මම කුඩා බෙරය දලයි ලාමා හිමියන් අන්‍යයන් කැඳවන තාලය වාදනය කළෙමි. ඉන්පසු ඔව්හු මට සැරයටියන් දෙකක් දුන්හ. මා පළමුව අතට ගත්තේ වැරදි සැරයටිය. මොහොතක් එදෙස බලා අනෙක අතට ගත්තෙමි. එය දලයි ලාමා හිමියන් භාවිත කළ සැරයටියයි. මම එය මා ළඟම තබා ගත්තෙමි. ඉනික්බිතිව ඔව්හූ මගේ හැසිරීම ගැන කථා කළහ. මුල් සැරයටිය දලයි ලාමා හිමියන් ටික කලක් භාවිත කර දෙවැන්න එතුමාගේ දිවි අවසන් වනතෙක් භාවිතයට ගෙන ඇත.

මෙම පරීක්ෂණවලින් 13 වැනි දලයි ලාමා තුමාගේ පුනරුත්පත්තිය යළි හමු වූ බව නිගමනය කළහ.


13 වැනි දලයි ලාමාතුමා කර්ම රොල්පායි පිරිවෙනේ කලක් ගතකොට ඇත. එතුමා චීනයේ සිට පැමිණ නතර වී ඇත්තේ එම පිරිවෙනේය. එම පිරිවෙනේ සිටි ලාමාවරු එතුමන් හරසරින් පිළිගෙන ඇත. ගම්වැසියන් එතුමාට වැඳ නමස්කාර කර තිබේ. මේ සියල්ල මට විස්තර කිරීමට හැකිවිය. ඉන් දලයිලාමා හිමියන්ගේ පුනරුත්පත්තිය හඳුනාගැනීමට හැකි වූ බව ඔවුන්ගේ අදහස විය. විදුලි පුවතක් මගින් මේ සියල්ල ලාෂාවට දැන්වූහ.


ටිබෙටයේ සිට ලාෂාවට ඇත්තේ එකම එක ටෙලිග්‍රාප් රැහැනකි. එම රැහැන ඉන්දියාව තෙක්ම දිව යයි එනිසා පණිවුඩ චීනය හා ඉන්දියාව හරහා යැවෙයි. එය ආපසු එන්නේද එම මාර්ගයේය.
කෙසේ වෙතත් ටිබෙටයේ වයඹ දිග කොටසේ එනම් අප ජීවත් වූ පෙදෙස එවක චීන පාලනය යටතේ විය. චීන ආණ්ඩුකාරයාගෙන් සියල්ල විමසිය යුතුය. තමන්ට නව දලයි ලාමා හිමියන් මුණගැසුණු බව සිය පණිවුඩයෙන් සෙවුම් කණ්ඩායම කියා තිබුණි. ඔහු සමඟ කතා කිරීමට හැකි නියෝජිතයකු ලාසාවෙන් එවන ලෙසද ඉල්ලා තිබුණි. තමන් අවසන් නිගමනයකට පැමිණි බව ඔව්හු කියා නොසිටියහ. එසේ කීමට ඔව්හු බිය වූහ. එනිසා එන නියෝජිතයා විසින්ම පරීක්‍ෂණයක් කළයුතු බව කියැවුණි. ඒ සඳහා පැමිණි තැනැත්තා සිදුකළේ සරල පරීක්‍ෂණයකි. අප සැම දෙනාටම රසකැවිලි පෙට්ටියක් බැගින් ලබා දුන්නේය. සමහර පිරිමිළමෝ ඉන් කිසිවක් ගැනීමට බිය වූහ. සමහරු ඉතා කෑදර කමින් රසකැවිලි බුදින්නට වූහ. නමුත් මම එකක්ගෙන සෙමෙන් සංසුන්ව කන්නට වීමි, ඊළඟට ඔහු ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය. ඒ මගේ හැසිරීමෙන් තෘප්තිමත් වූවාසේය. ප්‍රශ්න අවසානයේ අනෙක් දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ද රැගෙන නිවසට යන ලෙස දැන්වීය. එහෙත් මගේ දෙමාපියන් කැඳවූ මා කුම්බුටි පිරිවෙනට ඇතුළත් කොට එහි හිමිනමක් ලෙස දැනට ඉගෙන ගන්නා මගේ සහෝදරයා යටතේ තබන ලෙස ඉල්ලා සිටියේය.
මට පිරිවෙනට යාමට අවසර දීම උදෙසා ඩොලර් ලක්‍ෂයක මුදලක් චීන ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය. එය විශාල මුදල් ප්‍රමාණයකි. ඒ සඳහා ඔහුට අයිතියක් නැත. ඔව්හු එම මුදල ගෙවූහ. ඉන්පසු ආණ්ඩුකාරවරයා තවත් ඩොලර් තුන් ලක්‍ෂයක මුදලක් ඉල්ලා සිටියේය. එය අස්ථිර බව ආණ්ඩුවේ නියෝජිතයෝ කීහ. මා දලයි ලාමා තුමාගේ සැබෑම පුනරුත්පත්තිය දැයි තමන්ට සැක බවත් වෙනත් පළාතක එවැන්නෙක් ඇත්දැයි සොයා බැලිය යුතු බව ඔව්හු කියා සිටියහ. 


තමා දලයි ලාමා හිමියන්ගේ සැබෑ පුනරුත්පත්තිය යැයි කීමෙන් තවත් වැඩි මුදලක් ඉල්ලා සිටිනු ඇත. එසේම චීනය ටිබෙට් දේශයෙන් කොටසක්ද ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කරගනු ඇතැයි පැමිණි පිරිස බිය වූහ. ඉතිං දැන් කුමක් කළ යුතුද? අනාගත දලයි ලාමා හිමියන් මග දමා යා යුතුද? චීන ආණ්ඩුකාරයාට ඩොලර් ලක්ෂ තුනක කප්පම් ගෙවිය යුතුද? 


දලයි ලාමා හිටියත් යළි ඉපිද ඇත්තේ කොතැනදැයි සොයන්නට වූහ. එම සෙවීමේ කණ්ඩායමට ලැබුණු සියලු කරුණු අනුව පුනරුත්පත්තිය අනාවරණය කරගනු ලැබීය. ඔව්හු සියලු විස්තර විදුලි පුවතකින් ලාෂාවට දැන් වූහ. එවක ටිබෙටයේ ලාෂාවල සිට ඉන්දියාවට තිබුණේ එකම විදුලි පණිවුඩ මාර්ගයකි. එක්වරම මා ශුද්ධ නගරයට රැගෙන යන ලෙස නියෝගයක් ලැබුණි.


කෙසේ වෙතත් එවක අප ජීවත් වූ පළාත චීන පාලනයට නතුව තිබුණි. චීන ආණ්ඩුකාරයාගේ උපදේශය පළමුව ලබා ගත යුතු විය. සෙවුම් කණ්ඩායම ආණ්ඩුකාරවරයාට දන්වා සිටියේ තමන් නව “දලයි ලාමා” සොයා පැමිණි බවය. ඒ අනුව සුදුස්සකු රැගෙන යාමට අවසර පැතුවේය. ඔවුන් අවසන් නිගමනයකට පැමිණ ඇති බව ආණ්ඩුකාරවරයාට කීවේ නැත. එමගින් දුෂ්කරතා ඇතිවිය හැකි යැයි ඔවුන් සිතූ නිසාවෙනි. ඔහු පිළිතුරක් දුන්නේ නැත. තෝරා ගනු ලැබූ සියලු ළමුන්ට  එකලෙස ඔහු අණ කළේය. ඔහු මුස්ලිම් ජාතිකයකු වුවද පරීක්ෂණයක් කිරීමට ඔහු තීරණය කළේය. එය සරල පරීක්ෂණයකි. අප සියලු දෙනාටම පැරණි රස කැවිලි පෙට්ටියක් පිරිනැමීය. සමහරු ළමෝ කිසිවක් ගැනීමට බිය වූහ. සමහරු කෑදර වූහ. අහුරු පිටින් ගත්හ. නමුත් මම එකක් ගෙන විනීතව කෑවෙමි. මෙය සහ තවත් ප්‍රශ්න කිහිපයක් අසන ලදී. ඔහු තෘප්තිමත් බව පෙනෙන්නට තිබුණි. කැමතිම තේරීම මා බව විද්‍යමාන විය. අනෙක් සියලු ළමෝ තම නිවෙස්වලට ගියහ. ඔවුන්ගේ දෙමාපියන්ට රෙදි රෝල බැගින් තෑගි ලැබුණි. නමුත් ඔවුන් මගේ දෙමාපියන්ට අණ කළේ මගේ සහෝදරයා ශිෂ්‍යයෙක්ව සිටි කුම්බුම් පිරිවෙනට මා පිටත් කර හරින ලෙසය.

 

ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායකයා දලයිලාමා හිමියන්ය. එතුමාගේ 80 වැනි ජන්ම දිනය පසුගියදා සැමරුණි. එහිදී ඵහ ඛ්බා ්බා ඵහ ඡැදචකැ (මගේ දේශය සහ මගේ ජනතාව) යන මැයෙන් කෘතියක් පළවිය.කොමියුනිස්ට් ඔත්තුකරුවන් තමා පසු පස ලුහුබැඳි ආකාරයත් ඉන් තම ජීවිතයට වූ තර්ජනය ඒ හිමියෝ විවරණය කරති. ආධ්‍යාත්මික නායකයකුට මෙතරම් මරණීය තර්ජන සිදුවූයේ ඇයි? ඉන් දිවි ගලවා ලෝක ශාසනික සේවයට කැපවූ ඒ හිමියන්ගේ ස්වයං චරිතාපදානය හද කකියවන්නකි. එසේම ලොව සිටින ඔත්තුකරුවන්ගේ ස්වභාවය ලොවට හඬගා කියන්නකි. මේ හෙළ බසින් හැඩ ගැන්වී ඔබ ඉදිරියේ දිග හැරී යන්නේ ඒකී වේදනාත්මක සිදුවීම් මාලාවයි.

 


මා එහි රැගෙන යාමේ වන්දිය ලෙස චීන ඩොලර් ලක්ෂයක් ගෙවන්න ටිබෙට් ආණ්ඩුවේ නියෝජිතයාට නියම විය. එය විශාල මුදලකි. ඒ සඳහා ඔහුට අයිතියක් ද නැත. නමුත් ඔව්හු එම මුදල ගෙවූහ. ඉන්පසු ආණ්ඩුකාරවරයා තවත් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා සිටියේය. ආණ්ඩුවේ නියෝජිතයා කියා සිටියේ තවමත් එය අස්ථිර බවය. මේ සැබෑ පුනරුප්පත්තිය දැයි නොදන්නා බවය. ටිබෙටයේ වෙනත් පළාතක වෙනත් තැනැත්තෙක්ද මේ සඳහා සුදුසුකම් ලබා ඇති බවක්ද කීය. මා නියම දලයි ලාමා යැයි කිවහොත් ආණ්ඩුකාරවරයා මිල තවත් ඉහළ නංවනු ඇතැයි නියෝජිතයෝ බියවූහ. එසේම තව තවත් ප්‍රමාද කිරීමට හේතු හදා ගනු ඇත. චීන ආණ්ඩුව ටිබෙටයේ යම් ආකාරයක ආධිපත්‍යයක් පෙන්වීමට මෙය අවස්ථාවක් කරගනු ඇතැයි නියෝජිතයෝ බිය වූහ.


දුෂ්කරතාවන් “ලාෂා”වට දැනුම් දුන්හ. චීනය හරහා යන විදුලි පණිවුඩ හරහා සාකච්ඡා කිරීම ප්‍රඥාගෝචර නොවේ. එසේ හෙයින් අගනුවරට පණිවුඩ රැගෙන ගියේ අතිනි. පිළිතුරක් ලැබීමට මාස කිහිපයක් ගත විය. මෙම සාකච්ඡාව හමාර වීමට වසර දෙකක පමණ කාලයක් ගත විය.


මෙම කාලයේදී රහසිගතව සියල්ල නිරීක්ෂණය කළේය. ආණ්ඩුකාරවරයා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනගත යුතු නිසාම නොවේ. මෙම තීරණය ටිබෙට් ජාතික සභාව වෙත නිල අනුමැතිය සඳහා ඉදිරිපත් කර නැති බැවිනි. අවම තරමේ මගේ දෙමාපියන් පවා ස්ථිර පිළිතුරක් දී නැත. ඔවුන් මෙතරම් කලක් බලා සිටියේ සියලු ලාමාවරුන් ගේ ප්‍රධානියා ලෙස මා පත් කරගත යුතු බවට පිළිගැනීමක් තිබූ හෙයිනි. කෙසේ වෙතත් මා ක්‍රමයෙන් වැඩෙන මගේ මව කියා සිටියේ මගේ දෛවය යම් අසාමාන්‍ය එකක් බව ඇයට දැනුන බවයි.

 

 

මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 

(ඡායාරූප සපයා දෙන ලද්දේ ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ පදනමේ සභාපති ආචාර්ය දමින්ද පෝරගේ මහතා විසිනි)


නීතිඥ රුවන් හරිස්චන්ද්‍ර