මාඕ ත්සේතුං  186

ගිම්හාන මාළිගය නැරඹිමෙන් පසු එළැඹි දින ගණනාවම මාවෝට ඉමහත් කාර්යබහුල දිනයන් විය. ජනතා සංවිධාන නායකයින් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡා සහ විවිධාකාර උපදෙස් ලබා ගැනිම වෙනුවෙන් ප්‍රසිද්ධ පුද්ගල චරිත සමග පැවති සාකච්ඡා දිවා රාත්‍රී මු`එල්ලේම එකදිගට පැවතුණි. ජූනි 15 වැනි දින නව දේශපාලන උපදේශක කමිටු රැස්වීමේ ප්‍රාරම්භක දේශනය පවත්වමින් විදෙස් සබඳතා පිළිබඳව මාවෝ ඉතා වැදගත් අදහස් ගණනාවක්ම ප්‍රකාශයට පත් කළේය.


“අපි කුමන හෝ විදෙස් රටක් සමග රාජතාන්ත්‍රික සබඳතා පවත්වන විට ඔවුන් චීන ප්‍රතිගාමින් සමග සම්බන්ධ දැයි සොයා බැලිය යුතු අතර, එවැනි සබඳතා ඇතිබව ඔප්පු වුවහොත් ඒ කිසිම රටක් සමග සබඳතා ගොඩනගා ගැනීම හෝ ආධාර උපකාර කිරිම නොකළ යුතුය. කෙසේ වෙතත් චීන ජනතාව භේදයකින් තොරව ලෝකයේ සියලුම රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත්, නිෂ්පාදන වැඩිදියුණුකර ගනිමින් ජාත්‍යන්තර වෙළඳාම ඉහළ නැංවිමටත් ඒ හරහා ආර්ථිකය වර්ධනයකර ගැනීමටත් බලාපොරොත්තු වේ.”


නමුත් සිදුවුවේ කුමක්ද? අධිරාජ්‍යවාදී රටවල් අපේ ජනතාව සමාජවාදි සෙවණේ ජීවත්වීම පිළිකුලින් බැහැර කළ අතර ඔවුහු සමානාත්මතා ප්‍රතිපත්ති සහ අනෝ‍ය සහයෝගය හෙළා දුටුවෝය. ඒ සමග චීනය පිළි ගැනීම ඔවුහු ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළහ. එපමණකින් නොනැවතී තර්ජනය කරන්නටත් පසුබට නොවුහ. මෙහිදී සෝවියට් දේශය පවා අපේ ශක්තිය අවිශ්වාසකළ අතර අපේ හමුදා යැන්ග්ට්සේ ගංගාව තරණය කිරිම නැවැත්වීමට පවා උත්සාහ කළේය. නැන්ග්ජින් මුදා ගැනීමට ටික දිනකට පෙර ඔවුන්ගේ තානාපති කාර්යාලය ගුවැන්සු කරා ගෙනයාමට ද කටයුතු කරණ ලදී. ඇත්තටම සිදුවුවේ එයයි.


නව චීනය ගොඩනැගිමෙන් පසු එලැඹි වසර කිහිපය මාවෝට ඉතාමත් කාර්යය බහුල කාලයක් විය. නමුත් කෙසේ හෝ ඔහු සෝවියට් දේශයේ සංචාරයක් සඳහා කාලය කළමනාකරණය කර ගත්තේය. ඔහු එහි ගියේ ණය සහ ආධාර ලබා ගැනිමේ අරමුණිනි. එළැඹෙන දුෂ්කරතා ඔහු කලින්ම අපේක්ෂාකළ දේවල් විය. 


ගමනට උවමනා බඩු මා අසුරන විට ඔහු අතේ මහපොටැඟිල්ල නවා මැදඟිල්ල ඔසවා ඔහු එහි ගතකරණ දින ගණන පෙන්වමින් මෙසේ කිවේය. “ඒක සති කිහිපයක්, සමහරවිට මාසයක් වෙන්නත් පු`එවනි.” එය සනාථ කරමින් ඔහු සති දහයකට ආසන්න කාලයක් සෝවියට් දේශයේ ගත කළේය. මාවෝ ඉදිරිපත් කළ කරුණ සහ චිනයේ අනාගත බලාපොරෙත්තු ගැන අවධානය යොමුකරමින් චීන ජනතාවගේ සුබසෙත හා ආර්ථික වර්ධනය උදෙසා සෝවියට් දේශය විසින් ඇමරිකානු ඩොලර් මිලියන හැටක වාර්ෂික ණය මුදලක් මෙහිදි ප්‍රදානය කෙරිණි.


‘ඩොලර් මිලියන හැටක සොච්චමක්!.


මෙය සෝවියට් සංගමය විසින් නැගෙනහිර යුරෝපයේ රටවලට දෙන ලද ආධාරවලට වඩා බෙහෙවින්ම අඩු ප්‍රමාණයකි. එලෙස ආධාර දුන් එකදු රටක් හෝ චීනයේ එක පළාතක් තරම්වත් විශාල නොවීය.
ඒ කෙස් වෙතත් මේ කළ උපකාරයට ප්‍රතික්‍රියා දැක්වීමේදි කිසිම ආත්මාර්ථයකින් තොරව ඔවුන් අපට දුන්නාට වඩා දස දහස් ගුණයකින් ප්‍රතිචාර දැක්විය යුතුබව මාවෝ කිවේය. ඊට හොඳම උදාහරණය වුවේ සෝව්යට් නායක ස්ටාර්ලින් මියගිය පුවත දැනගන්නට ලැබුණු විට මාවෝ හැසිරුණු ආකාරයයි. ඒ පුවත ඇසු විට ඔහුට නින්ද නොගියේය. නිදි පෙති වලට පවා ඔහුගේ නින්ද ළඟාකර දිය නොහැකිවිය. ස්ටාර්ලින්ගේ වියෝව වෙනුවෙන් ඔහු විසින් පුවත්පත් වලට ලියන ලද ‘මහා මිතුදම’ යන ලිපියේ ඔහු ස්ටාර්ලින් අගැයිමට ලක් කරමින් ලීවේ චින විප්ලවයේදි මෙන්ම සමාජවාදය ගොඩනැගිමේදි ස්ටාර්ලින් ලබාදුන් සහාය ඉහළින්ම වර්ණනා කරමිනි.


ජාත්‍යන්තරය වෙත ඔහු දැක්වු මේ මිත්‍රත්වය ඇමරිකාවට පවා පොදු දෙයක් විය. කිනම් විදෙස් රටක් සමග වුවද අනෝ‍ය ගරුත්වය, ස්වාධිනත්වය, ගරුකරමින් රාජතාන්ත්‍රික සබඳතා ගොඩ නගා ගැනීම මාවෝ ගේ බලාපොරොත්තුව විය.


කෙසේ වෙතත් කොරියන් යුද්ධය ඇරඹි දින දෙකකට පමණ පසු ඇමරිකානු ජනාධිපති ටෲමන් චීනය හා තායිවානය අතර ඇති පටු සමුද්‍රසන්ධිය බල රහිත කරමින් චීන විමුක්ති හමුදා දුපත මුදා ගැනීමේ මෙහෙයුම් වැළැක්වීම හේතුවෙන් මාවෝ තුළින් පිටවුනු කෝපය විස්තර කළ නොහැකිය. චිනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාව අත පෙවිම ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. 

 

 

 

 


ආරියනන්ද දොඹගහවත්ත