යුදෙව් සංහාරකයාගේ නොපළ කතා - 05

 

එසේම ලොව යුදෙව් විරොධී සංහාර ව්‍යාපාරයේ ප්‍රථමයා හිට්ලර්ද නොවේ. එය ඇරඹියේ රුසියාවේ සාර් පාලන සමයේදීය. කෙසේ වුවද උක්ත කී ආර්ථික සැලැස්ම හේතු කරගෙන රැකියා විරහිත වූ ලක්ෂ ගණන් පිරිසට රැකියා හිමි වූ අතර ජාතික ආදායම වර්ධනයට වක්‍රාකාර සහායක් ද විය. 1923 දී පමණ ජර්මනියේ ආර්ථික අවපාතය කොතෙක් ද යත් ජර්මනිය තුළ ලියුමක් හෝ පුවත්පතක් වෙනුවෙන් දැරිය යුතු වූ මුදල මාර්ක් මිලියන ගණනක් විය. නමුත් ඔහු තම පාලන කාලයේදී ඒ සියල්ල වෙනස් කළේය. 
 
ජාතික ආහාර නිශ්පාදන ව්‍යාපාරය ඇති කළේය. විශේෂ ඉඩම් ප්‍රතිපත්තියක් ඇති කර ඉඩම් නොමැති ගොවීන්ට ඉඩම් ලබා දුන්නේය. ඒ වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීම මගිනි. කෘෂි ඉඩම්වලට නව නීති පැනවූ අතර වගා නොකරන ඉඩම් වගා කරන තැනට පත් කළේය. විරැකියාව අහෝසි කිරීමට ගොවීන් කම්කරුවන් ලෙස බඳවා ගත් පසු ඉතිරිය යුද හමුදාවට බඳවා ගත්තේය. පුද්ගලික සුඛය වෙනුවෙන් අනුන් කැප නොකළ ඔහු ඔහුගේම කලාගාරයක් සඳහා කලා කෘති බලෙන් ලබා ගැනීමේ යෝජනාවට තරයේ විරුද්ධ වූ අතර තමා පිළිගැනීමට සඳහා වන උත්සව සඳහා කුඩා ළමයින් යොදා ගැනීම පිළිබඳ විවේචනාත්මක ලෙස කතා කළේය.
වැසියන්ට ශීත කාලය සුව පහසුවෙන් හා ආරක්ෂිතව ගෙවා දැමීම සඳහා අරමුදලක් පිහිටුවා ඒ මඟින් ඔවුන්ගේ අවශ්‍යතා සැපයීමට හිට්ලර් තීරණය කර තිබුණි. මේ සඳහා ජර්මන් තරුණ පිරිස් මුදල් ආධාර සපයා ගත්තේ අරමුදලක් පිහිටුවීම මගිනි. එසේම මෙම අරමුදල එවකට යුරෝපයේ පැවැති විශාලතම රාජ්‍ය නොවන අරමුදල ද විය. දුම්පානයෙන් තොර වූ ඔහු 20 වන සියවසේ ලොව එකම හා මුල්ම දුම්වැටි විරෝධී ව්‍යාපාරය ද මෙහෙයවනු ලැබීය. දුම්පානය ශරීරයට ඉතා අහිතකර බවත් පෙනහලු පිළිකා සඳහා එය හේතුවක් බවත් නාසි වෛද්‍යවරුන් විසින් සොයා ගන්නා ලදී. මේ යටතේ යුරෝපයේ ඒක පුද්ගල දුම්වැටි පරිභෝජනය අවම මට්ටමකට පත් කිරීමට ජර්මනියට හැකි විය. සත්ත්ව හිංසනය පිටු දැකි ඔහු නිර්මාංශිකයෙක් වූ අතර කිසි විටෙක ඒ සඳහා අනෙකා පෙලඹවූයේද නැත. සෑම විටකම පිරිසුදු එළවළු පලතුරු පමණක් ආහාරයට ගත්තේය. එසේම යුද සමයේදී සෙබළුන් අතර සිපිලිස් රෝගය ව්‍යාප්ත වීම හිට්ලර් හට මහත් හිසරදයක් වී තිබුණි. ඔහු මේ සඳහා විසඳුමක් ලෙස සෙබළුන්ට කෘතිම බෝනික්කන් ලබා දීමට යෝජනා කළේය. එය සාර්ථක වූ අතර ඒ සඳහා කර්මාන්තශාලාද ඒ මඟින් නව රැකියා අවස්ථාද බිහි විය. 


“සැමට වාහනයක්” යන තේමාව යටතේ “වොක්ස්වැගන්” රථය නිපදවූයේද හිට්ලර් විසිනි. දුප්පත් පොහොසත් යන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට භාවිත කිරීමේ පහසුව ඇති පැයට සැතපුම් 100 ක උපරිම වේගයක් හා සිව් දෙනෙකුට ගමන් කිරීමට හැකි වොක්ස්වැගන් රථය කරළියට එන්නේ එලෙසිනි. ජර්මනියේ පරාජයට පෙර ලෝකයේම අවධානය දිනා ගත්තේ මෙම රථය විසිනි. තාක්ෂණයේ භාවිතයෙන් ඉදිරියට ගොස් සිටි නාසීහු පරමාණු තාක්ෂණය පිළිබඳවත් එහි ශක්‍යතා පිළිබඳවත් නවමු සොයා ගැනීම් සිදු කළ අතර යුද්ධය සඳහා එය සාර්ථක උපක්‍රමයක් යැයි තම නායකයා දැනුවත් කළහ. නමුත් හිට්ලර් එය එකහෙළා ප්‍රතික්ෂේප කළේ මානව සංහතියේ විනාශයට වේගවත් අත වැනීමක් ලෙස සලකමිනි. එසේම එංගලන්තය යටත් කර ගැනීමේ සැලසුමද ඔහු සකස් කර තිබුයේ කිසිදු ලේ වැගිරීමකින් තොරව සිදු කරන ලෙසටය. ලොව ප්‍රථම නියමුවන් රහිත යානාව ගුවන් ගත කළේද නාසි ව්‍යාපාරයේ මෙහෙයවීම පරිදිය. එසේම 300 හා 500 ණඵ දිගුදුර මිසයිල තාක්ෂණයද ඪදබ ඊරදබැ ගේ ඪ2 රොකට්ටුව නිපදවීමද ඔහුගේ අනුග්‍රහය යටතේ ඊජිප්තුවේදී සිදු විය. ඔහු ප්‍රතිශ්ඨාපනය කළ හමුදා විසින් 1939 දී ටොන් ලක්ෂ 45කට අධිකද 1940 දී ටොන් ලක්ෂ 40 ක් පමණද වූ මිත්‍ර පාක්ෂිකයින්ගේ යුධායුධ විනාශ කර දමන ලදී. මේ සඳහන් කරන ලද්දේ එකල ජර්මනිය තාක්ෂණයෙන් ඉදිරියට ප්‍රසාරණය වූ අවස්ථා කිහිපයක් පමණි. 


හිට්ලර්ගේ පළමු වසර පහක පාලන කාලය තුළදී ජර්මනිය පැවැති තත්ත්වයේ සිට විස්වාස කළ නොහැකි තරමේ ශීඝ්‍ර වේගයකින් දියුණුව කරා ගමන් කළේ ස්වෝත්සාහය සාමූහික පරමෝත්සාහය බවට පත් කරවමිනි. පළමු ලෝක යුද්ධයෙන් නෂ්ට වී ගිය ජර්මනිය නැවතත් ඔහු විසින් පෙර තත්ත්වයටත් වඩා බලාත්මක කරන ලද්දේ මෙලෙසිනි. එසේම පැවැති රාජ්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් ඔහු නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ වූ බව කියැවේ. කෙසේ වුවද නූතනයේ කිසිවෙක් ඒ පිළිබඳ කතා නොකරති. කළු චරිතයේ කළු දෘෂ්ටියටම පෙරළා පහර දෙති. 1939 පෝලන්ත ආක්‍රමණයේ ස්වභාවය කුමක් වුවත් එවකට ඇ.එ.ජ. ප්‍රකට සමාජ ප්‍රකාශනය වන “ටයිම් සඟරාව” වසරේ පුද්ගලයා ලෙසින් හඳුන්වා දෙන්නේ හිට්ලර්වය. ඔහු කුමනාකාරයේ පාලකයෙක්, දුෂ්ඨයෙක් මානව ඉතිහාසයේ කෲරතම පාලකයෙක්, ඝාතකයෙක්, වුවත් ඔහු වැටුණු රටක් ගොඩ නගා ප්‍රකෘතිමත් කළේ සතුරන්ට විස්මයක් ගෙන එමිනි යැයි යන අදහස කිසිවෙකුට බැහැර කළ නොහැකි සත්‍යයකි. සැබෑ නායකයකුගේ මුහුණුවර පෙන්වමින් ඔහු අවසන් මොහොත දක්වා යුද බිමෙන් පලා ගියේ නැත. බර්ලිනයේම සිට 1945.04.20 වැනිදා සිය පනස් හය වැනි හා අවසන් ජන්ම දිනය සැමරුමද සිදුකළේ රතු හමුදා බර්ලිනය සුනු විසුනු කරද්දීය. එසේම ඔහු අවසන් වරටත් පැවසුවේ මහා ෆෙඞ්රික්ගේ වදන් තුළින් සෙබලුන් දිරිමත් කරන වදන් පමණි. ඒ “යම් හමුදා නායකයෙකු සිය අවසන් සේනාංකයත් යුද්ධය පිණිස පිටත් කරන්නේ නම් ඔහු ජයගන්නා බවය.” 42 වතාවක්ම ඔහුව ඝාතනය කිරීමට සතුරන් උත්සාහ ගත්තද අවසානයේදී ඔහු සිය දිවි නසා ගැනීමෙන් දිවි තොරකර ගත්තේය. යුගයේ අවශ්‍යතාවක් ලෙස මතු වී තිබූ ජර්මනියේ යළි පිබිදීම සඳහා අවශ්‍ය පුද්ලගයෙකු පැමිණි අවස්ථාවක ඔහුට සහාය දී ඔහු පාලකයා ලෙස පත් කර ගත්තේ ජනතාවම විසිනි. ඒ වෙනුවෙන් පැසිස්ට් නාසි යකඩ හස්තයේ සෙවණැල්ල මත සිටි ජනතාව තම පරමාධිපති බලය භාවිත කළහ. ඒ හිට්ලර් හට ජනතාව කැමැත්ත ආදරය ප්‍රකාශ කළ නිසාවෙනි. ඒ කැමැත්තේ ජනතා ආශිර්වාදයේ දිග පළල තීරණය කර ගැනීමට ඕනෑවටත් වඩා සාධක ඉතිහාසයෙන් හමුවේ. එනම් ජර්මන් ජාතිකවාදය හෝ වේවා ජර්මන් ජාතිවාදය හෝ වේවා එය එක් පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් ජනිත වූ එකක් ද නොවේ. කෙසේ නමුත් එවැනි තත්ත්වයකදී න්‍යුරම්බර්ග් නඩු විභාගය විසින් හිට්ලර් හා නාසි ව්‍යාපාරය වෙත සියලු වරද පටවා මිත්‍ර පාක්ෂිකයන් අත් පිස ගැනීම කෙතරම් යුක්ති සහගත දැයි ප්‍රශ්නයකි.

 

 

 

 

ඩබ්ලිව්. එම්. හිරාන් මධුසංක වීරබාහු