IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එකම විදිහට ඝාතනය වූ දේශපාලන සොහොයුරෝ

ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ සහෝදරයින් දෙදෙනකු ඝාතනයට ලක්වෙන්නේ කෙනඩි පවුල තුළ පමණි. ඇමෙරිකානු ජනාධිපතිව සිටියදී ජෝන් එෆ් කෙනඩි 1963 දී ඝාතනයට ලක් වූ අතර 1968 දී ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියදී සෙනෙට් මන්ත්‍රී රොබට් කෙනඩි ඝාතනයට ලක්විය.

1968 ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් නාම යෝජනා ලැබීමේ තරගයට ඉදිරිපත් වෙමින් සිටියදී රොබට් කෙනඩි ඝාතනය වූයේ පලස්තීන ජෝර්දාන් සම්භවයෙන් යුත් සිර්හාන් සිර්හාන් නැමැති පුද්ගලයෙකු විසින් තබන වෙඩි ප්‍රහාරවලිනි.


1967 මැදපෙරදිග යුද්ධයේ දී ඊශ්‍රායලයට සහාය දැක්වීම නිසා රොබට් කෙනඩි මරා දැමූ බව අත්අඩංගුවට පත්වීමෙන් පසු සිර්හාන් සිර්හාන් ප්‍රකාශ කළේය.


ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සහ සෙනට් මන්ත්‍රී රොබට් කෙනඩි යන සහෝදරයින් දෙදෙනාගේම ඝාතන පිළිබඳව පැවැත් වූ පරීක්‍ෂණයේ සමානතා ඇත.


රොබට් කෙනඩි ඝාතනය තනි පුද්ගලයකුගේ උවමනාවක් අනුව සිදුවූවා විනා ඊට කුමන්ත්‍රණයක් මුල්වූයේ නැත යන්න පරීක්‍ෂණ පැවැත්වූ එෆ්.බී.අයි. රහස් පොලිසියේ පරීක්‍ෂණවලින් ප්‍රකාශ විය. 
ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අරමුණින් ඔහු තරග වැදී සිටි අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එවකට උපජනාධිපති ධුරය හෙබවූ හර්බට් හම්ප්‍රි ය.


රොබට් කෙනඩිගේ අභාවයෙන් පසු ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය හර්බට් හම්ප්‍රිට ලැබුණ නමුත් ජනාධිපතිවරණයේදී ඔහු රිපබ්ලිකන් අපේක්‍ෂක රිචඞ් නික්සන්ට පරාජය විය.
ජෝන් එෆ් කෙනඩි ඝාතනය මෙන්ම රොබට් කෙනඩි ඝාතනය ද කුමන්ත්‍රණයක් අනුව සිදු වූ ඒවා නොවන බව එෆ්.බී.අයි. පරීක්‍ෂණවලදී ප්‍රකාශ විය.


1967 අරාබි - ඊශ්‍රායෙල් යුද්ධයේදී රොබට් කෙනඩි ඊශ්‍රායලයට සහාය දීම නිසා තමා ඔහු මරා දැමූ බව සිර්හාන් සිර්හාන් කළ ප්‍රකාශය එෆ්.බී.අයි. ආයතනය විවාදයෙන් තොරව පිළිගෙන ඇති අයුරු පෙනේ.


1963 ජෝන් එෆ් කෙනඩි ඝාතනය වෙන විට රොබට් කෙනඩි ඇමරිකානු නීතිපතිවරයා වුවද 1967 වෙන විට ඔහු සෙනට් මන්ත්‍රීවරයකු පමණක් විය. අරාබි යුද්ධයේදී ඊශ්‍රායලයට සහාය සඳහා ‘බී’ වර්ගයේ බෝම්බ හෙළන යානා 50ක් යොදවනු ලැබුවේ රොබට් කෙනඩිගේ අනුදැනුම ඇතිව නොවේ. ඒ සඳහා උත්සුක වූයේ ජනාධිපති ලින්ඩන් බී ජොන්සන්, රාජ්‍ය ලේකම් ඩීන් රස්ක් ඇතුළු ඇමති මණ්ඩලය විසිනි.


මේ පසුබිම යටතේ යුද්ධයට සහාය ලබාදීම නිසා රොබට් කෙනඩි මරා දැමූ බවට වූ සිර්හාන් ප්‍රකාශය පිළිගත හැකි දෙයක් නොවීය. යුද්ධයේදී ඊශ්‍රායලයට සැබෑ සහාය දැක් වූ අය නොමරා ඒ සඳහා රොබට් කෙනඩි තෝරා ගත්තේ ඇයි? මේ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනය සිර්හාන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමට පෙලඹී නැති බව පෙනේ. අනෙක් කාරණය පලස්තින - ජෝර්දාන් සම්භවයක් තිබුණද සිර්හාන් ග්‍රීක ඔතඩොක්ස් ක්‍රිස්තියානි නිකායට අයත් අයෙකි. මුස්ලිම් ආගමික සම්භවයක් ඔහුට නොවීය. එසේම ඔහු ඇමෙරිකාවේ උපත ලබා ඇමෙරිකාව තුළ ක්‍රිස්තියානි පාසලක ඉගෙනීම ලැබූවෙකි. 


ඊශ්‍රායලයට සහාය දැක්වීම නිසා රොබට් කෙනඩි මරා දැමූ බවට වූ සිර්හාන්ගේ ප්‍රකාශය කිසිදු විවාදයකින් තොරව එෆ්.බී.අයි. ආයතනය විසින් පිළිගනු ලැබීමද සැකයට කරුණකි. ජනාධිපති කෙනඩි ඝාතනය මෙන්ම රොබට් කෙනඩි ඝාතනයද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වීමේ ලකුණු ඇත. යම් ලෙසකින් තමා ජනාධිපති වුවහොත් තම සහෝදරයාගේ ඝාතනය ගැන සෙවීම සඳහා නව කොමිසමක් පත් කරන බව රොබට් කෙනඩි ඉඟි කර තිබිණි.


ජනාධිපති කෙනඩි ඝාතනය ගැන සෙවීමට පත්කළ වොරන් කොමිසම තනිකරම ව්‍යාජයක් බව රොබට් කෙනඩි දැන සිටීම නව කොමිසමක් පත්කිරීමේ හේතුව විය හැකිය.


ජනාධිපති කෙනඩි ඝාතනය කුමන්ත්‍රණයක් මෙන්ම ඒ පිටුපස ඇමරිකානු රහස් ඔත්තු සේවයක් වන සී.අයි.ඒ. සංවිධානය සිටි බව රොබට් කෙනඩි නොදැන සිටිය නොහැක. නමුත් ප්‍රසිද්ධියේ එම කරුණු ගැන කතා නොකිරීමට තරම් රොබට් කෙනඩි පරිස්සම් වූ බව පෙනේ.


තම සොහොයුරා මරා දැමීම ගැන 1963 අගභාගයේදී රොබට් කෙනඩි විසින් ජනාධිපති ජොන්සන්ගෙන් විමසන අයුරු දැක්වෙන දුරකථන සංවාද හඬ පටයක් ප්‍රසිද්ධියට පත්වුවද ඒ පිළිබඳව නිල වශයෙන් කිසිදු විශාල පරිච්ඡේදයක් ඉලක්ක කර තිබූ කුමන්ත්‍රණයක පළමු අදියර නම් රොබට් කෙනඩි මරා දැමීම එහි අවසන් අදියර ලෙස දැක්විය හැකිය.


වාර්තා චිත්‍රපටි නිර්මාණකරුවකු වූ ෂේන් ඕ සලිවත් 2006 දී බී.බී.සී. රූපවාහිනී සාකච්ඡාවකදී හෙළි කර ඇත්තේ රොබට් කෙනඩිට වෙඩි තබන අවස්ථාවේදී ලොස් ඇන්ජලීස් නුවර ඇම්බැසඩර් හෝටලය තුළ සී.අයි.ඒ. නියෝජිතයින් තිදෙනකු රැඳී සිටි බවය. රොබට් කෙනඩි, ඇම්බැසඩර් හෝටලයේදී අවසාන දේශනය පවත්වන අවස්ථාවේ පටිගත කළ වාර්තා චිත්‍රපටිවල මෙම සී.අයි.ඒ. නියෝජිතයින් දක්නට ලැබෙන බව ඔහු කියා සිටියේය. මොවුන් 1963 දී කියුබානු නායක පිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමේ සී.අයි.ඒ. කුමන්ත්‍රණ සැලැස්ම මෙහෙයවනු ලැබූ කණ්ඩායම බව හඳුනාගෙන ඇත. කැස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කිරීම සඳහා ෆ්ලොරිඩාවේ මියාමි නගරයේ රහසිගත ස්ථානයක් යොදා ගෙන තිබිණ. 


සිර්හාන් සිර්හාන් විසින් තබා ඇත්තේ වෙඩි පහර තුනක් වුවද වෙඩි හඬ 13ක් ඇසුණ බව ඒ අවස්ථාවේ එතැන සිටි මාධ්‍යවේදීහු ප්‍රකාශ කළහ. මේ සිද්ධිය අවස්ථාවේ එතැන සිටි කිහිප දෙනෙක්ම තුවාල ලැබූහ. ඉන් එක් අයෙකු වූ පෝල් ෂාඬේ 2016 දී ඇමෙරිකානු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ රොබට් කෙනඩිට ජීවිතය අහිමි වූ වෙඩිල්ල තබන ලද්දේ සිර්හාන් විසින් නොව වෙනත් අයෙකු විසින් බවට තමා සිතන බවය. සිර්හාන් දඬුවමෙන් මුදා හැරීම සඳහා වන නීතිමය කරුණු නැවත අධිකරණය මගින් විමසා සිටි අවස්ථාවකදී ෂාඬේ මේ කරුණු ප්‍රකාශ කර ඇත. එවිට ෂාඬේගේ වයස අවුරුදු 91කි.


බන්ධනාගාරගතව සිටින සිර්හාන් සමඟ 1989 දී සාකච්ඡාවක් කළ ඇමෙරිකානු සී.බී.එස්. රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් අසමින් ජෝන් කෙනඩි ඝාතනය කළ ලී හාවී ඔස්වල්ඞ් සමඟ සිර්හාන්ගේ ඇති සම්බන්ධය කුමක්දැයි විමසීය. ලී හාවි ඔස්වල්ඞ් සමඟ තමාට කිසිම සම්බන්ධයක් නැති බව සිර්හාන් මෙහිදී පැවසීය. මෙවැනි ව්‍යාජ කතා නිර්මාණය නොකරන ලෙස ඔහු මාධ්‍යවේදියාගෙන් ඉල්ලා සිටියේය.


නමුත් 2013 දී ඔහු විසින් කරන ලද ප්‍රකාශයේදී රොබට් කෙනඩි මරා දැමීම සඳහා තමාට බලපෑම් ඇති වූ බව ප්‍රකාශ කළේය. කෙනඩිට වෙඩි තබන අවස්ථාවේදී තමා බීමතින් සිටි බවත්, යම් කාන්තාවක් විසින් තමා අතට පිස්තෝලයක් ලබා දුන් බවත් ඔහු පවසා ඇත. සිර්හාන් විසින් වරින් වර කර ඇති ප්‍රකාශ ද පරස්පර විරෝධී බව පෙනේ.


රොබට් කෙනඩි ඝාතනය වෙන කාලයේදී පක්‍ෂයක ජනාධිපති අපේක්‍ෂකත්වය සඳහා තරග කරන තරගකරුවන්ට එෆ්.බී.අයි. ආයතනය මගින් ආරක්‍ෂාව ලබාදීමක් සිදුවී නැත. රොබට් කෙනඩිගේ ආරක්‍ෂාව සඳහා සිට ඇත්තේ එෆ්.බී.අයි. ආයතනයේ හිටපු නිලධාරියකු සහ තවත් ආරක්‍ෂකයින් තිදෙනකු පමණි.


ඇම්බැසඩර් හෝටලයේ දේශනය සිදුකිරීමෙන් පසු එම හෝටලයේම වෙනත් ශාලාවක පැවති දේශපාලන රැලියකට යාමට කෙනඩි සූදානමින් සිටියේය. නමුත් එම රැලිය කලින් අවසන් වී ඇති නිසා ඔහුට හෝටලයේ මුළුතැන් ගෙය ඔස්සේ පිටතට යන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ ඔහුගේ ආරක්‍ෂකයා වූ හිටපු එෆ්.බී.අයි. නිලධාරියා විසිනි. මේ පුද්ගලයා විලියම් බැරි නැමැත්තෙකි.
රොබට් කෙනඩි ඝාතනයෙන් පසු පක්‍ෂයක ජනාධිපති අපේක්‍ෂක ධුරය සඳහා තරග කරන තරගකරුවන්ටද එෆ්.බී.අයි. ආරක්‍ෂාව ලබාදීමට ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් නීති සම්පාදනය කර තිබේ.


රොබට් කෙනඩි ඝාතනයකොට ලබන වර්ෂයේ ජුනි මාසයේ 6 දිනට වසර පනහක් සපිරේ.


එසේම සිර්හාන් සිර්හාන්ට දිවි ඇතිතෙක් සිරදඬුවම් නියම වී වසර 48කි. සිර්හාන්ට නියමව ඇති දඬුවමින් ඔහු මුදා හැරීම සඳහා අධිකරණය මගින් නැවත කරුණු විමසීමක් සිදු කිරීමට නියමිත වන්නේ 2021 දීය. 


මේ කාලය වනවිට සිර්හාන් මියයාමට වුවද ඉඩ තිබේ. ඔහු දැන් හැත්තෑ දෙවැනි වියේ පසුවේ.


ජෝන් එෆ් කෙනඩි ඝාතකයා ලෙස හඳුනාගත් ලී හාවි ඔස්වල්ඞ් අධිකරණ විභාගයකට මුහුණ දීමට පෙර එෆ්.බී.අයි. නිලධාරීන් භාරයේ සිටියදී ජැක් රූබි නැමැත්තෙකු විසින් වෙඩි තබා මරා දමනු ලැබීය. රොබට් කෙනඩි ඝාතකයා ද බන්ධනාගාරය තුළ හිමි විය හැකි ස්වභාවික මරණයකට තල්ලු කර දමා ඇත.


ඒ අතර කෙනඩි සොහොයුරන්ගේ ඝාතන කුමන්ත්‍රණයක් ලෙසම ඉතිහාසයට එක් වී තිබේ.


කෙනඩිවරුන් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වුවහොත් ඔවුන් ඝාතනය වීමේ ශාපයක් ඇති බවට කතාන්දරයක්ද නිර්මාණය වී ඇත. කුමන්ත්‍රණකරුවන් කෙරේ වන අවදානම වෙනත් මිථ්‍යාවක් පසුපස යොමු කිරීම මෙහි අරමුණ දැයි කිව නොහැක. කෙනඩි පවුලේ ඉතිරිව සිටි සොහොයුරා වූ එඞ්වඞ් කෙනඩි සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස සිටියා විනා මියයන තෙක්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවීය.

 

 

 

 

 

 

 

 

රන්ජන් අමරසිංහ



අදහස් (0)

එකම විදිහට ඝාතනය වූ දේශපාලන සොහොයුරෝ

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3067 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 756 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 566 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site