මාඕ ත්සේතුං

 

දවසේ වැඩ නිමකළ මාවෝ මෙවෙලෙහි සුව පහසු පුටුවක වාඩිවී විවේක ගනිමින් සිටියේය. මේ පුවත අසන්නට ලැබුණු හැටියේ මුලින්ම ඔහු තුළ ඇතිවුවේ දැඩි කම්පනයකි. ඔහු කිසිවක් නොකියා ජියැන්ග් සහ යී දෙස දෑස් දල්වා බලා සිටියේය. ඔවුහු දෙදෙන හිස් එල්ලාගෙන නිහඬව සිටියහ. ඔවුන් එසේ නිහඬව සිටියේ එකම දේ නැවත නැවත දැනුම්දිමෙන් හෝ කනගාටුව ප්‍රකාශකරන්න යාමෙන් සිදුවන දේ හොඳින් දන්නා බැවිනි.


මාවෝ වේගයෙන් ඇසිපිය සලන්නට විය. ඔහුගේ දෙනෙතේ කඳුළු පිරි තිබුණි. ඔවුන් වෙත නැවති තිබුණු ඔහුගේ දෙනෙත හෙමින් මේසය මත වූ දුම්වැටි පැකැට්ටුව වෙත යොමුවිනි. ඔහු දුමුවැටි පැකැට්ටුව අතට ගෙන දුම්වැටියක් ඉන් පිටතට ගන්නට උත්සාහ කළේය. නමුත් ඔහුට එය කළ නොහැකි විය. නැවත නැවතත් උත්සාහ කළද එය කළ නොහැකි විය. මම වහා ඉන් දුම්වැටියක් ගෙන ඔහුට දල්වා දුන්නෙමි. 


මවෝ දුම්වැටිය දත් දෙපළට සිරකරගෙන උරණ හඬ ඇරෙන්නට මුළු කාමරය පුරා පැවතියේ දැඩි නිහඬ බවකි. ඔහුගේ දෙනෙත එක්වරම රත්පැහැ ගැන්වි කඳුළු පටලයකින් වැසියනු එවිට මම දුටුවෙමි. ඒ දුම් වැටියෙන් නගින දුම වැදීමෙන් හෝ ඔහුගේ මනසට අතීත මතකයන් ගලා ඒම නිසා වියහැකිය. යි සිලෝන් නිහඬව කාමරයෙන් පිටවී ගියේය.


මාවෝ තවත් දුම්වැටියක් අවසන් කර එහි කොටය අළු බඳුණේ එබුවේය. අනතුරුව දිගු නිහැඬියාව සුසුමකින් බිඳ දමු ඔහු දුටුවකුගේ ඇසට කඳුළක් මතුකරණ තරමේ දැඩි සංවේගයෙන් යුතුව කතා කළේය.


“ඔහු මාවෝ ත්සේතුංගේ පුතා. ඒක තමයි ඔහුගේ ලොකුම අවාසනාව.”


මම පසෙකට හැරි අඬන්නට විමි. එහෙත් මාවෝ නොහැඬුවේය. තවත් දුම්වැටියක් දල්වාගත් ඔහු ජියැන්ග් කුයින් ඛේදවාචකය සම්බන්ධයෙන් විස්තර කළ කරුණු වලට සවන් දෙන්නට වුවේය. මට ඇසුණේ ඒ කතාවේ අතරින් පතර කෑලි පමණකි. එය සිදුව ඇත්තේ සතුරු ගුවන් ප්‍රහාරයක් අතරතුරදීය. සතුරෝ ගිනි බෝම්බ හෙළද්දි මාවෝ ඇනියන් ගුවන් ප්‍රහාරක ආරක්ෂක ස්ථානයෙන් පිටවී ඇති අතර ඔහු ආපසු පැමිණ නැත. ඔහු ගිනි බෝම්බ ප්‍රහාරයකට ගොදුරුව පිලිස්සි මියගොස් තිබුණි. මට ඒ කතාව තවත් දුරට අසාගෙන සිටිය නොහැකිවිය. මාවෝ කියු වදන් මගේ මනසේ දෝංකාර දෙන්නට විය.


“ඔහු මාවෝ ත්සේතුංගේ පුතා. ඒක තමයි ඔහුගේ ලොකුම අවාසනාව.”


මාවෝ ගේ බාල පුතා වුවේ ඔහුට දාව යැන්ග් කායිහුයිට ලැබුණු මාවෝ අන්කුයින්ය. ඔහු බොහෝදුරට ඔහුගේ පියාට සමාන විය. ළදරුවියේ සිටම ඔහුට පියාගෙන් ඈත්ව සිටිමට සිදුවුණු අතර කුවෝමින්ටෑන්ග් ප්‍රතිවාදින් විසින් ඔහුගේ මවද ඝාතනය කරනු ලැබීය. මෙනිසා මාවෝ අන්කුයින්ට කිසිදු රැකවරණයක් නොවිණි. සියලු අවාසනාවන් ළමයාට දරාගත යුතුව තිබුණි. තැන තැන ඇවිද සිඟාකෑමට පවා ඔහුට සිදුවිය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද හොඳටම පිරිහුණි. 

 

 

මාවෝ ගේ බාල පුතා වුවේ ඔහුට දාව යැන්ග් කායිහුයිට ලැබුණු මාවෝ අන්කුයින්ය. ඔහු බොහෝදුරට ඔහුගේ පියාට සමාන විය. ළදරුවියේ සිටම ඔහුට පියාගෙන් ඈත්ව සිටිමට සිදුවුණු අතර කුවෝමින්ටෑන්ග් ප්‍රතිවාදින් විසින් ඔහුගේ මවද ඝාතනය කරනු ලැබීය. මෙනිසා මාවෝ අන්කුයින්ට කිසිදු රැකවරණයක් නොවිණි. සියලු අවාසනාවන් ළමයාට දරාගත යුතුව තිබුණි. තැන තැන ඇවිද සිඟාකෑමට පවා ඔහුට සිදුවිය.

 


ඔහුගේ මේ දුබල සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බැලු මාවෝ ඔහු පියෙක් වශයෙන් මාවෝ ඇනියන්ට දැක්වු දැඩිබව මාවෝ අන්කුයින්ට නොදැක්වු අතර ඔහුට වඩාත් ආදරය දැක්විය. 1957 වසරේ අගෝස්තුවේ මුල මාවෝ සිටියේ මාවෝ අන්කුයින් ප්‍රතිකාර ලබමින් සිටි සත්කාරාගාරය පිහිටි කුයින්ඩාවෝ හිය. දිනක් මට ලැබුණු උපදෙස් අනුව මම මාවෝ අන්කුයින් ඔහු කරා කැඳවාගෙන ආවෙමි. මාවෝ නතරව සිටි රජයේ සම්බන්ධිකරණ කාර්යාලයේ එක් කාමරයක ඔවුන් දෙදෙනා ඉතා කුළුපග සංවාදයක නිරතව සිටිනු පෙනුණි. එදිනෙදා සිදුවිම්, ඉගැනිමේ කටයුතු, දේශපාලන කරුණු වැනි දේ ඔහු අන්කුයින් සමග කතා කළේය. මාවෝ, අන්කුයින්ගේ අධ්‍යාපනය, දිනපතා කටයුතු හා සෞඛ්‍ය ගැන වඩාත් උනන්දුවක් දැක්වුවේය.


මාවෝ අන්කුයින්ට සාත්තු සප්යාම කළ හෙදියට වඩාත් ඇලුම් කළේය. මෙනිසා හුදු මිත්‍රත්වයට වඩා වැඩි දෙයක් ඔවුන් දෙදෙනා අතර වර්ධනය වෙන්නට විය. මාවෝ ට මෙය දැනගන්නට ලැබුණු විට ඔහු ප්‍රධාන ආරක්ෂක කාර්යාලයට කතාකර මේ ගැහැනු ළමයා ගැන සොයා බැලිමට මෙන්ම අන්කුයින් ප්‍රතිකාර ලබන සත්කාරාගාරයේ ඔහුට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර ගැනත් සොයා බැලීම සඳහා ආරක්ෂකයෙකු පිටත්කර හරින මෙන් දන්වා සිටියේය. ආරක්ෂක කාර්යාලයෙන් මේ සඳහා පිටත්කර හැරියේ ෂූ යොන්ග්ෆු ය. ෂූ ඉතා ක්‍රමානුකූල අන්දමින් මේ විමර්ශනය සිදු කළේය.

සත්කාරාගාරයෙන් ආපසු පැමිණි පසු ඔහු මාවෝ ට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දුන්නේය. එය ඉතා උවමනාවෙන් කියවා බැලු මාවෝ ඒ ගැන සතුටට පත්ව ෂු ට ස්තුතිකරන ලෙස ටියැන්ග් යුනුට කීවේය. “ඒක හොඳ වාර්තාවක් කියලා ෂූට කියන්න. මා ඔහු ඇගයීමට ලක්කළ බව කියලා මා වෙනුවෙන් ඔහුට ස්තුති කරන්න.” මාවෝ ටියැන්ග් යුනුට කිවේය. 

 

 

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත