අප සැමගේ ආදරය දිනාගත් අප පාසලේ සිටි රූමත් ලීනාට අත්වු ඉරණම අප සසල කිරීමට සමත් වූවකි. ඈ පිළිබඳව මතකය බොහෝ කලක් අය සිත තුළ රැඳුණි. 
 
මට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවුණා. මා මගේ පියයුරු නොවැඩිම පිණිස පපුවේ ඔතා සිටි වෙළුම් පටි හේතුවෙන් එය දිස්වන බව පළමුව මට සිතුණි. ලීනා ලොවැටන්ට සිදුවූ දෙය මට කිසිදා සිදු නොවනු ඇතැයි තහවුරු කර ගැනීමට මට උවමනා වුණා. නමුත් ටෘජිලෝ පිළිබඳව යම් රහසක් අසන්නට ලැබෙන හැම විටම වෙළුම් පටිය පැලඳ නොසිටියත් මගේ පපුව තදවන බව මට දැනුණි. 
 
ටෘජිලෝ කියන්නේ යක්ෂයෙක් සිනිටා පැවසුවේ අප ඇඟිලි තුඩුවලින් ඇවිදගෙන නිදන කාමර වෙත යන අතරතුරය. මෙම වසරේදී අපේ ඇඳන් එකිනෙකට ළංව තබා ගැනීමට අපි සමත්ව සිටියෙමු. 
 
“නැත ඔහු මිනිසෙක්” කියා මට සිතුණි. මා අසා තිබූ දෑ කවරක් වුවද මට ඔහු ගැන කනගාටුවක් ඇතිවිය. සමහර විට ඔහු රාත්‍රී කාලයේ දී බියජනක සිහින දකිමින් තමා කළ කී දෑ ගැන පසුතැවෙනු විය යුතුය. 
 
1944 යනු අප රටේ ශත සංවත්සරික වසරය. පෙබරවාරි 27 දිනට යෙදෙන නිදහස් දවස උදෙසා අපි විවිධ අංග සූදානම් කළෙමු. එදින ටෘජිලෝට පක්ෂපාතිත්වය පෙන්වීම සඳහා බොහෝ දෙනා බොහෝ දෑ කළ බව පෙනිණ. අපේ පවුලේ උදවිය මෙන්ම රටපුරා හැම දෙනාම පාහේ එසේ කළහ. 
 
අප ගිම්හානයේ නව පාසල් වාරය සඳහා පාසලකට යනවිට අපට අලු ත් ඉතිහාස පාඩම් පොතක් ලැබුණි. එහි කවරයේ එම්බෝස් ක්‍රමයට යොදා තිබු සිතුවම හේතුවෙන් පොතෙහි අඩංගු අමූලික අසත්‍යයන් බව අන්ධයෙකුට වුව කිවහැකි වුණි. එය වියරු නායකයාගේ සිතුවමකි. එයට අනුව අපගේ ඉතිහාසය බයිබල් තේමාවකට හරවා තිබිණි.
ඩොමිනිකානුවන් වන අප සියවස් ගණනාවක් පුරා අපගේ දෙවියන් වූ ටෘජිලෝ පැමිණෙනතුරු බලා සිටියෙමු. එය 
තරමක් පිළිකුල් සහගත නිර්මාණයකි. ඒ අනුව 1891 වර්ෂයේ ඔක්තෝබර් මස 24 දින රෆායෙල් ලියොනිඩස් ටෘජිලෝ මෙලොව උපත ලබනුයේ දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදයකිනි. 
 
පාසල් වාරයේ අපේ පළමු රැස්වීමේදී අපේ විනෝදාගාර ශාලාවට එක්වූ නව පියාපත් කොටස සඳහා ලද පරිත්‍යාගයට ස්තුති කළ යුතු බව නිවේදනය කෙරුණි. එය ලීනා ලොවැටත් ක්‍රීඩාගාරය ලෙස නම් කෙරුණි. සති කිහිපයකට පසුව කන්‍යාරාමයේ සිසුවියන් අතර ගද්‍ය පද්‍ය කට පාඩමින් ඉදිරිපත් කිරීමේ තරගයක් පැවැත්වෙන බවද නිවේදනය කෙරුණි. එහි තේමාව වුයේද අපගේ ත්‍යාගශීලී උදාර නායකයාය. 
 
එය නිවේදනය කරත්ම සිනිටා, එල්සා ලුඞ්ස් හා මා එකිනෙකා දෙස බැලුවේ අය එක්ව යමක් කළ යුතු බව කල්පනා කරමිනි. සිව් වසරකට පෙරාතුව ඇරඹි අපේ මිත්‍රත්වයත් සමගින් අප කන්‍යාරාම බිමේ එක්ව සැරිසැරූ අතර සෙස්සන් අප සිව් නිවුන්නු ලෙස හැඳින්වීමට පටන් ගෙන තිබිණි. වසර කිහිපයකින් පසුව අප උපාධිය ලබා ගත් පසුව අප පිහියකින් කපා වෙන් කිරීමට සිදුවනු ඇතැයි අසුන්සන් කන්‍යා සොයුරිය අපට විහිළු කළාය. 
 
අපි හැම රැයකම විදුලි පහන් නිමා දැමූ පසුව අපගේ අංගය සඳහා වැඩිපුර පුහුණුවීම් කළෙමු. අපි පොතකින් උපුටා ගැනීම වෙනුවට අපිම ලියාගත් වාක්‍ය කටපාඩම් කළෙමු. ඒ අනුව බලධාරියකුගේ අධීක්ෂණයකින් තොරව අපට උවමනා දේවල් කීමට හැකියාව ලැබිණ. 
 
 
ලීනා ලොවැටන්ට සිදුවූ දෙය මට කිසිදා සිදු නොවනු ඇතැයි තහවුරු කර ගැනීමට මට උවමනා වුණා. නමුත් ටෘජිලෝ පිළිබඳව යම් රහසක් අසන්නට ලැබෙන හැම විටම වෙළුම් පටිය පැලඳ නොසිටියත් මගේ පපුව තදවන බව මට දැනුණි. 
 
 
අප රජය සම්බන්ධ නරක දෙයක් කීමට තරම් මෝඩයින් නොවීය. අප කෙටි උපහාස රචනාවක් කෙරුවේ පැරණි කාලය පිළිබඳවය. මා රඟදක්වූයේ වහල්භාවයට පත් මාතෘභූමියේ චරිතයයි. මා ගැට ගසා තබන අතර අවසානයේ පසුබිම් කථනයෙන් නිදහස, කීර්තිය ගැන කියැවෙන තුරුම එසේ සිදු වුණි. මෙය අපගේ නරඹන්නන් හට සියවසකට ඉහතදී අප රට දිනාගත් නිදහස සිහිපත් කෙරෙන්නකි. අනතුරුව අප සැවොම ජාතික ගීය ගයා ලීනා ලොවැටන් අපට උගන්වා තිබු අන්දමට ආචාර කළ යුතු වුණි. එයින් කිසිවෙකුට කලකිරීමක් නොවනු ඇත. 
 
තරඟය පැවැත්වූ දිනයේ ඇතිවූ නොසන්සුන් බව හේතුවෙන් අපට කෑම ගැනීම පවා අපහසු විය. අපි එකිනෙකාට ඇඳුම් ඇඳ ගැනීමට උදවු කර මුහුණ පාට කර ගතිමු. මෙවැනි අවස්ථා සඳහා ආලේපන භාවිතා කිරීමට අපට අවසර තිබුණි. එවිට අප නිසි පරිදි මුහුණ සෝදා නොගෙන පසුදාටත් කාමුක ඇස්, රෝස තොල් සහිතව සැරිසැරුවේ කන්‍යාරාමය අන් තැනක් බවට පත්වූ අයුරිනි. 
 

බොහෝ දුරට හොඳම අංගය වූයේ අපගේ නිර්මාණයයි. අප නැවත වේදිකාවට කැඳවනු ලැබූ බැවින් අසුන්සන් කන්‍යා සොහොයුරිය ජයග්‍රාහකයින් නිවේදනය කරන විටද අපි එහි සිටියෙමු. අප පිටව යාමට සැරසුණද අපට රැඳෙන ලෙසට ඈ අභිනයෙන් දැක්වූවාය. අත්පොළසන් නාදය අතරින් කාන්තාවට අනුචිත බැවින් තහනම් කර තිබූ සිවුරුහන් කිරීම් හා පාද පොළොවේ ගසන හඬ ද ඇසුණි. නමුත් අසුන්සන් කන්‍යා සොයුරිය ඒ මොහොතේ එවැනි දෑ නෑසුකන්ව සිටි බැව් පෙනුණි. අනතුරුව ඈ නිල්පාට රිබන් පටිය ඉහළට ඔසවාගෙන සිටියේ සැවෝම නිහඬවන තුරුය. 
 
අවසානයේ නිවේදනය කර සිටියේ අපගේ ඉදිරිපත් කිරීම සඳහා අප අගනුවර වෙත යවනු ඇති බවය. අපි එකිනෙකාගේ මුහුණ බැලුව් කම්පනයට පත්වය. කන්‍යා සොයුරියත් මින් පෙර මෙවැනි දෙයක් පිළිබඳව සඳහන් කර නොතිබිණ. පසුව අපි ඇඳුම් මාරු කරන අතරතුර ජයග්‍රහණයට අත්වූ ඉරණම පිළිබඳව සාකච්ඡා කළෙමු. 
 
“මම යන්නේ නැහැ.” මා පැවසුවේ මුහුණේ තැවරූ සියල්ල සෝදා හරිමිනි. මට විරුද්ධත්වය පළ කිරීමේ උවමනාවක් තිබුණද කළ යුතු කුමක්දැයි නිවැරදිව අවබෝධ නොවීය. 
 
“අනේ අපි යමුකෝ.” සිනිටා ආයාචනාත්මකව කීවාය. ඇගේ වතෙහි රැඳුණේ පැහැබර බවකි. එල්සා ලූඞ්ස් දෙදෙනාද එකඟත්වය පළ කළහ. 
 
නමුත් එයාලා අප රැවටුවා යි මම ඔවුනට මතක් කළෙමි. 
 
“අනේ මිනර්වා. කරුණාකර අහන්නකෝ.” සිනිටා ඇවිටිලි කළාය. මා ඉවතට ඇදෙන්නට වෑයම් කරන විට ඈ මගේ කර වටා අත දැමුවාය. 
 
සිනිටාව සැබැවින්ම මෙවැන්නක් උවමනාවීම ගැන මා තුළ විමතියක් ඇතිවුණි. ඇගේ මුළු පවුලම මරා දැමු ටෘජිලෝ වැන්නෙකු ඉදිරියේ රැඟු ම් පෑමට ඇයට උවමනා වූයේ මන්දැයි මම සිතුවෙමි. 
 
සිනිටා අභිමානයෙන් ඉදිරිපත් වූයේ නිදහස සංකේතවත් කරමින් රඟපෑමටය. එය ඔහු වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි. අපේ නාට්‍යන් පිළිබිඹු කරන්නෙ අප නිදහස ලැබූ නිදහස්ව සිටි කාලය ගැනයි. එය මේ කුරිරු පාලකයාට නිහඬව විරුද්ධත්වය පෑමක් වගේයි ඈ පැවසුවාය. 
 
ඈ අදහස් කළ දෙය කුමක්දැයි නිශ්චිතව නොවැටහුණ ද අවසානයේ ඔවුන් හා අගනුවරට ගොසින් පාලකයාගේ උපන්දින උත්සවය සඳහා රැඟු ම් පෑමට මම ද එකඟ වීමි.  
 
 

ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.

මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියක් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


 

 

අටවන කොටස.


 

 

 
පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර