වර්ෂ 1916 දී බි්‍රතාන්‍යයේ අගමැති තනතුරට පත් වූයේ ලොයිඞ් ජෝර්ජ්ය. හෙතෙම මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියේය. දිනක් පුවත්පත් කලාවේදියෙක් ඔහු අමාරුවේ දැමීම සඳහාම මෙබඳු පැනයක් හදිසියේ මතු කළේය. “මිස්ටර් ජෝර්ජ්, ඇත්තටම ඔබට මතකද ඔබේ සීයා බූරුවකු බැන්ද බූරු කරත්තයක් පාවිච්චි කළ බව?”


තමා අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පුවත්පත් කලාවේදියා ක්‍රියා කරමින් සිටින බව වටහාගත් ලොයිඞ් ජෝර්ජ් මහතා ක්ෂණයකින් මෙසේ පිළිතුරු දුන්නේය. “මහත්වරුනි, මට සමාවෙන්න! මට කරත්තයක් ගැන නම් මතකයක් නැහැ. ඒත් බූරුවා නම් තවමත් ඉන්නා බව පේනවා”


බි්‍රතාන්‍යයේ හිටපු කීර්තිමත් අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්විල්ගෙන් ඔහුගේ 75 වැනි උපන් දිනයේදී කෙනෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීය. “ඔබ මරණයට බයද?” “නෑ, මම සූදානමින් ඉන්නේ මගේ මැවුම්කරුවා මුණගැහෙන්න. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නෙ මගේ සූදානම පිළිබඳව නොවෙයි. ප්‍රශ්නය ඒ ඉතා වැදගත් මොහොතට මුහුණ දෙන්නට එයා සූදානම් ද කියන එකයි.” චර්විල් පිළිතුරු දුන්නේය.


“ලොව කොතනක වේවා දේශපාලකයන්ට “මුහුණු දෙකක්” ඇත්තේය. යනු පොදු පිළිගැනීමයි. එම අදහස චෝදනාවක ස්වරූපයෙන් කලින් කලට ප්‍රකාශ වෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිව විසූ ඒබ්‍රහම් ලින්කන්ටද නැගුණු චෝදනාවක් වූයේ ජනාධිපතිවරයා මුහුණු දෙකක් පෙන්වන පුද්ගලයකු බවයි.


“මට මුහුණු දෙකක් තිබුණා නම් මේ මූණ පැත්තක තියලා අනෙක් මූණ පාවිච්චි කරනවා” යැයි ඒබ්‍රහම් ලින්කන් වරක් පැවැසීය.


මේ කතාවත් මහා බි්‍රතාන්‍යයේ හිටපු අගමැති වින්ස්ටන් චර්විල් ගැනයි.


චර්විල් දේශපාලනයට පිවිසි මුල් කාලයේ එක්තරා කාන්තාවක් ඔහුගේ දොස් දකිමින් මෙසේ කීවාය.


“මිස්ටර් චර්විල්, ඔබේ වැඩත් රැවුල වගේමයි. කිසිම පිළිවෙළක් නැහැ.”


“ඔය නෝනා මහත්තයා බය වෙන්න එපා! මගේ රැවුලෙන් ඔබට කිසි කරදරයක් වෙන්නේ නෑ.” චර්චිල් අවට සිටියවුන් සිනා ගන්වමින් කීවේය.

 

 

 

 

 

 

 

තුසිත් සාගර චන්ද්‍රසිංහ