මාඕ ත්සේතුං  176

 

මේ කිසිවක් මාවෝ දුටුවේ නැත. නමුත් ජියැන්ග් ගිය හැටියේම වාගේ ඔහු පුවත් පතින් දෙනෙත් ඉවතට ගෙන ඔහුගේ දියණියට කතා කළේය. “මීට අවුරුදු ගාණකට ඉස්සර මම හුනෑන් පළාතේ ගම්බද සමීක්ෂණ චාරිකාවක නිරතවුණා. මුළු දවසෙම බඩගින්නේ හිටපු මම හීල්බත් ටිකක් ඉල්ලුවා.’

ලී නේ මේ කතාවට සවන් දුන්නේ නැත. ඔහු කතාව අවසන් කරන්නට පෙර ඇය කතා කළාය. “මේ ඉතුරුවෙලා තියෙන කෑම සේරම මම ඉවරයක් කළාට කමක් නැද්ද?.”


“සේරම ගන්න.”මාවෝ ඔහුගේ දියණිය දෙස මොහොතක් බලා සිට අනතුරුව දෙනෙත් ඉවතට ගත්තේ ඔහුට දකින්නට උවමනා නොකරන දෙයක් තවදුරටත් දැක ගන්නට ලැබේ යැයි සිතන්නාක් මෙනි. ඔහු නැවත පුවත්පතට දෙනෙත් යොමුකර මේසයට තට්ටුකරමින් මෙසේ කිවේය. “කිසි දෙයක් අපතේ හරින්නේ නැතිව සේරම ඉවරකරන්න.”


සමහර අවස්ථාවල ඇගේ පියා දිනකට එක බත් පිඟානකින් සෑහීමට පත්වෙන බැව් ලී නේ දැන සිටියා නම් ඇය මේ තරමටම අකාරුණික නොවනු ඇත. ඇය එකදු ලූණු කැබැල්ලක් හෝ ඉතිරි නොකර සියලු පිඟන්වල හැම දෙයක්ම කා අවසන් කළාය. නමුත් තවමත් ඇයට මේසයෙන් ඉවත්වෙන්නට උවමනා නොවිය. හිස් පිඟන් දෙස ආශාවෙන් බලා ඇය මෙසේ කීවාය. “මම දැන් ලොකුයිනෙ තාත්තේ. ඒ හන්දා ලොකුවට බඩගිනි වෙනවා......මට මේ තරම් බනිස් ගෙඩි දෙකක් වුණත් කන්න පු`එවනි.”ඇය කීවේ බත් පිඟානක් පෙන්වමිනි. මාවෝ දෙනෙත පුවත්පතින් ඉවතට නොගෙන ඔහුගේ යටි තොල හෙමින් හපමින් ප්‍රතිචාර දැක්වුවේය.


“කෑම නම් හරිම රසයි. ඒත්.......ලී නේ ඇස් කොනින් ඇගේ පියා දෙස හොරෙන් බලා අනතුරුව යින් ජින්ග්ෂෙන් දෙසට හැරි ලජ්ජාශීලීව මෙලෙස ඇසුවාය. “යින් අංකල්, ඉතිරිවුණු සුප් එහෙම නැද්ද?. අපි කිසි දෙයක් අපතේ හරින්නේ නැතිව පිඟන් ටික සෝදලාම ගනිමු.”


යින් දෙනෙත් ඉවතට ගත්තේය. ඔහුට ඔහුගේ කඳු`එ නතරකළ නොහැකිවිය. ඔහු කෙළින්ම මු`එතැන් ගෙයට ගමන් කළේය.


“අසරණ ළමයා.”කෝකියා කීවේය. ධාන්‍ය හා එළව`එ තෙල්වලින් සාදන ලද බනිස් ගෙඩි දෙකක් ඔහු එහි තිබී ගත්තේය. ඒවා රෝස් කරන්නටත් පෙර ඔහුගේ අතින් ඇදගත් යින් මු`එතැන් ගෙයින් පිටවිය.


වරදක් කළාක්මෙන් බයාදු ලෙස තම පියා දෙස බලමින් ලී නේ බනිස් ගෙඩියකින් කැබැල්ලක් කඩාගෙන පිඟානේ ඇතිල්ලීය. ඒ අතරේ යින් උණු වතුරින් පිඟන් සෝදා සුප් එකක් තැනුවේය. මාවෝ හඬ නගා උගුරේ රැල් බුරුලු හැර අසුනින් නැගිට කාමරයෙන් පිටව ගියේය. මැද මිදුල දෙසට ගමන් කළ ඔහු එක්වරම ආපසු හැරි නිදන කාමරය දෙසට පියවර කිහිපයක් තබා ආපසු මැද මිදුල දෙසට හැරුණේය. ඉන් පෙනුණේ මොනවා කරන්නදැයි හරියට ඔහුට සිතාගත නොහැකි බවකි. 


එදින රාත්‍රියේ ජියැන්ග් කුයින් මාවෝ ගේ නිදන කාමරයට පැමිණි අතර එහි සිටි ශරිර ආරක්ෂකයින්ව පිටතට යැවීය. ඇය ආපසු පිටතට පැමිණියේ පැය භාගයකට පමණ පසුවය. ඇගේ දෙනෙත් රතුවී තිබුණි. ඉන් පෙනුණේ ඇය හොඳටම හඬා ඇති බවකි. සිදුවි ඇත්තේ කුමක්දැයි අපට සිතාගත හැකිවිය. එනිසා අපි සියලු දෙන මාවෝ වෙත ගියෙමු. 


“සභාපති සහෝදරයා, ලී නේට මේ තත්ත්වය දරාගන්න බෑ. එයාට පු`එවන් වෙයිද......”


“නෑ, මේ රටේ මිනිසුන්ගේ තත්ත්වයට වඩා ඇගේ තත්ත්වයේ නරකක් නෑ.” රටේ මිනිසුන්ගේ ආහාර තත්ත්වය මාවෝ හොඳින් දැන සිටියේය.


“ඒත්,”


“තවත් මොනවත් එපා. තමුනුත් එයාගේ අම්මා වගේ හිතන එකට මං කැමති නෑ. මම ආණ්ඩුවේ සාමාජිකයෙක්. රෙගුලාසිවලට අනුව මම ගන්නේ මට වෙන්කරලා තියෙන කොටස පමණයි. ලී නේ ශිෂ්‍යාවක්. රෙගුලාසිවලට අනුව ඇයට ලැබෙන දේට වඩා දෙයක් ගන්න ඇයට අයිතියක් නෑ.” අනතුරුව ගැඹුරු සුසුමක් හෙළා පහත් දුක්බර හඬකින් ඔහු කතා කළේය. “මගේ අනිත් ළමයි ගැන කියනවා වගේ ඇය මාවෝ ත්සේතුංගෙ දුව. ඒක ඇයට අවාසියක්. අපි මේ පවතින තත්ත්වය පවත්වාගෙන යමු. මේ වගේ කාලයෙදි ඒක වඩාත් වැදගත්.”

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත