මාඕ ත්සේතුං 177

 

මගේ බිරිඳට හා මට  ලී නේ සමග සබඳතා පැවැත්වීමට තිබුණු තහංචිය 1980 වසර වන විට තවදුරටත් පැවැතුණේ නැත. හතරදෙනාගේ කල්ලියේ සාමාජිකාවක්වීම හේතුවෙන් ජියැන්ග් කුයින් වරදකාරියක්වූ අතර ලි නේ ඇගේ දරුවා සමග හුදකලා දිවියක් ගත කළාය. ඇගේ ජීවිතය එතරම් සුවපහසු එකක් නොවිය. නැවත විවාහයක් කරගන්නා ලෙස මා ඇයට කී විට ඇය පැවසුවේ “හතර දෙනාගේ කල්ලියේ ගැහැනියකගේ දුවක් එක්ක විවාහවෙන්නේ කවුද?”යනුවෙනි. මාවෝ තමන්ගේ දරුවන් ගැන කිවේ කුමක්ද යන්න මෙහිදි මගේ මතකයට නැගුණි. ඇගේ පියා ශ්‍රේෂ්ඨ නායකයකු බවත්, ඒ සමගම ඇය මාවෝ ත්සේතුංගේ දියණිය බවත්, මෙහිදි මමත් මගේ බිරිඳත් එකතුව ඇයට සිහිපත් කළෙමු.


පසුව මමත් මගේ බිරිඳත් එක්ව ලී නේ ට සුදුසු සහකරුවෙක් සොයා දුන්නෙමු. ඔහු මාවෝගේ හිටපු ආරක්ෂකයින්ගෙන් අයෙක්වු වැන්ග් ජින්කුයින් නමැත්තෙකි. ඔවුන් විවාහවූ දිනයේ යැන්ග් ෂැංන්ග්කුන් සහෝදරයා චීනයේ සම්ප්‍රදායික ඇඳුමක් සමග චොකලට් පෙට්ටියකුත් ඔවුනට තෑගි කළේය. ලි නේ ළමාවියේ සිටම චොකලට්වලට වඩාත් ආශා කළාය.


ලී නේ ට මමත් මගේ බිරිඳත් කරණ ලද උදව් ගැන දැනගත් වැන්ග් ගුවැන්ග්මි සහෝදරයා එය පසසමින් මෙසේ කීවේය. “ඔයාලා කළේ ලොකු දෙයක්. සභාපතිතුමාගේ දියණිය නිසාම ඇය ඔයාලගෙන් උදව් ලබන්න සුදුසුම කෙනෙක්.”


ඒ ළඟදිම වගේ මමත් බිරිඳත් ඇය බලන්නට ගිය විට ඇය අපට රාත්‍රී භෝජනයකින් සංග්‍රහ කරන්නටත් අමතක නොකළාය. “මම අද ඔයාලට ජින්කුයින් හදපු සෝයා ජෙලුයි, තිරිඟු පිටි වලින් හදපු කේක් දෙන්නයි යන්නේ.”ඇය කීවාය. අපට ඇතිවුණේ පුදුමයකි.


“ජින්කුයින්ට ජෙලි,කේක් හදන්න පුළුවන්ද?.”


“එයත් එක්ක ගතකරණ ජීවිතය හරිම ප්‍රීතිමත් එකක්. එයා හරිම දක්ෂ කෙනෙක්. මට වඩා බොහොම දක්ෂතා ඇති කෙනෙක්.”


ලී නේ ඇගේ සැමියා සමග සතුටින් ජිවත්වන බව දැන ගැනීම මගේ සතුටට හේතුවිය.


මා සම්බන්ධකම් පැවැත්වු ප්‍රධාන පුද්ගල චරිත අතුරින් මාවෝ ඒ සියලු දෙනාටම වඩා විනෝදකාමි චරිතයක් විය. නමුත් ඔහු සම්බන්ධයෙන් පළ කෙරුණු බොහෝමයක් ඡායාරූප වලින් ඔහුගේ මේ ගුණාංගයට සාධාරණයක් ඉටුවූවා යැයි කිව නොහැකිය. ඔහුගේ විහි`එ කෑල්ලක් දෙකක් ප්‍රසිද්ධියට පත්වුවද ඔහුගේ සැබෑ ජිවිතය හා සසඳා බලන විට ඒවා නියම ලෙස එළි දැක්වීමක් සිදු නොවිණි. උදාහරණයක් කියන්නේ නම් ඔහු ඇවිදින විට ඉඟ එහා මෙහා අඹරවමින් ඇවිද්දේ හරියට වියපත් මිනිසුන් උද්‍යානයක ව්‍යායාම කරන්නාක් මෙනි. එක දිගට මේසයේ වාඩිවි වැඩ කරද්දි ඇතිවන අපහසුතා මගහරවා ගෙන හන්දිපත් ලිහිල් කරගැනිම සඳහා ඔහුට මෙවැනි ව්‍යායාමයක් උවමනාවිය. කෙටි දුරක් ඇවිදීමේදි පවා ඔහු ඒ ලෙසට ගමන් කළේය.

 

මා සම්බන්ධකම් පැවැත්වු ප්‍රධාන පුද්ගල චරිත අතුරින් මාවෝ ඒ සියලු දෙනාටම වඩා විනෝදකාමි චරිතයක් විය. නමුත් ඔහු සම්බන්ධයෙන් පළ කෙරුණු බොහෝමයක් ඡායාරූප වලින් ඔහුගේ මේ ගුණාංගයට සාධාරණයක් ඉටුවූවා යැයි කිව නොහැකිය. ඔහුගේ විහි`එ කෑල්ලක් දෙකක් ප්‍රසිද්ධියට පත්වුවද ඔහුගේ සැබෑ ජිවිතය හා සසඳා බලන විට ඒවා නියම ලෙස එළි දැක්වීමක් සිදු නොවිණි. උදාහරණයක් කියන්නේ නම් ඔහු ඇවිදින විට ඉඟ එහා මෙහා අඹරවමින් ඇවිද්දේ හරියට වියපත් මිනිසුන් උද්‍යානයක ව්‍යායාම කරන්නාක් මෙනි.


සොන්ග්නැන්ග්හයි රැස්වීම් ශාලාව පිහිටියේ ඔහුගේ කාර්යාලයේ සිට ගලක් ගසන තරම් දුරකිනි. නමුත් ඔහු කාර්යාලයේ සිට එහි පැවති රැස්වීම් වලට සහභාගිවීමට ගමන් කළේත් ඉඟ සුඟ වනමිනි. ඔහු හඬ පිටවන සේ රිද්මයකට හුස්ම ගනිමින් වරින් වර තම ආරක්ෂකයින් දෙස බැලුවේ “ඇයි මා දිහා මේ විදිහට බලන්නේ? මමත් තමුන්ලා වගේ මිනිහෙක් තමයි” කියන්නාක් මෙනි. නමුත් කැමරා ඉදිරියේ මාවෝ නිතරම පාහේ ගමන් කළේ ගාම්භිර ලෙස ස්ථිර පදපාතයෙනි. නමුත් හුදකලාව සිටියදි එසේ නොවීය.


අනතුරකට මුහුණපා සිටිද්දි පවා මාවෝ තම විනෝදකාමීබව විදහා පෑවේ නායකයෙකු සතු ඉමහත් ධෛර්යය විදහා පාමින් ඔහු වටා සිටින මිනිසුන් තුළ ශක්තිය හා ධෛර්යය වඩවමිනි. 
දිනක් හු සොස්නැන්ග් ගේ භට කණ්ඩායම් යෙනෑන් වෙත ප්‍රහාර එල්කරන විට වැන්ග්ජියිපින්ග් ගුවන් පථයේ සිට පැමිණි සතුරු අහස්යානා ගුවන් ප්‍රහාර එල්ල කළේ මු`එ පළාතම දුමෙන් වසා දමමිනි. ගුවන් යානා වලින් ගිනි බෝම්බ හෙලු අතර මාවෝ සිටි ගුහා දොර ඉදිරියේ බිම දෙදෙරා කැබලි කැඩි විසිරුණි. බෝම්බ හෙළීම අවසන් වු පසු ආරක්ෂකයෝ ඔහුගේ කාමරයට දිව ගිය විට, මාවෝ අධ්‍යයනය කරමින් සිටි සිතියමෙන් දෙනෙත් ඉවතට නොගෙන ඔවුන්ගෙන් මෙලෙස ප්‍රශ්න කළේය.


“අමුත්තෝ ගියාද?”


“අමුත්තෝ?. ඔබතුමා හමුවෙන්න අමුත්තොත් ඇවිත් හිටියද?”


“ගුවන්යානා.”මාවෝ අතේ තබූ පැන්සල අහසට දිගුකරමින් කීවේය. “මහ ඝෝෂාකාරි. ජරා අමුත්තෝ.”


සහනශීලී සිනා පෑ ශරිර ආරක්ෂකයෝ සැනසුම් සුසුම් හෙලුහ.

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත