කිසිදා හෙළි නොකළ රහස්

වැන්ග් ෂිෂීහි යනු කි‍්‍රඃවඃ 321 x -379 දක්වා කාලයේ නැගෙනහිර ජින් රාජවංශ සමයේ සිටි ප‍්‍රසිද්ධ අත් අකුරු විශේෂඥයෙකි. මාවෝ මසකින් ආපසු දෙන පොරොන්දුව පිට හුවැන්ග් ගෙන් අත් අකුරු එකතුව ඉල්ලා ගත් අතර ඔහු මාසය පුරාම වෙලාව ඇති හැටියට එය අධ්‍යයනය කරන්නට විය. මම ඔහුට තේ රැුගෙන යනවිට ඔහු ඉතා සතුටින් එහි අත් අකුරු ලියන්නට පුරුදු පුහුණුවනු දුටුවෙමි. එය යාන්තී‍්‍රකව කළ දෙයක් නොව වැන්ග් ගේ අත් අකුරු ලෙසින්ම ඒවා ලියන්නට වෙර දැරීමකි. මේ පුහුණුවට ඔහු කොතරම් ආසක්ත වුවා දැයි කියතොත් ඇතැම් වේලාවට ඔහු අහාර ගැනීම පවා අමතක කළේය.

වාදවල මාවෝ දිගින් දිගටම පැටළී සිටිය යුතු නැතැයි අදහස් කළ සැන්ග් ලන් එක් වාදයක බේරුම්කරුවෙකු ලෙස කටයුතු කිරීමට උත්සාහ කළේය. චූ එන්-ලායි ද එවන් උත්සාහයක යෙදෙමින් වාදයේ පැටලි සිටින වැඩිහිටි මහතා හැම දෙයක්ම අමතක කර ස්වයං විෙවිචනයක් කළයුතු යැයි කළ ඉල්ලීමක් පුවත්පත්වල පළවී තිබෙණු මම දුටුවෙමි. නමුත් මේ වාද විවාද හරහා ඒ වැඩිහිටි මහතා කෙරෙහි තරහක් හෝ අමනාපයක් ඇතිකර නොගත් නිසා එවන් මැදිහත්විම් උවමනා නොවිණි. ‘‘මම වාදකළේ මතවාද ගැන මිසක් පෞද්ගලික හේතු මත හෝ කෝප සහගත අදහස් පෙරදැරිකරගෙන නෙවෙයි. මේවගේ වාද විවාද සාමාන්‍ය දේවල්. මේවා සාකච්ඡුාවෙන් සම්මුතියෙන් විසඳා ගන්න පු`එවන් කියලා මා හිතනවා.’’මාවෝ ඒ ගැන පැවසුවේ එලෙසිනි.

පක්ෂයේ සාමාජිකයින් සමග මාවෝ පැවැත්වු සම්බන්ධතා පක්ෂ කටයුතු වලට පමණක් සීමාවිය. ඉන් බැහැරවූයේ චෙන් යී පමණි. මාවෝ සහ ඔහු පක්ෂ කටයුතු වලට අමතරව එකිනෙකා කවි හුවමාරු කරගත්හ. නමුත් මාවෝ ට ප‍්‍රජාතන්ත‍්‍රවාදි පුද්ගලයින් අතර පක්ෂ සාමාජිකයින් නොවූ බොහෝ මිතුරෝ සිටියහ. පක්ෂ කටයුතු වලට ඔවුන්ගේ එතරම් සම්බන්ධයක් නොතිබුණි


ෂැන්ග් ෂිස් හාවෝ සහ මාවෝ අතර නිරතුරුව ලිපි හුවමාරු විය. 1949 පැවැති සාම සාකච්ඡුාවලදී කුවෝ මින්ග් ටෑන්ග් ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු ලෙසට ද ෂැන්ග් සහභාගි විය. පසුව ජාතික ජනතා සභාවේ සාමාජිකයෙකු ලෙසට ද ඔහු පත්විය. දිනක් ඔහුගෙන් ලැබුණු ලිපියක් කියැවීමෙන් පසු ටික වේලාවක් ඇඟිලි වලින් මේසයට තට්ටු කරමින් සිටි මාවෝ මා දෙස බලා කතා කළේය. ‘‘කුකුළන් දෙන්නෙකුගේ මස් අරගෙන ඒවා ෂැන්ග් ෂිස් හවෝ ට ගිහින් දෙන්න.’’


මම වහා පිටත් වුනෙමි. ඒ වන විට වේලාව සවස හතට, අටට පමණ විය. මට කුකුල් මස් සොයාගෙන කඩවල් කිහිපයකටම යාමට සිදුවිය. ෂැන්ග් වාසය කළේ ජරාවාසයට පත්ව තිබුණු මැද මිදුලක් සහිත නිවසකය. මම ඔහුට කුකුළු මස්දී, ‘‘මේවා සභාපතිතුමා දෙන්න කීවා’’ යැයි පැවසීමි.


‘‘බෙහොම ස්තුතියි,’’ප‍්‍රශංසාත්මකව හිස සලමින් ෂැන්ග් කීවේය.


‘‘ඔබතුමා එවපු ලිපිය සභාපතිතුමාට ලැබුණා.’’මම කීවෙමි. කුකුළන් දෙදෙනාගේ මස් අතේ තබාගෙනම ෂෙන්ග් මෙසේ කීවේය.


‘‘ඔව්. මම දන්නවා මේ කුරුල්ලො දෙන්නා තමයි ඒකට පිළිතුර. කොහොමද සභාපතිතුමාගේ සැප සනීප?.’’
‘‘එතුමා හොඳින් ඉන්නවා.’’ මම පිළිතුරු දුනිමි.


මම ෂෙන්ග් වෙතින් පිටත්ව ආවේ කුකුළන් දෙදෙනෙකුගේ මස් ලිපියකට පිළිතුරක් වන්නේ කෙසේදැයි සිතමිනි. ඔහු ලිපියේ කියා තිබුණේ මොනවාදැයි මම දැන සිටියේ නැත. ඒ ගැන සෙවීමේ ක‍්‍රමයකුත් නැත. ඔහු කියු දේ මම ආපසු පැමිණ මාවෝ ට කියූ විට ඔහු අමුතුතාලේ සිනාවක් නැගුවේ කිසිදා පිළිතුරක් දැන ගැනීමට නොහැකි ප‍්‍රශ්නයක් මා තුළ ඉතිරි කරමිනි.


මෙය සිදුවුණේ 1955 වසරේදීය. ඒ වසරේම හේ ෂීයැන්ග්නින්ග් මාවෝ ට අපූරු තෑග්ගක් දුන්නේය. ඒ ඇය විසින්ම අඳින ලද සිටගෙන සිටින කොටියෙකුගේ රාමු කරණ ලද පිංතූරයකි. හේ ෂියැන්ග්නින්ග් කුවෝමින්ග්ටෑන් වාම පෙරමුණේ කැපී පෙනුන සාමාජකාවක් වුවා මෙන්ම ජනතා රජයේ නායිකාවක් ද වූවාය. ඒ සමගම ඇය දක්ෂ චිත‍්‍ර ශීල්පිනියකි. චිත‍්‍රය බිත්තියේ එල්ලා මාවෝ යමක් ගැන සිතමින් සෑහෙන වේලාවක් එදෙස බලා සිටියේය. අනතුරුව ඔහු මට මෙසේ කීවේය.


‘‘මේකට කරන්න  ඕනැ දේ මොකක්ද කියලා දැන් මම දන්නවා. මේක ගැළපෙන්නේ නැගෙනහිර කාමරයට.’’
මෙනිසා මම එය නැගෙනහිර කාමරයේ එල්ලූවෙමි. නමුත් එය එහි ගෙනගිය කාරණය කුමක්දැයි කිසිදිනක මට දැනගත නොහැකි විය.


1959 වසරේදී මාවෝ මහජන සමූහාණ්ඩුවේ සභාපතිකමින් විශ‍්‍රාම ගත් අතර, මෙනිසා  ඔහුට මුහුණ දෙන්නට සිදුවුණු වගකීමි වලින් නිදහස් වෙන්නට හැකිවිය. ඔහුගේ විවේක කාලයේදී මානසික වර්ධනය උදෙසා ලස්සනට අත් අකුරු ලිවීමේ කලාව ප‍්‍රගුණ කරන්නට පටන් ගත්තේය. ඒ සමගම මේ කාලයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුද්ගල චරිත සමග සබඳතා ද වැඩි දියුණු විය. මෙවන් එක් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වු හුවැන්ග් යැන්ග් සතුව වැන්ග් ෂිෂීහි ගේ අත් අකුරු එකතුවක් තිබුණි. වැන්ග් ෂිෂීහි යනු කි‍්‍රඃවඃ 321-379 දක්වා කාලයේ නැගෙනහිර ජින් රාජවංශ සමයේ සිටි ප‍්‍රසිද්ධ අත් අකුරු විශේෂඥයෙකි. මාවෝ මසකින් ආපසු දෙන පොරොන්දුව පිට හුවැන්ග් ගෙන් අත් අකුරු එකතුව ඉල්ලා ගත් අතර ඔහු මාසය පුරාම වෙලාව ඇති හැටියට එය අධ්‍යයනය කරන්නට විය. මම ඔහුට තේ රැුගෙන යනවිට ඔහු ඉතා සතුටින් එහි අත් අකුරු ලියන්නට පුරුදු පුහුණුවනු දුටුවෙමි. එය යාන්තී‍්‍රකව කළ දෙයක් නොව වැන්ග් ගේ අත් අකුරු ලෙසින්ම ඒවා ලියන්නට වෙර දැරීමකි. මේ පුහුණුවට ඔහු කොතරම් ආසක්ත වුවා දැයි කියතොත් ඇතැම් වේලාවට ඔහු අහාර ගැනීම පවා අමතක කළේය.

 

ආරියනන්ද දොඹගහවත්ත