගෙන තිබූ නිසාවෙනි. ඒ අතර හිටපු හමුදා නිලධාරියෙක් වූ රයිඞ්ලොප් හෙස්, ධනවත් ව්‍යාපාරිකයෙක් හා හමුදා නිලධාරියෙක් වූ හර්මන් ගෝරිං, ධනවත් වැවිලිකරුවෙක් වූ හෙයින්රිච් හිම්ලර්, ආචාර්ය ජෝසප් ගොබෙල්ස්, මාර්ටින් බෝර්මන්, රෙයින්හාර්ඞ් හෛයින්ඩි්‍රච්, යෝකිම් රිබන්ත්‍රොප් ඇඩොල්ෆ් අයික්මාන්, හා වෛද්‍ය ජෝසප් මැන්ගල් වැන්නෝ එක් වූහ. මොවුන් සියලු දෙනා පසුකාලීනව බිහිවන තෙවන ජර්මන් අධිරාජ්‍යයේ විධායක ශ්‍රේණියේ ප්‍රමුඛයෝ වෙති. ඔවුන් සියලුම දෙනා හිට්ලර් වටා රාශිභූත වූයේ ඔහුගේ වැඩ පිළිවෙළෙහි සාර්ථක බවත් තත්ත්කාලීන පාලනයේ දුර්වලතාවත් නිසාත්ය. එනම් රටට අවශ්‍ය වී තිබුණේ ඔහු වැන්නෙකියි සඳහන නිරවද්‍යය. මොවුන්ගේද සහාය ඇතිව හිට්ලර් පෙරටත් වඩා ජවයකින් ජර්මනිය ගොඩනැගීමේ ව්‍යාපාරය ඉදිරියට මෙහෙය වීය. නමුත් ඔහුට තිබූ ප්‍රධානතම බාධාව වූයේ කොමියුනිස්ට්වාදීන්ය. සෑම අවස්ථාවකදීම කොමියුනිස්ට්වරුන් විසින් නාසි රැස්වීම්වලට පැන පහරදීමටත් බාධා කිරීමත් නිසාතම පක්ෂයේ සාමාජිකයින්ට පහර කෑමටක් සිදු විය. එම නිසා හිට්ලර් විසින් තම පක්ෂය රැකීමේ සංවිධානය හෙවත් ඇස්. ඒ බළකාය පිහිටුවීය. එම බළකාය පක්ෂය රැකීම හා කොමියුනිස්ට් මර්දනයක් ක්‍රියාත්මක කළේය. නිර්භීත හා තරුණ වියේ පසුවූ කොල්ලන්ගෙන් සැදුම්ලත් ඇස්. ඒ බළකාය හා ඔට්ටු වීමට කොමියුනිස්ට්වාදීහූ අපොහොසත් වූහ. කල්ලිවාදය සේම නීතිය අතට ගැනීම, ගැටුම් ඇති කිරීමට වරදකරු කර කිහිපවරක්ම හිට්ලර් අත්අඩංගුවට ගැණින. හිරබත් කෑමටද සිදුවිණ. මෑත ඉතිහාසයේ දැඩිලෙස කොමියුනිස්ට් මර්දනයක් ගෙන ගිය පුද්ගලයා හිට්ලර් යැයි බොහෝ පිරිසක් නොදන්නා කථාවක් සේම ඔහු වෙනත් පක්ෂ හා සම්බන්ධ වී එය දිගමට ක්‍රියාත්මක කරමින් සිටියේය. කොමියුනිස්ට් විරෝධි ව්‍යාපාරය නිසා ඔහුට තෙවරක් පමණ සිරබත් කෑමට ද සිදු විය.


1920 දී යුද හමුදාවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ පූර්ණකාලීනව පක්ෂය වෙනුවෙන් කටයුතු කිරීම අපේක්ෂා කරමිනි. එහිදී ඔහුට ලැබුණ මාසික වේතනය අහිමි විය. එසේම නැවතත් සියල්ල අහිමි විය. පක්ෂයෙන් සතයක් වත් නොගත් ඔහු නැවතත් පාරට වැටිණ. නිදියහන වූයේ පැරණි දුම්රිය මැදිරියක් හෝ ගල් බංකුවකි. සීතලට පෙරවීමට කබායක් හෝ ඔහුට නොවීය. තමාට කබායක් හෝ නැති තැන ඔහු එස්තර් නම් මිතුරෙකුගෙන් කබායක් ඉල්ලා සිටින විට පක්ෂය රට ජාතිය වෙනුවෙන් ජීවිතයම කැපකර සිටින මේ මිනිසා දෙස එස්තර් බලා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි. මේ අනාගත ජර්මනියේ නායකයා පක්ෂයේ නායකයා වුවත් කිසි විටෙක ඔහු තමන්ට හිමි විය යුතු තත්ත්වය ගැන නොසිතුවේය. සෑම විටක රට දැය අභිප්‍රාය කරගත් ඔහු කිසි දිනෙක සිය කබාය රහිතව ජනතාව හමුවේ පෙනී සිට ද නැත.


කොමියුනිස්ට් විරෝධයේ එක් අවස්ථාවකදී මියුනික් නගරයේ බලය අල්ලා ගැනීමට සිදු කළ මහා පෙරළිය හේතුකරගෙන හිට්ලර් වසර 5 ක සිර දඬුවමකට යටත් විය. එහි සිටියදීත් නිකරුණේ කාලය කා දැමීමට අකමැති වූ ඔහු මගේ සටන කෘතිය ලිවීම ආරම්භ කළේය. එය රචනයට නැගුවේ රයිඞ්ලොප් හෙස් විසිනි. කෘතිය කෙතරම් ජනප්‍රිය වීද යත් ශීඝ්‍රයෙන් එහි පිටපත් අලෙවි විය. මෙම කෘතිය 70 දශකය වන විටත් ලෝකයෙන් ඉවත්ව නොතිබූ අතර 1933 වන විට දී නාසින් විසින් එය 13 වරක් මුද්‍රණය කර තිබුණි. 1930 දී එය ජර්මනියේ ඉහළම ආදායමක් හා අලෙවි වාර්තාවක් තැබූ කෘතියද විය. (1970 දශකය පමණ වන විටදී මෙය භාෂා 11 කට පරිවර්තනය වී තිබුණි) කෙසේ වුවත් ඔහුගේ සගයින්ගේත් උත්සාහයත් ඔහුගේ යහපත් කල්ක්‍රියාව මත වසර 5 ක සිර දඬුවම මාස 5 කින් අවසන් කිරීමට හැකි විය. නමුත් ඒ තරයේ පැනවූ කොන්දේසි කිහිපයක් සමගිනි. කිසිවිටෙක නැවත මෙැවනි තත්ත්වයකට මුහුණ දුන හොත් කලින් පනවා ඉතිරි දඬුවම් කාලයක එක්ව දීර්ඝ සිර දඬුවමකට යටත් කරන්නේ යැයි අවවාදය සමගිනි. මෙයින් පසු ඔහු යම් ස්වයං පාලනයකට හසු විය. ආක්‍රමණකාරී ප්‍රතිපත්තිවලින් බැහැර විය. ඒත් සමග ඔහු වෙනස් වී යැයි බොහෝ දෙනා පැවසූ අතර “ඇඩොල්ප් ලෙගලයිට්” හෙවත් නීතිගරුක හිට්ලර් යැයි නමක් ආරූඪ විය.

 


මතු සම්බන්ධයි.

 

 

ඩබ්ලිව්. එම්. හිරාන්
මධුසංක වීරබාහු