IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ට්‍රම්ප් සසල කළ මාධ්‍යවේදීන්ගේ චෝදනා

දෙවැනි වරටත් හැඬවෙන මංගල සීනුව ගැන වාර්තාවන ඕපාදූප ගැන තුට්ටුවකටවත් මායිම් නොකළ ට්‍රම්ප් දහසකට ආසන්න සම්භාවනීය අමුත්තන් පිරිසක් මධ්‍යයේ 1993 වසරේදී මාර්ලා මේප්ලස් සමඟ නව ජීවිතයකට එළැඹෙන්නේ තවත් අලුත් බලාපොරොත්තු රැසක් ගැන හීන දකිමිනි. ට්‍රම්ප්ගේ දෙවැනි විවාහක බිරිඳ වූ මාර්ලා ඒ වනවිටත් ට්‍රම්ප් නිසා දියණියක බිහිකර සිටියාය.


දෙවැනි වරටත් ජයටම මඟුල් කෑ ට්‍රම්ප් ඒ වනවිට නිව්යොර්ක් නගරය පුරා ප්‍රචලිත ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූයේය. ට්‍රම්ප්ට තරම් නිශ්චල දේපළ සමූහයක් නිව්යෝර්ක් නගරයේ කාටවත් අදටත් නැත. ඔහුට අයත් හෝටල්, තට්ටු නිවාස සංකීර්ණ සහ මාළිගා වැනි කැසිනෝ ශාලා නිව්යොර්ක් නගරයේ හැම තැනකම ඇත. හිලරි ක්ලින්ටන්ට සහ බිල් ක්ලින්ටන්ට වඩා සල්ලි තිබෙන කළමනාකරුවන් දහස් ගණනක් ට්‍රම්ප්ගේ සමාගම්වල ඔහු යටතේ සේවය කරති.


නමුත් මේ දිගු කාලයක සිට ව්‍යාපාරික ලෝකයේ වැජඹුන ට්‍රම්ප්ගේ හෝටල් සහ කැසිනෝ ව්‍යාපාරය හයවතාවක් බංකොලොත් විය.ඒ 1991 සහ 2009 අතර කාලය තුළඳීය. එහෙත් ඔහු හත්වැනි වතාවේදී කෙළින් සිටගෙන කැසිනෝ සහ හෝටල් ව්‍යාපාරය යළි කවදාවත් නොවැයෙන ලෙස තහවුරු කර ගත්තේය.


කෙතරම් කාර්යබහුල වුවද, වරින් වර විවිධ කාලයෙන් කාලයට ඩොනල්ඞ් ට්‍රම්ප් විවිධ භූමිකාවන් නිරූපනය කළ බව නොරහසකි. නිරන්තරයෙන් බහුවිධ කාර්යයන්හි නිරත වීමට උපන් හපනෙකු වූ ට්‍රම්ප්ගේ භූමිකාව තවත් ඔබ්බට යන්නකි.


ඩොනල්ඞ් ට්‍රම්ප් සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වූයේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයෙනි. ඒ, පියාගෙන් උරුමවුණු දේපළ වෙළෙඳාම් සමාගම ඉදිරියට ගෙන යමිනි. දේපළ මිලදී ගැනීම්, විකිණීම් මෙන්ම ඉදිකිරීම් වැඩ සම්බන්ධයෙන් නිව්යෝක් නුවරත්, නිව්යෝක් ජනපදයේත් ට්‍රම්ප්ගේ සමාගම් ප්‍රමුඛත්වයක් ගෙන සිටී. ඩොනල්ඞ් සාර්ථක ව්‍යපාරිකයකු යැයි බොහෝ දෙනාගේ මතයයි. මේ වනවිට ඔහුගේ වත්කම්වල වටිනාකම අමෙරිකන් ඩොලර් බිලියන 4.5ක් යැයි පැවැසෙයි.


දේපළ වෙළෙඳාම් කටයුතුවලට පරිබාහිරව, රූපවාහිනී රියැලටි වැඩසටන් නිර්මාණකරුවකු ලෙස ද ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකටය. ඇප්රෙන්ටිස් යනු එවැනි රියැලටි වැඩසටහනකි. තරුණ දක්ෂ ව්‍යාපාරිකයකු තෝරා, ඔහුට හෝ ඇයට ඉහළ රැකියා අවස්ථාවක් උදා කරදීම ඇප්රෙන්ටිස් රියැලටි වැඩසටහනේ අරමුණය. මෙහිදී තරගකරුවන්ට දැඩි පීඩනයක් යටතේ (ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විවේචන සහ බැණුම් මැද) එකිනෙකා පරයා තරග කර ජයග්‍රහණය කිරීමට සිදුවෙයි. ඇප්රෙන්ටිස් වැඩසටහනේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරන්නේ ඩොනල්ඞ්මය.


ඊට අමතරව ඩොනල්ඞ් ඇමෙරිකන් රූපවාහිනී මාලා නාට්‍ය වලත් හොලිවුඩ් චිත්‍රපටවලත් සුළු චරිත නිරූපණය කර ඇත. ඒ හෝම් අලෝන්, සෙක්ස් ඇන්ඞ් ද සිටී, ටූ වීක්ස් නෝටිස් රූපවාහිනී කතා සහ චිත්‍රපටයන්හීය.


රූපවාහිනී වැඩසටහන් අතරින් ඩොනල්ඞ් ට්‍රම්ප් වඩාත් ප්‍රසිද්ධ වී සිටියේ  ලෝක රූ රැජින තරගාවලිය සංවිධානය සම්බන්ධයෙනි. ලොව සුරූපිනියම තරුණිය තෝරා ඇය රූ රැජිනක් ලෙස කිරුළු පැළැඳවීමට මැදිහත්ව කටයුතු කළේ ඩොනල්ඞ්ය.


1996 සිට 2015 දක්වා විශ්ව රූ රැජින කරගය, ඇමෙරිකා රූ රැජින තරගය, ඇමරිකා තරුණ යුවතිව තේරීමේ තරගය, ලෝක රූ රැජින කිරුළ තරගාවලි සංවිධානය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඩොනල්ඞ්ට සහ ට්‍රම්ප් සමාගමට විවිධාකාරයෙන් දොස් අහන්න සිදුවිය. තමන්ට කැමැති සුරූපිනියන් කිරුළු පළන්ඳනවා යැයි ඩොනල්ඞ්ට චෝදනා එල්ල විය. එක් අවස්ථාවක, ඩොනල්ඞ්ගේ අනුදැනුම මත කොකේන්වලට ඇබ්බැහි වූ තරුණියක කිරුළු පැලැඳීම සිදුවිය. ඒ ඇය මත්ද්‍රව්‍ය භාවිතා කරන තැතැත්තියක බව තහුවරු වීමෙන් ද පසුවය.


ට්‍රම්ප් මෙම නව ගොඩනැගිලි ඉදිකිරීමට එරෙහිව ඊට අල්ලපු ඉඩමේ අයිතිකරුවන්ද, නිවියෝර්ක් කලා සංගමයද, මීට එරෙහිව පෙත්සමක් පවා ඉදිරිපත් කළේය. අන්තිමේදී සියලු දෙනා පැරදී ඩොනල්ඞ් ට්‍රම්ප් ජය ගත්තේය.


මේ සියල්ල මධ්‍යයේ දෙවැනි විවාහ ජීවිතයේ ලබ අත්දැකීම් ලොව හමුවේ ප්‍රසිද්ධ නොකිරීම ඩොනල්ඞ් හැමවිටම වගබලා ගත්තේ, සිය පළමු බිරිඳ නිසා ලැබූ අත්දැකීම් නිසා වෙනි.


ඇත්තටම ඉවානා මෙන්  ට්‍රම්ප්ගේ දෙවැනි බිරිය වන මාර්ලා මේප්ල්ස්ගේ ගතිගුණ සමාජයට විවර නොවීය. ඒ විවාහ වීමටත් පෙර ට්‍රම්ප්ට දාව උපත ලැබූ ටිෆානි අරියානා ට්‍රම්ප්, මාර්ලා මේපල්ස් ගේ ජීවිතය වීම නිසා වෙනි.


ට්‍රම්ප් ගේ තවත් අලුත් පිම්මක් ගැන ලබන සතියේ දියත ඔස්සේ.....



අදහස් (0)

ට්‍රම්ප් සසල කළ මාධ්‍යවේදීන්ගේ චෝදනා

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3067 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 755 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 566 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site