මාඕ ත්සේතුං 193

 

කාවෝ කාවෝ ගැන සංවාදය නිමාවීමෙන් අනතුරුව රාත්‍රී නින්දට යන්නට පෙර මාවෝ කල්පනාබරව අපට මෙසේ කීවේය. “මේ කාලයේ තරුණ පිරිස්වල සිතුම් පැතුම් ගැන දැනගන්න මම බොහොම කැමතියි. මේ කාලේ ලේඛකයෝ වැඩිපුරම ලියන්නේ තරුණ පිරිස්වලට තියෙන රැකියා අවස්ථා, ඔවුන්ගේ විවාහ ගැන තියෙන ආකල්ප වගේ දේවල්. එතකොට ඉතිහාසය හා ලෝකය ගැන ඔවුන්ගේ තියෙන දැනුවත්භාවය මොකක්ද?.”
මේ කතාවෙන් පසු ඒ ළඟම දිනක “මෑතකදී ඔබ කියවු පොත මොකක්දැ,යි” මාවෝ ටියැන්ග් යුනූගෙන් ඇසුවේය.


“මම ඉතිහාසය හා දර්ශනයට කැමතියි.” ටියැන්ග් කීවේය.


“එහෙනම් මං ඔබට කියවන්න හොඳ පොතක් ගැන කියන්නම්. “ලෝකය ගැන දැනගන්න.” ඒක තමයි ඒ පොතේ නම. ෆෙන්ග් කියූ තමයි ඒ පොත ලියලා තියෙන්නෙ.”


තවත් දින කිහිපයකට පසු මාක්ස්වාදයේ මූල ධර්ම ගැන හැදෑරීමට මාවෝ ටියැන්ග් උනන්දුවත් කළේය. ඒ සමගම ඓතිහාසික භෞතිකවාදය ගැනත් ඔහුට විස්තර කර දුන්නේය. ඉන් අනතුරුව පෙර සඳහන් කළ කරුණු ගැනම ඔහු නැවත කීවේය. “මම තරුණ පිරිස වෙනුවෙන් ඔවුන් ගැනම පොතක් ලියන්න යනවා. ලෝකය අයිති තරුණ පිරිසට, ඒක වෙනස් වෙන්නෙ නෑ.”


1935 දී එදා මාවෝ ප්‍රසිද්ධ වගන්තියක් ලියා තිබුණී. “මහා ප්‍රාකාරයට ළංවෙන්න නොහැකිවුණොත් අපි මිනිස්සු නොවෙයි.” ඔහු කිසිදිනක කහ ගංඟාව හරහා පිහිනුවේ නැතිවුවත් බොහෝවාරයක් ප්‍රාකාරය නරඹන්නට ගියේය. ඒ ගිය හැම වාරයකදීම, ක්‍රිස්තු වර්ෂයට පෙර 246-209 දක්වා චීනයේ රජකළ  කුයින් රාජවංශයේ ෂීහුවැන්ග්ඩි පළමු අධිරාජයා ගැන කතා කළේය. කාවෝ කාවෝ ට අනුව වැඩවසම් චීනයේ පළමු අධිරාජයා ගැන ඔහු තුළ පැවතියේ සම්ප්‍රදායික කතාවලට වඩා විරුද්ධ අදහස් ගොන්නකි. අධිරාජයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් ජනතාව පීඩාවට පත් කළද චිනය එක්සේසත් කිරිමට හා ජනතාව නගා සිටුවිමට කරන ලද වැඩ කටයුතු ඉහළින් අගය කළ හැකිය. අවුරුදු දෙදහසක් මු`එල්ලේ රාජවංශ කිහිපයක් මාරුවුවත් ෂීහුවැන්ග්ඩි අධිරාජයා නිර්මාණය කළ පාලන ක්‍රමය එලෙසම පැවතුණි. චින භාෂාවට තනි අක්ෂර මාලාවක් නිර්මාණය කිරිම, වාහන සඳහා සම්මත පළලක් ඇති කිරිම, සහ පාලන ධර්ම හඳුන්වාදිම ඔහු විසින් කරණ ලදි. එමගින් විසිරි සිටි විවිධ ජන කණ්ඩායම් තනි ජාතියක් ලෙස ගොනු කිරිමට ඔහු සමත්විය.


ෂීහුවැන්ග්ඩි අධිරාජයාගේ සහ කාවෝ කාවෝ ගේ ගතානුගතික අදහස්වලට අභියෝගකළ එකම පුද්ගලයා මාවෝ විය. නව චීනයේ නායකයින්ගේ සහ අධිරාජයාගේ කටයුතු සමානකර දක්වන්නට අත්සාහ දැරූ අයට මාවෝ කිවේ, “ඔබලා වැරදියි, ෂිහුවැන්ග්ඩි අධිරාජයාගේ ප්‍රතිපත්ති වලට වඩා අපේ ප්‍රතිපත්ති සියවාරයක් ඉහළයි, පරිපූර්ණයි.” එහිදි අධිරාජයා කෲර පාලකයෙකු ලෙස ඔහු හැඳින්වුවේ නැත. ඔහු කළේ අපි චීනය හා එහි ජනයා වෙනුවෙන් කළ දේ සහ අධිරාජයාගේ කටයුතු එකටෙක සැසඳිම පමණකි. “සභාපති කියන්නෙ අධිරාජයෙක් නෙවෙයි. ඔහු ජනතාවගේ සේවකයෙක්.”වරක් ඔහු මා සමග එසේ කිවේය.


1960 වසරේ මුල එක් දිනක මාවෝගේ විශේෂ දුම්රියෙන් හුනාන් යන අතරවාරයේ මාවෝ ඔහු සමග වැඩකරන අප හා පිළිසඳරේ යෙදි සිටිද්දි ලී මින් කිවේ ඇය මාවෝ වෙනුවෙන් පවුලේ සොහොන් බිමට යන අතරවාරයේ බොහෝ පේන කියන්නන් ඇයට දකින්ට ලැබුණ බවයි. එවිට මුවට සිනාවක් නගාගෙන මාවෝ ඇගෙන් මෙසේ ඇසුවේය. “ඇයි ඉතින් ඒ කෙනෙකුගෙන් ඔයාගේ අනාගතේ ගැන ඇහුවෙ නැත්තෙ?. එහෙම කළා නම් එයා හරිද කියලා ඔයාට බලන්න තිබුණානෙ?.”


තවද එම සංචාරයේදි ඇතැම් පිරිස් මාවෝට අපවාද නගනවා තමන්ට ඇසුණු බවද ලී මින් කිවාය. දුම්රියේ උපස්ථායිකාව එම මැදිරියට ඇතුළුවන විට ලී මින් කියු දේ ඇසි එක්වරම ගැස්සි ඉබේටම මෙන් කෑ ගැසුවාය. “ඔවුන් පංති සතුරන් විය යුතුයි.”ඇය මහ හඬින් කිවාය.


මාවෝ තවමත් සුපුරුදු සිනාමුසු මුහුණින්ම සිටිමින් ඊට එකඟ නොවනබැව් හඟවමින් හිස වැනීය. “එහෙම වියයුතු නෑ.”ඔහු කිවේය. “මිනිසුන් නරක වචන කියලා ප්‍රහාර එල්ලකරණ එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඔවුන් එහෙම නොකළොත් තමයි අසාමාන්‍ය වෙන්නෙ. මට අපවාද නගන හැම කෙනෙක්ම නරක මිනිහෙක් නෙවෙයි. මොකද මම වැරදි නොකරණ කෙනෙක් නෙවෙයිනෙ”


තවත් මොහොතකට පසු ඔහු කල්පනාබරව සෙමින් කතා කරන්නට විය. “චියැන්ග් කායි-ෂෙක් මගේ පවුලේ සොහොන්බිම විනාශ කළා. ඒත් එක්කම කොමියුනිස්ට් පක්ෂය මට වැඩ කරන්න ඉඩ නොදි පැත්තකට දාලා තිබුණා. විප්ලවය කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒකෙ තේරුම කැපකිරිම කියන එකයි. මගේ පවුලේ සොහොන්බිම ඔවුන් විනාශ කළේ එහි පාපය මාපිට හෙළන්නයි. ඒත් මට වෙච්ච දෙයක් නෑ. ඒවා බොරු මිථ්‍යා දේවල්. දැන් මිනිස්සු ඒ සොහාන්බිම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒකෙනුත් මට මොනවත් වුණේ නෑ. මාත් ඔබලා වගේ තවත් මිනිහෙක් පමණයි. මාවෝ ත්සේතුං කියන්නෙත් මනුෂ්‍යයෙක්. අනිත් මිනිස්සු වගේම මාත් දවසක මියයනවා. ඔවුන් මට කියන්නේ අනාගතේ දකින්න පු`එවන් කෙනෙක් කියලා. 


නමුත් ඒවා බොරු කතා. මං මැරුණට පස්සෙ මා කළ දේවල් විවේචනය කරලා මට ප්‍රහාර එල්ලකරයි කියලා මා හිතනවා. මා කළ ඇතැම් දේවල් වැරදි වෙන්න පු`එවනි. මොකද මං මිනිහෙක්. වැරදි සිදුවීම මිනිස් ගතියක්. නමුත් මට මගේ කියන විශ්වාසයක් තියෙනවා. මම නිරන්තරයෙන්ම විප්ලවය වෙනුවෙන් සත්‍යවාදීව පෙනී සිටියා. මොන නමකින් ඔවුන් මා හැඳින්වුවත් මට ප්‍රශ්නයක් නෑ.”

 

 

 

 

ආරියනන්ද 
දොඹගහවත්ත