මාඕ ත්සේතුං 164 වැනි පෙළගැස්ම

 

කරනවෑමියා වැන්ග් හුයි විය. ඔහු සුදු යටි රැවුලක් තිබූ තට්ට හිසකින් යුත් වියපත් මිනිසෙකි. ඔහුගේ කෙසඟ මුහුණේ නාසය අග බෝතල් අඩි කන්නාඩි කුට්ටමක් විය. මු`එ ජිවිත කාලය පුරාවටම මිනිසුන්ගේ කොණ්ඩා කපනවා හැරෙන්නට ඔහු වෙනත් රැකියාවක් නොකළේය. ඉදිරියටත් තවත් වසර කිහිපයක් හෝ එම රැකියාවේම යෙදෙන්නට ඔහු ගේ බලාපොරොත්තුව විය.


කෙසේවෙතත් ඔහුගේ දෙනෙතේ අඩු පෙනුම වැඩිකර ගැනීමට මේ බෝතල් අඩි කණ්නාඩිවලින් පවා එතරම් පිහිටක් නොලැබුණි. එනිසා දැළි පිහියෙන් වැඩ කරණ විට ඒ ඒ තැන් හොඳින් දැක ගැනීමට බෙල්ල දිගුකර නවාගෙන ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරිමට ඔහුට සිදුවිය. මෙවැනි වේලාවට ඔහුගේ වැඩ සිදුවුණේ ඉතාමත් මන්දගාමීවය. ඔහු වමතින් මාවෝ ගේ හිස සොලවන්නවත් බැරි ලෙස තදින් අල්ලා ගනී. දකුණතින් දැළිපිහිය ගෙන එය මාවෝ ගේ හිසට ඉහළින් අල්ලාගෙන සිටින්නේ හරියට මාවෝ ට මරණ තර්ජන කරන්නාක් මෙනි. දැළි පිහිය පාවිච්චි කරන්නට පෙර සෑහෙන වේලාවක් මාවෝ ගේ මුහුණ දෙස බලා සිටින අතර දැළි පිහිය පාවිච්චි කර කොණ්ඩය හෝ රැවුල කපා අවසන් කරණ හැම අවස්ථාවකම අඩියක් පස්සට තබා ඔහු කළ කාර්යය අගයන්නාක් සේ බැලුවේ හරියට කලා නිර්මාණයක් කරන්නෙකු තමාගේ කලා කෘතිය දෙස බලන්නාක් මෙනි. මෙලෙස ඔහු වැඩ කරණ විට එදෙස බලාසිටින


අපේ ඉවසීම පවා නැතිවන තරම්ය. ඔහුගේ මේ පරීක්ෂාකිරීම දෙස බලන මාවෝ “කරුණාකරලා ඉක්මන්කරන්න.”යැයි පවසයි.


“කලබලවෙන්න එපා, කලබලවෙන්න එපා,”එවිට ඔහු මුමුනයි. මුහුණේ පැත්තක කටයුතු අවසන්කර අනිත් පැත්තට මාරුවන විටදීත් මුලින් කළ ලෙසටම දැළි පිහිය හිසට උඩින් අල්ලාගෙන සුපුරුදු මන්දගාමි ආකාරයෙන්ම වැඩ කළේය.


“අයියෝ වැන්ග් ටිකක් ඉක්මන් කරන්න බැරිද?.” ඉවසීමක් නැති තැන මාවෝ කීවේය. එසේ කියමින් ඔහු පුටුවේ එහා මෙහාවෙන විට කරනැවෑමියා කිසිම හදිසියක් නැති ලෙස මෙසේ කීවේය.


“මම කියන විදිහට දඟලන්නෙ නැතුව ඉන්නේ නැත්තේ ඇයි? පරක්කුවෙන්නෙ නෑ. මම ඒ ගැන සහතික වෙනවා.”
ඔහු මුහුණේ කටයුතු අවසන් කළ විට සභාපතිතුමා ඔහුගේ ඇහි බැම පිස දැමුවේ ඇතැම් විට දහදිය දැමු නිසා විය හැකිය. එසේ කර ඔහු පුටුවෙන් නැගිටින්න හදනවිට වැන්ග් අතින් ඔහුගේ හිස තද කරගෙන එය වැළැක්වීය.
“මම කියන විදිහට ඔබතුමා වැඩ කරන්නෙ නෑනෙ. මම කීවනෙ කලබල නොවි ඉන්න කියලා. ඉවසලා ඉන්න.”
“මට හදිසියි. ඉක්මන් කරන්න.”මාවෝ විරෝධාත්මක ලෙස කීවේය

 

.

“ඇය ඉතා හොඳ කෙල්ලක්.”වැඩිය හිතන්නේ මතන්නේ නැතිව මම කීවෙමි. මාවෝ ගුප්ත සිනාවක් නගාගෙන මාදෙස අර්ථාන්විත බැල්මක් හෙ`එවේය.
“ඔබලා දෙන්නා කරන්න ඕනැ දෙන්නා අතරේ සම්බන්ධතාවක් ඇතිකරගන්නවා වගේම එකිනෙකා අතර හොඳ අවබෝධයක් ඇතිකර ගැනීමයි.”
 මාවෝගේ මේ වචන වඩාත් හෘදයාංගම විය. නමුත් මම මුහුණ රතුකරගෙන බිම බලා නිහඬ වුවෙමි. මට සමීප මිතුරෙක් හමුවුණු සෙයක් මට දැනුණි.

 

 

“මං කියපු විදිහට හෙලවෙන්නෙ නැතුව ඉන්න. මම තවම වැඬේ ඉවර කළේ නෑ.” වැන්ග් එසේ කියමින් මාවෝ ගේ හිසේ පිටුපසට දෙවරක් තට්ටු කළේ ළමයෙකුගේ කොණ්ඩය කපන විට කරන්නාක් මෙනි. සියලුම ශරීර ආරක්ෂකයෝ එදෙස පුදුමයෙන් බලා සිටියහ. නමුත් මාවෝ කිසිම විරෝධයක් පෑවේ නැත. ඔහු සුසුමක් පිටකර
     ඉවසාගෙන සිටියේය. මාවෝ කිසිම විරෝධයක් නොපෑම නිසා වැන්ග් සභාපතිතුමාට දැනුමුතුකමක් දෙන්නාක් මෙන් මෙසේ කීවේය. “ඔබතුමා රජයේ ප්‍රධානියා. ඒ තනතුරේ හැටියට ගාම්භීර විදිහට ඉන්න ඕනැ. බලන්න ඔබතුමා මගේ වැඩ ඉවසගෙන ඉන්නවා. මාගේ වෘත්තිය නොහැකියාව ගැන මිනිස්සු කියනවට මා කැමති නෑ. ඒක මට ලජ්ජාවක්.”


මට මතක හැටියට මාවෝ ඉදිරියේ උදාර ලීලාවක් පෙන්වූ එකම පුද්ගලයා වැන්ග් හුයි ය. ඔහු කටයුතු කළේ ජාතියේ නායකයා සමග දේශපාලනික ලෙස සම තත්ත්වයේ සිටින්නෙකු විලසිනි.


  අනුන්ට උදව්කර සතුටුවන මිනිසුන් ලෝකයේ හිඟ නොවිය. මාවෝ ද එවැන්නෙකි. හැන් ගුයිෂින් මවෝ ගේ කාර්ය මණ්ඩලයට එකතුවන විට ඇගේ වයස අවුරුදු දහ අටකි. අපගේ වැඩ කටයුතු අනුව නිතර නිතර අපි එකිනෙකා සමග සම්බන්ධ වන විට අප එකිනෙකා අතර මිතු දමක් ඇතිවිය. නමුත් අප එවන් සම්බන්ධතා නතර කළ යුතුය. උතුරු ෂැන්සි යුද්ධය පවතින අතරතුරේ දිනක් මවෝ මගෙන් මෙසේ ඇසුවේය.


“හැන් ගැන ඔබ හිතන්නේ කොහොමද?.”


“ඇය ඉතා හොඳ කෙල්ලක්.”වැඩිය හිතන්නේ මතන්නේ නැතිව මම කීවෙමි. මාවෝ ගුප්ත සිනාවක් නගාගෙන මාදෙස අර්ථාන්විත බැල්මක් හෙ`එවේය.


“ඔබලා දෙන්නා කරන්න ඕනැ දෙන්න අතරේ සම්බන්ධතාවක් ඇතිකරගන්නවා වගේම එකිනෙකා අතර හොඳ අවබෝධයක් ඇතිකර ගැනීමයි.”


 මාවෝගේ මේ වචන වඩාත් හෘදයාංගම විය. නමුත් මම මුහුණ රතුකරගෙන බිම බලා නිහඬ වුවෙමි. මට සමීප මිතුරෙක් හමුවුණු සෙයක් මට දැනුණි. 


“නිතරම එකිනෙකා එක්ක කතා කරන්න.” මාවෝ දයාබරිත පියෙක් මෙන් අවවාද කළේය. “වඩාත් සංවේදි වෙන්න. එකිනෙකාට වැඩි වැඩියෙන් උදව් කරන්න. කළයුතු දේ ඒකයි.”  

 

 

  

ආරියනන්ද දොඹගහවත්ත