සියවස් ගණනාවක් පුරා යුරෝපයේ ක්‍රියාත්මක වූ රාජාණ්ඩුවාදී පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට පරිවර්තනය වීමත් සමග බටහිර ලොව ජනතාවට අවශ්‍ය වූයේ රාජ්‍යයක මැදිහත්වීම් අවම පාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමටය. විසි වැනි සියවස මැදභාගය පමණ වන විට නූතන ලිබරල්වාදය පිළිබඳ අදහස හෙවත් සුබසාධක රාජ්‍ය සංකල්පය පිළිබඳ අදහස ජනිතවිය. පුරවැසියන්ගේ සුබසිද්ධිය ස්වකීය මූලික කාර්ය බවට පත්කරගත්තාවූ රාජ්‍ය සුබසාධක රාජ්‍ය ලෙස සාමාන්‍යයෙන් අර්ථ විවරණය කළ හැක. 


වර්තමානයේ මෙවැනි සුබසාධක රාජ්‍යයන් පවතින්නේ අතළොස්සකි. එම අතළොස්සට නිරන්තරයෙන් දරිද්‍රතාවයෙන්, නියඟයෙන් බැට කන අප්‍රිකා මහාද්වීපයට අයත් රටක්ද වීම ගැන ඔබ පුදුම වනවා නොඅනුමානය. අද දියත පිටුව වෙන්වන්නේ එවැනි සුබසාධක රාජ්‍ය සංකල්පයකට අනුගත වෙමින් සිය ජනතාවගේ සුඛවිහරණය වෙනුවෙන් කැප වූ ටැන්සියානියාවේ ජනපති වෙනුවෙනි.


ටැන්සානියාවේ ජනපති ධුරයට ජෝන් පොම්බේ මැගුෆුලි 2015 වසරේ නොවැම්බර් 05 වැනිදා තේරී පත්වන්නේ එරට පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙසිනි. මැගුෆුලි එරට ජනතාව හඳුන්වන්නේ “ද බුල්ඩෝසර්” යනුවෙනි. මීට වසර 4කට පෙර එරට ජනපති ලෙස පත්වූ ඔහු සිය පත්වීම භාරගෙන පසුදාම ඔහු විසින් එරට නිදහස සැමරීම සඳහා වන වාර්ෂික උත්සවය අවලංගු කරන ලදී. ඔහු ඒ සඳහා වැය වූ සියලු මුදල් එරට මාර්ග පද්ධතිය අලුත්වැඩියාව සඳහා යොදවනු ලැබීය. එපමණක් නොව එතෙක් රජයේ සිටි දූෂිත නිලධාරීන් පලවා හැරීමටද ඔහු නොපසුබට විය.


එතැන් පටන් ඔහු රට තුළ විවිධ වෙනස්කම් සිදු කළ අතර, මෙම වර්ෂය ආරම්භ වීමත් සමග තීරණාත්මක වාරණයන් කිහිපයන් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. 2015 සිය ධුරය භාර ගැනීමත් සමග ඔහු රජයේ සේවකයින්ට විදෙස් සංචාර තහනම් කළේය. අත්‍යවශ්‍ය අවස්ථාවක් නම් ඉහළම නිලධාරියාගෙන් අවසර ගත යුතු වන පරිදි ඔහු මෙම නීතිය හඳුන්වා දුන්නේය. සිය බදු මුදල් නාස්තිකරන්නන් ලෙස රජයේ සේවකයන් නම් කළ රටේ ජනතාව ඔහුගේ මෙම තීරණයට ආශිර්වාද කළහ.


2017 වසරේ එරට මහ බැංකු වාර්තාව මගින් එළි දැක්වූ වාර්ෂික වාර්තාව සඳහන් කළේ ජනපතිවරයා පැනවූ මෙම නීතිය නිසා එරටට ඩොලර් මිලියන 430ක් වාර්ෂිකව ඉතිරි වූ බවයි. රජයේ නිලධාරීන්ට පමණක් මෙම තහනම පනවා නොනැවතුන ඔහු සිය ආදර්ශයද රටේ ජනතාව වෙත ලබා දුන්නේය. ඔහු වසර 3ක් තිස්සේ තම ධුරය භාර ගත්දා සිට නැගෙනහිර අප්‍රිකාවෙන් පිටතට නොගියේය. ඔහු ගොස් ඇත්තේ උගන්ඩාව, කෙන්යාව ආදී රටවල්වලට පමණි. ඔහු පවසන්නේ තමන් විදෙස් ගමන් මෙසේ නොයෑමට හේතුව රට වෙනුවෙන් මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය නිසා බවය.


සෑම රෝහලකම මෙතෙක් රෝගීන්ට නැරඹීමට තිබූ රූපවාහිනීවල ප්‍රචාරණය කෙරුණ සාමාන්‍ය රූපවාහිනී වැඩසටහන් තහනම් කළ ඔහු නියම කළේ සෑම මොහොතකම රෝහල්වල ඇති රූපවාහිනී මගින් සෞඛ්‍ය වැඩසටහන් මෙන්ම රෝගවලින් ප්‍රවේසම් වීමේ මාර්ග ගැන දැනුවත් කරන වැඩසටහන් ප්‍රචාරය කළ යුතු බවයි.


ටැන්සානියා ජනපතිවරයා විසින් එරට සිදු කළ තවත් වාරණයක් වූයේ රටේ තීරණ ගැනීම සම්බන්ධ පාර්ලිමේන්තු කටයුතු මාධ්‍ය මගින් අනාවරණය කිරීම සීමා කිරීමය. ඔහු පාර්ලිමේන්තු විවාද සිදුවන අවස්ථාව ආවරණය නොකරන ලෙසටත් පාර්ලිමේන්තුව තුළ සිදුවන ප්‍රශ්න ඇසීමේ හා පිළිතුරු දීමේ අවස්ථාව ඇතුළු අවස්ථා කිහිපයක් පමණක් ආවරණය කිරීමටත් මාධ්‍යයට අවස්ථාව ලබා දෙන ලදී. මෙය පාර්ලිමේන්තු කටයුතු ජනතාවගෙන් වසන් කිරීමට සිදු කළ උපක්‍රමයක් බව එරට විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කර සිටියහ. මේ පිළිබඳව අදහස් දක්වමින් එරට තොරතුරු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වෙනුවෙන් මෙතෙක් මාසිකව වියදම් වූ ටැන්සානියානු ෂීලින්ග් බිලියන 4.2ක් ඉතිරි කර ගැනීමට එසේ කළ බවයි. 


එරට පාසැල් ශිෂ්‍යාවන් ගැබ් ගැනීම ටැන්සානියාව තුළ අන් රටවලට වඩා සුලභව සිදුවන්නකි. ටැන්සානියානු ජනපතිවරයා ඔවුන් සම්බන්ධව ගෙනා නීතිය වන්නේ පාසැල් දැරියන් ගැබ් ගත කළ විට මෙතෙක් සිදු කළේ ඔවුන් පාසලෙන් නෙරපා හැරීමය. නමුත් මෙගුෆුලි ජනපතිවරයා එම චාරිත්‍රය වාරණය කළේය. ඔහු ගැබ්ගත් සිසුවියන් දරු ප්‍රසූතියෙන් පසු නැවත පාසැල් ආ යුතු බවට නීතියක් ගෙන ආවේය. ඔහු ජනපතිවරයා ලෙස ඉදිරිපත් වන විට ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද මේ බව දක්වා තිබිණි. ඔහුගේ මෙම තීරණය සම්බන්ධව රට තුළ විවේචන රැසක් ඔහුට එල්ල විය. එහෙත් එම නීතියෙහි වෙනසක් නොවීය. 

ව පෙළපාළි හෝ රැලි සඳහා සහභාගි කරවා ගන්නා අයුරු දකින්නට තමන් අකමැති බවයි. ඔහු පැවසුවේ මෙවර පත්වූ රජය ඉදිරි මැතිවරණය තෙක් රට ගොඩනැගීමේ කටයුතු කරන තෙක් බලා සිටිය යුතු බවත්, තමන් ඊට අකමැති නම් හෝ රජය නිසි අයුරින් කටයුතු නොකරයි නම් මීළඟට එන 2020 මැතිවරණයේදී ඊට එරෙහිව ඡන්දය භාවිත කළ හැකි බවයි. 2016 වසරේදී එරට ප්‍රධාන විපක්ෂය විසින් රැලියක් සංවිධානය කළද එසැණින්ම එය අවලංගු කරන ලදී.


ඔහුගේ මෙම තීරණය සම්බන්ධව රට තුළ විශාල ලෙස විවේචන දියත් වූ අතර, පෞද්ගලික මාධ්‍ය විසින් ජනපතිවරයා ප්‍රකාශනයේ නිදහස අහිමි කර ඇති බවට චෝදනා කරන ලදී. ඔහු මාධ්‍යවේදීන් සඳහා නව මාධ්‍ය සදාචාරයන් හඳුන්වා දුන්නේය.


තම ධුරය භාර ගැනීමත් සමග ඔහු ටැන්සානියාවේ පතල්වලින් ලබා ගන්නා සාන්ද්‍රනමය ලෝහ (රත්රන්, ප්ලැටිනම්, රීදි) අපනයනය කිරීම සම්බන්ධව වාරණයන් පැනවුවේය. 2017 වසරේදී එරට විශාලතම රත්රන් කර්මාන්තායතනය ඛදබාදබ-කසිඑැා ්ජ්ජස් ඛඑා විසින් මෙම වාරණය විවේචනයට ලක් කරන ලදී. මේ සම්බන්ධව ජනපතිවරයා සිදු කළේ ඔවුන්ට අයත් කන්ටේනර් 250ට අධික ප්‍රමාණයක් රාජසන්තක කිරීමය. රත්රන් කර්මාන්තකරුවන්ගේ අපනයන හා ආදායම් පිළිබඳ විස්තර සලකා බලා ජනපතිවරයා එම ආයතන වෙත ඩොලර් බිලියන 190ක බද්දක් නියම කරන ලදී. ඒ වසර 17ක් තිස්සේ එම කර්මාන්තය පවත්වා ගෙන ගිය සියලු වසරවලට අදාළවය.


ටැන්සානියානු ජනපතිවරයාගේ මෙම තීන්දු තීරණ පිළිබඳ විපක්ෂයේ විවේචන පැවතිය ද ඒ සියල්ල එරට වැසියන් අනුමත කිරීම ඔහු ලැබූ විශේෂ ජයග්‍රහණයකි. සිය ධුර කාලය තුළ ක්‍රියාත්මක වූ එම වැඩපිළිවෙළ තවදුරටත් සිදුකිරීමට බලය ඇත්තේ එම ජනතාවටම බව ටැන්සානියා ජනපතිවරයා තරයේ සිහියේ තබා ගත යුතුය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි