ඉපැරණි අධිරාජ්‍ය උද්‍යානයේ පිහිටි කුලුනුවල කැටයම් නරඹමින්, කතාබහකරමින්, තුරු වදුලින් ආවරණය වු පදික මාවත දිගේ ඔවුහු ගමන් කළහ.  ලියූ වැනි අය සමග කතාබහ කරද්දී මේ කාලයේ මාවෝ ගේ කතා බහට ලක්වුණු පුද්ගලයා වුවේ  ‘පාවා දෙන්නා’, ‘දූෂිත දේශපාලකයා’, සහ ‘හොරිකඩයා’ ලෙසින් ඔවුන් හැඳින්වු චියැන්ග් කායි-ෂෙක් ය. මෙවෙලෙහි උද්‍යානය දෙස බලනවිට ලියූ ගේ සිතුවිලි දිව ගියේ මේ උද්‍යානය කළ කුයින් රාජ වංශයේ වැන්දඹු අධිරාජිණිය වෙතටය. “මේ රටේ කලබලකාරී වාතාවරණයක් තියෙන කාලෙක අපි ඉපදීම හරිම අවාසනාවක්.” ඔහු දිගටම කියාගෙන ගියේය.


“ඒ දූෂිත වැන්දඹු අධිරාජිණිය සිතාගෙන සිටියේ ලෝකයට චීනයට පිවිසෙන්න තිබෙන දොරටු වහලදාලා රට පාලනය කරන්නයි. ඒත් අධිරාජ්‍යවාදීන් ඒකට එකඟ වුණේ නෑ. ඔවුන් ඔවුන්ගේ ප්‍රහාරක යාත්‍රා මෙහාට එවනකොට ඇය ඒකට බියවෙලා ඔවුන්ට උවමනා විදිහට ඔවුන් සමග ගිවිසුම් ගැහුවා. (චීනයට එරෙහිව බි්‍රතාන්‍ය විසින් දියත් කරන ලද අබිං යුද්ධය පරාජයට පත්විමෙන් පසු 1842 දී කුයින්ග් පාලනය විසින් නැන්ජින්හි දි චීන - බි්‍රතාන්‍ය ගිවිසුම අත්සන් කරණු ලැබිය. 1844 දී එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ බලකිරීම මත වැන්ග්ෂියාහි දී චීන - ඇමරිකන් ගිවිසුමත්, හුවැන්ග්ෂුහි දී චීන - ප්‍රංශ ගිවිසුමත් අත්සන් කරණ ලදි. කුයින් පාලනය විසින් චීනයට අවාසිසහගත මෙවන් ගිවිසුම් ගණනාවක් මින් පසුවත් අත්සන් කළ අතර 1858 දී රුසියාව සමග ටියැන්ග්ජින්හි අත්සන් කරන ලද ගිවිසුමත් එවැනි එකකි.) “මේ ගිවිසුම් අත්සන් කිරිමෙන් අපේ ජනතාව අපහාසයට පත්කළා වගේම දුක් පීඩාවන්ටත් පත්කළා. ඇය මේ උද්‍යානය ඉදිකරලා තියෙන්නේ නාවික අරමුදල්වලින්. ජනතාව මිරිකලා ගත්ත සියලුම මුදල් ඇය අධිරාජ්‍යවාදින්ට පුජා කළා. ඒක මොනතරම් ද්‍රෝහීකමක්ද කීවොත් සදාකාලයටම ගර්හාවට ලක්වෙන ද්‍රෝහිකමක්.”


“මේ සියල්ලටම වග කියන්න ඕනැ දූෂිත වැඩවසම් පාලනය තමයි.” සංවාදය අතට ගනිමින් මාවෝ කීවේය. “ඇගේ නායකත්වය යටතේ නාවික හමුදාවක් තිබුණා නම් ඒකත් අධිරාජ්‍යවාදීන්ට පාවලා දෙනවා.” අනතුරුව කැටයම් පිරි කුලුනු කිහිපයක් දෙස බලමින් ඔහු උපහාසාත්මකව මෙලෙස කීවේය. “කොහාම වුණත් ඇය ඉදිකරපු මේ මාළිගාවයි මේ අනිත් දේවලුයි, අධිරාජ්‍යවාදීන්ට ගෙනියන්න පුළුවන් වුණේ නෑ. ඒ නිසා දැන් අපේ ජනතාවට මේ ලස්සන විවේකස්ථානය ඉතිරිවෙලා තියෙනවා. ඇය මිනිසුන්ගේ ධනය වෙනත් දේවල් කරන්න නාස්තිකරණවාට වඩා මෙහෙම දෙයක්වත් කරපු එක හොඳයි.”


අනතුරුව ඔවුන්ගේ සාකච්ඡාව ආපසු අබිං යුද්ධය සහ එතැන් සිට මේ දක්වා ජාතික ස්වාධීනත්වය සහ රටේ සමෘධිය වෙනුවෙන් විරෝධාරව සටන්කර දිවි පිදු විප්ලවීය පුරෝගාමින් කරා යොමුවිය. මහපටැඟිල්ල එසැවු ලියූ අව්‍යාජත්වයෙන් මෙලෙස කිවේය. “අප ජයග්‍රහණය කරා මෙහෙයවන්න පු`එවන් කොමියුනිස්ට් පක්ෂයටත් ඔබටත් පමණයි කියන එක ඉතිහාසය විසින්ම ඔප්පු කරලා තියෙනවා.”


“අපේ මුතුන්මිත්තන් හෙළිකරපු පාරෙයි අප යන්නේ, අපේ දැනුම සහ අත්දැකිම් ඔවුන් හලපු රුධිරයෙන් සැදුණු දේවල්.” මාවෝ කතාව නවතා දිග හුස්මක් ඇද ගත්තේය. තුරුවැලින් ආවරණය වු මංපෙත ඉහළ බලමින් ඔහු නැවත හඬ අවදි කළේය. “අපේ සහෝදරයින් ප්‍රංශයට ගියා. ජර්මනියට, ජපානයට, සෝවියට් දේශයට ගියා... නමුත් අපට අවබෝධවුණා අපේ අරගලය ජයගන්න තියෙන්නේ වෙන කවුරුවත් මත නොවෙයි, අපේ නොසැලෙන අධිෂ්ඨානය මතයි කියන එක. අපි පිටස්තර සහයෝගය දිනාගන්න උත්සාහ කරන්න ඕනැ. නමුත් අපි හැමදෙයක්ම ඒ මත්තෙ තබන්න හොඳ නෑ. චියැන්ග් කායි - ෂෙක් කළදේ අපි කරන්න හොඳ නෑ. ඒ කාලෙ හිටපු ප්‍රාදේශීය හමුදා නායකයෝ හැම දෙනෙක්ම අධිරාජ්‍යවාදී රටවලින් ආධාර අරගෙන චීනය ඔවුන්ට විකුණුවා. වැන්දඹු අධිරාජිණියයි, ඔවුනුයි දෙගොල්ලම එකම වර්ගයේ කුරුල්ලො. ඔවුන් ජනතාවගේ සුබසාධනය ගැන බලපු අය නෙවෙයි. ඔවුන් ඔවුන්ගේම පාරාදිසයක් නිර්මාණය කරන්න ජනතාව වළපල්ලට ඇදලා දාපු අය. අන්තිමේ ජනතාව විසින්ම ඔවුන් බලයෙන් පහකරලාදාපු එක ගැන පුදුමවෙන්න දෙයක් නෑ.”
වැන්දඹු අධිරාජණිය විදෙස් රටකින් මිලට ගත් දුම් බෝට්ටුව වෙත ඔවුන් ගියවිට ලියු කීවේ දුම් බෝට්ටුව කියන දේ සාමාන්‍ය දෙයක් වුවත් ඒක ඇයට මහා විස්මිත දෙයක් වෙන්න ඇති බවය.


“ඇය මේ සුළු දේවල් ගන්නකොට ගත්ත දේට වඩා වැඩියෙන් ගෙව්වා.” මාවෝ කීවේය. “ඒකෙන් රටට කිසිම වාසියක්වත් සාධාරණයක්වත් ඉටුවුණේ නෑ. හිඟාකෑම විෂවෙන වෙලාවකුත් තියෙනවා කියලා පැරණි කියමනකුත් තියෙනවා, කියන එක අමතක කරන්න හොඳ නෑ.”

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත