1930 ගණන්වලදී කොරිබාබාහි දක්‍ෂ ජනප්‍රිය ලේඛකයකු වූ ඩියොඩෝරා රොකාගේ නායකත්වයෙන් පොලිස් මර්දනයට සහ ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබූ ෆැසිස්ට් ක්‍රියාවන්ට විරුද්ධව නැගී සිටීම සඳහා කණ්ඩායමක් සුදානම් කළා.


පසුව ලතින් ඇමරිකාවේ රටවල් හරහා සංචාරයක් යාමට චේට අවශ්‍ය විය. ඔහු එමඟින් ජනතාව විඳින දුක් ගැහැට ඔවුන්ට තිබෙන ප්‍රශ්න ඒවා මග හරවා ගැනීමට ගත යුතු මග ආදිය ගැන දීර්ඝ හැදෑරීමක් සිදුකළේය. එසේම මෙම සංචාරයකදී ඔහුට  ලතින් ඇමරිකාවේ හමුවිය යුතුම පුද්ගලයා ලෙස දෛවය විසින් නියම කර තිබුණු  පිදෙල් කස්ත්‍රෝ හමුවීම් සිදුවිය. ඒ චිලී රාජ්‍යයේදීය. මෙම දෛවෝපගත හමුවීමෙන් පසු කියාබානු විප්ලවය වෙනුවෙන් කැපවීමට මෙම දෙමිතුරෝ ගිවිස ගත්හ.


එතැන් පටන් එළඹෙන්නේ කියුබානු විප්ලවයේ වික්‍රමාන්විතයේ මෙහෙවරයි. සියරා මියස්ට්‍රා කඳුවැටියේ සිදුවූ කටයුතු මොන්කාඩා බැරැක්කයට පහර දීම, ග්‍රැන්මා යාත්‍රා කිරීම ආදිය සුලභව සාකච්ඡා වූ දේවල් වේ. එනිසා ඒ වෙනුවෙන් මිඩංගු විය යුතු නොවේ යයි හඟිමි. විප්ලවයේ සාර්ථකත්වයෙන් සහ බැටිස්ටාගේ වැටීමෙන් පසු චේ මෙසේ සඳහන් කර ඇත. “කැරලිකරුවන්ගේ ප්‍රමාණය දැන හඳුනාගත් පසුව පළමු දිනයේදී ජයග්‍රහණය දෙස සැක සහිතව බැලීමට පුරුදු වුණා. කෲර පාලනයකට එරෙහිව කෙරෙන අරගලයක නාමයෙන් පිටස්තර දේශයක මුහුදු වෙරළේදී වුවද මිය යන්නට ලැබීමත් නරක නැතැයි ඒ කාලයේ මා සිතුවා.”


චේ ගැන ඔහුගේ නායකයා වූ පිදෙල් විප්ලවයෙන් පසු ප්‍රකාශ කළේ මෙවැන්නකි.


“චේට මට වඩා විප්ලවීය දර්ශනයක් තිබෙනවා. ඒ පිළිබඳ දෘෂ්ටිය සහ සිදධාන්තයන් වඩාත් ඉදිරියෙන් ඇති බව පෙනෙනවා. මාගේ මතවාදයන් සමග සැසඳීමේදී  ඔහු ඉදිරියට පය තැබූ  විප්ලවවාදියෙක්” මේ නිහතමානී ප්‍රකාශයෙන් පිදෙල් කස්ත්‍රෝ චේ ගුවේරා කෙරෙහි ඇති අගය කිරීම මනාව දැක්වේ. කියුබානු විප්ලවයෙන් පසු පිහිටුවන ලද විප්ලවීය ආණ්ඩුව ජාතික බැංකුවේ අධිපතිධුරයත් පසුව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධුරයත් චේට ප්‍රදානය කළේය.


මෙම කුමන තනතුරු ලැබුණත් ඒ කිසිවක් උදර පෝෂණය සඳහා හෝ තමාට ආභරණයක් ලෙස හෝ යොදා ගැනීමට අර්නස්ටෝට අවශ්‍ය නොවීය. බහු ජාතික සමාගම්වල උක් ගොවියන් ලෙස ජීවත් වෙමින් අන්ත දිළිඳු භාවයටත් වහල්  භාවයටත් පත්ව සිටි කියුබානු ජනතාව එම අගාධයෙන් මුදවා කාර්මික රටක් බවට පත් කරලීමේ මූලික අඩිතාලම දැමීමට ඔහු සමත් විය. සීතල යුද්ධය පැවති එම යුගයේ බලවත්ව පැවති සෝවියට් රුසියාවෙන්ද ආර්ථික හා නව තාක්‍ෂණය පිළිබඳ උදව් උපකාර ලබමින් ඔහු කළ මෙහෙයේ වටිනාකම දක්නට ලැබෙන්නේ අඩසියවසකට පසු වර්තමානයේදීයි. සෑම සතියකටම අලුත් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කෙරුණි. වරක් ඔහු ආරම්භ කළ බෝල් බෙයාරි සහ මහන මැෂින් කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ උත්සවයකදී චේ කියා සිටියේ “සෝවියට් විශේෂඥයන් පරාර්ථකාමී ලෙස කටයුතු කිරීම නිසා සියලු උත්සාහයන් යොදා හැකි පමණ ඉක්මනින් එහි වැඩ කටයුතු නිම කළ හැකි වූ බවත් කියුබාවේ නියම දියුණුවක් ලබාගැනීමේ ප්‍රයත්නයේදී සෝවියට් සංගමය ආධාර කිරීම පිළිබඳවද හෙතෙම සතුටට පත්වන බවයි.
තවත් වරෙක ඔහු මෙසේද පැවසීය.


“සමාජවාදය ගොඩනැගීම රඳා පවතින්නේ කම්කරු ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලයක් වශයෙන් හා නිෂ්පාදන දියුණුවේත් ශ්‍රම ඵලදායිතාවේත් හැකියාව මතයි. අපේ නිෂ්පාදන ධාරිතාව දියුණු කිරීමට නොහැකිවන්නේ නම් අපට පාරිභෝගික ද්‍රව්‍ය නොමැති නම් අපේ හෘදය සාක්‍ෂිය සංවර්ධනය කිරීම අපහසු කාර්යයක් වේවි” ඔහු කියුබාවේ කර්මාන්තකරණය සිදු කළේ එම පදනමේ සිටිමිනි. 


චේ ගුවේරා නමැති දේශපාලනඥයාගේ භූමිකාව අවසන් වෙමින් තිබුණි. 1964 වන විට ඔහු කියුබානු දේශපාලන වේදිකාවේ දැකගත නොහැකි විය. නොයෙක් කට කතා පැතිරුණි. “ඔහු මිය ගොස්ය. රාජ්‍ය රහස් විකුණාගෙන පැන ගොස්ය” ආදී වශයෙනි. එහෙත් ඔහු සිටියේ බොලිවියාවේ ආයුධ සන්නද්ධ විප්ලවයට සහභාගී වෙමිනි. නායක පිදෙල් කස්ත්‍රෝට චේගෙන් ලිපියක් ලැබුණි. එහි මෙසේ සඳහන් විය.


“ඇමතිවරයෙකු වශයෙන් දැනට මා දරන තනතුරින් විප්ලවීය හමුදාවේ මගේ මේජර් තනතුරින්ද මා නිල වශයෙන් ඉල්ලා අස්වන අතර කියුබානු පුරවැසි බව මා අත්හැර දමනවා. රාජකාරිමය වශයෙන් මම තවදුරටත් කියුබාව සමග බැඳීමක්  නොමැති ලෙසම මට දැන් කිසි බැඳීමක් නැත.

 


 

හැම විටම විජයග්‍රහණය

මව්බිම නැති නම් මරණය!

නියම විප්ලවකාරී උද්‍යෝගයෙන් යුතුව මම ඔබ වැලඳ ගනිමි.


පෙර සඳහන් කළ පරිදි 1967 ඔක්තෝබර් අට වැනිදා බොලිවියාවේ ඈත කඳුකරයේ යුරෝ ගංගා නිම්නයේදී ප්‍රතිවිප්ලවවාදීන්ගේ වෙඩි උණ්ඩ හමුවේ සිය අන්තිම සුසුම්පොද වාතලයට මුසු කළේ සකල ලෝකවාසී පීඩිත ජනතාවට පරමාදර්ශයක් වෙමිනි. එනිසා තවත් බොහෝ දෙනෙක් පවසන්නාක් මෙන් මමද ලියමි.


චේ ඔබ අමරණීයයි!

 



මගේ අතීතය දෙස විමසිල්ලෙන් යුතුව බැලීමේදී දැඩි සේ අවංකවද කැපකිරීම්වලින් යුතුවද ක්‍රියාකාරීවීමෙන් විප්ලවය ජයග්‍රහණය කිරීම උදෙසා මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් යුතුව මා විසින් ක්‍රියා කර ඇතැයි සිතේ. 


එදා සියෙරා මියෙස්ට්‍රා කඳුකරයේදී ඔබ කෙරෙහි තබන ලද විශ්වාසය එතරම් ප්‍රබලයයි මම නොසිතමි. මා අතින් වූ එකම වරද යයි මම පිළිගනිමි. ඔබේ ගතිගුණ සහ ඔබ විප්ලවවාදී නායකයකු හැටියට හඳුනාගත්තේ ඉතා සෙමින් යයි මට සිතේ. 


දැන් මගේ ඉතා සුළු සේවය මේ ලෝකයේ තවත් වෙනස් කොටස්වලට අවශ්‍යව ඇති බව මට දැනෙයි. ඔබ කියුබාව පිළිබඳ වගකීම කරට ගෙන ඇති බැවින් ඔබට වෙනත් දෙයක යෙදිය නොහැක. එහෙත් එය මට ඉටු කළ හැකිය. ඉතින් දැන් අපට වෙන්ව යාමට කාලය පැමිණ ඇත.


ඔබට සහ ඔබේ ජනතාවට මට කිව හැකි තවත් බොහෝ දේ ඇත. නමුත් එවිට මට හැඟෙන්නේ ඒවා අතිශයෝක්තීන් වනු ඇති බවයි. මාගේ සියලු අදහස් ප්‍රකාශ කිරීමට මා වෙත ඇති වචන ප්‍රමාණවත් නැත. එසේ කඩදාසි නාස්ති කිරීමද ප්‍රයෝජනයක් නැති දෙයකි.”

 

 

 

 

 

 

 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ