මාඕ ත්සේතුං  189

ර`එ පෙනුමෙන් යුත් ශක්තිමත් මිනිසුන් මෙහෙයවු ඔරු දුසිමකට වඩා ගංඟාවේ නවතා තිබුණි. මාවෝ පළමු ඔරුවට ගෙඩාවූ අතර චූ එන්-ලායි සහ රෙන් බිසී දෙවැනි ඔරුවට නැග ගත්හ. ලූ ඩින්ග්යි සහ හූ කියෙවු තුන්වැනි ඔරුවට ගොඩවූහ.

   අපේ ඔරුව ගං ඉවුරේ සිට හෙමින් ඇදී යද්දී, ඔරුවේ වාඩිවීම ප්‍රතික්ෂේප කරමින්, ඉවුරේ සිටි මිනිසුන්ගෙන් සමුගන්නට අත වනමින් ඔරුවේ සිටගෙන සිටි මාවෝ වටා  ශරිර ආරක්ෂකයෝ කිහිප දෙනෙක්  සිටගෙන සිටියහ. ටික වේලාවකින් ඔරුව පැද්දෙන්නට පටන් ගත්තේය. ගඟේ ඈතට යනවිට වියරු රළ, හඬ දෙමින් ඔරු බඳට දරුණු ලෙස පහර දෙන්නට විය.


“සභාපති සහෝදරයා කරුණාකරලා වාඩිවෙන්න.”මාවෝ අල්ලා ගනිමින් මම කීවෙමි. මාවෝ මගේ අත ගසාදමා බොර පැහැති රළ පහර දෙස බලා අනතුරුව ඈත්වෙමින් යන ගංතෙර හා එහි රැස්ව සිටි පිරිස දෙස බැලීය. එසේ බලද්දී ඔහු පිටතට ඇසෙන සේ හුස්ම ඉහළට ඇදගත් අතර දෙනෙත් දීප්තිමත්ව දැල්විනි. ඊලඟට ඔහු කාර්යමණ්ඩල ප්‍රධානී යේ සිලෝන් වෙතට හැරුණේය. “අපි දැන් ඉන්නේ කහ ගංඟාවේ. පසුබිමේ තියෙන්නේ උතුරු ෂැන්සි ප්‍රදේශය. ඒ සේරම අහුවෙන්න මගේ පිංතූරයක් ගත්තොත් කොහොමද?.”


“හරි, ඒක හොඳ වටිනා පිංතූරයක්.” වහ වහා කැමරාව පිටතට


ගනිමින් ඔහු කීවේය. මාවෝ තව දුරටත් සිනා නොවී උදාරබවක් ප්‍රදර්ශනය කරමින් බෝට්ටුවේ නොසැලි සිටගෙන සිටියේය. ඔහු එලෙස සුදානම් වූ සැනින් යී කැමරාව ක්‍රියාත්මක කළේය. 


“නියමයි.” මාවෝ හිස සලමින් තෘප්තිමත් සිනාවක් පෑවේය. “උතුරු ෂැන්සි සානුවේ ජනතාවයි, කහ ගංගාවයි එකම පිංතූරයක. ඒක අමතක නොවන පිංතූරයක්.”


    අපේ බෝට්ටුව ගඟ මැදට ළඟාවන විට ග`ගේ කැළඹිලි ගතියක් මතුවිය. ඒ විශාල පාවෙන අයිස් කුට්ටි සැදෙන කාලයයි. ඇඹරුම් ගලක් තරම් විශාල අයිස් කුට්ටියක් දැවැන්ත රළ පහරක් සමග මතුවී වේගයෙන් ඉහළ ඇදි ගොස් හෙන හඬක් නගමින් විදුලි වේගයෙන් පහතට ඇද වැටුණි. අපේ කුඩා ඔරුව රළ පහරට හසුවී, හරියට ඉගිලෙන්නාක් මෙන්  සැනෙකින් ඉහළ නැගී ඊලඟට පහලට ඇද හැලුනේ පතුලක් නැති ළිඳකට වැටෙන්නාක් මෙනි. ඉහළ අහස හැරෙන්නට වෙන කිසිවක් නොවුණි. හැමවිටම වාගේ අපේ බෝට්ටුව පාවෙන අයිස් කුට්ටි අතර තෙරපෙමින් බියකරු ලෙස එහා මෙහා පැද්දෙන්නට විය. නමුත් ඔරුකාරයෝ නොනවත්වා හබල් ගසමින් ඔවුන්ගේ ශ්‍රමාභිමානි ගීතය එනම් ‘යෝ හෝ.....යෝ හෝ.... යන්න ගායනා කරමින් ඔරුව වේගයෙන් ඉදිරියට පැදවූහ.


     මාවෝ වෙතින් දිස්වූවේ කුතුහලය මුසු පෙනුමකි. එමගින් ඔහුගේ සිත තුළ තෙරපෙන අදහස්වල ගති සොබා විදහාපාන්නක් විය. එය පිටතට පැනීම නතර කළ නොහැක්කකි. තදින් හුස්ම ගන්නා විට ඔහුගේ පපුව ඉහළට නැගුණි. ඔහු එක්වරම ශරීර ආරක්ෂයින් දෙසට හැරුණි. “තමුන්ලගෙන් කාටද මේ ගඟේ පිහිනන්න තරම් ධෛර්යක් තියෙන්නේ?.”


   අපේ ශරිර ආරක්ෂකයින් අතර හොඳ පිහිනුම්කරුවෝ සිටියහ. යමෙක් ඔහුගේ නිර්දේශය හඬගා කීවේය. “මා හොන්රොන්ග් ට ඒක කරන්න පු`එවනි. එයා කහ ගංඟාවේ අතු ගංඟාවක් පිටාරා ගලද්දී ජෙනරාල් පෙන්ග් ට පනිවිඩයක් අරගෙන ඒ හරහා පීනුවා.”

  අපේ කුඩා ඔරුව රළ පහරට හසුවී, හරියට ඉගිලෙන්නාක් මෙන්  සැනෙකින් ඉහළ නැගී ඊළඟට පහළට ඇද හැලුනේ පතුලක් නැති ළිඳකට වැටෙන්නාක් මෙනි. ඉහළ අහස හැරෙන්නට වෙන කිසිවක් නොවුණි. හැමවිටම වාගේ අපේ බෝට්ටුව පාවෙන අයිස් කුට්ටි අතර තෙරපෙමින් බියකරු ලෙස එහා මෙහා පැද්දෙන්නට විය. නමුත් ඔරුකාරයෝ නොනවත්වා හබල් ගසමින් ඔවුන්ගේ ශ්‍රමාභිමානි ගීතය එනම් ‘යෝ හෝ.....යෝ හෝ.... යන්න ගායනා කරමින් ඔරුව වේගයෙන් ඉදිරියට පැදවූහ.

 


“එක පාරක් මමත් යැන්ග්හේ ගඟ පිටාරා ගලද්දී ඒ හරහා පීනුවා.”ෂී ගුවේරු කීවේය.


“පායන කාලෙදි නම් මම ඒ හරහා පීනුවා.”සාමාන්‍යයෙන් අඩුවෙන් කතා බහ කරන සන්යොන් පහත් හඬින් පැවසුවේය. “නැවතවරක් මට ඒ දේ කරන්න පු`එවනි.”


“හොඳ අදහස.” මාවෝ කීවේ සන්ගේ අදහස දැඩි කුතුහලයෙන් යුතුව අල්ලා ගනිමිනි. “අපි ඔරු පිටත් කරලා ඉවුරට පීනාගෙන යමු. එන්න.”


    මාවෝ කියූ දෙයින් මම තිගැස්සුනෙමි. ඒ සමගම මා ඊට විරෝධය පාන්න හැදුවත් මම එය නතරකර ගත්තේ එසේ කළවිට මාවෝ ඒ දේ කිරිමට වඩ වඩාත් පෙළඹෙන්නට ඉඩ තිබුණු බැවිනි. බෝට්ටුවේ සිටි සියලු දෙනම නොසන්සුන් නිහඬතාවක වැටි සිටියහ. ඒ අතරින් යමෙක් පහත් හඬින් කතා කරනු ඇසිනි. “අද බෑ. මේ අයිස් මිදෙන කාලෙ.”


“නෑ අද නෙවෙයි.” සන් යොන් වහා කීවේය. “මේ විදිහට අයිස් මිදෙන්නෙ නැති කලෙක.”


“කරන්න බෑ නේද?. හා...හා.....හා.....”මාවෝ සිනාසුනේය. “තමුන්ලා සේරම දෙනා බයයි, ඒකයි.”           
       

 

 


ආරියනන්ද දොඹගහවත්ත