IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සරසවිය කෙළෙසන නවක වධය

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

([email protected] / [email protected])

‘හොස්ටල් එකට ගිය මුල්ම දවසේ අපට සරං ඇඳගෙන හොස්ටලේ එකේ කාමරයකට එන්න කිව්වා. ඉන් පස්සේ සෙකන්ඞ් ඊයර් අයියලා ඇවිත් අපේ සරං ගලවන්න කිව්වා. කට්ටියගෙම සරං ගලවලා පැත්තකින් තිබ්බා. ළමයින් කෑගහද්දි සද්දෙ ඇහෙනවට හයියෙන් සිංදු දාලයි තිබුණේ. ’

මේ නවකතාවක කොටසක් නොවේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුවකුගේ කතාවක ඇරැුඹුමකි. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් කතා කරන්නට යන්නේ ඇතැමුන් කතා කරනවාට අකමැති,  කතා කරනවාට විරුද්ධ,   කතා කරනවාට බිය මාතෘකාවක් ගැනය. ඒ විශ්ව විද්‍යාල නවක වදයයි. 

නවක වදයට ලක්වූ බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබිණ. රෝහල් ගත වීමට සිදුවන තරමට නවකයන්ට දෙන වදය ඇතැම්හු තවමත් සාධාරණීකරණය කරති.  අමානුෂික නවක වදයට ලක්වීම නිසා වසරකට සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවකට සරසවිය එපා වීම සාමාන්‍ය තත්ත්වයකි.

නවක වදය ගැන කතාව ආරම්භ කළේ ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සත්‍ය කතාවකිනි. ඒ කතාවේ ඇරුඹුම පමණි. සෑම විශ්ව විද්‍යාලයකම සෑම පීඨයකම තත්ත්වය මෙය නොවේ. මොරටුව ඇතුලූ ඇතැම් විශ්ව විද්‍යාලවල දරුණු නවක වදයක් නැත.

සෑම විශ්ව විද්‍යාල සිසුවකුටම නවක වද චෝදනාව එල්ල නොවන අතර නවක වදයට අකමැති බහුතරයක් දෙනා විශ්වවිද්‍යාලවල සිටිති. එක් එක් විශ්ව විද්‍යාලවල නවක වදය දෙන ක‍්‍රමවේදයද වෙනස්ය. නවක වදය ගැන කතා කළ යුත්තේ නවක සිසුන්ට විශ්ව විද්‍යාල එපා කරවීමට නොව අමානුෂික නවක වදය නතර කිරීම සඳහාය. මේ ලිපිය ඇරුඹූ කතාවේ ඉතුරු කොටසයි.

‘‘හැමදාම රෑට අපිව මේ විදියටම හොස්ටල් එකේ ඒ කාමරයට ගෙන්වනවා. මුල්ම දවස් ටිකේ අපි සරම ඇඳගෙන කාමරයට යන්න  ඕනා. එතනදි සරම ගලවන්න නියම කරනවා. ඉන් පස්සේ ඒක වෙනස් වුණා. අපි ඒ කාමරයට යන්න  ඕනා ඇඳුම් නැතිවමයි. ඉන් පස්සේ අපේ කණ්ඩායමේම කට්ටිය   සහ දෙවැනි වසරේ කට්ටිය ලව්වා ලිංගික අවයව පරීක්ෂා කරනවනවා.  ඉන් පස්සේ හැමෝමටම තර්ජනය කරනවා විවිධ දේ කරන්න කියලා. එහොම නොකළොත් පහර දෙනවා. ඒ කාමරේ ෆෑන් එකක්වත් නෑ. කට්ටියගේ දාඩිය බිමට වැටිලා එකතු වෙලා වතුර වගේ.   

ඕවගේ වද දීලා ඉවර වෙද්දි පාන්දර වෙනවා. ඉන් පස්සේ අපි කාන්තා නේවාසිකාගාර ළඟට උදේ පාන්දරම යන්න  ඕනෑ. අපේ කණ්ඩායමේ ශිෂ්‍යාවො නේවාසිකාගාරයෙන් එළියට ආවට පස්සේ අපි ඔවුන්ව දේශන ශාලාවට එක්කරගෙ යන්න  ඕනෑ.

මාස තුනක් යනකං මේ විදියට වද දුන්නා. ඉන් පස්සේ හොස්ටල් එකේදී නිර්වස්ත‍්‍ර කරලා බාල්දි වලට කුණු වතුර අරං නෑව්වා. ඒකට කියන්නේ හොස්ටල් බකට් එක කියලා. එතනින් නවක වදය ඉවරයි. ඉන් පස්සේ කැම්පස් බකට් එක ඉවර වෙනනම් සති දෙකක් සුදු කමිසෙයි කලූ කලිසමයි ඇදගෙන යන්න  ඕනෑ. එකම ඇදුම අදින්න  ඕනෑ. සති දෙකම හෝදන්න බෑ. දෙවෙනි සතියේ අන්තිම දවස් වෙද්දි අර ඇදුම් කිළිටි වෙලා සත්තු වගෙයි කට්ටිය එන්නේ. ඉන් පස්සේ  කැම්පස් එකේම වෙනත් තැනකට පිරිමි ළමයි සහ ගැහැණු ළමයි ගත්තා. පිරිමි ළමයින් ඔක්කොගෙම කලිසම් ගලවලා යට ඇදුම පිටින් තියලා බකට් වලින් වතුර ගහලා නෑව්වා. ඉන් පස්සේ යට ඇදුම් නැතිව කලිසම් අන්දවනවා.

ඊට පහුවදා දෙවැනි වසරේ අය අපට පාටියක් දෙනවා. පාටියක් දෙනවා කියලා කරන්නේ පොඞ්ඩක් කන්න දෙන එකයි. ඒකට කියන්නේ සෝෂල් එක කියලයි. ඒකට පස්සේ අපේ කණ්ඩායමෙන් දෙවැනි වසරේ අයට පාටියක් දෙන්න  ඕනා. ඒකට කියන්නේ රිටර්න් පාටිය කියලයි. අපේ කට්ටියම සල්ලි දාලා හොද වර්ගයේ බෝතල් අරගෙන ඔවුන්ට බොන්න සහ කන්න දෙන්න  ඕනෑ.’’

ඒ එක්තරා විශ්ව විද්‍යාලයක සිසුවකු සිය අත්දැකීම විස්තර කළ ආකාරයයි. ඊළඟට කියන්නට යන්නේ තවත් විශ්ව විද්‍යාලයක නවක වදය දුන් ආකාරය ගැනයි. ඒ කතාව කීවේ ශිෂ්‍යාවකි.

‘අපි උසස් පෙළ සමත් වෙලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන කැම්පස් ආවේ. ඒත් කැම්පස් එකට ගියාට පස්සේ මට කැම්පස් එපා වුණා. අපිට අමානුෂික නවක වදයක් දුන්නේ. අපි දෙවැනි වසරේ අයට ඔලූව නමලා ආචාර කර්නන  ඕනා. කළේ නැතිනම් කම්මුලට ගහනවා. එහෙම නැතිනම් වැලි සහ ගල් කැබලි උඩ දණගස්වනවා.

ඊට පස්සේ දසකලා අභිශේකය කියලා එකක් කරනවා. ඒක කරන්නේ එක කාමරයක. ඒකේ බිත්තිවල ගැහැණු රූපයි පිරිමි රූපයි ඇ`දලා තියෙනවා. විකෘති මානසිකත්වයක් තියෙන ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තමයි මේවා කරවන්නේ. ගැහැණු ළමයින්ට පිරිමි රූප සමඟ යම් ක‍්‍රියාකරකම් ටිකක් කරන අයුරු පෙන්වන්න කියනවා. ඒවගේම අපිට කුණුහරප කාඞ් (අන්වර්ථ නාම) දාන්නේ. ඊළඟට බිංකුන්ඩන් නැටවීම හා ටෙන්ට් ගැසීම කියලා තවත් රැග් එකක් තිබෙනවා. ඒ කියන්නේ නවක වද කාලයේ අපිට තිසරපට ඇඳීම තහනම්. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ඒවා පරීක්ෂා කරනවා. ඉන් පස්සේ අපිව පිරිමි ළමයින් ඉන්න තැනට යවනවා. විශ්ව විද්‍යාලයේ ඉන්දි මම මුහුණ දුන්නු අමානුෂිකම සිද්ධිය තමයි ඒක. ඒක ප‍්‍රසිද්ධියේ විස්තර කරන්න අමාරුයි.  අපිත් එක්ක හිටපු සමහරුන්ට මේක නිසා කැම්පස් එපා වුණා.’’

විශ්ව විද්‍යාල නවක වදයේ තරම එම ශිෂ්‍යාවගේ කතාවෙන් මොනවට පැහැදිලි වෙයි.

පෙර සඳහන් කළ පරිදිම විශ්ව විද්‍යාලවල  බහුතරයක් දෙනා නවක වදයට විරුද්ධය. නවක වදය ක‍්‍රියාත්මක කරන්නේ කිහිප දෙනකු පමණි. ප‍්‍රශ්නය නවක වදයට මුහුණ දී දුක් විඳින සමහරු ඊට පසුව තමන්ගේ නවකයන්ට නවක වදය දීමට ඉදිරිපත් වීමයි.

නවක වදය ගැන විශ්ව විද්‍යාල සිසුන් සහ මෑතකදී විශ්ව විද්‍යාලවලින් ඉවත් වුණු බොහෝ දෙනෙකු සමඟ කතා කළ අතර ඔවහු සියලූ දෙනාම පාහේ නවක වදයට විරුද්ධව කරුණු කීහ. නමුත් ප‍්‍රසිද්ධියේ නවක වදය ගැන කතා කරන්නට මැලි කමක් දැක්වූහ.

සංඛ රඹුක්වැල්ල කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට පසුගිය වසරේ ඉන් පිට විය. තම අන්‍යතාවය ඇතිව නවක වදය ගැන විවෘතව කතා කරන්නට ඔහු කැමති විය. මේ නවක වදය ගැන ඔහුගේ අදහසයි. 

‘මම විශ්වවිද්‍යාලයට එන්නේ 2011 වසරේ. උසස්පෙළ ලියලා පාස් වෙලා කැම්පස් තේරුණා කියලා දැනගත්ත ගමන් ඇත්තටම ඊළඟට මතක් වෙන්නේ රැුග් එක. රැුග් එක ඒ තරම්ම සමාජගත වුණ වගේම සමාජය විසින් පිළිනොගන්න ඒත් අනියම් ආකාරයට පිළිගන්න දෙයක් වගේ හැඟීමක් මට මුල් දවස් වල තිබුණේ.

විශ්ව විද්‍යාලයට ආවට පස්සේ රැග් එක ආකාර දෙකකට දකින්න පුළුවන් වුණා. එකක් මානසිකමය වශයෙන්  කරන රැග් එක. අනික ශාරීරික වශයෙන් සිදුකරන රැග් එක. මානසිකමය වශයෙන් රැග් එකට බහුතරයක් ලක් වෙන්නේ ගෑණු ළමයි. පිරිමි ළමයිනුත් මානසිකමය විදිහට රැග් නොවෙනවා කියන එක ඒකෙන් අදහස් වෙන්නේ නෑ.

ඉතා හොඳින් කතා කිරීමේ ඉඳලා පරුෂ වචනයෙන් බැණ වැදීම වෙනකම් මානසිකමය විදිහට වද වේදනා දීම සිද්ධ වෙනවා. ශාරීරිකව ගත්තහම පහරදීම්, දණගෑවීම්, නිරුවත් කිරීම් වගේ දේවල් කරනවා. බොහෝ දුරට ඒ වගේ රැග් වලට ලක් වෙන්නේ පිරිමි ළමයි. මීට අමතරව පළමු වසරේ ශෝෂල් එක ඉවරවෙනකම් තමන්ට කැමති ඇඳුමක් ඇඳීමේ සහ තමන්ට කැමති පරිදි විශ්ව විද්‍යාල තුළ හැසිරීමේ අවස්ථාව නවකයාට අහිමි වෙනවා. මේ තත්ත්ව විශ්ව විද්‍යාලයෙන්  විශ්ව විද්‍යාලයට වෙනස් වෙනවා.

රැග් කරනවා කීවම බහුතරයක් හිතන්න පුලූවන් දෙවන වසරේ සියලූ දෙනාම එකතු වෙලා පළමු වසරට පැමිණි නවකයන්ව රැග් කරනවා කියලා. නමුත් ඒක සත්‍යයෙන් තොර කතාවක්. ඇත්තටම රැග් එක මෙහෙයවන්නේ කීප දෙනෙක්. සමහර විට එක බැච් එකකින් දහ දෙනෙක් පහළොස් දෙනෙක් උපරිම සම්බන්ධවෙයි රැග් කරන්න. බහුතරයක් වන ශිෂ්‍ය ප‍්‍රජාව සාමකාමියි.

ඒ වගේම සමාජයේ මුල් බැසගත්ත සහ බලෙන් ඔබ්බවපු මතයක් තියනවා දේශපාලන පක්ෂ එකක් හෝ කිහිපයක් විසින් මේ රැග් එක මෙහෙයවනවා කියලා. විශ්ව විද්‍යාලයේ හිටිය කෙනෙක් විදිහට මම ඒක එක හෙළාම පිළිගන්නේ නෑ. මොකද ඔය කිසිම පක්ෂයකට සම්බන්ධ නැති මිනිස්සුත් නවකයන්ට රැග් කරනවා මම දැකලා තියෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රැග් කරන අයවලූන් තමන්ගේ ක‍්‍රියාව සාධාරණීයකරණය කරන්න ගේන ප‍්‍රධානම තර්කය පිළිබඳව. ඒකෙදි ඔවුන් කියන්නේ කණ්ඩායම අතර සුහද බව ඇති කරන්න     තමයි රැග් කරන්නේ කියන කාරණය. ඇත්තටම පළමු වසරේ එකට හිටියත් දෙවන, තුන්වන සහ සිව්වන වසර වෙනකොට සේරම ළමයි ක්ලාස් පස්සේ නෝට් පස්සෙයි දුවන්නේ. කිසිම සහෝදර බැඳීමක් නෑ. ඒකෙන් අදහස් කරන්න පුළුවන් රැග් එකෙන් රැග් එක සාධාරණය කරන්න ගේන සුහදතාවය පිළිබඳ තර්කය බිඳ වැටෙන බව. මගේ පෞද්ගලික අදහස වල්මත් වූ පිස්සන් ටිකකගේ ව්‍යාකූල අදහස් ක‍්‍රියාවට නගන නිහීන වැඩක් රැග් එක කියන්නේ. අලූත් ලෝකෙට මේ ගෝත‍්‍රික සංකල්ප ගැලපෙන්නේ නෑ.’’

සංක ප‍්‍රකාශ කළ ආකාරය විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් නවක වදයට විරුද්ධය. ගෝත‍්‍රික සංකල්ප ඇති කිහිප දෙනෙක් පමණක් නවක වදය ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. පසුගිය සතියේ රෝහල් ගත වීමට සිදු වූ පේරාදෙණිය සරසවියේ සිසුවා එහි එක් ගොදුරක් පමණි.

එක් විශ්ව විද්‍යාලයක සිසුවකුට තට්ටු හතරක නේවාසිකාගාරයේ ඉහළ මාලයේ සිට පහළ මාලයට දිනපතා දණගාගෙන නගින්නට සහ බහින්නට සැලස්වා තිබිණි. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ නවක වදය ඉවසා ගත නොහැකිව එක සිසුවෙකු මානසික රෝගියකු වීමයි. සිසුන් හතර දෙනකුගේ ගුද මාර්ගයට ප්ලාස්ටික් බට බැස්සවීමේ සිද්ධියක් මෑතකදී වාර්තා විය.  බොහෝ සරසවිවල මේ වන විට නවන වදය ක‍්‍රියාත්මක නොවන මට්ටමක තිබුණත් විකෘති මානසික තත්ත්වයන් ඇති මෙවැනි පිරිස් ඉඳ  හිට සිටිති.

විශ්ව විද්‍යාලවල නවක වදය නැවැත්වීම සඳහා විශේෂ පණතක් ද ගෙන ආවේය. ඒ 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක‍්‍රියාකාරකම් තහනම් කිරීමේ පනතයි. නවක වදය නැවැත්වීමට බොහෝ නීති රීති තිබුණත් බහුතරයක් සිදු වන්නේ ඒ නීති රීතිවලට මුවා වී ශිෂ්‍ය මර්දනය   කිරීම පමණි. සැබෑ ලෙසම නවක වදය නැවැත්වීමට කටයුතු කිරීම නොවේ.

තාක්ෂණය අතින් දියුණු වත්මන් සමාජයේ නවක වද සිදුවීම් රැසක් සමාජය මාධ්‍ය හරහා දර්ශන සහිතව අනාවරණය විය.  නමුත් ඒ බහුතරයකට තවමත් නිසි පියවර ගෙන නැත. පරිපාලනමය වැරදිවලට කතා කරන සිසුන්ට දිගින් දිගටම පන්ති තහනම් කිරීම් වැනි විනය පියවර ගත්තද ඇත්තටම නවක වදය දෙන සිසුන්ට එවැනි දඬුවම් ලැබෙනවාද යන්න ගැටලූවකි. ගෝත‍්‍රික නවක වදය නැවැත්වීමට නම් මුලින්ම විශ්ව විද්‍යාල ප‍්‍රජාව ඊට එරෙහිව ප‍්‍රසිද්ධියේ කතා කළ යුතුමය.

 

ශිෂ්‍ය සංගම් හා පරිපාලනයත් රකින්නේ අපරාධකරුවන්වයි

මාලිංග ප‍්‍රසාද්- නවකවිරෝධියකු හැටියට කටයුතු කළ සරසවි උපාධිධාරියෙක්

‘‘මේ නවක වදය වගේ දේවල් පවත්වාගන යන්න විශ්වවිද්‍යාල පරිපාලනය රැකවරණය දෙනවා. විශේෂයෙන්ම පේරාදෙනිය සරසවියේ පසු ගිය කාලය පුරාම සිදුවීම් ගණනාවක් උනත් එහි උපකුළපතිවරයා එය සඟවා ඉන්න උත්සහ කරන්න්‍්‍ර. බොහෝ සරසවි වල පරිපාලනයට අවශ්‍ය වෙලා තියෙන්නෙ නවක වද සිඳුවීම් සඟවා ගනිමින් තමන්ගේ පරිපාලන කාලය තුළ හොඳින් පරිපාලන කටයුතු සිදු වුන බවට අඟවන්නයි.

මේ තත්වයන් පාලනය කරන්නට ශිෂ්‍ය  සංවිධාන වලට එතරම්  ඕනෑකමක් පේන්නෙ නැහැ. මොකද සිදුවීම් ගණනාවකදීම කොළඹ, පේරාදෙණිය, ජපුර, කැළණිය වගේ සරසවි වල.උනත් මහා ශිෂ්‍ය සංගම පෙනී සිටියෙ නවක වදයේ යෙදෙන්නන්ගෙ පාර්ශවයේ. නැතිව නවක වදයට ගොදුරු වූවන්ගෙ පැත්තෙ නොවෙයි. අන්තරය වුණත් පාරට බැහැලා අධ්‍යාපනයේ අයිතිය තහහුරු කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. අනෙක් පැත්තෙන් ඔවුන් සාමූහිකව සරසවි වල නවකයන් සරසවිය තුළ වද බන්දනයට ලක් කරනවා.

අනෙක් අතට ලොකුම ඛේදවාචකය නම් නවක වදයට ලක්වන ඇතැමුන් ඒක සුන්දර දෙයක් විදිහට බාර ගැණීමයි. මේ ලඟදි කොළඹ සරසවියේ ශිෂ්‍ය යෙකුගෙ උපන් දිනයක් වෙනුවෙන් ඔහුව නිරුවත් කරලා කණුවක බැඳලා මඩ වලින් නාවනවා. ඒක තමා ඔහු ජීවිතයේ වඩාත්ම සතුටින් උපන්දිනය සැමරුව දවස කියලා ඔහු සටහනක් දාලා තිබ්බා.’’



අදහස් (30)

සරසවිය කෙළෙසන නවක වධය

-------------------- Monday, 01 January 2018 01:03 PM

විශ්ව විද්‍යාල නවක වධය සම්පූර්ණයෙන්ම ඉවත් කර තහනම් කල යුතුයි. නවක වධය දෙන අයව සොයා චාම්පුස් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කල යුතුයි.

:       1       296

Dayal Monday, 01 January 2018 02:05 PM

ඔය විදිහට නවකයන්ට සලකන්නේ ලංකාවේ විතරයි. දියුණු රටවල ඔහොම නැහැ.

:       0       261

PerakumMonday, 01 January 2018 03:22 PM

දයාල් දන්නවානේ මේ නවකවද දෙන අය මානසික රෝගීන් කියලා. ඒ අයට ඕන ඒ අයගේ ලෙඩේ නවකයින්ටත් බෝ කරන්න.

:       0       239

liyanage Monday, 01 January 2018 03:26 PM

අති අමානුශික වද විවෘත විශ්ව විද්‍යාල වලත් දෙනවා. මේ ගැන රජයට වගකීමක් තියනවා මේවා වහාම නතර කළයුතුමයි. වද දෙන්නේ මානසික රෝග තිබෙන අසත්පුරුශ මිනිසුන්. එවැනි කණ්ඩායම් සොයා බලා ඔවුන්ව පුනරුත්තාපනය කළ යුතුයි. විශ්ව විද්‍යාල වලට පිවිසෙන දරුවන්ට ආරක්ශාවත්, ඔවුන්ගේ ආත්ම ගෞරවය රැකගෙන නිදහසේ ඉගෙන ගැනීමට ඉඩකඩ ලබාදීමත් රජයක වගකීමකි. මේ අපරාධ නැවැත්වීමට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත්, මේ රටේ සියලුම සාධාරන ගුණගරුක පුරවැසියන්ගේත් ඇස් ඇරේවා.

:       0       245

naradha Monday, 01 January 2018 06:20 PM

ඕනෙම ජන සමාජයක එක්තරා ප්‍රතිශතයක් මානසික රෝගීන්ව සිටී. ඉහත ලිපියේ සඳහන් වන්නේ ලාංකික ජන සමාජයේ මානසික රෝගීගේ කතා වෘතාන්තයයි.

:       0       148

kim Monday, 01 January 2018 07:10 PM

නවක වධය පැහැදිලිවම පාලන අධිකාරියට නවත්වන්න හෝ පාලනය කරන්න පුළුවන්. නමුත් ඒක නොකරන එකයි ප්‍රශ්නය.

:       0       106

Shashi Tuesday, 02 January 2018 05:45 AM

ඔය විස්තර කරලා තියෙන නවක වදය වෙනම එකක්.......නමුත් කැම්පස් එක තුළ හදුනා ගැනීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි....මොන්ට්සූරියක් වගේ එකක් ද කැම්පස් එක කියන්නේ.....එතනදි ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි.....

:       637       557

jayath Tuesday, 02 January 2018 06:37 AM

මේ සමහර අය පාලන අදිකාරිය මේක නවත්තනකම් බලාගෙන ඉන්නවා . කැලේ ඉන්න අලිටික ගම් වැදිලා ගම් වනසනවා! , මින්ස්සු ඒ අලි මරල දමනවා , දවසකට 7 ක් 8ක් මහ මග අනතුරු වලින් මැරෙනවා! , උසස් පෙලට අලුතින් හදපු විෂය නිර්දේශ අව්රුද්දක් උගන්නල ආපහු පරණ එකම උගන්නන්න කියනවා ! සාමාන්‍ය පෙළ ගණිතය පත්තරේ ට ළමයි උත්තර ලියුවට පස්සේ තමයි දන්නේ සමහර ගණන් " සැර " වැඩියි කියල ! දැන් අඩු කරන්න කතා කරනවා ! නමට ඇතිකරපු සමහර " වෛද්‍ය පීඨ " වල කතිකාර්ය වරු නැහැ ! පරිසරයට හනිවෙනවා කියල ,ඉන්දියාවත් ජපානයත් අමනාප කරගෙන " සාම්පුර් " වගේ අඩුවට විදුලිය දෙන්න පුළුවන් ඒ ව නවත්තල 2012 එන විදුලි අර්බුදයට අමුඩ ගහන්න , ඩීසල් මාෆියාව සතුටුකරන්න "තාප බලාගාර " පටන්ගන්න හදනවා ! ගැලරිය සතුටුකරන්න ඇස්බැස්ටෝස් තහනම් කරනවා රුසියාව අනිත් පැත්ත හැරිලා ගැහුවම ( හේතුව ඇස්බැස්ටස් නෙමි කියල කියනවා මොකද ලංකාව වගේ කුඩා ජනගහනයක් ඉන්න රටක් රුසියාවට වෙළඳපොළක් නෙමි ) දෙකට තුනට නැමිලා අකුලා ගන්නවා ! ඉති, මහත්වරුනි මගේ ප්‍රශ්නය මේකයි මේ වගේ පාලකයෝ ඉන්න රටක් ඔය " නවක වාදය " නවත්වා වී ද

:       19       144

Deepal Nirosh Tuesday, 02 January 2018 07:11 AM

නවක වදය සත්‍ය වශයෙන්ම සුහද හමුවකට වඩා තාඩන පීඩන ක්‍රියාවලියක්. හැබැයි මේක නවතන්න නීති පනවල නම් බැහැ. පාසල් වල පළමු ශ්‍රේණියේ දි මුල්නම තියෙන්නෙ හඳුනා ගැනීමේ දින දෙක තුනක්. ඒ වගේ විශ්ව විද්‍යාලවලත් පළමු සති දෙක තුළ වරුවක් පළමු වසර හා දෙවන වසර සිසුන් අතර අංශ ප්‍ර‍ධානීන්ගේ සහභාගිත්වයෙන් සුහද හමුවක් පවත්වනවා නම් නවක වදය දීම තහනම් කරන්න පුළුවන්.

:       0       80

සුපුන් Tuesday, 02 January 2018 11:52 AM

බුද්ධිමත් කියල හිතන් ඉන්න මානසික රෝගීන්ගේ තරම තමයි මේ. සභ්‍ය භාෂා වලින් කතා කලහම තේරෙන්නේ නෑ. ලඟදි කැලණියේ විශ්ව විද්‍යාලයේදීද කොහෙද නාවික හමුදාවටත් පාට් දැම්මලුනේ. හොඳට තේරෙන භාෂාවෙන් කියල දීලා, රටේ නීතිය එයාලටත් අදාළ බව කියල දීලා ලිංගික හිංසන කලාට අවුරුදු 6 ක් විතර හිරේ යැවුවනම් හරි. පන්ති තහනම් කලාට වැඩක් නෑනේ. මේ අය දඟලන්නේ අනිත් අය අත දිග අරිනකන් විතරයි. ඊට පස්සේ "අපිට ගැහුවා" කිය කිය ටිකක් අඬයි. හැබයි ලෙඩේ හොඳ වෙයි. කෙසේ වෙතත් කෑමක් නම් අත ලඟයි.

:       0       351

jagath liyanage Tuesday, 02 January 2018 02:02 PM

JVP එකේ ලොක්කො ලොකු කතා කිව්වට ඒ අය තමා මේවා ඔක්කොම කරන්නේ.

:       8       357

dhamsith Tuesday, 02 January 2018 02:12 PM

නවක වදය නවක සිසුන්ට නතර කරන්න බැහැ. පාලකයන් ජ්‍යෙෂ්ඨ සිසුන් තමයි. ඊට ඉහලින් පාලන අධිකාරයක් නැති බවයි බොහෝ දෙනා දන්නේ. සියලු නියෝග එන්නේ සීනියර්ස්ලාගෙන්. විශ්ව විද්‍යාලයට ඇතුල්වන ප්‍රධාන පාසැලක ශිෂ්‍ය නායකයත් නවක සිසුවෙකු වශයෙන් විශ්වවිද්‍යාලයේදී අසරණයි. උදේ 8.30 ට තියෙන දේශනයට පාන්දර 5 ට නවක සිසුන් කැඳවනවා නවක වදය දෙන්න. මේවා පාලන අධිකාරියට පෙනෙන්නේ නැහැ. බකට් දෙනවා කියන්නේ ඉඳුල් වතුර නෑවිමයි.

:       0       37

chitra Tuesday, 02 January 2018 02:48 PM

කරුණාකරලා , ගරු ජනාධිපතිතුමනි 2018 අද ඉදල මේ නවකවදය ගැන සොයන්න විශේෂ කමිටුවක් පත් කරන්න. විශ්ව විද්‍යාලයේ නම රකින්න උත්සහ කරන අය නොදමන්න. මේ අවුරුද්දේ මේ වචනය තුරන් වේවායි රටවැසි සියල්ලෝම පින් අනුමෝදන් කරති. රට බාරගන්න ඉන්න දරු පරපුර බේරාදෙන්න. ස්තුති

:       0       68

Sampath Tuesday, 02 January 2018 03:50 PM

මේක දේශපාලන කල්ලි වල අවශ්‍යතාවයට කරන්නේ. නිදහසේ අධ්‍යාපනය වගේම අධ්‍යාපන නිදහස ඕනේ. ඕන ඔට්ටුවක් කිසිම කෙනෙක්ට මේක නවත්තන්න බැ. ඕනෙනම් ක්‍රමයක් කියන්නම්.පළමු අවුරුද්ද පටන්ගන්නකොට අනෙක් ශිෂ්‍යන්ට නිවාඩු දෙන්න ඕන.

:       0       37

චාමර Wednesday, 03 January 2018 04:59 AM

කොළොම්තොටින් නැවු නැග්ගා අපේ රටේ මනුස්සකම කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට...

:       2       13

janahitha Wednesday, 03 January 2018 05:27 AM

ඔය මානසික ලෙඩ්ඩු ඔතනින් පිටවෙලා රැකියාවට යන්නේ කොතනටද කියල කියන්න ඕන නැහැනේ. මේ තත්වයෙන් ඉන්නේ ගමෙන් ආපු නොදියුණු කියන අත ලොස්සක් විතරයි. සමහරවිට අනාගතේදී ඔය අයට නවකයෝ දඩුවම් දෙයි.

:       0       32

arnold Wednesday, 03 January 2018 07:41 AM

නවක වදය නවත්වන්න ලොකුම කාර්යභාර්ය කරන්න පුළුවන් එහි සිටින දේශකයන්ට.

:       0       43

dhamneth Wednesday, 03 January 2018 07:54 AM

අපේ රටේ වැරදිකරන්නන් එන්න එන්න වැඩිවන නිසා මෙයට හොඳම විසදුම තමයි නවක සිසුන් ජේස්ට සිසුන් සමග එකම විශ්වවිද්‍යාලයට ඇතුළත් නොකිරීම. මෙයට ඉඩ සලසා ගැනීම සඳහා දැනට සිටින සිසුන් විශ්වවිද්‍යාල කීපයකට ඇතුල්කර විශ්වවිද්‍යාල කීපයක් හිස්කරගන්නවා අලුතෙන් ඇතුලත් කරන නවක සිසුන් සඳහා.මේ සිසුන් අවුරුදු 3න හෝ 4 මේ විශ්වවිද්‍යාලවලම සිටිනවා.මේවට අලුතෙන් සිසුන් ගන්නේ මේ සිසුන් පිටව ගියාට පසුවයි.අපි අර කලින් එක්තැන් කරපු සිසුන් කොටසක් ලබන වසරේ පිටව ගියහම තව විශ්වවිද්‍යාල කීපයක් ඊළඟ වසරේ නවක සිසුන් සඳහා යොදවාගන්නවා.මේ විදිහට වසර තුනක් ගියවිට ප්‍රශ්නය නිකම්ම නිරාකරණය වෙනවා.අලුත් යමක් කරන්න අකමැති අය එකපාරටම කියාවි අපෝ මේවා කොහොම කරන්නද මේවා ප්‍රයෝගික නැහැ කියා.නමුත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මුලින් පොඩිපොඩි ගැටළු අතිඋනට දන්ත වෛද්‍ය පශු වෛද්‍ය ආදිය තිබෙන්නේ පේරාදෙණියේ පමණයි.මේ දෙකට බඳවා ගන්නේ සුළු ප්‍රමාණයක් එතරම් ගැටළුවක් ඇතිවන්නේ නැහැ.මොරටුව දැනට තිබෙන ආකාරයටම පවත්වාගෙන යන්න පුළුවන් .මේ ක්‍රමය ක්‍රියාත්මක කොලොත් නවක වදය නැතිව යනවා.නවක වදය දෙන්න නවක සිසුන් ජේෂ්ඨ සිසුන්ට මුණ ගැසෙන්නේ නැත.

:       0       86

DAI Fernando Wednesday, 03 January 2018 08:30 AM

රුහුණු විශ්ව විද්‍යලයේ විද්‍ය පිඨයහි පවතින ශිෂ්‍ය සංගමය පිළිබඳ අධ්‍යනය කිරිම මෙම ගැටලුවට යම් පිලියමක් සපයන බව මා ගේ අදහසයි search- podusisubalawegaya (පොදුසිසු බලවේගය රුහුණ )

:       0       3

pakeer Wednesday, 03 January 2018 01:57 PM

කෙනෙකුට වද දීලා, තව කෙනෙක් සතුටු වෙලා, එහෙම නැත්නම් කෙනෙක්ගේ අදහස්, ගති පැවතුම්, අඳින පළඳින විදිහ වෙනස් කරන්න. බලෙන් ඒ අයට වද දෙන එක, කොච්චර මානසික උමතුවක්ද කියන එක, ඒ අයට නොතේරෙන තරමට ඒ අය මන්ද බුද්ධිකයි. ලොකුම අවුල මේ අයගෙන් 90% සිංහල බෞද්ධ අය වීමයි.

:       0       88

dhamsith Wednesday, 03 January 2018 03:15 PM

දැන් කලක සිට අපේ විශ්ව විද්‍යාලය තුල පෞරුෂ වර්ධනයක් හෝ ධන ආකල්ප වර්ධනයක් සිදුවන්නේ නැහැ නේද? මේකට නවකවදයත් බොහෝ දුරට බලපානවා.

:       0       35

ranjith Wednesday, 03 January 2018 07:19 PM

රැග් කරන්නේ හීනමානයෙන් පෙලෙන වරප්‍රසාද අඩු සමාජ තත්වයන් තුලින් විශ්ව විද්‍යාලයට ආපු සිසුන්. ඔවුන් අතින් වැඩිපුරම නවක වදයට ලක් වන්නේ සමාජයේ ඉහල ස්තර සහ උසස් යයි සම්මත පාසල් වලින් විශ්ව විද්‍යාලයට ආපු ළමයි. මෙතන තියෙන්නේ ඊරිසියාව සහ බැදුණු වෛරක්කාරී පළිගැනීමේ චේතනාවක්. අපේ කාලයේ ඒ කියන්නේ මිට අවුරුදු 40 කට පෙර උනත් තත්වය මේකම තමයි. ඔවුන්ට මාව ටාගට් කලේ මා ගිය පාසැල නිසා. සමහරුන්ට තිබුනේ පුදුම ඉරිසියාවක් සහ වෛරයක්.

:       0       3

naradhaSunday, 07 January 2018 01:27 PM

හරියට හරි. ඔය දහ ජරාව පිටුපස තිබෙන්නේ තනිකර ඉරිසියාව සහ වෛරය. ඕකේ වෙන කිසිම සංකීර්ණ දෙයක් නැහැ.

:       0       1

rega Friday, 05 January 2018 02:31 AM

මේකට කැමැති ආචාර්යවරු ඉන්නවා. ඒ ගොල්ලන්ට කොහොමත් මේක නවත්වන්න උවමනාවක් නෑ. කව්රු හරි ආචාර්යවරයෙක් විරුද්ධ උනොත් කොල්ලෝ ඒ මනුස්සයට ඉන්න දෙන්නේ නෑ. ඒක හින්ද ගොඩක් ආචාර්යවරු ශේප් න්‍යායෙන් ඉන්නවා.

:       0       22

Sathya Friday, 05 January 2018 03:40 AM

සම්පුර්ණයෙන් ඉවත් කරනවට වඩා කරන්න ඕනි අමානුශීයබව නැති කරලා, සුන්දර මතකයන් ගොන්නක් කරන එක. මොකද කැම්පස් එකෙන් දුකක් වේදනාවක් නොදැනෙන පුයර බබ්බු ටිකක් හදල එලියට දැම්මට වැඩක් නෑ.එහෙම අය තමයි නිලදාරීන් වෙලා රට කන්නේ. මිනිස්සු ජීවත් වෙන්න විදින දුක දන් නෑ, සමාජේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න දන් නෑ, ප්‍රශ්නයක් විසදගන්න තේරේන් නෑ. මගේ අත්දැකීමනම් අන්තිමට නවක වදය එපා කියල පැත්තකට වෙලා ඉදපු ළමයින්ගේ ගෙදර මළගෙදරට, දානේ ගෙදරට පෙට්ටිය කරගහන්න, කෑම ටික තම්බල දෙන්න හරි ඉතිරි උනේ ඔය සුළුතරයක් කියන, දරුණු මිනිස්සු කියන,පිස්සෝ කියන ළමයි ටික විතරයි. අපි ඇන්ටි රැග් කියල වටේ ඉන්න අයට යාළුවගේ මළගෙදරට වඩා තමන්ගේ ක්ලාස් එක, අසයින්මන්ට් එක, කුයිස් එක, ආත්මාර්ථකාමීකම ලොකුයි.අපි කරන්න ඕනි අමානුශීයබව නැති කරන එක.

:       324       41

SUSIRIPALA Friday, 05 January 2018 09:06 AM

අමානුෂික වැඩ දෙන කිසිවෙක් කැම්පස්වල තබාගන්න එපා. සැම තැනකටම ආරක්ෂක මුවාවෙන් රහස් පොලීසිය දමන්න...

:       0       66

රුවන් Friday, 05 January 2018 01:13 PM

සත්‍යා, ඔබ මොන පදනමක් උඩ ඉදගෙන පවසන්නේ නවක වදයෙන් මිනිස්සුන්ගේ දුක තේරෙන, පුයර බබුන් නොවන පිරිසක් එලියට දමන බව? පර්යේෂණයක් කරලද? නිකන් හිතුමතේ කියනවාද? අවුරුදු දහ අටෙන් විශ්ව විද්‍යාලටය ආපු පිරිසකට තමන්ට වසරක් බාල අනෙක් ළමයින්ගේ ගුණධර්ම හදන්න තරම් තිබෙන පළපුරුද්ද, ඇත්දැකීම් මොනවාද? නවක වදය සුන්දර නම් හැංගි හැංගි රෑට රෑට කරන්නේ ඇයි ? අමානුෂික නවකවදය මෙතනින් අමානුශිකයි කියලා වෙන් කරන්නේ කවුද? තවත් අවුරුදු දහ අටේ ළමයකුද? ඔබ නවක වද විඳපු සහ නවක වදය දුන් අයෙකු බව පැහැදිලි, පුයර පාවිච්චි කරලම නැති ඔබ හැකිනම් මෙවාට උත්තර දෙන්න.

:       0       6

Indika Saturday, 06 January 2018 03:34 AM

බුදු බණ ඇහෙන රටේ සරසවි ඇවිත් අකුසල් කරන මෙම අන්ධයන් හට අනුකම්පා කල යුතුය. මන්ද මොවුන් මිය ගොස් ඉපදෙන්න් සරසවි ප්‍රේතයන් ලෙසිනි.

:       0       2

dhamsith Saturday, 06 January 2018 07:03 AM

සත්‍යා කියන විදිහට දැන් විශ්ව විද්‍යාලවලින් පිටවන ඇත්තන්ට ප්‍රශ්න විසඳාගන්න බැහැකියන එක සත්‍යයක්‌. මේ ගොල්ලෝ ගැටළු නිරාකරණය ගැන ඉගෙන ගන්නේ නැත. මහපාරේ යන අයට පවා ගැටළු ඇති කරනවා පාරවල් අවහිර කරගෙන පෙළපාලි උද්ඝෝෂණ පවත්වනවා. නවක සිසුන් මේවාට බලෙන් ඇදගෙන එනවා.

:       0       3

කසුන් Friday, 08 June 2018 05:08 PM

අලුතින් එන ගෑණු ළමයි සේරම ටික තෝරගෙන ලිංගික අතවර බලහත්කාරකම් හොර රහසේම කරනවා. ගොඩක් අය ලැජ්ජාවට බයට කියන්නේ නෑ. මෙය වහා නැවැත්විය යුතුයි. මං එනවා සාක්ෂි දෙන්න. ඵක් පුද්ගලයෙකු අතින් අතවරයට ලක්වන පිරිස 20කට වැඩියි. හැම අවුරුද්දෙම මේක වෙනවා. වහාම පියවර ගන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 59 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 116 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 328 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 43 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 480 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 270 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site