මාඕ ත්සේතුං 165 වැනි පෙළගැස්ම

 

තවදුරටත් අපට තැන තැන ඇවිදීමට සිදු නොවිණි. අප ෂිබායිපෝ කරා පැමිණි පසු හැන් සමග පැවති මගේ සබඳතාව තව තවත් වර්ධනය විය. දිනක් අප දෙදෙනා ඇවිදිමින් සිටින අතරවාරයේදී මාවෝ ඉතා කු`එපග ලෙස මගෙන් මෙසේ ඇසුවේය. “එයත් එක්ක තදින් සම්බන්ධෙ යනවා වගේ නේද?.”


  මම කිසිවක් නොකියා ලජ්ජාශීලී ලෙස සිනාසුනෙමි.


“ඒකේ කිසි වරදක් නෑ.” මාවෝ මගේ අත ගෙන ඔහුගේ අතින් ඊට තට්ටුකරමින් මා ධෛර්යවත් කළේය. “ඒකට තමුන්ට මගේ අවසරය තියෙනවා.”


   ෂිබායිපෝ හි තනිකඩ පිරිමි වැඩිවූ අතර තනිකඩ ගැහැනු සිටියේ අතළොස්සකි. ඒ ගැන මාතුළ පැවතියේ තරමක චකිතයකි. ඒ මන්ද කියතොත් අතළොස්සක් වු ගැහැනුන්ගේ අවධානය දිනා ගැනීමට පිරිමි අතරේ තරඟයක් පැවතුණු නිසාවෙනි. හැන්ගේ ආදරය දිනා ගැනීමටත් කිහිප දෙනෙක්ම උත්සාහ දැරූ අතර මගේ සිත තුළ පවතින හැඟීම් ඇයට කීමට මම ලජ්ජාවීමි. එවගේම ඒ වෙනුවෙන් තුන්වැනි පාර්ශවයක සහාය ලබා ගැනීමටත් මම ලජ්ජාවීමි. (බොහෝවිට චීනයේ විවාහ සිදුවූවේ තුන්වැනි පාර්ශ්වයක් හෝ මඟුල් කපුවෙකු විසින් දෙපාර්ශ්වය සම්බන්ධ කිරීමෙනි. අද පවා චීනයේ ක්‍රියාත්මකවනුයේ මේ ක්‍රමයයි. වර්තමානයේ එකිනෙකා හමුවී සබඳතා පැවැත්විමේ අවස්ථා      චීන තරුණ තරුණියන්ට උදාවී තිබුණද එය සිදුවූවේ බටහිරට වඩා ඉතා අවම ලෙසිනි.)

 

ෂිබායිපෝ හි තනිකඩ පිරිමි වැඩිවූ අතර තනිකඩ ගැහැනු සිටියේ අතළොස්සකි. ඒ ගැන මාතුළ පැවතියේ තරමක චකිතයකි. ඒ මන්ද කියතොත් අතළොස්සක් වු ගැහැනුන්ගේ අවධානය දිනා ගැනීමට පිරිමි අතරේ තරඟයක් පැවතුණු නිසාවෙනි.


 

  අනතුරුව ඒ සඳහා මට අවස්ථාවක් උදාවුණි. මට විවාහවීම සඳහා කෙල්ලක් සොයාගෙන ඇතිබව දන්වමින් මගේ දෙමාපියන්ගෙන් මට ලිපියක් ලැබුණි. මම එම ලිපිය මාවෝට පෙන්වා මෙසේ ඇසුවෙමි. “සභාපති සහෝදරයා, ඔබතුමා හිතන්නෙ මා මොනවා කරන්න ඕනැ කියලද?”


   එම ලිපිය කියවා බැලිමෙන් පසු මගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට මාවෝ පෙරළා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. “මොනවා කළ යුතුයි කියලද තමුන් හිතන්නේ?.” මම කිසිවක් නොකියා කරබාගෙන සිටියෙමි. මාවෝ මදෙස බලා සිනා සුණේය.


“බලාගෙන ගියාම තමුන් හරි ලජ්ජාකාරයෙක්නෙ.  තමුන් හැන් හම්බවෙලා මේ ගැන උදව් ඉල්ලන්නෙ නැත්තෙ ඇයි?. එයා හමුවෙලා කියන්න, මේකට තමුන් වෙනුවෙන් එයාට පිළිතුරක් ලියන්න කියලා. තමුන් කරණවාට වඩා හොඳට එයා ඒක කරාවි.”


    මගේ මුහුණ එක්වරම එළියවිණි. මීට වඩා හොඳ අදහසක් තවත් නැත. “මේ ලියුම කියවන්නකො හැන්.”මම ඇය හමුවී පැවසුවෙමි. ඇය එය කියවන අතරේ ඒ ගැන ඇගේ ප්‍රතිචාර නිරික්ෂණය කරන්නටත් මම අමතක නොකළෙමි. අනතුරුව ඇය පරික්ෂාකිරිමේ අදහසින් මෙසේ ඇසුවෙමි. “මොනවද ඔයා මේ ගැන හිතන්නේ? මම එපා කිව යුතුද?”
“එහෙනම් එහෙම කියන්න”ඇය කතා කරණ විට ඉක්මනින් හුස්ම ගන්නට වු අතර මුහුණ රත්පැහැ ගැන්විණි. දැන් මගේ අවස්ථාව උදාවී ඇතිබව පෙනුණි. “එහෙම කියලා මා වෙනුවෙන් ලියුමක් ලියන්න ඔයාට පු`එවන්ද?”
“හරි අපූරු දෙයක් ගැනනෙ අහන්නෙ.”ඇය ලජ්ජාශීලි ලෙස හෙමින් මිමිනුවාය. “ඔයා නම් මහ මෝඩ විදිහට කටයුතු කරලා තියෙන්නේ. මට ආපු යෝජනා ගොඩක්ම මං ප්‍රතික්ෂේප කළා. මම බලාගෙන ඉන්නවා,.......කාට හරි ඔව් කියන්න.”


    දිග සුසුමක් පිටකර මම සිනාසුනෙමි. “මට මේ ගැන සභාපතිතුමා හෝඩුවාවක් දුන්නෙ නැතිනම් මම තවමත් මෝඩ විදිහට වැඩකරන්නෙ. මා වෙනුවෙන් ලියුමට උත්තර ලියන්න ඔයාට කියන්න කියලා මට කිවේ එයායි.”
   මම ආපසු ගියවිට මා සහ හැන් අතර සිදුවුණේ කුමක්දැයි මාවෝ ට කීවෙමි. ඒ ගැන අසා ඔහුගේ යහපත් වැඩවලට තෑග්ගක් ලැබුණා සේ  බොහෝ සතුටුවිය. “අපි ටිකක් ඇවිදිමුද යින්කියෝ?.”ඔහු මගේ අතගෙන කීවේය. මැද මිදුලේදී මගේ බාහුවට අත තියාගෙන මාවෝ මුදු ලෙස මා ඇමතුවේය. “දිගටම කරගෙන යන්න යින්කියෝ, දිගටම කරගෙන යන්න. පෙනෙන හැටියට ඔබලා දෙන්න අදෘශ්‍යමාන හස්තයකිනුයි එකතුකරලා තියෙන්නේ. දෙන්නම එකම පළාතේ දෙන්නෙක්. එත් එක්කම එකම පුද්ගලයෙක් වෙනුවෙන් වැඩකරණ දෙන්නෙක්.”


    1948 දෙසැම්බරයේදී හැන් සහ මම විවාහවෙන්නට අවසර ඉල්ලා ලිපි යැව්වෙමු.(අද පවා චීනයේ පවතින නීතියට අනුව විවාහවීමේදි තමන්ගේ වැඩ ඒකකයෙන් අවසර ලබාගත යුතුය.) දින දෙකකින් ඒ අවසර ලිපිය අපට  ලැබිණි. “ප්‍රීතිමත් විවාහයකට සම්පූර්ණ අවසරය ලැබෙනවා.” “කොන්දේසි විරහිතව අවසර දෙනවා.” “අවසරයත් සමග
   සුබපැතුම්.” “මේ වගේ ප්‍රීතිමත් විවාහයක් වළක්වන්න හේතුවක් නෑ.” “පක්ෂ ශාඛාව එයට අවසර දෙනවා.”අපට ආපසු ලැබුණු ඒ අවසර ඉල්ලූ ලිපිය සදාතනික කෞතුක වස්තුවක් ලෙස අපි සුරුකිව තබා ගතිමු.      

 

 

 


ආරියනන්ද දොඹගහවත්ත