මාඕ ත්සේතුං  192

නව චීනය ගොඩ නැගුණු හැටියේම වාගේ වූ ෂූජුන් මාවෝගේ ප්‍රධාන හෙද පාලිකා තනතුරට පත්වූවාය. මා මෙන්ම ඇය ද මාවෝ ළඟ දිගු කාලයක් සේවය කළ කෙනෙකි. මා මාවෝගේ සේවයෙන් ඉවත් වු පසුවත් ඇය ඔහු ළඟ දිගටම වැඩ කළාය. 1976 ලූනා අවුරුදු දින (චන්ද්‍ර මාස අනුව ලබන අවුරුද්ද) මාවෝ ගේ සැඳෑ භෝජනයේ අරාධිත අමුත්තා වුවේ ඇයයි. සැඳෑ භෝජනය ගන්නට පෙර ඔවුහු චිත්‍රපටයක් ද නැරඹූහ. 


“මතකයට අරගලයක්” යන්න එම චිත්‍රපටයේ නමයි. මාවෝ වැඩිපුර චිත්‍රපට නරඹන්න කැමැත්තක් නොදැක්වුව ද ඉන් බැහැරව එදින එම චිත්‍රපටය නැරඹුවේය. චිත්‍රපටය නරඹන අතරවාරයේ ඔහු නිහඬව කඳු`එ සලනු පෙනුණි. මහජනයාගේ ජයඝෝෂා මැද මහජන විමුක්ති හමුදාව නගරයට පිවිසෙන දර්ශනයේදි මාවෝ වූ ගෙන් මෙසේ ඇසුවේය.


“ඒ සෙනග අතර ඉන්න ශිෂ්‍ය කණ්ඩායමේ ඔයත් හිටියද?.”


වූ ෂැංහයි හි පාසැල් ගියබව මෙන්ම එදා ඒ ජයඝෝෂා නගමින් හමුදාව පිළිගත් සෙනග අතර ඇයත් සිටි බව මාවෝ දැන සිටියේය. නමුත් මාවෝ ගේ පැනයට පිළිතුරු ලෙස ඇය කළේ හිස සැලීම පමණකි. මන්ද කියතොත් එවෙලෙහි ඇයත් කඳු`එ සලමින් සිටි නිසාවෙනි. මාවෝ ගේ දෙනෙතින් කඳු`එ ගලා හැලීමට ප්‍රතිචාර දක්වන්නාක් සේ චිත්‍රපටය නැරඹූ හැමකෙනෙක්ම කඳු`එ සලන්නට වූහ. සාත්තු සේවිකාවෝ එකතුව වහාම මාවෝ පිටතට කැන්දාගෙන ගියහ.


තමන් ජීවතුන් අතර සිටියදී තායිවානය මුදා ගැනීමට නොහැකිවීම හේතුකොටගෙන මතුවු සිත් වේදනාව මාවෝ එදා එතරම් අඬන්නට හේතුවක් වූවේද?. මාවෝ හැම වේලාවකම පොතක් කියැවිය. නැතිනම් ලීවේය. එලෙස ලියන්නේ කියන්නේ නැතුව මොහොතක්වත් කාලය අපතේ නොහැරීය. මම දන්නා ආකාරයට ඔහු ලියා ඇති පොත්වලට අමතරව තවත් පොත් කිහිපයක්ම ලියා පළකිරීමට බලාපොරොත්තුව සිටිය ද එය කළ නොහැකිවිය. ඔහුගේ සිත කලකිරීමට එයද හේතුවක් විය හැකිය.


1954 වසරේ මම ඔහු සමග බේදායිහි ගත කළෙමි. එහි මුහුදු වෙරළේ ඔහු ඇවිදිද්දි මෙන්ම සිටගෙන මුහුද දෙස බලාගෙන සිටිද්දි හෙමින් කවි ගායනා කරණ හඬ ඇසේ. ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන දොස්තර ෂූ මේ ගැන කුතහලයට පත්ව දිනක් ඔහුගෙන් මේ ගැන ඇසුවේය.


“සභාපති සහෝදරයා කාගේ කවියක්ද ඔබතුමා ඔය මුමුනන්නේ?.”


“ඒක මොනවගේ කවියක් කියලද හිතන්නේ?.”මාවෝ ඔහුගෙන් පෙරළා ඇසුවේය.


“මං හිතන්නේ ඒක වටිනා කවියක්. හරි ලස්සනයි.”


“ඒක කාවෝ කාවෝ ලියපු කවියක්. “මුහුද දිහා” කියලයි ඒක නම්කරලා තියෙන්නේ. “ගිම්හාන දොරටුවෙන් පිටමංවීම” කියන කවි එකතුවේ මුල්කොටසේ කවියක්.”


“කාවෝ කාවෝ කියන්නේ කවියෙක්ද?.”


“ඒ ගැන ඇහුවොත් ඔයා පුදුම වේවි. ඔහු ශ්‍රේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙක්, ශ්‍රේෂ්ඨ සොල්දාදුවෙක් වගේම ශ්‍රේෂ්ඨ කවියෙක්.”


ඒ කතාවෙන් අපි තුෂ්නිම්භූතවීමු. අපි අසා තිබුණේ කාවෝ කාවෝ ඉතා අවලස්සන, දුෂ්ට, ද්‍රෝහී, පුද්ගලයකු ලෙසිනි. දැන් මාවෝ ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියයි. සමහරවිට මාවෝ මේ කියන්නේ ඒ නම තියෙන වෙනත් කෙනෙක් ගැන වියයුතුය.


“කාවෝ කාවෝ?.”දොස්තර ෂූ ට මෙය තේරුම්ගත නොහැකිවිය. “අර කැත මුහුණක් තියෙන, දුෂ්ට මිනිහා ගැන නෙමෙයි නේද ඔබතුමා ඔය කියන්නේ?.”


“පිස්සු කතා කියන්න එපා.” මාවෝ ඔහුගේ ඇඟට කඩා පැන්නේය. “කහ ගංඟා තීරයේ ‘වෙයි’ රාජධානිය පිහිටවලා උතුරු චීනය එක්සේසත් කළේ කාවෝ කාවෝ. ඒක චීනයේ වඩාත් වැදගත්ම පළාතක්. හන් අධිරාජ්‍යයේ තිබුණ නරක ප්‍රතිපත්ති නිවැරදි මගට ගත්තේ ඔහු. ඒ පළාතේ නිෂ්පාදනය නංවලා ආර්ථිකය දියුණු කරපු පළමුවැනියා ඔහු. බැරක්කවලට සිමාවෙලා හිටපු හමුදා භටයො ගොවිතැන් කටයුතුවල යොදවලා පුරන්වුණු කුඹුරු, ඉඩම් වගා කරන්න ගොවියො පෙලඹෙව්වේ ඔහු. යුද්ධයෙන් සිදුවුණු හානි දුරලලා, නැවත නීතිය ස්ථාපනය කරලා, රටේ ස්ථාවරභාවය ඇති කළේ ඔහු. ඉතින් ඒවා ශ්‍රේෂ්ඨ වැඩ නෙවෙයිද? ඔහු ද්‍රෝහියෙක්, නරක මිනිහෙක්, කැත මුහුණක් තියෙන කෙනෙක්, කියලා පොත් පත්, නාට්‍ය ලියපුවාම මිනිස්සු ඒවා විශ්වාස කළා. ඒවා සේරම රඳලයින්ගේ උවමනාවට ලියපු දේවල්. දරුණු දේවල් කරන්න පෑනට පු`එවන්. එවැනි රදලයො ඔවුන්ගේ සගයින් ලවා පෑනෙන් බොරු ලියවලා මිනිසුන්ට බලපෑම් කළා. අපි කාවෝ කාවෝ ගැන මිනිසුන්ට ඇත්ත කියන්න ඕනැ.” 


අතීතයේ සිටි කිසිදු මිනිසෙකු ගැන මාවෝ මෙතරම් උනන්දුවකින් හා සැලකිල්ලකින් කතා කරනු මා ඉන්පෙර කිසි දිනක අසා නොතිබුණි. කෙසේ වෙතත් කාවෝ කාවෝ ගැන මාවෝට කවදාවත් ලියන්නට නොහැකි විය. ඒ කර්තව්‍ය කරණු ලැබුවේ ගුවෝ මවුරුවෝ විසිනි. කාවෝ කාවෝ පිළිබඳ ඔහු ලියු ලිපි රට තුළ පු`එල් කතා බහකට ලක්වුණි. එහි ප්‍රතිඵලයක් ලෙස චිනයේ බහුතරයකගේ මතය වෙනස් කිරිමට ඒවාට හැකිවිය.

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත