IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ළමා ලෝකයේ ‍‘පුදුම පළිඟුව‘ වූ සිබිල් නැන්දා

(විනීතා එම්. ගමගේ සහ ඩයනා උදයංගනී)

ළමා ලෝකයේ කතා රැජිනියක, ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියක මෙන්ම ළමා කතා ලේඛිකාවක වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. 1927 ඔක්තෝබර් 31 වැනිදා දකුණු ලක, ගාල්ලේ, ගිංතොට දී උපන් ඇය මියයනවිට 93 හැවිරිදි වියේ පසුවූවාය.

සිබිල් වෙත්තසිංහ මහත්මිය ළමුන් අතර ජනප්‍රිය වූයේ ‘සිබිල් නැන්දා’ ලෙසිනි.

ගිංතොට මිශ්‍ර පාසැලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ගැමි මිහිරෙන් පිරි ගිංතොට හැරදා අට හැවිරිදි  වියේ දී කොළඹට පැමිණියේ මව්පියන් කොළඹ පදිංචියට පැමිණි නිසාය. අනතුරුව ඇය අධ්‍යාපනය ලැබුවේ කොළඹ, බම්බලපිටිය ශුද්ධවූ කන්‍යාරාමයෙනි.

ගම හැරදා කොළඹට පැමිණියත් තමන් හදවතින් ජීවත් වන්නේ ගම්මානයේය යන්න ඇයගේ මුවෙහි නිරන්තරයෙන් රැඳී තිබිණි. ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක කිරීමට මව්පියන් ගේ කැමැත්ත වුවද පාසල් සමයේ සිට ඇය සිතුවම් ඇඳීමට දැක්වූ දක්ෂතාව ඇගේ පියා හඳුනාගත් බැවින් ඇයට අති දක්ෂ චිත්‍ර ශිල්පිනයක වන්නට මං පෑදිණි.

මුල් කාලයේ දී ඇය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම, නාරද හිමියන්ගේ සදහම්පොත්, එච්.ඩී සුගතපාල මහතාගේ නවමග, ඩී.එෆ්.ඊ පනාගොඩ මහතාගේ හා කේ.ජී පෙරේරා මහතාගේ පද්‍ය රසය වැනි කෘතීන්ට සිතුවම් ඇන්දාය. ලංකාදීපය සමග එක්වූ පළමු කාන්තාව ලෙස ඇය ටයිම්ස් පුවත්පත් ආයතනය මගින් ප්‍රකාශයට පත්කළ පැරණි ලංකාදීප පුවත්පත හා එක්වූවාය.

අනතුරුව ඇය 1952 වසරේ දී ලේක්හවුස් ආයතනයේ සේවයට එක්ව තිබේ.

ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතෙහි ප්‍රධාන චිත්‍ර ශිල්පිනිය ලෙස ද කටයුතු කර ඇති සිබිල් වෙත්තසිංහ මහත්මිය එම ආයතනය මගින් මුද්‍රණය කළ සන්ඬේ ඔබ්සවර්, සිළුමිණ, ඬේලිනිවුස්, සරසවිය, මෙන්ම උපාලි පුවත්පත් ආයතනය මගින් ප්‍රකාශයට පත්කළ බිංදු ආදී පුවත්පත්ද තම සිතුවමින් හැඩගැන්වූවාය.

ඇය ‘සූත්තර පුංචා’ ළමා කතාව සිතුවම් අඳිමින් රචනා කළේ ද සිළුමිණ පුවත්පත වෙනුවෙනි. සරසවිය පුවත්පත වෙනුවෙන් සරසවිය පුවත්පත වෙනුවෙන් රචනා කරමින් සිතුවම් ද ඇන්දාය.‘සූත්තර පුංචා’ එකල ළමයින් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් විය.

සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් සිතුවම් සහිතව රචනා කළ කුඩ හොරා ළමා කතාව පසුකලෙක දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද ඉතා ජනප්‍රිය විය. ඇය 1955 දී මෙම කෘතිය රචනා කරමින් ජාත්‍යන්තර ළමා ප්‍රජාව ආක්‍රමණය කළා යැයි කිවහොත් නිවැරදිය.

ජපානයේ දී පැවැත්වුණු ළමා පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරඟයකදී ‘කුඩ හොරා‘ ළමා කතාවට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය හිමිවූ අතර ජපානයේ පළ වූ ජනප්‍රියම විදෙස් කතාව ලෙස ද ටෝකියෝ නුවර ළමා පුස්තකාලය මගින් ‘කුඩ හොරා’ කෘතිය නම් කරනු ලැබිණි. ඇය විසින් රචනා කළ ‘දුවන රැවුල’ කෘතියට 2003 වසරේදී හොඳම සැලසුම්සහගත ළමා කෘතිය ලෙස සාක් සම්මාන හිමිවිය.

ඇගේ කෘතින් රුසක් දේශිය විදේශිය සම්භාවනාවට පාත්‍ර වී ඇති අතර ‘කුඩ හොරා’ කෘතිය ජපානය, චීනය, ඇමරිකාව, කොරියාව, පිලිපීනය, ස්විඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය, ඇතුළු රටවල් දොළහක දී ඉංග්‍රීසි ලන්දේසි දෙමළ ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ.

දේශිය ළමා කතා සඳහා නවතම ශෛලියක් හඳුන්වා දුන් ඇය ළමා මනස හඳුනා ගනිමින් ඉතා සංයමයෙන් ලියාපළ කෘතින් ගණන 250 කට ආසන්නය. ඇයටම විශේෂිත වූ ආරකින් ඇය ළමා චිත්‍ර නිර්මාණය කළාය.  ‘කැවුම් යෝධයා, ‘එන්දො මුත්තා’, ‘කිරියට ලැවරිය’, ‘අලිනෑම’, ‘අවිශ්වාසය’, ‘ඉදුණු පේර’, ‘දිය රකුසා’, ‘මහා ගිරා’, ‘කපුටා කළු වුණ හැටි’, ‘රන් පිහාටු’, ‘අමුතු කෑමක්’ ආදී ළමා කතා ගණනාවක් ඇය විසින් රචනා කර තිබේ.

එකල ඇය රචනා කළ උපහාස රසයෙන් යුත් තීරු ලිපි ද අතිශයින් ජනප්‍රිය විය.  රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසක් ඇය හිමිකරගත්තාය.

ඇය 1971 දී ලේක්හවුස් ආයතනයෙන් සමුගත්තද ඇය මෑතක් වන තුරුම ග්‍රන්ථකරණයේ මෙන්ම සිතුවම් ඇඳීම ආදී කටයුතුවල නිරත වූවාය.

මෙරට විවිධ ප්‍රදේශවල දරුවන් 20,000ක් එක්කරගෙන එකම කෘතියක් අවසානයන් 20,000ක් සහිතව රචනා කරමින් ඉකුත් මාර්තු මාසයේ දී ඇය ගිනස් වාර්තාවක් ද පිහිටවූවාය.  ඒ ලෝක ළමා දිනයට සමගාමීව ”පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කරමිනි.

සීමාසහිත සිලෝන් බිස්කට් සමාගමේ සංකල්පයක් අනුව රචනා කළ මෙම කෘතිය වෙනුවෙන් හිමිවූ ගිනස් වාර්තාවට අදාළ සහතිකය සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇතුළු දරු දැරියන් වෙත ප්‍රදානය කිරීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉකුත් මාර්තු 5 වැනිදා උත්සවාකාරයෙන් පැවැත්විණ.

“මම කවදාවත් වයසට යන්නේ නැහැ. මම තවමත් පසුවන්නේ බොහෝ සුන්දර ළමා හිත් එක්ක. ඒක බොහෝ වැඩිහිටියන්ට තේරෙන්නේ නැහැ. ” යැයි ඇය වරෙක පැවසුවාය.

‘කවදා හරි මම මේ ලෝකෙන් යන දවසට යන්නේ පුදුමාකාර සතුටකින්...මම යන්නෙ ළමයින් වෙනුවෙන් මහා වස්තු සම්භාරයක් ඉතිරි කරලා. එහෙම හිතද්දී දැනෙන්නේ පුදුමාකාර සතුටක් ’ යැයිද ඇය කීවාය.

ළමා හදවත් හඳුනාගෙන ඇය කළ මෙම නිර්මාණ නිසා ලොවවටා සුවහසක් දරුවෝ සිබිල් නැන්දාට ආදරය කළහ.

ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වූ ඩී.බී වෙත්තසිංහ මහතා සමඟ විවාහ වී සිටි සිබිල් වෙත්තසිංහ මහත්මිය දූ දරුවන් සිව් දෙනෙකුගේ මවක වූවාය.

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අඩි පාරේ යමින් පසුකලෙක ළමා චිත්‍ර නිර්මාණයට පිවිසි ඇගේ දියණිය කුසලා වෙත්තසිංහ ද කලක් මාධ්‍යවේදිනියක වශයෙන් කටයුතු කළ අතර ඇය පසුකලෙක උපාලි පුවත්පත් සමාගමේ ‘බිංදු’ පුවත්පතේ කතුවරිය ද වූවාය.

නිර්මාණ කරුවන්ට අත දෙන්නට නොපැකිලව කටයුතු කළ සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් අත හිත ලැබූ නිර්මාණ කරුවෝ රැසකි.

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය මේ වනවිට නුගේගොඩ, ගංගොඩවිල, පැපිලියාන පාරේ, ඩයස් පෙදෙස, අංක 4 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර හෙට (2) උදෑසන නිවසේදී සිදුකෙරෙන ආගමික කටයුතු වලින් පසු පෙරවරු 10.30 ට දේහය නිවසේ සිට බොරැල්ල, ජයරත්න මල් ශාලාව වෙත ගෙන ඒමට නියමිත අතර 3 වැනිදා සවස 3.00 වන තුරු දේහය එහි තැන්පත් කර තැබෙනු ඇත.

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 3 වැනිදා පස්වරු 3.00 ට බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ.  


 



අදහස් (5)

ළමා ලෝකයේ ‍‘පුදුම පළිඟුව‘ වූ සිබිල් නැන්දා

rishad Wednesday, 01 July 2020 05:08 PM

මැතිණිය ඔබ වීරමාතාවකි.. හැම ජාතියකටම, අපගේ හද පරි උත්තමාචාරය..

:       3       19

දෙනෙත් Wednesday, 01 July 2020 05:15 PM

සිබිල් නැන්දේ... ඔබ ප්‍රාර්ථනා කළ ආකාරයටම නැවත උපදින්නේ නැතුව සිටීමේ ප්‍රාර්ථනය ඉටුවේවා.. ඔබට සුබ ගමන්..!!!

:       0       12

Royfedricks Wednesday, 01 July 2020 09:31 PM

ඇය අපේ රටේ අව්‍යාජ කලාකරුවෙකි. අන් අයගේ අදහස් හෝ තාක්‍ෂණය සොරකම් කළේ නැත.

:       1       10

Appachchi Thursday, 02 July 2020 12:52 AM

මේ හොඳ මිනිසුන් ලෝකය හැර යනවා, රට කන දේශපාලුවෝ ඉතුරු වෙනවා.

:       1       9

anura Thursday, 02 July 2020 02:28 AM

ජාතික වස්තුවක් වූ මෙවැනි අග්‍රගන්‍ය කලාකාරිණියකගේ දේහය පුද්ගලික මල් ශාලාවක තැන්පත් නොකර ජාතික කලාගාරය ඒ සඳහා යොදා නොගන්නේ ඇයි ද යන්න ප්‍රශ්ණයකි. සමහර විට එය පවුලේ ඥාතීන්ගේ ඉල්ලීමක් මත වීමටත් ඉඩ තිබෙනවා. නමුත් මෙතුමියගේ අවසාන කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ වෙනවා නම් වඩා හොඳය යයි මම සිතනවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 16 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 21 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 157 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 307 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 362 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 96 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site