IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හොරු කවුදැයි රටම දැක්කා

යහපාලනයට වෙච්ච දේ, මැටි ආණ්ඩු කතාව, මැටි ආණ්ඩුවේ පින් ඇමැති ඩිලාන් ද?, පොදුජන පෙරමුණට සහය දෙන්න කතා කිරීම, පළාත් පාලන ඡන්දය, ජනපතිගේ ධුර කාලය විමසීම, ආණ්ඩුවේ පක්ෂ කැළඹිළා ද යනාදී කරුණු පිළිබඳව මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා දැක්වූ අදහස් සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- යහපාලනයට වෙලා තියෙන්නේ මොකක්ද?
පිළිතුර:- යහපාලනයට නම් කිසි දෙයක් වෙලා නැහැ. යහපාලනය කියන්නේ යහපත් පාලනයක්. පාට, පක්ෂ භේද නොබලා දූෂිතයන් ඉන්නවනම් ඔවුන්ට දඬුවම් දීමට අවශ්‍ය පියවර ගැනීම එවැනි පාලනයක ප්‍රධාන ලක්ෂණයක්. මෛත්‍රී ජනාධිපතිතුමා වසර ගණනාවක් සිටි ශ්‍රීලනිපය කියා බලන්නේ නැතිව ඒ පක්ෂයේ අය සම්බන්ධයෙනුත් විශේෂ කොමිෂන් සභාවක් දාලා අවශ්‍ය පියවර ගැනීමට වාර්තාවක් ගෙන්නගෙන තිබෙනවා.
එතුමාට ඡන්දය දුන්නා කියා සිතන්නේ නැතුව මහ බැංකු බැඳුම්කර සිද්ධිය සොයන්න කොමිසමක් දැම්මා. මේ කොමිසම දැම්මේ එජාප-ශ්‍රීලනිප භේදයකින් තොරව හොරු සොයන්න. එහෙත් එතැනදී එජාප බොහෝ අයගේ නම් කියැවී තිබෙනවා. එජාපය තමන්ට උදව් කළා කියා නොසිතා හොරු සම්බන්ධව පියවර ගෙන තිබෙනවා. ඒක තමයි මම දන්න යහපාලනය.

එහෙත් අපේ රටේ සමහර මාධ්‍යවලට, සමහර දේශපාලනඥයන්ට යහපාලනය කියන්නේ තමන්ගේ පක්ෂයේ කෙනා බේරී අනෙක් පක්ෂයේ කෙනාට පමණක් දඬුවම් කිරීමයි. ඒක නෙමෙයි මම දන්න යහපාලනය. ජනාධිපති කොමිෂන් සභා වාර්තා මීට පෙර ගියේ කුණුබක්කියට. එහෙත් මෙවර ඒ වර්තාවෙන් හෙළිවූ හොරුන්ට දඬුවම් කරන්න යනවා. ඒක නෙමෙයිද යහපත් පාලනය. ශ්‍රීලනිපයේ හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිසට නඩු අහන්නේ නැතුව දඬුවම් කරන්න කියා එජාපයේ අය කෑ ගහනවා. නඩු අහන්න කාලයක් යනවා. ඒක නෙමෙයි ද යහපත් පාලනය කියන්නේ. 19 වැනි සංශෝධනය වෙලාවේ ජනාධිපති බලතල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට හිස නැමුවා. ඒක නෙමෙයි ද යහපත් පාලනය. යහ පාලනය කියන වචනයට මමත් කැමැති නෑ. ඒක මිනිස්සුන්ට ටිකක් වහවෙලා තිබෙනවා. හැබැයි යහපත් පාලනයක යම් යම් කාරණා ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙනවා. ක්‍රියාත්මක කර තිබෙනවා.


ප්‍රශ්නය:- එහෙම නම් මේක මැටි ආණ්ඩුවක් කියා ඔබ කිව්වේ ඇයි?
පිළිතුර:- සමහර මාධ්‍ය සහ ලොකු යැයි කියා ගත්තු ලොකු ලොකු නායකයෝ ඒක තේරුම් අරන් තියෙන්නේ වැරදි විධියට. බළලා මැටියෙන් හැදුවත් මීයො අල්ලනව නම් අපිට මීයො අල්ලන්න පුළුවන් කියලයි මම කිව්වේ. ඉතින් මේ ආණ්ඩුව මැටියෙන් හදපු බළලෙක් නේ. සම්මුතිවාදී ආණ්ඩුවක්නේ. තනි ආණ්ඩුවක් නෙමෙයි. ඒකාබද්ධ ආණ්ඩුවක් කියන්නේ මැටියෙන් හදපු බළලෙක් තමයි. හැබැයි මැටියෙන් හැදුවත් බළලා මීයො අල්ලනවා. පාලම්, ජලාශ, මාර්ග හදනවා. ගුවන් පාලම් හැදෙනවා. බළලා මැටියෙන් හැදුවත් මීයො අල්ලන එක හොඳයි. ශ්‍රීලනිප අපේ පරමාර්ථය මැටියෙන් නොවන අපේම ආණ්ඩුවක් හැදීමයි. එජාප පරමාර්ථයත් එයයි.

මේක මැටි ආණ්ඩුවක්. මැටි ප්‍රාදේශීය සභාවක් කියන උන්දැලාට මට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාගෙත්, පළාත් සභාවෙත් ආණ්ඩුවෙත් බලය නැතුව පැත්තකට වෙලා හැම දේකටම එපා එපා කියන උන්දැලට ප්‍රාදේශීය සභාවක් දුන්නොත් ඒ හැදෙන ආණ්ඩුව ඔලමොට්ටල මැටි ආණ්ඩුවක් කියලයි. එනිසා ඔලමොට්ටල මැටි ආණ්ඩුකාරයන්ට ඇත්ත කිව්වම ඒක පේන්නේ වැරැදියට. මේ අය හැම දේම බලන්නේ රෙද්දක් ඇඳගෙන ඔලුවෙන් හිටගෙන. මෙහෙම හිටගත්තාට පේන්නේ වැරැදි විදියට. රෙද්දක් ඇඳගෙන ඔලුවෙන් හිටගත් නිසා ඒ අයගෙ හෙළුවත් පේනවා.


ප්‍රශ්නය:- ඔබ කාට ද මේ ඇඟිල්ල දිගු කරන්නේ?
පිළිතුර:- මම මැටි ආණ්ඩුවක් කිව්වාම ඒක වරදවා තේරුම් ගත්ත දේශපාලනඥයන් සහ මාධ්‍යයේ සියලු දෙනාටම. මගේ කතාවට දේශපාලනඥයන් මෙන්ම විවිධ කාටුන් ශිල්පීන් විවිධ චිත්‍ර මැව්වානේ.


ප්‍රශ්නය:- ඔබ කෙළින්ම චෝදනා කරන්නේ එජාපයට ද?
පිළිතුර:- එජාපය පැත්තකට වගේම බැසිල් මහත්තයා ඉන්න ජී.එල්. පීරිස්ගේ පක්ෂයේ සමහර උදවියත් වේදිකාවල මට අනං මනං කිව්වා.


ප්‍රශ්නය:- හැබැයි මේ මැටි ආණ්ඩුවේ ඔබ පින් ඇමැති කෙනෙක් නේද?
පිළිතුර:- ඔන්න ඉතින් දැක්ක නේ. මට ඔහොම කියන ඔබතුමාලගෙ පත්තරේ ඇතුළුව අනෙක් අය එහෙම කියන්නේ ඇයි ? එහෙම කියන්නේ මම ජාතික ලැයිස්තුවෙන් ආපු නිසානේ. එතකොට ඔය අය කියන්නේ කතානායකතුමා “පිනෙක්” ද මට විතරක් පිනා කියන්නේ මොකද? මේක තමයි තියෙන ප්‍රශ්නේ. මේ රටේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු පළමු මන්ත්‍රී ඩිලාන් පෙරේර ද? බැසිල් රාජපක්ෂ කාලයක් “පිනා” නෙමෙයි ද? රවි කරුණානායකලා, ඩලස් අලහප්පෙරුමලා කාලයක් “පිනා” නෙමෙයි ද? ජාතික ලැයිස්තුවෙන් ඒම “පිනා” නම් එහෙම එන සියලු දෙනා “පිනා”ලා ඔබතුමාගෙ පුවත්පතේ දාස හපුවලාන මහත්තයට සමහර එජාප මන්ත්‍රීවරුන්ට ජී.එල්. පිරීස් මහත්තයත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ට ජාතික  ලැයිස්තුවෙන් ආවාම ඩිලාන් පෙරේරා විතරයි “පිනා” අනෙක් අය අම්බලමේ ගොනා ද? මම විතර ද පිනා. මට නම් කිසි ප්‍රශ්නයක් නෑ. මම විවේචනය හොඳට උසුලන මිනිහෙක්. කාටුන්වලට බොහොම කැමතියි. විශේෂයෙන්ම දාස හපුවලාන මහත්තයගෙ කාටුන්වලට මම ඉතාම කැමතියි. මම ලස්සනට අඳින නිසා. හැබැයි ඩිලාන්ට විතරක් පිනා කියන්නේ පක්ෂ භේදයෙන් තොරව මම ඇත්ත කතා කරන නිසයි. එතකොට රිදෙන තැන්වලට රිදෙනවා.


ප්‍රශ්නය:- පොදුජන පෙරමුණට ඔබ චෝදනා කළාට නාමයෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වල දී ඔවුන්ට උදව් කරන බව කිව්වේ ඇයි?
පිළිතුර:- ඒ අය ශ්‍රීලනිපයෙන් කැඩී ගිය පිරිසක්. ඒ සමහරු ශ්‍රීලනිපයට ආදරය කරනවා. ඒ අය එතන ඉන්නේ පොදුජන පෙරමුණට ආදරේ නිසා නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයට ආදරේ නිසයි. ඒ පක්ෂය කරන්නේ එජාපයත් සමග රෑට ඩීල් දාලා අපේ පක්ෂයේ ඡන්ද කඩන බව කොච්චර කිව්වත් සමහරු විශ්වාස නොකළේ ඒ නිසා. අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වල දී එජාපයට ඡන්දය දෙන්න අපට බෑ. අපි එජාප විරෝධියි. එවන් තැනක දී අපේ පක්ෂයේ අය ජවිපෙට ඡන්දය දෙනව නම් මම වඩාත් කැමැතියි. හැබැයි ශ්‍රීලනිප අය මම කිව්වට ජවිපෙට දෙන්න. එහෙම නම් දෙන්න වෙන්නේ එජාපය නොවන අපි කොතරම් අකමැති වුවත් ජී.එල්. මහත්තයගේ පක්ෂයට තමයි. මේ පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වලදී සන්ධානයට එන්න කියා ඔවුන් කියන්නේ නැහැ. ස්වාධීන කණ්ඩායම් ගැන කියනවා. එකතු වෙලා සමගි වෙලා එජාාපය පරද්දමු කියා ගිය මිනිස්සු නාම යෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වලත් අපට උදව් කරන්නේ නැහැ කියන්නේ එජාපය දිනවන හොර ඩීල්කාරයෝ ඔවුන් තමයි. මගේ ප්‍රකාශයට ජී.එල්. මහත්තයගේ පැත්තෙන් ආ ප්‍රතිචාරයත් එක්ක ඒ බව අතේ මාට්ටු වුණා. දැන් තියෙන්නේ ජී.එල්. මහත්තයට හෝ බැසිල් මහත්තයට අතයට ලැබුණු ගනුදෙනුව කීය ද කියා සොයාගන්න එක තමයි.


ප්‍රශ්නය:- දැන් ඔහොම චෝදනා කරන්නේ ඔවුන් ශ්‍රීලනිපයට ඈදගන්න බැරි වුණු නිසා නේද?
පිළිතුර:- පැහැදිලිවම. ශ්‍රීලනිපය දෙකට කැඩීම සම්බන්ධයෙන් අපට ලොකු කේන්තියක් වේදනාවක් තිබෙනවා. එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළේ පක්ෂය මරන්න. ඒත් ඒක කරන්න බැරි වුණා. පසුව නොයෙක් දේ කළත් ශ්‍රීලනිපය මරන්න බැරිවුණා. දැන් අලුත් පක්ෂ හදා කරන්නේ ශ්‍රි.ල.නි.ප ප්‍රතිපත්ති මරන එක. අද ගොවියෙක්ගේ පුතෙක් මේ රටේ ජනාධිපතිවී සිටිනවා. ඒක තමයි ශ්‍රී.ල.නි.ප වුවමනාව. එවැනි වෙලාවක ශ්‍රී.ල.නි.පය විනාශ කරන්න හදනවිට අපට කේන්තියක් වේදනාවක් තිබෙනවා. මෙවර මැතිවරණයේදී ජනතාවත් අතට, බුලත් කොළයට ඡන්දයදී ඒක ඔප්පුකර පෙන්නාවි අපට සෙනඟ නෑ කියපු අයට අනුරාධපුරෙන් හොඳ උත්තරයක් ලැබුණා.


ප්‍රශ්නය - මේ ඡන්දයෙන් ශ්‍රී.ල.නි.පයට ජයගන්න පුළුවන් කියන ස්ථාවරයක් තිබෙනවාද ?
පිළිතුර - ශ්‍රී.ල.නි.ප සහ එ.ජ.නි.ස මේවනවිට නාම යෝජනාවලින් පසුව විශාලතම ප්‍රගතිය ලැබූ පක්ෂය බව ස්වාධීන විචාරකයන් විවිධ මත විමසූම් හරහා පෙන්නා තිබෙනවා. අපි තුනට හෝ හතරට වැටෙන බව නාම යෝජනා දීමට පෙර කිව්වා. මේ වන විට ශ්‍රී.ල.නි.පය ප්‍රාදේශීය සභා ගණනාවක ජයග්‍රහණය කරන මට්ටමකට පැමිණ සිටිනවා. එනිසා පැහැදිලිවම බහුතර ප්‍රාදේශීය සභා ගණනක් ජයගන්නා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ජයගන්නා පක්ෂය බවට ශ්‍රී.ල.නි.ප පත්වීම නිසැකයි.


ප්‍රශ්නය - පළාත් පාලන ආයතන බහුතරයක් ජයගන්නා බව පොදුජන පෙරමුණ කියා තිබෙනවා නේද?
පිළිතුර - ඒ පක්ෂයට එහෙම කියන්න පුළුවන්. මොකද ඒ පක්ෂයට ජාතකයක් නැහැනේ. ලංකාවේ තිබෙන එකම අවජාතක පක්ෂය තමයි ඔය. නායකයෙක්, ප්‍රතිපත්තියක්, නිලධාරී මණ්ඩලයක් එතන නෑ. ඒ අයට ඕන තැනක ඕන කතාවක් කියන්න පුළුවන්. මේ අය කවුද කියා ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. මේ අය කියන කතාවලට කිසිදු වලංගු භාවයක් නෑ.


ප්‍රශ්නය - දෙකඩවී සිටින ශ්‍රී.ල.නි.ප යට එ.ජා.ප.ය සමග තරඟ කරන්න තරම් ශක්තියක් තිබෙනවාද ?
පිළිතුර - එ.ජා.ප.යට තිබෙන ජනමතය මේ වනවිට දිය වෙමින් යනවා. මම නියෝජනය කරන්නේ එ.ජා.පයට ශක්තිය තිබෙන දිස්ත්‍රික්කයක්. හැබැයි දැන් එජාප පාක්ෂිකයන් රාශියක් අපට එක්වී සිටිනවා. තවත් අය ඉදිරියේදී එනවා. මහින්ද මහත්තය නිසා ඈත් වූ දෙමළ සහ මුස්ලිම් ජනයා ශ්‍රී.ල.නි.ප වටා ගොනුවෙමින් සිටිනවා. එ.ජා.පය තුළ ඒ කාල් සිටියේ මහත්වරු. එහෙත් අද ඉන්නේ ‘මහත්හොරු’ කියා තේරුම් ගත් ජනතාව අපට එකතු වෙනවා.


ප්‍රශ්නය - ඔබ එහෙම කියන්නේ ඇයි ?
පිළිතුර - බැඳුම්කර වාර්තාවේ ඇතුළත් යැයි මාධ්‍යයේ ගිය කරුණු, මේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ආකාරය වාර්තාව පිටවූ පසු මේ අයගේ හැසිරීමේ ස්වභාවය පාර්ලිමේන්තුවේ ටයිකෝට් මහත්වරු සහ සාටක මහත්වරු දෙපසට වී හොරා හොරා කියමින් හැසිරුණු විලාසය යනා දී සියල්ල දෙස බැලුවාම මහත්වරුන්ගේ පක්ෂය ‘මහත් හොරුන්ගේ’ පක්ෂය බවට පත්වි ඇතැයි කියනවා. වෙනුවට වෙන මොකද්ද මට කිව හැක්කේ.


ප්‍රශ්නය - බැඳුම්කර වාර්තාව ඡන්ද අභිමුවේ ගෙනහැර දැක්වුයේ එ.ජා.ප.ය දියකර හරින්නද?
පිළිතුර - ඒක ඔබලාට පේන විධිය. දෙසැම්බර් 31 වැනිදා එය බාරදීමට නියමිතව තිබුණා. ඒක බාර දුන්නාම හංගගෙන ඉන්න රටේ ජනාධිපතිට පුළුවන්ද? අපි තාම දන්නේ නෑ මේකේ අඩංගු කරුණු. හැබැයි එ.ජා.පයේ අය මාට්ටු වී ඇති බව කියන කතාවලින් සිතන්න පුළුවන්. එහෙම නම් මේව හංගගෙන ඉන්න ඕනද? ඒකද යහපාලනයට කියන්නේ. ශ්‍රීලංකා ද එ.ජා.පය ද  ප්‍රශ්නයක් නැතුව හොර හෙළිවී තිබෙනවා නම් එය හෙළිකිරීම නෙමෙයි ද යහපත් පාලනය.


ප්‍රශ්නය - වසර හතරක් පමණක් බලයේ ඉන්න බව කිව්වත් 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිගේ ධුරකාලය එය වසර 5 ක් කළා. දැන් වසර හයක් ඉන්න මාන බලන්නේ ඇයි?
පිළිතුර - වසර හතරක් පමණක් ධුරයේ ඉන්නවා කියා කියපු තැනක් මට නම් මතක නෑ. ජනාධිපතිතුමා කිව්වේ එක වරක් පමණක් ඉන්නවා කියලයි. වසර හතරේ කතාව ජී.එල්. මහත්තයගෙ පක්ෂය මවපු ප්‍රබන්ධයක්. අපි එදා වැඩ කළේ මහින්ද මහත්තයට 19 වැනි සංශෝධනය ගෙන ඒමේ තිබෙන හොඳ මේ වෙලාවේ කවුරුත් කියන්නේ නැහැ. ලෝකයේ මොන විධායක ජනාධිපති ද ඒ බලතල අතහරින්න කැමැත්ත පළ කළේ. ලංකාවේ මීට පෙර සිටි කිසිදු ජනාධීපතිවරයෙක් බලතල අඩුකරන්න කැමැති වුණේ නෑ. තමන්ගේ විධායක බලතල තමා විසින්ම අඩුකරන්න කැමැති වූ ලෝකයේ එකම විධායක ජනාධිපති මෛත්‍රී පමණයි. ඒකට නිසි ගෞරවයක් කොහෙන්වත් නෑ. පත්වන ජනාධිපතිවරයෙකුගේ ධුරකාලය අවුරුදු පහක් බවට සංශෝධනයක් ගෙනාවා. 19 වැනි සංශෝධනය ගෙනෙන විට වසර හයකට මෛත්‍රී මැතිතුමා ජනතාවගේ ඡන්දයෙන් පත්වී දිවුරා අවසන්. සමහරු මේ ගැන විවිධ මත ඉදිරිපත් කළා. ඒ නිසා නිශ්චිතව මේ කාරණය තහවුරු කරගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. වසර හය ද පහ ද කියා ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව එතුමා පිළිගනීවි.


ප්‍රශ්නය - 19 වැනි සංශෝධන බලපවත්වන්නේ පසුවට නම් මහින්ද රාජපක්ෂටත්, චන්ද්‍රිකා කුමාරතුංගවත් යළි තරග කළ හැකි බවට නීතීඥ මතයක් ඉදිපත්ව තිබෙනවා නේද?
පිළිතුර - එවැනි ප්‍රශ්නයක් මතුව තිබේ නම් ඒවත් අධිකරණයෙන් විසඳාගත යුතුයි. මේ ප්‍රශ්නයක් එක්ක ඔවැනි කාරණයක් එනවා කියන්නේ ඒක මහ බහුබූත තර්කයක්. ජනාධිපතිතුමාගේ කාලය ගැන ප්‍රශ්නයක් මතුව තිබෙන්නේ මැද්දෙන් 19 වැනි සංශෝධනය ආපු නිසයි. 19 සංශෝධනයේ තිබෙන්නේ ජනාධිපතිගේ ධූරකාලය අවුරුදු 5 යි කියලයි. හැබැයි මේ ජනාධිපතිට ජනතාව ඡන්දය දුන්නේ වසර හයක් ඉඳීවි කියන බලාපොරොත්තුවෙන්. ඒ වගේම එතුමා දිවුරුවේ වසර හයකට. හරි මතය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරාවි. එහෙම එකක් තිබෙන නිසා පස්ස දොරෙන් ආයෙම මහින්දටයි චන්ද්‍රිකාටයි තව පාරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියා කවුරු හෝ තර්කයක් ගොඩනගනවා නම් එය යහපාලනයක් සමග කොතරම් ගැළපෙනවා ද? වහපාලනයත් එක්ක කොතරම් ගැලපෙනවා ද? කියන එක යන මතදෙක බේරගන්න ඕන උදවිය කළ යුතු වැඩක්.


ප්‍රශ්නය - ජනාධිපතිගේ ධූරකාලය විමසීමෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කැළඹිල්ලකට ලක්ව ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රකාශකර තිබෙනවා නේද? ඒ ගැන මොකද කියන්නේ.
පිළිතුර - එතුමා නීතිඥවරයෙක්. මගේ කැබිනට් ඇමැතිවරයා මොකද්ද මේ කරපු බහුබූත ප්‍රකාශය. මේ රටේ ව්‍යවස්ථාව අනුව මෙවැනි ප්‍රශ්නයක් විමසීමේ අවස්ථාව ජනාධිපතිට තිබෙනවා. මීට පෙර චන්ද්‍රිකා මැතිනියත් විමසුවා. 19 සංශේධනය යටතේ ඒ ප්‍රශ්න ඇසීමේ අයිතිය නැවැත්තුවේ නෑ. අපි 19 වැනි සංශේධනය ගෙනත් මෙහෙම අහනවා නම් ඒක අපෙනුත් අහන්න ඕන කියා සභානායකතුමා කියනවා නම් එතන පෙන්නන්නෙම සම්මුතිවාදී ආණ්ඩුව තිබෙන නිසා ජනාධීපතිතුමාගේ බලතල හෑල්ලු කිරීමක්. අගමැතිතුමාට ප්‍රශ්නයක් අහන්න ඕන වුණාම ඒක ජනාධිපතිතුමාගෙන් අහනවාද? ජනාධිපතිතුමා ප්‍රශ්න විමසුවේ ව්‍යවස්ථාවේ ඇති බලය අනුවයි. ඒක නිසා ලොකු කැලඹිල්ලක් ඇතිවෙලා කියලා කිරිඇල්ල ඇමැතිතුමා කියනවා නම් ඒක එතුමාට පේන විධියයි. එහෙම පේන්නේ එතුමා සිටගෙන නැතුව ඔලුවෙන් හිටගෙන මේ දෙස බලන නිසයි.


ප්‍රශ්නය - ධූරකාලය විමසීමෙන් සිදුවුණේ ආණ්ඩුවේ තවත් අවුල් නිර්මාණය වීමක් නොවෙයි ද?
පිළිතුර - ආණ්ඩුවේ අවුල් නිර්මාණය ගැන ජනාධිපතිතුමාට ඇඟිල්ල දිගු කරන්න බෑ. ආණ්ඩුවේ අවුල් නිර්මාණය මුලසිටම කළේ එ.ජා.පයයි. ඒක පැහැදිලියි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කිරීමේ සිට මහ බැංකු හොරකම කළ අය ආරක්ෂා කිරීම දක්වා යන ගමන දෙස බලන විට එය ඉතා පැහැදිලියි. එනිසා තවත් අවුල් කරන්න දෙයක් නැහැ. අවුල් වෙලා තියෙන්නේ. දැන් ජනාධිපතිතුමා උත්සාහ ගන්නේ වෙලා තියෙන අවුල ලිහන්නයි. ඒකට තිබෙන සැක දුරු කරන්න ඕන. මේ වෙලාවේ ජනපතිගේ ධූරකාලය ගැන රටේ සැකයක් තිබෙනවා. ඒ සැකය දුරු කිරීමයි මේ කරන්නේ. එ.ජා.ප.ය ඒකට කැමැති නෑ. වෙනත් සැක සංකා තියාගෙන ගියා වගේ එ.ජා.ප.යට ඕන මේ සැකයත් තියාගෙන යන්නයි. ආණ්ඩුවටත්, එජාපයටත් ජනතාව අතරට යන්න බැරි හොරු ගනයට පත් කළේ එ.ජා.පයේ උදවියයි. කවුද හොරු, කවුද කම්බහොරු කියා පාර්ලිමේන්තුවේ සිදුවීමෙන් රටම දැක්කා.

 



අදහස් (1)

හොරු කවුදැයි රටම දැක්කා

c.sooriyaarachchi Tuesday, 16 January 2018 03:57 AM

බලලොබී දේශපාලකයන් දෙපැත්තට පනිමින් තමන්ගේ ඇමතිදුර රැකගන්න අතර තමන්ගේ දිව තම වාසිය සදහා ඕනෑම පැත්තකට නවනු ඇත. රටේ ජනතාව මොවුන්ගේ නාටකය හැමදාම බලනවා.............

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 144 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 284 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 351 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 89 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 528 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site