අවලාද සහගත මඩ ප්‍රචාර හමුවේ පවා සිය බිරිය මෙලනියා සහ විවාහ 3ක දරු මුනුපුරන්ද සොහොයුරන් ද තමන් සමඟ සිටීම ට්‍රම්ප්ට විශාල ශක්තියක් වූ බවද මේ ජයග්රහණයෙන් පිළිබිඹු වෙයි. රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනේදී හිටපු නිව්යෝර්ක් පුරපති ගිලියානි වැනි ප්‍රබලයන් අභිභවා යාමට සමත් වූ ට්‍රම්ප්ට තම පක්ෂයේම ප්රබලයන්ගේ වෙනස්කම් විඳ දරා ගැනීමටද සිදුවිය. පක්ෂ ප්‍රබලයන් ඇතැමෙක් ඍජුවම හිලරිට සහාය දැක්වූහ. එවැනි පසුබිමක පවුලේ සාමාජිකයන් පොකුරක්ම තමන් හා සිටීම ට්‍රම්ප්ට විශාල ධෛර්යයක් ගෙන ආ බව නොරහසකි.
වසරකටත් වැඩි කාලයක් තිස්සේ පැවැති මැතිවරණ ක්‍රියාදාමයේදී ආරම්භයේ ට්‍රම්ප් සිටියේ හිලරිට වඩා බොහෝ පසුපසිනි. එහෙත් අවසානය වනවිට ඇය හා කරට කර සටනක් දීමට ඔහුට හැකිවිය. හිලරිට එරෙහිව මතුවූ ඊ -මේල් අපවාදය ද ඇයගේ පරාජයට සැලකිය යුතු බලපෑමක් කරන්නට ඇත. ජනාධිපතිවරණයේ අවසානයට පැය කිහිපයක් තිබියදී ඇය නිර්දෝෂී බව එෆ්. බී. අයි. මඟින් ප්‍රකාශ කළද තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පෙරළා ප්‍රශ්න කළේ මෙතරම් ඉක්මනින් මේ ගැන නිගමනයක් දීමට නම් විමර්ශකයින් තත්පරයකට එක් ඊ මේල් පණිවිඩය බැගින් විශ්ලේෂණය කළ යුතු බවය. එය විය නොහැක්කකි. එබැවින් එම තුරුම්පුවද හිලරිට වැඩකළේ නැත.
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය නායකයන් ගණනාවක් සුබපැතුම් එක්කර තිබේ. මුලින්ම සුබපැතූ අය අතර රුසියානු ජනාධිපති පුටින්ද විය. සිය මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් පළ කළ අදහස්වලින් පෙනෙන්නේ ඔහුගේ නායකත්වය යටතේ අමෙරිකාව, රුසියාව සම්බන්ධයෙන් දැනට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවය. එසේ වුවහොත් එය සෙසු ලෝකයටද යහපතක් වෙනු ඇත. චීන ජනාධිපති ෂී ජින් පිංග්ද ජපාන අගමැති ෂින් ෂෝ අබේද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද එලෙස සුබපැතු අය අතර සිටිති.
ඉන්දියාව කෙරෙහි මිත්‍රශීලී පිළිවෙතක පිහිටා මැතිවරණ ව්‍යාපාරයේදී කටයුතු කිරීම අගමැති මෝදි අගය කර තිබිණි. මෙක්සිකෝව හරහා සංක්‍රමණිකයන්ට ඇතුඑ වීමට ඉඩ නොලැබෙන පරිදි දැවැන්ත තාප්පයක් ඉදිකරන බව හා දෙරට අතර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම අත්හිටුවන බව ට්‍රම්ප් කියා සිටීමත් සමඟ මෙක්සිකෝවේ යම් තිගැස්මක් ඇති වූවද එරටද ට්‍රම්ප්ට සුබපැතුම් එක්කර තිබේ. බංග්ලාදේශ ජනාධිපතිනිය ද අමෙරිකාවේ නව නායකත්වයට සුබ පැතුවන් අතර සිටී. ප්‍රංශ ජනාධිපති හා ඕස්ටේ්රලියානු අගමැතිවරයාද බි්රතාන්ය අගමැතිනියද මේ අතරට එක්වේ. ඇතැම් විචාරකයන් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය දැක තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි්රතාන්යයන් ගත් තීරණයට එය සමාන කරමිනි.
ජයග්‍රහණයක කතාව
ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ කොංග්රස් මණ්ඩලයේ බහුතර බලය ද රිපබ්ලිකන් පක්ෂය සතුවිය. එය ආසන 100න් 51ක බලය ඔවුන්ට ලැබී තිබේ. ඩිමොක්රටික් පක්ෂයට ලැබුණේ ආසන 45කි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435න් 235ක්ම ලැබී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයටය. මේ පසුබිම ට්‍රම්ප්ට සිය පාලනය පෙරට ගෙනයාමේදී විශාල පිටුබලයක් වනු ඇත.
රිපබ්ලිකන් පක්ෂය ග්රෑන්ඞ් ඕල්ඞ් පාටි (ඨධඡ) ලෙසද හැඳින්වේ. රිපබ්ලිකන් ජනාධිපතිවරයකු අමෙරිකාවේ පාලනය භාරගත්තේ 2009 න් පසුවය. මෙතෙක් රිපබ්ලිකන් ජනාධිපතිවරු 18ක් බිහි වී තිබේ. අමෙරිකාවේ පළමු රිපබ්ලිකන් ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන් වන අතර බලයේ සිටි අවසන් ජනාධිපතිවරයා ජෝර්ජ් ඩබ්. බුෂ්ය. (2001 - 2009) බුෂ් ජනාධිපතිවරයාගේ පාලනය අතිශයින්ම වාද - විවාදවලට තුඩු දෙන්නකි. ඇතැම් අය පූර්ව නිගමන මත පිහිටා අපේක්ෂා කරන්නේ ට්‍රම්ප්ගේ කාලයද ගැටලුසහගත වනු ඇති බවය. එහෙත් ඔහු කෙසේදැයි කියන්නට තවමත් ඉක්මන් වැඩිය. ජයග්රහණයෙන් පසු ට්‍රම්ප් කළ කතාව ඇතැම් විචාරකයන් කියන පරිදි ඉතිහාසයේ වෙනත් එවැනි කතාවලට වඩා වෙනස්ය. ඔවුන් ඉන් අදහස් කරන්නට ඇත්තේ සම්ප්රදායයි. එසේ වුවද ට්‍රම්ප් එහිදී පළ කළ අදහස් අවධානයට ලක්විය යුතුය.
බෙදීම් අවසන් කර අමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් එක්සත්ව නැඟී සිටින්නැයි රිපබ්ලිකන්, ඩිමොක්රටික්, ස්වාධීන සියලු කොටස්වලට ඔහු ආයාචනා කළේය. අමෙරිකානුවන්ගේ අභිලාෂය වූයේ ඔවුන්ගේ පවුල් උදෙසා පැහැදිලි අනාගතයක් බව කී ට්‍රම්ප් තමන් එය උදාකරන බවද කීවේය. තම සම්පූර්ණ ජීවිතය මෙතෙක් කැප කළේ ව්‍යාපාරවලට නමුත් මෙතැන් සිට තමන්ට ඇත්තේ තම රට දියුණු කිරීමේ අභිප්‍රාය බවද පැවසීය. යටිතල පහසුකම් නැංවීම, ආර්ථිකය නැංවීම ආදී පොරොන්දු රැසක් ඔහු ඉදිරිපිට තිබේ. මේ සියල්ල සැබෑකරගත හැකි සිහින බව ට්‍රම්ප්ගේ විශ්වාසයයි.
ට්‍රම්ප්ගේ ලෝකයෙන් තවත් කොටසක් ලබන සතියට....
තිළිණි ද සිල්වා
මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත
මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට
රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමරිකාවේ අනාගතය මගේ අතේ