රතු විප්ලවයේ ලෙනින්ගේ අරගලය-02

පක්ෂය තුළ සියලුම නිකායවාදී සහ පක්ෂ විරෝධී කණ්ඩායම්වල කටයුතු පවත්වාගෙන යාම තහනම් කිරීමේ යෝජනාවක් ලෙනින් දහවෙනි සමුළුවට ඉදිරිපත් කළේය. පක්ෂ සමගිය ගැන ලෙනින්ගේ යෝජනාව සම්මත කළ සමුළුව, මධ්‍යම කාරක සභාවේ ඕනෑම සාමාජිකයෙකු ඇතුළුව, පක්ෂයේ කුමන සාමාජිකයෙකු හෝ කණ්ඩායම් වාදී කටයුතුවල නිරත වුවහොත් පක්ෂයෙන් නෙරපා හැරීමට යටත්වන බව ප්‍රකාශ කරන ලදී. 1921 දී ලෙනින් පක්ෂයේ පොදු සාමාජිකත්වය ශෝධනය කිරීමේ ව්‍යාපාරයක් ගෙනයා යුතු යයි යෝජනා කළේය. පක්ෂය තුළට රිංගාගෙන ඇති සියලුම විරුද්ධ, වංක, දේශපාලන වශයෙන් අස්ථාවර සහ නිලධාරීවාදී කොටස් ඉවත් කර දමන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ශෝධනයෙහි ප්‍රතිඵලයක් වශයෙන් පක්ෂයේ සංයුතිය වර්ධනය වූ අතර සමගිය තර විය.


අතිරික්ත පවරාගැනීමේ ක්‍රමය වෙනුවට ද්‍රව්‍ය බද්ද ඇති කිරීමේ නීතිය අනුමත කිරීම සමගම මෙම තීරණ ක්‍රියාත්මක කරන්නේ දැයි සොයා බැලීම ලෙනින් සාමාන්‍ය පුරුද්දක් කර ගත්තේය. කෘෂිකර්මාන්ත නිෂ්පාදන කොතරම් හොඳින් සංවිධාන කළ යුතු දැයි ඔහු උපදෙස් දුන්නේය. ගොවිතැනෙහි සමාජවාදී අංශයට ඔහු ආධාර දුන්නේය. ලෙනින්, විසින් අව්‍යාජ නිර්ධන පංති කෘෂි කර්මාන්ත ක්‍රමය යනුවෙන් හඳුන්වනු ලැබූ, රාජ්‍ය ගොවිපළවල කටයුතු ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කළ අතර සමූහ ගොවිපළවලට ආධාර දුන්නේය. ඒ සමගම මෙම කාරණය ගැන අනවශ්‍ය ලෙස ඉක්මන් නොවන ලෙස ඔහු අවවාද කළේය.


ද්‍රව්‍ය බද්ද නමැති ඔහුගේ පොත් පිංචෙන්ද, ඔක්තෝබර් විප්ලවයේ සිව්වන සංවත්සරය හා අද සහ සමාජවාදයේ පූර්ණ ජයග්‍රහණයෙන් පසු රත්රන්වල වැදගත්කම යන හිසින් ඔහු විසින් ලියන ලද ලිපි මගින්ද ලෙනින් කම්කරුවන්ට සහ ගොවීන්ට නව ආර්ථික පිළිවෙත්වල අර්ථය සහ එය ක්‍රියාත්මක කරන ආකාරය සවිස්තරාත්මකව පැහැදිලි කර දුන්නේය. ලෙනින්ගේ උපදෙස් පරිදි ක්‍රියාකරමින් පක්ෂය ජාතික ආර්ථිකය පුනරුත්ථාපනය කිරීමට හා ජනතාවගේ තත්ත්වයන් වර්ධනය කිරීමට වැඩ කිරීම ආරම්භ කරන ලදී.


ලෙනින්ගේ කටයුතු අවෙහෙසකර හා අනේකවිධ විය. ඔහු බකූ නගරයේ ඛනිජ තෙල් කර්මාන්තය හා දොන්බාස් හි යකඩ හා වානේ කර්මාන්ත පිළිබඳ ප්‍රායෝගික උපදෙස් දුන්නේය. කැර්ක් මෙනිස්ථානයේ අනමාලි නමැති යපස් නිධානය ජාතික ආර්ථිකයට කොතරම් වැදගත් වී දැයි ඔහු බොහෝ විට පෙන්වා දුන්නේය. ප්‍රථම විදුලි බලාගාර පිහිටුවන ලද්දේ කෙළින්ම ඔහුගේ අධීක්ෂණය යටතේය. රාජ්‍ය ව්‍යවසායයන් හි ව්‍යාපාරික මූලධර්ම අදාළ කිරීමද ඒවා ලාභ ගෙනදෙන ආයතන බවට පත්කිරීමද, ද්‍රව්‍ය පරිහරණය හා නිෂ්පාදන වර්ධනය පිළිබඳ දිරිගැන්වීමේ දීමනා හා ප්‍රසාද දීමනා හඳුන්වා දීම යනාදී මේ සියල්ලම කර්මාන්ත පුනරුත්ථාපනය හා සංවර්ධනය සඳහා වැදගත් යැයි ලෙනින් සැලකීය. වෙළෙඳ ව්‍යාපාර මණ්ඩල හා කම්හල් එකී ආයතන කෙරෙහි ස්වකීය වගකීම දැරීම සඳහා තවද, ස්වකීය ව්‍යාපාර හිඟයක් නොමැතිව වැඩ කිරීම පිණිස පූර්ණ වගකීම දැරීම උදෙසා, නිශ්චිත වශයෙන්ම ස්වයං ආධාරක පදනමක් මත ගොඩනගනු ලැබ ඇතැයි මම සිතමි. ඔහු ලිවීය.


ද්‍රව්‍යමය දිරිගැන්වීමේ පිළිවෙතට ඔහු සම්පූර්ණ සහයෝගය දුන්නේය. පුද්ගලික උනන්දුවක් නොමැති නම් එයින් කිසි පලක් නොවනු ඇත. අප දිරිගැන්වීම් ඇති කිරීමට මගක් සෙවිය යුතුය යයි ඔහු ලිවීය. එසේම වැඩ කරන ජනතාව තුළ සමාජ චින්තන ආකල්පයක්, ඔවුන්ගේ වැඩ කෙරෙහි වගකීම පිළිබඳ හැඟීමක් සහ හිමිකාර සම්බන්ධයක් සංවර්ධනය කිරීම පිළිබඳව ඔහු තුළ විශ්වාසයක් තිබුණි. ලෙනින් අයථා කළමනාකරණයේ සහ රජයේ අරමුදල් නාස්තිකාර ලෙස වැය කිරීමේ දැඩි සතුරෙකු විය. නාස්තිය වැළැක්වීම කොමියුනිස්ට් සමාජයේ නීතියකි. එය ලෙනින්ගේ මෙම ප්‍රකාශනයෙන් පැහැදිලි කොට ඇත. එවැනි කලෙක, එසේම නිර්ව්‍යාජ කොමියුනිස්ට් සමාජයක් සඳහා සෑම ධාන්‍ය සහ ඉන්ධන “පුද්” එකක්ම සැබවින්ම පූජනීය බව නිතරම සත්‍යයකි.


පක්ෂය සහ සෝවියට් ආණ්ඩුව, ජාතික ආර්ථිකයේ ශක්තිමත්, මධ්‍යගත සහ සැලසුම්ගත කළමනාකරණයක් ඇති කිරීමට අරමුණු කළ අතරම, ප්‍රාදේශීය නිර්මාණාත්මක මුලපිරීම් සහ ස්වයං පාලනය සඳහා නිදහස් හස්තයක් දුනි. එකල රාජ්‍ය ක්‍රම සම්පාදන කොමිසමේ සභාපති වශයෙන් ක්‍රියාකළ ජී. එම්. ක්ර්ෂිෂනොව්ස්කි වෙත ඔහු යවන ලද ලිපි, ලෙනින් කොමිසමෙහි කටයුතුවලට මගපෙන්වූ ආකාරයත්, ක්‍රම සම්පාදනය සැබෑ ජීවිතයට සම්බන්ධ කළ යුතු යයිද එය විද්‍යාව මත සහ බහුජනතාවගේ උසස් අත්දැකීම් මත පදනම් විය යුතු යයිද එය විද්‍යාව මත සහ බහු ජනතාවගේ උසස් අත්දැකීම් මත පදනම් විය යුතු යයිද කොතරම් අවධාරණයකින් ඔහු සිටියේද යන්නත්, පෙන්නුම් කරයි.


ලෙනින් කාර්යබහුල පුද්ගලයෙකු වුවද, විද්‍යාවේ හා තාක්ෂණයේ සියලු හිතකර සංවර්ධනයන් සහ ඉදිරි වර්ධනයන් සුපරික්ෂාකාරී ලෙස අධ්‍යයනය කළේය.

 

 


මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්