මාඕ ත්සේතුං  184

 

 

1950 වසරේ එක් දිනක වැඩකරමින් සිටින අතරේ මද විරාමයක මාවෝ ඇවිදිමින් සිටිනවිටදි එක් ශරිර ආරක්ෂකයෙක් වඩාත් උනන්දුවත්ව පොතක් බලනු දුටුවේය. ඔහු එතැනට ගියවිට ආරක්ෂකයා කියවමින් සිටියේ ෂිඕ සැන් විසින් ලියන ලද ‘මාවෝ ත්සේතුංගේ තරුණ කාලය’ නමැති පොත බැව් ඔහුට පෙනුණි. ඔහු පොත අතට ගෙන එහි පිටු පෙරළමින් මෙසේ කීවේය. “පොතේ කියලා තියෙන දේවල් හුඟත් ඇත්ත. හැබැයි හුඟක් විතරයි.”

අනතුරුව ඔහු කතාව වෙනත් අතකට හැරවුවේය. “මේ වගේ පොත් කියවන්න කියලා මං ඔයාට නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඔයාලගේ පරම්පරාවේ අය, මගේ පරම්පරාවේ මිනිසුන්ට වඩා හොඳ දේවල් කළ යුතුයි. ඒක කරන්න පු`එවන්වෙන්නේ කොහොමද දන්නවද? මං ගැන කියන පොත් නෙවෙයි, වෙනත් වර්ගයේ පොත් පත් කියවන්න. බොහෝ ජයග්‍රහණයන්ට ඒවා උදව්වේවි. මං ගැන ලියැවුණු පොත් කියවන්න වැඩි කාලයක් ගත කරන්න එපා. අනිත් අය ගැන කියවන්න. සමාජය හා සොබා දහම ගැන කියැවෙන පොත්පත් පුළුල් විදිහට කියවන්න.”


1960 වසරේ එක් දිනක සොන්ග්නැන්හයි රැස්වීම් ශාලාවේ සිට මාවෝ පිටත්ව යද්දී එතැන වැඩකරමින් සිටි අයෙකු රෝල් කරණ ලද පොතක් (චීනයේ ඇතැම් පොත් ඝණ කඩදාසිවල ලියා සිලින්ඩලාකාර ලෙස හකුළා ප්‍රයෝජනයට ගනි.) රැගෙන ඉක්මන් ගමනින් යනු දුටුවේය.


“හූ, මොකක්ද ඔය අතේ තියෙන පොත?.” මාවෝ නිකමට මෙන් ඔහුගෙන් ඇසුවේය.


“විරුද්ධ මතවාදය.” හූ නැවතී කීවේය.


එයත් මාවෝ ලියු පොතකි. ඔහු පොත පෙරළා බලමින් මෙලෙස කිවේය. “මගේ මේ පොත ගැන මං එතරම් තාප්තිමත් වෙන්නෙ නෑ. ඒක ආපසු ලියන්න ඕනැ. ඒක කියවන්න වටින එකක් කියලා ඔයා හිතනවද?” අනතුරුව ඔහු සමග සිටි අප දෙසට හැරි කතා කළේය. “මම දර්ශන විද්‍යාවට කැමතියි. ඒ සම්බන්ධයෙන් පොත් දෙකක් විතර ලිවා. (පුහුණුව සහ විරුද්ධමතවාදය.) ඒවා දැන් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. මේ පොත් දෙක පවා මා අදහස් කරපු හැටියට හොඳින් ලියැවිලා නෑ. මං ලියන පොත් පත් කියවන්න වැඩි කාලයක් ගත කරන්න එපා. අනිත් අය ලියන පොත් පත් කියවන්න. ඔයාලාගේ කියවන ලැයිස්තුවේ මාර්ක්ස් සහ ලෙනින් ලියපු පොත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.”


මාවෝ සෑහෙන්න පොත පත කියවන කෙනෙක් බව ඔහු සමග සම්බන්ධ හැම කෙනෙක්ම දන්නා දෙයකි. මාවෝ චිනයේ ප්‍රෞඨත්වය හා වටිනාකම් වලට ගරු කරණ, ඒවා වෙනුවෙන් පෙනී සිටින අයෙක් බව ඔහුගේ සතුරන් පවා පිළිගත් දෙයකි. එවැනි අයෙක් දැනුම නැති අයෙක් යැයි කියන්නේ කෙසේද? ගොවි කම්කරු පංතියෙන් පැවත එන ඔහුගේ පැරණි යහළුවන් බොහෝ දෙනෙක් විද්වතුන් දෙස බැලුවේ වපර ඇසිනි. ඔවුන් ආරක්ෂා කරමින් මාවෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් පැරණි මිතුරන්ට කරුණු පැහැදිලි කර දුන්නේ මෙලෙසිනි. “හැදියාවක් නැති හමුදාවක් කියන්නේ බුද්ධිහීන හමුදාවක්.”


ඔහු ඔවුනට ඉගෙන ගැනීමට අවස්ථා නිර්මාණය කළේය. විද්‍යාව පිළිබඳව හා අනිත් ක්‍ෂේත්‍ර පිළිබඳ අධ්‍යාපනයක් හැම චීන ජාතිකයෙකුටම ලබාදීම ඔහුගේ අරමුණුවල අඩංගු ප්‍රධානතම කරුණකි. 


1949 මැයි 02 වැනි දින මාවෝ ලියු යසි හමුවෙන්න සුවඳකන්දේ පිහිටි ඔහුගේ නිවහනේ සිට ගිම්හාන මාලිගය කරා පිටත්විය. ඔහුගේ මෝටර් රථය මාලිගාවේ නැගෙනහිර දෙරටුවෙන් ඇතුළුවෙද්දි ලියු එහු එන පෙරමග බලා සිටිනු මාවෝ දුටුවේය. ඔහු මාවෝට අතට අත දෙන අතරේ අනිකුත් බොහොමයක් ඉහළපෙළේ  ප්‍රජාත්‍රන්ත්‍රවාදීන් කරන්නාක් සේ ඔහුගේ අනිත් අත ඔසවා “කොමියුනිස්ට් පක්ෂයත්, එහි සභාපති මාවෝ සහ මහජන විමුක්ති හමුදාව ශ්‍රේෂ්ඨයි.” උත්කර්ශවත් හඬින් කිවේය. මේ වර්ණනාත්මක ප්‍රකාශය ගැන එතරම් කැමතිබවක් නැතිබැව් පෙන්නු මාවෝ ලියුට මෙසේ කිවේය. “මේ වගේ ප්‍රශංසා පැරණි යහ`එවන්ට ගැළපෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ අපි අතර බාධකයක් නිර්මාණය වෙන එකයි.” ඔහු ඊට තවත් යමක් එක් කළේය. “කිසියම් කෙනෙක් උසස් නම් ඒ අතරට ඔයයි මමයි දෙන්නම ඇතුළත්.”

 

 

 

 

ආරියනන්ද
දොඹගහවත්ත