ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


විසි තුන්වැනි කොටස


ඩොමිනිකානු රාජ්‍යයේ ඒකාධිපති පාලක ටෘජිලෝ අලි රෆායෙල්ගේ පාලන සමය පසුබිම්කොට මිරැබල් සොයුරියන්ගේ අත්දැකීම් ඇසුරෙනි. නිර්මාණය වු මෙම නව කතාව මෙතැන් පටන් දිග හැරෙනුයේ මිනර්වා මිරබල්ගේ අත්දැකිම් ඇසුරෙනි. ඈ මිරබල් පවුලට භීතිය රැගෙන ආ පෙරළිකාර කැරලිකාර චරිතය බව දැන් ඔබ දන්නවා ඇති.

1949 වර්ෂයේ ගිම්හානය. 


මා වසර කිහිපයක සිට නිවසේ නතර වු පසුව මා ගැන කට කතා පැතිරී තිබෙන බව මම දනිමි. ඉන් පළමු වැන්න මා පිරිමින් අප්‍රිය කරන බවය. මේ අවට කිසිදු පිරිමියෙකු වෙත මා දෙවරක් අවධානය යොමු නොකළ බව සෑබෑවකි. නමුත් එහි තේරුම මා ඔවුන්ට අකමැති වීම නොවීය. මා සොයමින් සිටියේ මොනවා දැයි මා නොදැන සිටියා පමණි. 


තවත් දෙයක් වුයේ මා නිතරම පොතක මුහුණ ඔබා ගෙන සිටීමය. ප්‍රේමය යනු මා කියවා තිබු යම් කිසිවක් යළි ළඟා වීම වනු ඇත. මා ආදරය කළ යුතු තැනැත්තා චිත්‍රයක සිටි කවියෙකු මෙන් දුක් මුසුව හා සුදුමැලිව පෑනක් අත දරාගෙන සිටිය යුතු බවට මම කල්පනා කළෙමි. 


තවත් දෙයක් නම් පියා පෙම්වතුන් අධෙර්යයට පත් කිරීමය. මා ඔහුගේ වටිනාම වස්තුව ඔබ ඔහු උකුලට තට්ටු කරමින් කියන්නේ මා විසිතුන් හැවිරිදි තරුණියක මෙන් සලකා නොව ජම්පරය හැඳි කුඩා දැරියක මෙන් ගත් අයුරිනි. 


තාත්තා යි මා කියනු ඇත. මං ඒ දේට වයසින් වැඩියි. 


මා ඔඩොක්කුවේ වාඩි වෙනවා. නම් ඕනෑම දෙයක් දෙන බව විටෙක ඔහු කීය. මෙතැනට ඇවිත් ඒක මගේ කනට කරලා කියන්නකෝ බීමත නිසා ඔහුගේ වචන තරමක් පැටලැවුණි. මා එක එල්ලේ වාඩි වුයේ මගේ තෑග්ග දිනා ගැනීමටය. මට විශ්ව විද්‍යාල යන්න ඕනි තාත්තා කරුණාකරලා. 


ඔන්න ඔන්න යි ඔහු පැවසුවේ මා සියල්ල කෙරුවේ එක් දෙයක් පිළිබඳව අදහස් කළ අයුරින් මෙනි. ඔයාට නාකි තාත්තව දාල යන්න ඕනිද? නෑ නේද? 


නමුත් තාත්තා ඔයාට අම්ම ඉන්නවානෙ. මම වාද කළෙමි. ඔහුගේ මුහුණ අඳුරු විය. නිවස ඉදිරිපස අප සිටි තැනට නුදුරින් අම්මා සද්ද බද්ද කරනු අපට ඇසිණ. මාරියා තෙරේසා පාසැල් ගොස් සිටියාය. ඬේ ඬේ මෑතදී විවාහ වී ගොසින්ය. වැඩුණු තරුණියක වු මම තාත්තගේ උකුලෙහි වාඩි වීමි. ඔයාගේ අම්මයි මායි ඔහු කියන්නට පටන් ගත් නමුත් එය අවසන් නොකළේය. අපට ඔයා ළඟ ඉඳීම වටිනවා. යි අනතුරුව ඔහු කීය. 


මා කන්‍යාරාමයේ අධ්‍යාපනය නිමා කර නිවසට කොටු වී තෙවසරක කාලයක් ගෙවී තිබු අතර පීඩනය හේතුවෙන් මා සිටියේ කෑ ගැසීමට ආසන්නවය. නරකම කාරණය වුයේ අගනුවර සිටි සිනිටා හා එල්සාගෙන් තොරතුරු පිරුණු ලිපි ලැබීමය. ඔවුන් අසුන් සන් කන්‍යා සොයුරිය තැති ගන්නා අන්දමේ විනෝද ජනක දෑ කරමින් සිටි බව දැන ගන්නට ලැබිණ. තාත්තා ඔවුන් එවු ලිපි සැල්සිඩෝ තැපැල් කාර්යාලයෙන් රැගෙන ආ අවස්ථා වල මම ඊර්ෂ්‍යාවෙන් සසල වීමි. මා ජීප් රියේ නැගී ගම්බද පාර වල් දෙවනත් කෙරුවේ සිත සනසා ගැනීමටය. මා ඈතට ඈතට රිය පදවා යන්නේ අගනුවරට පලා යන බව සිතා සිත රවටා ගැනීමටය. නමුත් යම් කිසි හේතුවක් නිසා මම නැවත රිය හරවා ගෙන යළි නිවස බලා පැමිණියෙමි. 


එක් සවස් යාමයක මා මෙසේ ඉබා ගාතේ ධාවනයක යෙදෙන විට අපගේ ඉඩම් වටා වු කුඩා අතුපාරක ගියෙමි. ගිනිකොන පැත්තේ කොකෝවා වගාව තිබු ඉසව්වේ අපගේ ෆෝඞ් රථය කහ පාට කුඩා නිවසක් අසල නතර කොට තිබෙනු මගේ නෙත ගැටිණ. එහි වෙසෙන ගොවි පවුල කවුරුන්දැයි මතකයට නගා ගැනුමට වෑයම් කළත් මට ඔවුන් හමු වී ඇති බවක් සිහියට නංවා ගත හැකි නොවීය. 


මා නැවත නැවත එම අතු පාරේ ගියේ සෝදිසියෙනි. මා ෆෝඞ් රියේ නැගී යන වාරයක් පාසා මෙහි සිටි කුඩා ගැහැනු ළමුන් අත් දිගු කරගෙන මා පසු පස එළවීය. 


මම ඔවුන් දෙස හොඳින් බැලුවෙමි. රියේ හඬ ඇසී පාරට දිව ආ ගැහැනු ළමයින් තිදෙනෙකු සිටි අතර වැඩිමහල් දැරිය සිව් වැන්නා වඩාගෙන සිටියාය. ගැහැනු ළමුන් සිව් දෙනෙක් බව මම නිගමනය කළෙමි. අත දරුවා සිටියේ නිරුවතිනි. වරෙක මම රිය නවතා ඔවුනගේ මිරැබල් ඇස් දෙස නෙත් හයා බලා සිටියෙමි. ඔයාලගෙ තාත්තා කවුද? 


මා අදාළ කරුණ එක එල්ලේ ඇසුවෙමි. 


මොහොතකට පෙර නිර්භීත ලෙස ඝෝෂා කරමින් පැමිණි ඔවුහු මෝටර් රථයෙන් බැස ගත් මා දැක හිස් බිමට නැඹුරු කොට නෙත් කොනින් බැලුහ. 


ඔයාලට සහෝදරයෙක් ඉන්නවද? මම වඩා මෘදු ලෙස විමසුවෙමි. 


නැහැ සිංඤෝරා යනුවෙන් ඔවුන් මුමුණනු ඇසීම කුරිරු සතුටක් විය. අන්තිමේදී තාත්තාට ඒ මාර්ගයෙන් හෝ පුතෙකු ලබා ගැනීමට හැකි වී නොතිබිණ. 


ස්වල්ප වේලාවකට පසුව ගැහැනියක ගාටමින් නිවසින් පිටතට පැමිණ තිබු අතර ඈ කලබලයට හිස පීරා ඇති බව පෙනිණ. මා දුටු විට ඇගේ මුහුණ මැළවුණි. ඈ ළමුන්ට බැණ වැදුණේ ඈ ඔවුන් සොයා පැමිණි අයුරිනි. මං කිවුවනෙ කාර් පස්සෙ දුවන්න එපා කියලා. 


එයාලා මොකුත් වරදක් කළේ නැහැ. මම ඔවුන් ආරක්ෂා කරමින් අත දරුවාගේ කම්මුල් ස්පර්ශ කළෙමි. 


ගැහැනිය මා දෙස පරීක්ෂාකාරීව බලා සිටියාය. අද තමාට ඇත්තේ මොනවාද මා සතු මොනවාද කියා යම් පරීක්ෂාවක් සිදු කර සරල අංක ගණිත විසඳුමකට එළැඹ පියාගෙන් යම් පොරොන්දුවක් ලබා ගන්නට ඇත.  බැලු හැම අතකම මෙම වැරැහැලි හැඳි දැරියන් සිව් දෙනා තාත්තාගේ හා මගේම ඇස් වලින් පෙරළා මවෙත දෑස් හයා බැලුහ. මට දෙන්න මට දෙන්න යි ඔවුහු කෑ ගැසූහ. නමුත් මා ඔයාලට මොනවද ඕනෑයි ඇසු විට ඔවුන් ගොළු වී හයා ගත් මුවින් බලාසිටියේ ඇරඹිය යුතු කොතැනදැයි නොදැනය. 


ඔවුන් මගෙන් එම දෙයම විමසුවේ නම් මා දෙනෙත් හයා ගොළුව සිටිනු ඇත. 


මට උවමනා වුයේ කුමක්ද? මා තවදුරටත් එය දැක සිටියේ නැත. ඔජෝ ඩි අගා ගමේ සිරව සිටි තෙවසරක කාලය මා සුරංගනා කතාවක නින්දට වැටී සිටි කුමරිය වැනිවිය. මම පොත් කියවමින් පැමිණිලි කරමින් ඬේඬේ හා වාද කරමින් සිටි නමුත් ඒ මුළු කාලය පුරා නින්දෙන් ගොරවමින් පසුවීමි. මට ලියෝ මුණ ගැසීම නින්දෙන් අවදි වීමක් වැනි විය. මා ඉගෙන ගෙන තිබූ සියල්ල ඇඟ මත වාඩි වු විට බොහෝ පොරොණ පහළ වැටෙන අයුරින් මගෙන් ගිලිහුණි. දැන් මා මගෙන් මෙසේ විමසන විට ඔබට මොනවද උවමනා මිනර්වා මිරැබල්? යනුවෙන් මට පිළිතුරක් නොමැති බව දැනී කම්පනයක් ඇති විය. 


මා ලියෝ ගැන කොපමණ සිතුවත් ඔහු හා ආදරයෙන් නොබැඳුණ බව පමණක් මම දැන සිටියෙමි. එසේ නම් කුමක්ද? මම මසිත හා වාද කළෙමි. වඩාත් වැදගත් වුයේ කුමක්ද? විප්ලවයද? ප්‍රේමයද? නමුත් හීන් හඬක් නොනවත්වා දෙකම, දෙකම කියනු ඇසිණ. මට දෙකම උවමනා විය. රැයේ දී චංචල වන සිත “ඔව්”. කීවද දහවල එය “නැත” විය. 


හැමවිටම සිදුවන අයුරින් ඔබේ ජිවිතය ඔබ වෙනුවෙන් තීරණ ගනී. ලියෝ රටින් පිට රැකවරණය සොයන බවට නිවේදනය කළේය. එම වාතාවරණය අප අතරට විසඳුමක් ගෙනෙනු ඇතැයි මම සහනයට පත් වීමි. 


එසේ වුවත් ඔහු සමු ගැනීමකින් තොරව නික්ම යාම ගැන මා තුළ රිදුමක් ඇති විය. අනතුරුව මා කනගාටු වන්නට පටන් ගත්තේ ඔහුගේ නිහැඬියවේ අරුත ඔහු අසු වී ඇතැයි සිතාය. මට දිගින් දිගටම ලියෝ සිහිනෙන් පෙනුනි. ඔහු බැලීමට කදිම දසුනක් නොවීය. ඔහුගේ සිරුර සිරී තැලී පොඩි වී පෙනුණේ ඔහු මට විස්තර කළ ලා ෆෝටැලිසා කඳවුරේ වධ බන්ධනයට ලක් වු අයුරිනි. ලියෝට රටින් පිට වී යාමට ඉඩක් නොලැබීම පිළිබඳ අභූත සංඥා මාවෙත ලැබෙන බව මම සිතුවෙමි. ලියෝ පොලිසියට හෝ හමුදාවට හසු වන්නට ඇතැයි මට සිතුණි. ඒ හැඟීම මා තුළ බියක් අවුලුවමින් මා රෝගී කරවන්නට විය.

 

 

 

 

 


පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර