IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


“රටට අහිතකර කිසිම දේකට අපි එකඟ නෑ“

ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම, හිටපු අධිකරණ ඇමැතිවරයාගේ චෝදනා, සිවිල් සමාජයේ පීලි පැනීම, දෙමළ ජාතික සන්ධානයේ මතය, එ.ජා.ප පැරැන්නන්ගේ ආගමනය, අවසන් යුද සමයේ වගකීම්, පාර්ලිමේන්තුව සුද්ධ කිරීම හා මාධ්‍ය භාවිතාව ගැන පැමිණිලි ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතායි.

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෙන් ද විද්වත් කවයන්ගේ මැදිහත්වීමෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා දියත් කර ඇති මැතිවරණ ව්‍යාපාරය පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් නේද?

පිළිතුර:- ඕක ඇත්තම රැල්ලක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහතා නීතිඥවරුන් සමග පැවැත් වූ සාකච්ඡාවට නීතිඥවරුන් එක්දාස් පන්සීයක් පමණ ආවා. ඒත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සාකච්ඡාවට සහභාගී වුණේ ඊට වඩා අඩු පිරිසක්. ඒගොල්ලො කලින්ම කැම්පේන් එක පටන්ගත්ත නිසා වටේම ගිහින් කරපුවා පෙන්නනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ උපක්‍රම ඊට වඩා වෙනස්. සජිත් ප්‍රේමදාස මහතාට එතුමාගේ දැක්මක් වැඩපිළිවෙලක් ක්‍රියාකාරිත්වයක් තිබෙන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිබෙන්නේ අයියා පස්සෙ මල්ලි හැංඟිලා ඉන්න ප්‍රචාරක ව්‍යාපාරයක්. හැමදේම අයියගෙන් අහල තමයි කියන්න ඕනෑ.

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ පරාජය කරනවාමයි කියා ආණ්ඩුව හදන්න පෙරට පැමිණි රතන හාමුදුරුවොත් එ.ජා.පයේ ප්‍රබලයකු වූ විජයදාස රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්න තීරණය කළා. වැඩපිළිවෙල හොඳ නම් එහෙම වෙන්නේ ඇයි?

පිළිතුර:- ඕවා දැක්කම නම් මිනිස්සුන්ට හිනා යනවා. මම නිසි ගෞරව සහිතව කියන්න කැමැතියි රතන හාමුදුරුවෝ හිස්බුල්ලාට එරෙහිව දළදා හාමුදුරුවන්ගේ ඉදිරිපිට ගිහින් මාරාන්තික උපවාසයක් කළා. දැන් එයාගෙ සහාය ලැබෙන්නේ කාටද? එතකොට බුදු හාමුදුරුවෝ මිනී මස් කනවාය කියපු තව්හිද් ජමාද් සංවිධානයේ නායකයාගේ සහාය දැන් ලැබෙන්නේ කාටද? අරන්තලාවේ භික්ෂූන් ඝාතනයට නායකත්වය දුන් දළදා හාමුදුරුවන්ටත් බෝම්බ ගහපු කොටි සංවිධානයේ සන්නද්ධ නායකයන්ගේ සහාය ලැබෙන්නේ කාටද? රතන හාමුදුරුවෝ මේවා ගැනත් ජනතාවට කරුණු පැහැදිලි කරන්න ඕනෑ. උන්වහන්සේට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් ලැබේවි. එච්චරයි කියන්නේ තියෙන්නෙ. ජනතාව මෝඩයෝ නෙවෙයි.

ප්‍රශ්නය:- හැබැයි විජයදාස රාජපක්ෂ කියන්නේ ඔබේ ආණ්ඩුවේ හිටපු අධිකරණ ඇමැතිවරයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමට කුමන්ත්‍රණ කළා යැයි නගන චෝදනාව සරල නෑ?

පිළිතුර:- එයා ගැන නම් මේ රටේ මිනිස්සු හොඳට දන්නවා. විටින් විට ඔහු කළ ප්‍රකාශ අවශ්‍ය නම් වීඩියෝ දර්ශන සහිතව රටට පෙන්වන්න පුළුවන්. එතුමා කියන කතා ජනතාව අතරේ පරිභවයට ලක්වෙලයි තිබෙන්නේ. හොරු ඇල්ලුවේ නෑ කියන එක මේ ආණ්ඩුවට තිබෙන ලොකු චෝදනාවක්නෙ. අධිකරණ ඇමැති වෙලා හිටපු විජයදාස රාජපක්ෂ මහත්තයා මේ චෝදනාවට උත්තර දෙන්න ඕනෑ.

ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කළ සිවිල් සමාජයේ ඇතැම් කණ්ඩායම් ජාතික ජනබලවේගය සමග එකතුවෙලා. ජයම්පති වික්‍රමරත්නලා පවා ඉන්නේ එතැන. එ.ජා.පයට තිබුණු සිවිල් සමාජ බලය තාමත් තියෙනවා කියලා හිතනවද?

පිළිතුර:- ඔය සිවිල් සමාජ හා ත්‍රීවීල් පක්ෂවලට වැඩිය මේ රටේ බිම් මට්ටමේ පොඩි මිනිහාගෙ බලවේගය ලොකුයි. සජිත් ප්‍රේමදාස සමග ඉන්නේ ඒ බලවේගය. ගෝඨාභය රාජපක්ෂගේ වැඩපිළිවෙල ඇත්තටම පරාජය කරන්න ඕන මිනිස්සු ඡන්ද නාස්ති කරන පැතිවලට යන්නේ නෑ. මොකද සජිත් ප්‍රේමදාසට නොදෙන හැම ඡන්දයක්ම ගෝඨාභය දිනවන්න දෙන ඡන්දයක් බව මේ රටේ මිනිස්සු දන්නවා. ඇත්තටම ක්‍රියාකාරී සිවිල් සංවිධානවලින් ගෝඨාභය පරාජය කරන්න වැඩකරන මිනිස්සු ඉන්නේ අපේ කඳවුරෙයි. ඒ පැත්තෙ ඉන්නේ ගෝඨාභයට වක්‍රව සහයෝගය දෙන අයයි. ඒ ඔක්කොටම වඩා බලවත් මේ රටේ පීඩිත පංතියේ ජනතාවයි. ඔවුන් ඉන්නෙ අපි එක්ක.

ප්‍රශ්නය:- ගෝඨාභය විරෝධී මතයක් ඇති සිවිල් සංවිධාන සාමාජිකයන් වෙනුවෙන් පවා ඔබලා පෙනී සිටින්නේ නැහැනෙ. චන්ද්‍රගුප්තලා වියන්ගොඩලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම එ.ජා.පය කළේ අපි නෙවෙයි කියලා ඇග බේරාගත්ත එකනේ?

පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයට තරග කළ හැකි හොඳම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වෙද්දී නඩු හබ පටලවලා ඒවායින් ඔහු පරාජය කරන්න එ.ජා.පයට අවශ්‍යතාවයක් නෑ. අනෙක ඕනෑම සිවිල් සංවිධාන සාමාජිකයකුගේ ක්‍රියාකාරිත්වයක් පාලනය කළ හැකි බලයක් එක්සත් ජාතික පක්ෂයට නෑ.

ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානයත් ඉදිරිපත් කර ඇති යෝජනා ව්‍යවස්ථාවට ගරු කරන කිසිදු අපේක්ෂකයකුට එකඟ විය නොහැකි ඒවා බැවින් ඊට පොදුජන පෙරමුණ එකඟ නැති බව තිලංග සුමතිපාල මහතා කියනවා. ඒ වගේම එ.ජා.පය ඊට නිහඬ ඇයි කියලයි ඔවුන් අහන්නේ?

පිළිතුර:- මුලින්ම කියන්න ඕනේ අයි.සී.සී එකෙනුත් වාර්තාවක් දීලා තියෙන තිලංග සුමතිපාල මහත්තයා කියන ඒවට නම් මම උත්තර දෙන්නේ නෑ. හැබැයි දෙමළ සන්ධානය කළාය කියන ඉල්ලීම් ඔබ දැකලත් නෑ. ඕවා කෘතිමව හදපු දේවල්. ඔය වගේ ගිවිසුම් අනූ නවයේ ඉඳලාම එනවනෙ. ඒත් අපි බලයට ඇවිල්ලා ෆෙඩරල් දුන්නේ නෑනෙ. ෆෙඩරල් ඉල්ලුවාය කියලා ගහපු හොර ගිවිසුම් උසාවියටත් ගියානෙ. මෙහෙමයි. ඇත්තටම එහෙම ඉල්ලීම් ආවත් එකේක සන්ධානවලට අපි යටවෙන්නේ නෑ. අපි දේශප්‍රේමී සළු දවටාගත්ත හොර තක්කඩි මිනීමරුවෝ නෙවෙයි. කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා කරගන්න අය නෙවෙයි. මැතිවරණයකදි ඡන්ද ගන්න කියලාවත් ඒ අය වගේ රටට අහිතකර කිසි දේකට අපි එකඟ වෙන්නේ නෑ.  

ප්‍රශ්නය:- 2015 දී අලි කොටි ගිවිසුම ගැන කී තිස්ස අත්තනායක, ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටි ශිරාල් ලක්තිලක  වැන්නන් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධවීම ගැන ඇතැමුන් චෝදනා කරනවා. ඔවුන් ගැන තිබූ විවේචන සියල්ල දැන් අවසන් ද?  

පිළිතුර:- මෙහෙමයි. එකතු කරගන්න පුළුවන් හැමෝම අපි එකතු කරගන්නවා. මොකද දිනූ නිදහසත් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදයත් රැකගන්න නම් කොන්දේසි විරහිතව ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ යුතුයි. හැබැයි සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ එම අයගෙන්ම පමණක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහතාගේ දර්ශනයට කැමැති ඕනෑම කෙනෙකුට ඒ මැතිවරණ ව්‍යාපාරයට එකතුවෙන්න පුළුවන්. ඇමැති කටු සූප්පු කර කර ඉඳලා සැප අරගෙන ශ්‍රීලනිප අය ඒ පැත්තට පැන්නාම ඕගොල්ල හිතන්නෙ දේශප්‍රේමී ඒ අය කියලද? ඉතින් ඔය එස්.බී දිසානායක මහත්තයම 2014, 2015, 2016 දි හා දැන් කියන කතා ටික එකතු කරලා බලන්නකො. ඒවත් මාධ්‍යවල පළවුණානෙ.  

ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුගේ සහායත් ලංකා කම්කරු කොංග්‍රසයේ සහායත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළකිරීමෙන් පෙන්නුම් කරන්නේ සුළු ජාතික මහජන නියෝජිතයන් මුළුමනින්ම ආකර්ශනය කරගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අසමත්ව ඇති බවද?

පිළිතුර:- අපට සුළු ජාතින් මහ ජාතින් කියලා එකක් නෑ. අපට සිටින්නේ සිංහල බෞද්ධයන් සමග ජීවත් වන මිත්‍ර ජාතින්. එතකොට අපට වැදගත් වෙන්නේ පක්ෂ නායකයන් නෙවෙයි. මිත්‍ර ජාතින් අතර සිටින සාමාන්‍ය ජනතාවයි. ඒ ජනතා සහාය ලැබෙන්නේ පීඩිත පංතියේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාටයි. තොණ්ඩමන් කියන්නේ කම්කරු නායකයෙක් නෙවෙයි. වතු හිමිකරුවෙක්. කම්කරු නායක පලනි දිගම්බරම් ඉන්නේ නම් අපි එක්කයි. 2015 ජනාධිපතිවරණයෙදිත් තොණ්ඩමන් හිටියෙ මහින්ද රාජපක්ෂ සමගයි. එයා මහින්ද රාජපක්ෂ සමග සිටිද්දි අපි නුවරඑළිය එක්ලක්ෂ ගානකින් දිනුවා. එයා හිටපු තැනම ඉන්නවා. මේක මාධ්‍ය සංදර්ශනයක්. අපි මේ පාර ගිය පාරට වැඩි ඡන්ද ගණනකින් නුවරඑළිය දිනවලා පෙන්නනවා.

ප්‍රශ්නය:- ඇතැම් දෙමළ මහජන නියෝජිතයන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය 2015 දී බලය ගෙනඑන්නට තමන් උදවු කළත් දෙමළ ජනතාව රැවටුණා කියලයි?

පිළිතුර:- දෙමළ ජනතාවට මූලිකවම අවශ්‍ය වන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න ටික විසඳාගන්නයි. අවතැන් වූ ජනතාව පදිංචි කරගන්නේ කොහොමද, කැඩුණු බිඳුණු ගෙවල් ටික හදාගන්නේ කොහොමද, වෘත්තිය පරිසරය හදාගන්නෙ කොහොමද, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නේ කොහොමද යන කාරණායි. ඇත්තටම දකුණේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට ඒ ප්‍රශ්න බොහොම සමානයි. මම පෙරේදා යාපනයේ ධීවර සංගම් විසි අටක නියෝජිතයන් මුණගැහුණා. ඒ මිනිස්සු කියන්නෙ අපි මේ කතා කරන ප්‍රශ්නයි. දෙමළ ජනතාව සිටින්නේ දේශපාලන නායකයන් ඉන්න මනංකල්පිත ලෝකවල නෙවෙයි. අපේ කැම්පේන් එක ඒ ජනතාවගේ හිත දිනාගන්නයි. නැතිව ගිවිසුම්වලට යටවෙන්න නායකයෝ පස්සේ යන්න නෙවෙයි.

ප්‍රශ්නය:- ඔබලා මේ විදියට දුටු ප්‍රශ්න සමග සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ප්‍රමුඛතාව දී ඇති කාරණා මොනවාද?

පිළිතුර - 31 වැනිදා වෙනකොට ඔබට ඒක බලාගන්න පුළුවන් වේවි.

ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුර වැඩි වශයෙන් බර තබා තිබෙන්නේ ප්‍රතිපත්ති ගැන කතා කිරීමට බව පෙනෙනවා. එහිදී සජිත් පිලට ප්‍රතිපත්තිමය කරුණු ගැන සාකච්ඡාවට වැඩි බරක් තැබිය යුතු නොවේද?

පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ මහතාට එයාගෙ වැඩපිළිවෙලත් අරගෙන සජිත් ප්‍රේමදාස මහතා සමග වාදයකට එන්න කියන්නකෝ. ටෙලිප්‍රොම්ප්ටරයත් අරගෙන එතුමා කැමැති නාලිකාවක විවාදය කළ හැකියි. කෝල් අ ෆ්‍රෙන්ඞ් දාලා අයියගෙන් ප්‍රශ්න අහන වටයක් දාන්නත් පුළුවන්. එතකොට තවමත් ඡන්දය භාවිත කරන්නේ කාටද කියලා තීරණයක් අරගෙන නැති ජනතාවට මේ රටේ දරු පරම්පරාවත් රටත් බාරකරන්නේ කාටද කියලා බුද්ධිමත් තීරණයක් ගන්න පුළුවන්.

ප්‍රශ්නය:- එහෙත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ආණ්ඩුකරණයේ සාර්ථකභාවය මැනිය යුත්තේ වාද විවාදවලින් නොව වැඩ කර පෙන්වීමෙන් කියලයි. මේ තර්කය ගැන හිතන්නේ මොකද්ද?

පිළිතුර:- මොනවද ඉතින් එයා කරපු දේ. අයියා ජනාධිපති වුණාම මල්ලි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙලා යුද හමුදාපති කරපු යුද්දෙන් ලකුණු දා ගැනීමද? එහෙම නැත්තන් යුද්ධයේ දරුණු අවස්ථාවේ රට අත්හැරලා යාමද? යුද්ධය දිනපු හමුදාව ලවා කොළඹ කාණු සුද්ධ කරවලා තණකොල කප්පපු එකද? ඔය කතා අහන්න මේ රටේ මිනිස්සු පිදුරු කන අය නෙවෙයි.

ප්‍රශ්නය:- ඒත් ගෝඨබභය රාජපක්ෂ ගැන මවන තරමේ නපුරක් නැති බවටත් ඔහු කරුණාවන්ත පුද්ගලයකු බවටත් බොහෝ ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලාම කියනවා?

පිළිතුර:- නායක හාමුදුරුවරු කෙසේ වෙතත් රටේ බහුතරයක් භික්ෂූන් වහන්සේලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග බව සංවිධායකවරයකු හැටියට මම පැහැදිලිවම දන්නවා. සජිත් ප්‍රේමදාස කියන්නේ සැබෑ බෞද්ධයෙක්. ඒ නිසාම ඔහු දේශපාලනය වෙනුවෙන් බෞද්ධකම උකස් තියන්නේ නෑ. විකුණන්නේ නෑ.

ප්‍රශ්නය:- හංසයා ලකුණත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණත් වර්ණනා කළාට සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ලකුණවත් සන්ධානයවත් ඒ තරම් ඉස්මතු නොවෙන්නේ ඇයි?  

පිළිතුර:- අපි සන්ධානයකින් එන්නේ. සන්ධානයේ ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඡන්දය ඉල්ලන්නේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නන්වන පුද්ගලයායි. මේ වෙනකොට ජනාධිපතිවරණය ප්‍රතිපත්ති ක්‍රියාවට නන්වන පුද්ගලයන් දෙදෙනෙකුගේ සටනක් බවට පත්වෙලා අවසානයි. ඒ නිසා එතුමා කොන්ද කෙළින් තියාගෙන ඒ ප්‍රතිපත්තිවල වගකීම බාරගන්නවා.   

ප්‍රශ්නය:- අවසන් යුද සමයේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනිය කළ ප්‍රශ්න කිරීමේදී එහි වගකීම ෆොන්සේකා මහතා වෙතට යොමුවන ආකාරයේ පිළිතුරක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණේ. සජිත් ප්‍රේමදාස මහතාගෙන් ආරක්ෂක විෂය බාරගැනීමට සූදානම්ව සිටින ෆොන්සේකා මහතා මේ වගකීමුත් බාරගනීවිද?

පිළිතුර:- මේවාට තමයි දිව දෙකේ කතා කියන්නෙ. යුද්ධය දිනපු ගමන් කිව්වේ අයියයි මමයි යුද්දෙ කළා කියලයි. ඊටපස්සෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ තියරියට යුද්ධය කරපු හමුදාපතිව හිරේ දැම්මා. හැබැයි දැන් ඇනෙනකොට ආමි කමාන්ඩර්. යුද්ධය ගැන ඒ කඳවුරෙන්ම ඇත්ත කියලා තියෙනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයෙන් පසු පියවර පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ කතිකයන් කියනවා. ඔබලාටත් ඒ කතාව කියන්න පුළුවන්ද?

පිළිතුර:- අපට තමයි ඒක හරියටම කියන්න පුළුවන්. හැබැයි ඒ අයට නම් බෑ. මොකද ඒ අය වියත් මග පටන්ගත්තේම අවියත් සමගයි. කරනවා නම් මේ මැතිවරණයෙන්ම පටන්ගන්නකො. අපරාධ දූෂණ චෝදනාවලට ලක් වූ අය මැතිවරණ ව්‍යාපාරයෙන් පොඞ්ඩක් පැත්තක තියන්නකෝ. එහෙම කළොත් ඒක අපි පිළිගන්නම්.

ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂයට වාසිසහගත අයුරින් රාජ්‍ය මාධ්‍ය හසුරුවන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබෙනවා. ආණ්ඩුව ස්වාධීනව ක්‍රියා කරනවා නම් මෙහෙම වෙන්නේ ඇයි?

පිළිතුර:- කොන්ද කෙලින් තියෙන රාජ්‍ය නිලධාරියකු විදියට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා. මහජන දේපළක් වූ සංඛ්‍යාත අයිතිය අවභාවිත කරමින් ජනමාධ්‍ය ආයතන ගෝඨාභය රාජපක්ෂට පක්ෂව කරන ප්‍රචාරණ ගැනත් එතුමා පරීක්ෂණ පැවැත්විය යුතුයි. ගුවන් තරංග අයිතිය කියන්නේ රාජ්‍ය දේපළක්. ගුවන් තරංග අයිති මහජනතාවටයි. ඒක මේ බොහෝ දෙනෙක් දන්නේ නෑ. මේ දේවල් ගැන එතුමාට අපි වාර්තා යවලා තිබෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයකදි එක පැත්තකට විනාඩි 12ක් දෙන්නත් තව පැත්තකට විනාඩියයි තප්පර ගානක් දෙන්නත් ඒ විනාඩිය ඇතුලෙදිත් මනුස්සයෙක්ව හාස්‍යට ලක්වෙන වාර්තා දාන්නත් මහජන දේපළ අවභාවිත කරන්න බෑ. මහින්ද දේශප්‍රිය මහතාට ඒ වාර්තා නොපෙනෙන්න විදියක් නෑ.

සංවාද සටහන

බිඟුන් මේනක ගමගේ



අදහස් (11)

“රටට අහිතකර කිසිම දේකට අපි එකඟ නෑ“

Raveendra Monday, 21 October 2019 05:20 AM

කොහෙන් කතා කරන්නේද යන්න මෙම නිවටයාද නොදැනීම හාස්‍යයකි..

:       50       416

vipula Monday, 21 October 2019 07:20 AM

300 ක් මැරිලා, 500ක් තුවාල වෙලා... තවත් බයිලා කියවනවා වගේම මේවා අහන් ඉන්න අයත් තවත් රටේ ඉන්න එකනේ පුදුමේ..

:       131       448

gamarala Monday, 21 October 2019 08:34 AM

ගෝඨා සමග වාද ඕනෑ නැහැ. පුලුවන්නම් ඔබ හෝ ඔබගේ නියෝජිතයෙක් පිටිසර ගමේ, නගරයේ කඩයකට ගොස් පාරිභෝගිකයෙක් ලෙසට කඩයකට ගොස් බඩු ගන්න ගමන් රටේ දැන් දේශපාලනය ගැන ටිකක් කථා කරලා සත්‍ය දැනගන්න. ගම් සීයකට ගොස් අවංක ප්‍රතිඵලය ජනතාවට කියන්න ඔබට සත්‍ය දැනගත හැකියි. එහෙම නැත්නම් කොළඹ නගරයේ ත්‍රිවිලර් 100 කට නැගලා ටික දුරක් ගමන් කරලා ඒ අය එක්ක කතා කරලා නියම ප්‍රතිඵලය අපට කියන්න. සජිත් තරග කරන්නේ අවංකවම එජාපයෙන්ද කියලත් කියන්න. ස්තුතියි...!!!

:       50       354

AkanajTuesday, 22 October 2019 09:34 AM

කොළඹ නගරයේ ත්‍රීවිල් වලට දෛනික දීමනාවක් ගෙවලා ගෝඨා ගැන හොඳ කියන්නත්, ආණ්ඩුවට බනින්නත් වැඩපිළිවලක් යන බව හැමෝම දන්නවා. ත්‍රීවිල් රියදුරු අනිත් අය අහන්නත් කලින් තමයි කතාව පටන් ගන්නේ.

:       330       159

max Monday, 21 October 2019 09:30 AM

ගංවතුර වෙලාවේ එයාගේ ජාතියේ අයට විතරක් සහනාධාර දීපු එක් කෙනානේ... මේ මුඛරිකමෙන් විතරක් රටක් කරන්න පුළුවන් කියලද? මරික්කාර මහතායි.. එයාගේ ලොක්කා සජිත් මහතායි, එජාපෙම වල්ගයක් වී ඇති ජවිපෙයි හිතාඉන්නේ...

:       17       329

Manoj Tuesday, 22 October 2019 04:32 AM

ගංවතුර වෙලාවේදී මෙයා ආධාර දීපු හැටි අහන්න ඕනේ කොළොන්නාවේ මිනිස්සුන්ගෙන්.. නියම ජාතිවාදිය...

:       0       298

jayantha Dassanayaka Tuesday, 22 October 2019 06:05 AM

වර්ගවාදී මිනිහෙක් වුනු නුඹම රටට අහිතකර බව අපි දන්නවා. ගංවතුර ආදාර බෙදපු හැටි මතක තියනවා.

:       0       297

nimal Tuesday, 22 October 2019 08:51 AM

මේ මිනිසුන්ට දේශපාලනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යුද්ධය නිමා කරපු නිසා. මොන මතිමතාන්තර තිබුනත් ඒවාට අපි හොද කියන්න ඕන. මෙයා ගෝඨගේ ජය ගැන දැන්ම බයවෙලා. හිතට එකගව කතා නොකිරීම ගැන මේ මිනිසුන් ලැජ්ජා වෙන්න ඕන. තව ටික දවසකින් හේදිලා යන තුරු කියවන්න. නරි හූ කියන බව කවුරුත් දන්නා දෙයක්.

:       0       184

sahan Tuesday, 22 October 2019 10:22 PM

පශ්න සහ උත්තර 99% කම "ගොටභය " "ඝෝටාභය " ඝෝටභය" , බැරිද තහනම් වචනේ "ඝෝටභය" කියල තමන්ගේ පක්ෂේ ඉදිරි දැක්ම ගැන කියන්න. මේකනම් 'ගෝටා - බය' ට වැඩ වැඩි දෙයක් නැතුව වගේනේ....!

:       0       186

Gamini Abheyadeera Sunday, 27 October 2019 11:41 PM

මෙයා කියන දේවල් අපි විස්වාස කරන්නේ නැ. මේ පරණ කට්ටියමයි කිසි වෙනසක් නැ අපි රැවටෙන්නේ නැ දැන්.

:       0       140

NAK Sunday, 03 November 2019 07:55 AM

මෙච්චරකල් අත ඉස්සුවේ ඔක්කොම රටට හිතදායක දේවල් වලටද ? නිකන් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 248 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 215 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 59 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site