IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හෝටල් කර්මාන්තයේ අර්බුදයට වහා පිළියම් ඕනෑ

දඹුල්ල, හබරණ, සීගිරිය හා පොලොන්නරුව ප්‍රදේශවල සංචාරක හෝටල් කර්මාන්තයට විදේශිකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ඉදිරියට උත්සව සමයේ කාමර වෙන්කර තැබීමේ අඩුවක් පෙනෙන්නට ඇතැයි සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය.

ප්‍රවෘත්තියට පදනම් වන්නේ රටේ එක් පළාතක් පමණි. එහෙත් ප්‍රවෘත්තියෙන් අනාවරණය කෙරෙන තත්ත්වය එම පළාතට පමණක් සීමා නොවුණු රටේ සෑම සංචාරක කලාපයකටම බලපාන තත්ත්වයක් බව ඉතා පැහැදිලිය. වෙනස් විධියකට ලියන්නේ නම් රටෙන් අඩකට බලපාන තත්ත්වයකි.

සංචාරක ව්‍යාපාරයෙන් ජීවනෝපාය සරි කරගන්නා පවුල් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. මහා පරිමාණ හෝටල් සංකීර්ණවල සිට නිවාස ලැගුම්හල් බවට පත් කර කුලියට දෙන පිරිස් දක්වා ද අති සුඛෝපභෝගී කුලී රථ සිට ත්‍රීරෝද රිය දක්වා ද සංචාරක මඟ පෙන්වන්නන්ගේ සිට මඟ දෙපස වෙළඳාම් කරන්නන් දක්වා ද අති විශාල පිරිසක් සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වී සිටිති. ඒ ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා ජීවත්වන්නේ ඍජුවම එම සංචාරක ව්‍යාපාරයත් සමඟය.
උත්සව සමය “සීසන්” ලෙස හැඳින්වේ. “සීසන්” හැමදාම එන්නේ නැත. අප්‍රේල් හා දෙසැම්බරය ප්‍රධාන වශයෙන්ම සීසන් සමයට අයත්ය. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ලක්ෂ ගණනක් ජනී ජනයාගේ ජීවිතවලට සොම්නස ගලා එන්නේ ඒ “සීසන්” සමයේදීය. අනෙකුත් දිනවල දී බඩට නොකා ඒ ජනයා ජීවත් වන්නේ “සීසන්” එකේදී “ඇරියස් කවර්” කරන බවට ඒකාන්ත විශ්වාසයෙනි.

කරුණු කාරණා එපරිදි වුවද අප පුවත්පත වාර්තා කළේ දඹුල්ල, හබරණ, සීගිරිය හා පොලොන්නරුව යන සංචාරක කලාපයේ හෝටල් වේළෙන බවය. හෝටල් වේළෙන්නේ නම් ඉතිරිය සම්බන්ධයෙන් සිතා ගැනීම අසීරු නැත. වෙනත් කාලවල දී නත්තල් සහ උත්සව සමය වෙනුවෙන් කල් ඇතිව හෝටල් කාමර වෙන්කර ගැනීමක් සිදු වුව ද මෙවර එහි කැපී පෙනෙන අඩුවක් ඇති බව අප පුවත්පත පවසයි.

තත්ත්වය එතරම් යහපත් නොවන බව පෙනෙන්නේ දැනටමත් වෙන්කර ඇති හෝටල් කාමර අවලංගු කිරීමේ ප්‍රවණතාවක් ද තිබෙන බව සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද මහතා අප පුවත්පතට ප්‍රකාශ කර ඇති හෙයිනි. දඹුල්ලේ ඉහළ තලයේ සංචාරක හෝටලයක් ඒ සඳහා ඔහු උදාහරණයක් වශයෙන් පෙන්වා දෙයි.

වෙනත් වසරවල ජනවාරි, පෙබරවාරි හා මාර්තු ආදී මාසවල මේ වනවිටත් විශාල වශයෙන් සංචාරකයන්ට හෝටල් කාමර වෙන් කරන බවත් එහෙත් දැනට වෙන් කර ඇති කාමර පවා අවලංගු කිරීම නිසා සංචාරක ව්‍යාපාරයේ හෙට දවස බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බවත් සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

සංචාරක ව්‍යාපාරයට මෙම අභාග්‍ය සම්පන්න ඉරණම පැමිණ තිබෙන්නේ රට හමුවේ සුනාමි උවදුරක් ඇති හෙයින් නොවේ. ගංවතුර හෝ නියඟයක් නිසා නොවේ. වෙනත් ස්වාභාවික විපතක් නිසා නොවේ. මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුද සුළිය නිසාය.

දේශපාලන අර්බුදය පවතින්නේ දියවන්නාව මැද මහේශාඛ්‍ය ලීලාවෙන් නැඟී සිටින යෝධ ගොඩනැගිලි සංකීර්ණයේ සභා ගැබ මැද පමණක් නොවේ. දේශපාලන පක්ෂ අතර පමණක් නොවේ. ඒ දේශපාලන අර්බුදයේ බලපෑම රටේ සෑම සියලු ​ෙක්‍ෂ්ත්‍රයකටම බලපා තිබේ. රටේ ආර්ථික ​ෙක්‍ෂ්ත්‍රයට එමගින් එල්ල වී තිබෙන බලපෑම සුළුපටු නොවේ.
මෙම දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කර තේරුමක් නැත. ඇතැමෙකුට ප්‍රශ්න යනු අවමගුල් පෙරහැරක දී ප්‍රයෝජනයට ගන්නා පාවාඩ බඳුය. ඒ පෑගීමෙන් පසු හිසට ඉහළින් විසි කර යළිත් පෑගීම පිණිසය. ප්‍රශ්න විසඳිය යුත්තේ අලුතෙන් ප්‍රශ්න නිර්මාණය වන ආකාරයට නොවේ. අලුතෙන් ප්‍රශ්න නිර්මාණය වන්නේ නම් එය ප්‍රශ්න විසඳීමක් නොවේ. එහෙත් රටේ සිදුවෙමින් පවතින්නේ එයයි. මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. සංචාරක කර්මාන්තයෙන් ඇසෙන අඳෝනාවට මැනවින් සවන් දෙන්නේ නම් තත්ත්වය තේරුම් ගැනීම අසීරු නැත.



අදහස් (4)

හෝටල් කර්මාන්තයේ අර්බුදයට වහා පිළියම් ඕනෑ

gamaathi Saturday, 01 December 2018 12:29 PM

මෙම ලිපිය ප්‍රින්ට් කරලා පත අට එකට සිඳුවා දේශපාලයින්ට පොවන්න..

:       0       9

De silva Saturday, 01 December 2018 12:30 PM

කව්ද මේ ගැන වගකීම ප්‍රමාදයකින් තොරව බාරගන්න ඉන්න කෙනා?

:       0       9

ravindra - sigiriya Sunday, 02 December 2018 01:14 PM

ඔය කියන හෝටල්වලට දඩමස් විකුණන්නේ වෙල්විදානේලාගේ කට්ටියලු නේද...?

:       5       34

a.b. srila Sunday, 02 December 2018 01:14 PM

ඇත්තටම මේකට ප්‍රධාන හේතුවක් තමයි හෝටල් කර්මාන්තයේ නියුතු වූවන් කරන ඉවක් බවක් නැති පරිසර විනාසය. අනෙක් එක තමයි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවල අන්ත අවිධිමත් වැඩ පිළිවෙල හා විනාශය. අඩුපාඩුවට මෙම දේශපාලන අර්බුදය. මේ විදියට ගියොත් ලංකාවේ සංචාරක ව්‍යාපාරයක් ඉතුරු වෙන එකක් නෑ. විශේෂයෙන් සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ මහත්වරු පුරා විද්‍යාත්මක වටිනාකම ඇති ස්ථාන හා පරිසර විනාශය ගැන හිතුවොත් රටට වගේම ඒ මහත්වරුන්ටත් ඇඟට ගුණයි..

:       1       26

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 143 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 132 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 451 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 700 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 677 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 121 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site