බි්‍රතාන්‍ය රජය විසින් 1833 වසරේ ක්‍රියාත්මක කළ කොල්බෲක් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවාසී සාමාන්‍ය ජනතාවට අනේක විධ වූ පීඩාවලට මුහුණ පෑමට සිදුවූ බව ඉතිහාසය සාක්කි දරයි.


කොල්බෲක් ප්‍රතිසංස්කරණය හරහා බි්‍රතාන්‍යය පාලකයන් අපේ රටේ බදු ක්‍රමයක් පනවනු ලැබූ අතර, එම බදු පැනවීම් අපේ රටේ සාමාන්‍ය ජනතාවට කෙසේවත් දරා ගැනීමට නොහැකි වී ඇත.


1 ඇඟ බද්ද, මරාල බද්ද, පොල් බද්ද, ධීවර බද්ද පාර බද්ද, බලු බද්ධ සහ ඉස්තෝප්පු බද්ද බි්‍රතාන්‍ය පාලකයන් අපේ රටවැසියන්ට පැනවූ ඉතා අමානුෂික බදු අතරින් ප්‍රධාන තැනක් ගත්තේය.


ළමයෙක් වැඩිහිටියෙක් බවට පත් වූවාට පස්සේ ගෙවන්න නියම කරන ලද බද්ද ඇඟ බද්ද වශයෙන් හැඳින්විණි.
සුදු ජාතිකයන් විසින් ඉදිකරන මාර්ගවල දින හයක් නොකඩවා කම්කරුවන් ලෙස සේවය කිරීම ඇඟ 
බද්ද ගෙවීම බි්‍රතාන්‍ය පාලකයන් ලබා දෙන දඬුවම විය.


මෙසේ මියගිය පසු ඔහු ජීවත්ව සිටි කාලයේ පරිහරණය කළ දේපොළ හා ඉතිරි කර ගත් මුදල් වෙනුවෙන් යම් මුදලක් බදු වශයෙන් ගෙවීමට නියම කර තිබු අතර, එම බද්ද මරාල බද්ද වශයෙන් හැඳින්විය.


ගෙවත්තේ ඇති පොල් ගස්වලට ද බදු ලබා ගැනීමේ ක්‍රමයක් ඒ කාලයේ ක්‍රියාත්මක වී ඇති අතර, එම බද්ද හැඳින්වූයේ පොල් බද්ද යනුවෙනි.


ධීවර රැකියාවේ නිරතවන අයගෙන් ලබාගත් බද්ධ මාළු බද්ද වශයෙන් හඳුන්වා ඇත.


බලපත්‍ර සහිත තුවක්කු තිබෙන අයගෙන් ලබාගත් බද්ද තුවක්කු බද්ද වූ අතර, මේ බද්ද පනවා ඇතැයි කියන්නේ කෝපි වගාවෙන් බි්‍රතාන්‍ය පාලකයන් ලැබූ පාඩුව පියවා ගැනීමක් වශයෙනි.


පදිංචිව සිටින නිවාස සඳහා යාමට වෙනම පාරක් යමෙක් භාවිත කරන්නේ නම් ඒ පාර වෙනුවෙන් අයකළ බද්ද පාර බද්ද විය.


නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් වෙනුවෙන් පනවා තිබූ බද්ද බලු බද්ද වශයෙන් හැඳින් වූ අතර, යම් සුනඛයෙක් වෙනුවෙන් බදු නොගෙවන්නේ නම් ඒ සුනඛයා අල්ලා දියේ ගිල්වා මරා දමන්නට තරම් සුද්දා ඒ කාලයේ අමානුෂික වී තිබිණි.


පදිංචිව සිටින නිවස සඳහා අලුතින් ඉස්තෝප්පුවක් ඉදිකළේ නම් එම ඉස්තෝප්පුව වෙනුවෙන් අය කළ බද්ද ඉස්තෝප්පු බද්ද ලෙස හැඳින්වූ අතර, දුර පළාත් ඉදිකළ ඉස්තෝප්පුව සඳහා බදු ගෙවීම පැහැර හැරියහොත් ඉස්තෝප්පුව කඩා දැමීමට තරම් සුදු පාලකයන් සැහැසි වී තිබේ.


1848 වසරේදී ඇතිවූ මාතලේ කැරැල්ලට ප්‍රබල සාධකයක් වූයේ බි්‍රතාන්‍ය පාලකයන් විසින් පනවා තිබූ ඇඟ බද්ද බව ඉතිහාසයේ සඳහන් වේ.

 

 

බි්‍රතාන්‍ය පාලකයන්ට විරුද්ධව ජනතාව කැරලි ගසන්නට පටන් ගත්තේ බදු බර තවදුරටත් උසුලා ගැනීමට බැරිම තැනය.


සුදු ජාතිකයන් අපේ රට පාලනය කළ සමයේ පනවා තිබූ ඇඟ බද්ද අනුව තරුණයන් පිරිසකට රුපියල් 2ක ඇඟ බද්දක් ගෙවිය යුතු බවට නියෝගයක් පනවා තිබූ අතර, එය ඒ කාලයේ හැටියට විශාල මුදලකි.


ඇඟ බද්ද නොගෙවන අයට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ අතර, පාරවල් තැනීමට අවශ්‍ය කළුගල් කැඩීම ද ඇඟ බද්ද නොගෙවන අයට පැනවූ තවත් දඬුවමක් විය.


ඇඟ බද්ද ගෙවීමට තරම් හැකියාවක් නොතිබූ ජනතාව බුරුතු පිටින් සිරගත වීමට සිදුවිය. එහෙමත් නැත්නම් කළු ගල් කැඩීමට සිදුවී ඇත.


සුද්දා පැන වූ මේ අමානුෂික ඇඟ බද්දට එරෙහිව අභීතව නැගී සිටි දේශප්‍රේමී දේශමාමක වීරයන් අතරේ ඉදිරියෙන්ම සිටි වීරවරයෙක් වූයේ චාල්ස් වික්ටර් කොරයා මහතාය.


චාල්ස් වික්ටර් කොරයා මහතාගේ වැඩිමහල් සහෝදරයා වූ චාල්ස් එඞ්ගා කොරයා (සී.ඊ. කොරයා) මහතා ද නිදහස් සටනේ පුරෝගාමියෙක් වී සිටියේය.


දේශප්‍රේමී නිදහස් අරගලයේ නියමුවරුන් වන වික්ටර් කොරයා හා එඞ්ගා කොරයා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් වී සිටි අතර, ඔවුන් දෙදෙනාම නීතිඥවරු ද වෙති.


චාල්ස් වික්ටර් කොරයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බස්නාහිර පළාත නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් ලෙස ද, එඞ්ගා කොරයා මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වයඹ පළාත නියෝජනය කරමින් තේරී පත්වී සිටි පළමු මන්ත්‍රීවරයා වශයෙන්  අනුපමේය සේවයක් රට ජාතිය වෙනුවෙන් ඉටු කර ඇත.

 

මෙසේ මියගිය පසු ඔහු ජීවත්ව සිටි කාලයේ පරිහරණය කළ දේපොළ හා ඉතිරි කර ගත් මුදල් වෙනුවෙන් යම් මුදලක් බදු වශයෙන් ගෙවීමට නියම කර තිබු අතර, එම බද්ද මරාල බද්ද වශයෙන් හැඳින්විය.නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් වෙනුවෙන් පනවා තිබූ බද්ද බලු බද්ද වශයෙන් හැඳින් වූ අතර, යම් සුනඛයෙක් වෙනුවෙන් බදු නොගෙවන්නේ නම් ඒ සුනඛයා අල්ලා දියේ ගිල්වා මරා දමන්නට තරම් සුද්දා ඒ කාලයේ අමානුෂික වී තිබිණි.

 

 


වික්ටර් කොරයා හා එඞ්ගා කොරයා යන දෙසොයුරන් පැවත එන්නේ රාජ පරම්පරාවකිනි.


එදිරිමාන්න සූරිය ඉරුගල් බණ්ඩාර ඩොමිනිකුස් කොරයා හෙවත් එදිරිල්ලේ රාල තරුණ කාලයේ පෘතුගීසින්ට එරෙහිව සටන් කර ඇති අභීත සෙන්පතියෙකි.


පෘතුගීසින්ට එරෙහිව සටන් කර රට ජාතිය බේරා ගැනීමට පෙරමුණ ගෙන සටන් කර එදිරිල්ලේ රාල හෙවත් ඩොමිනිකුස් කොරයා සෙන්පතියා ප්‍රමුඛ සිංහල තරුණයන් පෘතුගීසි භටයන් දහස් ගණනක් ඝාතනය කර පෙන්වූ වීරත්වය, සටන්කාමී භාවය නිසා වීරත්වය සටන්කාමීත්වය නිසා විමලධර්මසුරිය මහරජතුමා විසින් එයට කළ ගුණ සැලකීමක් ලෙසින් කෝට්ටේත් සත්කෝරලයේ සහ සීතාවකත් යුව රජකමට අභිෂේක කර රාජකුමාරිකාවක් ද සරණ පාවා දී ඇත.


පෘතුගීසි ආණ්ඩුවෙන් වරදාන වරප්‍රසාද ලබාගෙන සිටි දේශද්‍රෝහී සිංහලයන් පිරිසකගේම සහාය ඇතිව පෘතුගීසින් විසින් ඩොමිනිකුස් කොරයා යුව රජ අත්අඩංගුවට ගෙන සිරුර පණ පිටින්ම හතරට පළා අවසානයේ ආණ්ඩුකාරවරයාගේ හතර වාහල්කඩ එල්ලා දමා ඇති බව ශ්‍රී ලංකා ඉතිහාසයේ සඳහන් වේ.


වික්ටර් කොරයා හා එඞ්ගා කොරයා පැවත එන්නේ ද ඩොමිනිකුස් කොරයා යුව රජතුමාගේ පරම්පරාවෙන් බව අපත් සමග පැවසුවේ ඔවුන් දෙදෙනාගේම මුනුපුරන් වන හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගය ආසන්නයේ පදිංචිව සිටින චාල්ස් එදිරිල්ලේ කොරයා මහතාය.


චාල්ස් එදිරිල්ලේ කොරයා මහතා ගැන තොරතුරු පවසා ඔහු මාහට හඳුන්වා දුන්නේ මාදම්පේ පම්බල පදිංචි සමාජ සේවකයකු වන ජේ.ඒ.ඩබ්ලිව්. ජයවර්ධන මහතාය.


ජයවර්ධන මහතා නොවන්නට මෙවැනි රසබර හරබර ඉතිහාස කතාවක් ලියනොවෙන්නට ඉඩ තිබිණි.


ජයවර්ධන මහතා සහ මාදම්පේ ඉහළගම පදිංචි රත්නපාල තලගල මහතාත් සමග පසුගිය ඉරිදා චාල්ස් එදිරිල්ලේ කොරයා මහතා සොයා ඔහුගේ නිවසට ගොඩවැදුණේ වික්ටර් කොරයා හා එඞ්ගා කොරයා යන දේශප්‍රේමීන් ගැන තොරතුරු සොයා දැන ගැනීමටය.


ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සභාපතිවරයා ලෙස වර්තමානයේ සේවය කරන චාල්ස් මහතා ඇසුරු කිරීමට සොඳුරු මිනිසෙක් බවට ඔහු හා ගත කළ හෝරා කිහිපයේ දී අපට පසක් විය.


චාල්ස් වික්ටර් කොරයා හා එඞ්ගා කොරයා කියන්නේ මගේ සියලා දෙන්නෙක්. ඔවුන් දෙන්නම සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට ජාතිය බේරා ගැනීමට ඔවුන්ගේ ඉඩකඩම් දේපොළ පවා විකුණා සටන් කළා. මේ දෙදෙනාම ලොකු වස්තු සම්භාරයක උරුමකම් කීවා. සුද්දාගේ කාලයේ පනවා තිබූ ඇඟ බද්දට එරෙහිව චාල්ස් වික්ටර් කොරයා වන මගේ සීයා හිරේ පවා ගොස් තිබ්බා යැයි කියමින් චාල්ස් එදිරිල්ලේ කොරයා මහතා අප හා පිළිසඳරට එක්වෙමින් පැවසීය.


සීයා ගැන චාල්ස් එදිරිල්ලේ කොරයා මහතා ඒ යටගියාව ගැන කියන කතාව අපි ඊළඟට කියවමු
ඡායාරූප - මාදම්පේ  ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රි

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය