IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් අර්බුදයේ තිරය පිටුපස ඛේදාන්තය

(විනීතා එම්. ගමගේ)

සයිටම් විරෝධයෙන් ඇතිවූ අර්බුද තවම අවසන් නැත. සයිටම්  ඕනැද එපා ද යන්න තවමත් තීරණය කර ගත නොහැකි වී සිටින පාලකයින් ඉදිරියේ මේ වනවිට රට මුහුණ පා සිටින අර්බුද රැසකි. එහෙත් ඒවා  ගැන යොමුවන අවධානය ඉතාමත් අල්ප වී ඇත්තේ සයිටම් අර්බුදයේ පෙනෙන පැත්ත දෙස පමණක් සියලූ අංශ බලන හෙයිනි.

සයිටම් වෛද්‍ය උපාධිය වහා තහනම් කරන්නැයි බල  කරමින් මෙරට සියලූම වෛද්‍ය පීඨවල සිසුන් වර්ජනය ආරම්භ කරන ලද්දේ ඉකුත් පෙබරවාරි දෙවැනිදාය. ජනවාරි පළමුවැනිදා රාගම වෛද්‍ය පීඨ සිසුන් වර්ජනය ආරම්භ කළ අතර පෙබරවාරි දෙවැනිදා වනවිට වෛද්‍ය පීඨ අටෙහිම සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයකට එළැඹ තිබුණි.

මේ අනුව මාස 8 කට ආසන්න කාලයක් වෛද්‍ය පීඨ අකර්මණ්‍යව පවතී. මේ සිසුන් ගේ පන්ති වර්ජනය ගැන එම පීඨවල ගුරුවරු අකමැත්තේන් පසුවන නමුත් ඔවුන් පවා සිටින්නේ සයිටම් විරොධී අරගලයේය.

දැනට වෛද්‍ය පීඨ ඇතුළේ සිටින අවසාන වසර සිසුන් පිටවීමට නියමිත 2018 නොවැම්බර් මාසයේ දීය. ඒ අනුව ඔවුන් සීමාවාසික පත්වීම් ලැබීමට නියමිත ලබන නොවැම්බරයේ දීය. එහෙත් ඔවුන්ට එම කාලයේ දී සීමා වාසික පත්වීම් ලැබීමට අවස්ථාව නොලැබෙනු ඇත. අද වර්ජනය අවසන් වුව හොත් එය තවත් වසරකින් පමණ කල් යනු ඇත.

රෝහල් වාට්ටුවල දිගටම රැඳෙමින් රෝගීන් පිළිබ`ද වැඩි අවධානය යොමුකරන පිරිස සීමාවාසික පත්වීම්  ලබන වෛද්‍යවරුවේ. රෝගියෙකු මුලින්ම බලන්නේ ඔවුන්ය. රෝගී සත්කාරක සේවා ඇරඹෙන්නේ ඔවුන්ගෙනි.

එසේ නම් මේ පිරිස අවුරුද්දකින් පමා වන්නේ නම් එම කාලය සේවය කරන්නේ කවුද? එක්කෝ ඉන්නා පිරිස තවත් කාලයක් තම සීමාවාසික  පත්වීමේ ම සිටිය යුතුය. නැත්නම් සීමාවාසික වෛද්‍යවරු නැතිව වාට්ටු පවත්වා ගෙන යායුතුය.

වෛද්‍ය පීඨවලට අවසන් වරට බ`දවා ගත්තේ 2015 වසරේ උසස් පෙළ සමත් වූ සිසුන් වේ. ඔවුන් ගේ පාඨමාලා ආරම්භ වී  මාස දෙකකින් වර්ජනය ඇරඹිණි. නමුත් සැබැවින්ම මේ වනවිට 2016 උසස් පෙළ සිසුන් ද බ`දවා ගෙන තිබිය යුතුය. ඔවුන් නිවෙස්වල සිටිද්දී 2017 වසරේ උසස් පෙළ විබාගය ද අවසන් වී තිබේ.  පවතින තත්ත්වය යටතේ වසර දෙකක සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට බලාගෙන සිටින්නට ඇති ඉඩකඩ බොහෝය. මේ නිසා ඇතිවිය හැකි අර්බුද බොහෝය.

සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුවෙකු විශ්ව විද්‍යාලයේ ගත කරන කාලය වසර පහකි. නමුත් මේ පවතින තත්ත්වය යටතේ අද ප‍්‍රශ්නය විස`දුණත් මේ සිසුන්ට වසර හතක්වත් විශ්ව විද්‍යාලයේ  සිටින්නට සිදුවනු ඇත.

තෙවන වතාවේ උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ගිය සිසුවෙකු ගැන හිතන්න. එවිට ඔහු වෛද්‍ය පීඨයෙන් පිටවන විට වයස අවුරුදු 30 ක් ගෙවී තිබෙනු ඇත.

එවිට ඔහුට හෝ ඇයට අවුරුදු 30 පසුවන තුරුත් යැපෙන්නට සිදුවන්නේ මවිපියන්ගෙනි. විවාහයේ සිට අනාගත ප‍්‍රශ්න රැුසකට මුහුණ දෙන්නට ද ඔවුන්ට සිදුවනු ඇත. ඒ සිසුන්ගේ පැත්තෙනි.

අද මාධ්‍යයේ කථා බහට ලක්ව සිටින දින 12 දරුවා අනුරාධපුර සායනයක් ළඟ අතහැර ගිය වෛද්‍ය ශිෂ්‍යාව ගැන සිතා  බලන්න. වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු දිගටම සිදුවූයේ නම් මෙවැනි තත්ත්වයක් ඇයට උදා නොවනු ඇතැයි කිවහොත් එය නිවැරදි නොවේද? වසරකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු අතහැර අයාලේ යන්නට සිදුවූ  තාරුණ්‍යය මුහුණ දුන් ඒ සිදුවීම මේ ඛේදවාචකයේ එක පැත්තක් පමණකි.

මේ අනුව සයිටම් සම්බන්ධ බරපතලම ප‍්‍රශ්නය වන්නේ සයිටම්  ඕනැද එපාද යන්න නොව සයිටම් නිසා ඇතිවන ඒ වටා වූ ප‍්‍රශ්න වැලයි. සයිටම් අර්බුදයට පිළිතුරු සොයනවා මෙන්ම ඒ වටා ඇති ප‍්‍රශ්නවලටද පිළිතුරු සෙවීම බලධාරින් ඉදිරියේ ඇති අභියෝගයයි.

  

 

 



අදහස් (43)

සයිටම් අර්බුදයේ තිරය පිටුපස ඛේදාන්තය

බද්රානි Thursday, 05 October 2017 01:10 PM

සයිටම් එපා එය විනාශකර දමන්න, යනුවෙන් මොරදෙන අයට ඔහොමවෙලා මදි. හිත්වල තියන කුහකකම් හා ඔවුන්ගේ මනස තුල පවතින උන්මන්තක සිතුවිලි මුදුන්පත් කර ගැනීමට වෙහෙසෙමින් අනුන්ට වල කැපීමට ක්‍රියාකරන මොවුන්ට අන් කවර නම්, ප්‍රතිවිපාකයක් ලැබෙයිද? කිසියම් ආයතනයක ප්‍රමිතිය අඩු නම්, එය රජයේද උදව් ඇතිව ප්‍රමිතිගතකර අපේ රටේ සුදුසුකම් ඇති සිසුන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවස්තාව ලබාදෙනු විනා, එය විනාශකර දැමීමට හීන මවමින් සිටින අයට විනාශයක ආදීනව අත්විඳීමට සිදුවෙනවා මිස, අන් කවර නම්, ප්‍රතිපලයක් අත් විඳීමට ලැබිය හැකිවේද? සයිටම් ආයතනයේ පමණක් නොව කොතලාවල වෛද්‍ය පීඨයේ පවා ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය අහුරා තිබෙන්නේ කුමන හේතුවක් මතද යන්න කාට පිළිතුරු දිය හැකිද? පිටරට සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය තුල හදාරන වෛද්‍ය අධ්‍යාපනය, ලාංකික දරුවන්ට නැත්තේ, කුමන පදනමක් මතද? මනුසතුන් වෙනුවට සිව්පාවන් රජකරන මේ පාරාදීසයට වෛද්‍යවරු වෙනුවට පශු වෛද්‍යවරු බිහිකිරීමට අවශ්‍ය යයි මාගේ හැගීමයි.

:       16202       14615

samiraFriday, 06 October 2017 05:36 AM

මේ අබද්‍ර වචනය...... මම හිතන්නේ ඔයාට හොඳ පශු වෛද්‍යවරියකගෙන් බෙහෙත් අත්‍යවශ්‍යයි......

:       4337       5790

අමරසිංහSunday, 08 October 2017 04:48 AM

කෝටි 2ක් වියදම් කරල වෛද්‍ය සිහිනයත් බොඳ කරගත්තු බද්‍රානි වගේ අය දැන් මුළු සමාජයටම වෛර කරන්න අරන්. ඒකයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. මම දැකල තියෙනව බද්‍රානි සිංහලයන්ට, බෞද්ධයන්ට විරුද්ධව හැම තිස්සෙම කතා කරනවා. අපි එයා වගේ අයට අනුකම්පා කරමු. සයිටම් එකට විසඳුමක් දෙනකොට දැනට ඒකේ ඉගෙන ගන්න දරුවොන්ට අනිවාර්යෙන් සාධාරණයක් වෙන්න ඕනේ. හැබැයි අපේ දුප්පත් දරුවොන්ට ඉගෙන ගන්න තියෙන මාර්ග වහන්න කාටවත් ඉඩ දෙන්නේ නම් නෑ.

:       1161       1017

බද්රානි Sunday, 08 October 2017 08:17 AM

අමරගේ නමට අවසානයේ තිබෙන කෑල්ල(සිංහ) බලහත්කාරයෙන් එකතු කල එකක් වගෙයි පේන්නේ. ගොඩක් සිගාලයෝ දුම්මලවරම අතට අරගෙන සිංහයෝ වගේ හැසිරෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒවාට පිළිතුරු දෙන්න ගිහිල්ලා එයාගේ වර්ගයේම දෙදෙනෙක් එකතැන සිටින බව ඔප්පු කරන්න වෙහෙසෙන එකට වඩා නිහඬවීම බලවත් යයි හැඟුණා. අනික ඉතින් ඩිස්ලයික් කරලා ගොඩක් මහන්සිත් ඇතිනේ. ඔය වගේම මහන්සිවෙලා බුදුදහම ප්‍රමෝට් කරන්න වලිකන සමයන්කාරයින්ට සැබෑ බුදුදහමේ නාමයෙන් අනුකම්පා කරනු විනා, වෙන මොනවා කරන්නද? ඒ වගේම ලෙඩේට බෙහෙත් ටිකක් ගනු විනා, වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කිරීමෙන් කවර පලක්ද අමරේ?

:       68       562

පුෂ්පේMonday, 09 October 2017 02:32 PM

අමරපාල මහත්තයා, අද බද්රානිට මොකක්ද වෙලා තියෙන්නේ?

:       1       6

කසුන්Friday, 06 October 2017 07:10 AM

මෙහෙමයි සයිටම් වෛද්‍ය පීඨය ජනසතු කරානම් (වහලා දාන්නෙ නැතුව) වයඹ,සබරගමු වෛද්‍ය පීඨත් ඉක්මනට ස්ථාපිත කරනවනම් (පොල්වතු පෙන්න පෙන්න කෑ ගහන් නැතුව) තවකෙකුට ඉගෙනගන්න තියන අවස්ථාවක් නැති වෙන්නෙ නෑනේ. වඩාත්ම සුදුස්සට ඒ තැන් ලැබෙන එකනෙ වෙන්නේ.ඉහළින්ම සුදුසුකම් සපුරපු ළමයින්ට අවස්ථාව ලැබෙනවා.

:       240       3982

ONE SRILANKANFriday, 06 October 2017 03:15 PM

පාලකයන්ගේ අත්තනෝමතික වැරැදි නිසා මෙම දේවල් සියල්ල සිදුවන්නේ... සියල්ලගේ යහපත උදෙසා සයිටම් වැසිය යුතුය...

:       17       3500

කමල් Thursday, 05 October 2017 02:17 PM

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් විදෙස් වෛද්‍ය විද්‍යාල වල උපාධිය නිම කර ඇවිත් ERPM විභාගට පෙනී සිටින ශිෂ්‍යයන්ට අත් වී ඇති ඉරණම කුමක්ද? පසුගිය මැයි මස පැවැත්වීමට නියමිතව තිබූ ERPM විභාගය එයට සති දෙකකට පමණ කලින් දින නියමයක් නොමැතිව වෛද්‍ය සභාව කල් දැම්මේ විභාග කටයුතු වලට සම්බන්ධ වූ ආචාර්යවරුන් GMOA මුලිකත්වයෙන් විභාග කටයුතු වලින් ඉවත් වීම නිසයි. 800 කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් මේ නිසා අගතියට පත් වී සිටිනවා. රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ට සහ සයිටම් ශිෂ්‍යයන්ට ඔවුනොවුන්ගේ ප්‍රශ්ණ වලට හඬ නැගීමට ඕනෑතරම් පාර්ශව සිටියත් හඬක් නොමැති ERPM සිසුන්ට සිදුවී තිබෙන්නේ මේ ප්‍රශ්න විසඳෙනකන් බලාගෙන සිටීමටයි.

:       192       404

Nanda Thursday, 05 October 2017 04:28 PM

සයිටම් විසදුමට පෙර ඒ ගැටලුව මෙපමන ගැඹුරට ගියේ ඇයි යන්න ගැන අදහසක් ඇති විය යුතුය. දොස්තර සංගමය ගැන ඇත්තේ සාංකාකූළ තත්වයකි,ඔවුන් මහා බළපරාක්‍රමයෙන් කතා කළද කඩින් කඩ දිනකට වඩා වෘත්තීය ක්‍රියාමාර්ග නොගත්තේය. ඊටත් අමතරව ඔවුන් වෛද්‍ය සිසුන් දැඩි තෙරපුමකින් වර්ජනයේ යෙදු අතර, අතර මැද පංති පැමිනි අය බලපෑමෙන් නවතා ගැනීමටද කටයුතු යෙදින,නමුත් කිසිම විටක අවම වශයෙන් ජේෂ්ඨ සාමාජිකයන්වත් චැනල් වලින් ඉවත් කරගැනීම වැනි තමන්ට අතින් පාඩු වෙන යෝජනාවක් ඉදිරිපත් නොවීය එවැනි කරුනු වලින් ගම්‍ය වූයේ මේ කටයුත්ත ශිෂ්‍ය ජනයාගෙන්ම සිදුකර ගැනීමට උත්සාහ කරන බවයි,එය තවත් තහවුරු කරමි්න් අද මාරාන්තික උපවාසයකට සූදානමක් ගැන සදහන් වූ අතර එයද ශිෂ්‍යයින්ගේ දෙමවුපියන්‍ ය,පොලොන්නරුවෙන් ඇසුනු ඒ අවාසනාවන්ත සිදුවීමටද මේ තත්වය හේතුවී ඇත.

:       78       225

TILAK Thursday, 05 October 2017 04:31 PM

අපිටනම් ප්‍රශ්නයක් තියනවා කියල පෙන්නේ නැහැනේ, පාර්ලිමේන්තුව රැස්වෙනවා, කැබිනට් එක රැස්වෙනවා, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඉන්නවා

:       7       120

Siri Friday, 06 October 2017 04:39 AM

මම නම් මෙය දකින්නේ සියලු බලවේග වල ( සිසු සංගම් , වෘත්තිය සංගම් . පෙරටුගාමී සංවිධාන, ජ.වී.පෙ වෛද්‍ය සංගම්) සරසවි සිසුන් ඉත්තන් කරගෙන. ඒ සරසවි සිසුන්ට පේන්නේ තමන්ගේ ජීවිත ගලවගන්න අපු විරෝදාර පුරුෂයන් හැටියට. මේ බලවේග වල සබෑ ස්වරුපය තේරෙන්නේ තවත් වසර දහයක් ගිය පසු. සරසවි වලට තේරුණු ළමයි විෂය දැනුම අතින් දක්ෂ ළමයි. පුළුවන් කමක් තිබෙනවානම් බටහිර රටවල් ඕස්ලිට්‍රේලියාව,එංගලන්තය , ඇමරිකාව වගේ රටවල සරසවි වලට ඉල්ලුම් කරන්න, පළවෙනි වසරට අවශ්‍ය මුදල් සොයා ගතහොත් පසුව පාඨමාලාවට ඕන මුදල් පොඩි රැකියා කරලා ගෙවාගන්න පුලුවන් හැබැයි පුතෝ පට්ට කට්ටක් කන්න වෙනවා. නවක වදය වැනි පිස්සු වැඩ නැහැ . හොදට පස් උනොත් විභාග යම් යම් සහනයන් සරසවියෙන් ලබා ගන්න පුළුවන්. රක්ෂාවක් ගන්න පුළුවන් ගොඩේ ගොඩ තමයි. හොද අධිෂ්ඨාන ධෛර්ය තියෙන්න ඕන.මානය, තරහ පළිගැනීම දිනුම් දිනුම් යටතේ සයිටම් ප්‍රශ්නය කවදාවත් විසදන්න නොහැක. විශාල හානියක් වන්නේ සිසුන්ටයි. හිතන්න! ලංකාදීප පුවත් පතට ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ ක‍රන අවස්ථාවක් දුන්නට. (අත්දැකීම් ලැබුවෙක් )

:       219       229

Kamal Gamage Friday, 06 October 2017 07:58 AM

මගේ අනුව මෙය ප්‍රයෝගික විසදුමකි 1. සයිටම් වහාම රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කලා මෙන් ජනසතු කරන්න. 2. සයිටම් එකේ දැනට සිටින සියලුම සිසුන් කොළඹ හෝ කොතලාවල විශ්ව විද්‍යාල වලට අනුබද්ධ කරන්න. 3. සියලුම රජයේ සහ සයිටම් සිසුන් පන්තිවලට යවන්න. 4. සියලුම stake holders අනුමත පෞද්ගලික වෛද්‍ය පහසුකම් අනිවාර්යයෙන්ම රටට ඇතිකලයුතු බව. 5. ඉදිරියේදී පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා නිසි කාල රාමුවක් තුල අවශ්‍ය නීති සැදිමට සියලු දෙනා එකඟ වෙන්න.

:       363       504

samarasingheSunday, 08 October 2017 05:13 AM

පෞද්ගලික වෛද්‍ය පීඨ වෙනුවට, වෛද්‍ය අධ්‍යාපනය ලැබීමෙන් පසුව කොටස් වශයෙන් මුදල් ගෙවිය හැකි, පූර්ණ රජයට අයත් වෛද්‍ය පීඨ කිහිපයක් පටන් ගත්තොත් ලකුණෙන්, දෙකෙන් පූර්ණ ශිෂ්‍යත්ව අහිමි වෙන දුප්පත් පෝසත් බේදයක් නැතුව ඊලඟට ඉසෙඩ් ලකුණු තියෙන දරුවන් ට අසාධාරණයක් නොවී වෛද්‍ය වරම් ලබන්න පුළුවන් වෙනවා නේද?

:       1       60

asoka Friday, 06 October 2017 08:25 AM

සයිටම් එක රජයට ගත්තොත් මෙතරම් දක්ෂ ආචාර්යවරු මේ සිසුන්ට උගන්වන්න එන්නේ නැහැ. ඔවුන් එන්නේ ඔවුන්ට හොඳට ගෙවීම කරන නිසායි. හොඳට විභාගය සමත් වුණ රජයේ වෛද්‍ය විද්‍යාලවලට යන්න බැරිවුණා. ජාත්‍යන්තර පාසල්වල ඉගෙනගන්න, වෙදෙස් වලට යන්න අකමැති දරුවන්ට මොකද කරන්නේ? රජය ඉක්මණින් මේ ප්‍රශ්නය විසඳන්න ඕනේ. වර්ජනයේ ඉන්න දරුවන් පන්ති වලට යන්න කැමතියි. අන්ත වාමාංශිකයින් තමා බලෙන් යන්න දෙන්නේ නැත්තේ. අවරුදු 6ක් විභාගය පාස්වෙන්න බැරි අය තමයි මේක මෙහෙයවන්නේ. මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුව පස්සට ගියොත්, මේ අය හෙට කියාවි, ආණ්ඩුව විසුරුවන්න කියලා. මේ ප්‍රශ්නයේදී මහින්ද මහත්තයා ඉන්න තැන දැන් හැමෝම දන්නවා. මේ දෙමව්පියන්ගෙන් කවදාවත් ඡන්දයක් නම් ලැබෙන්නේ නැහැ.

:       249       255

ජනිත්Friday, 06 October 2017 01:46 PM

අන්න ඒක තමා අශෝක ප්‍රශ්නය. ඔබතුමාම කියනවා ආචාර්යවරුන්ට ලැබෙන වැටුපත් එක්ක ඔවුන් අන්තිමට කොතනද නවතින්නේ කියලා. අන්න ඒකම තමා ප්‍රශ්නය. රාජ්‍ය වෛද්‍ය පීඨ වලට පෞද්ගලික වෛද්‍ය පීඨ සමග සම්පත් අතින් තරග කිරීමට හැකිවේද? ඇත්ත ඔබතුමාලටත්, ඔබතුමාලගේ ළමයින්ගේ අනාගතය ගැන කැක්කුමක්, ප්‍රශ්නයක් තියනවා. ඒ වගේම එතැනින් එහාට දුප්පත්, පොහොසත් භේදයකින් තොර දක්ෂ ළමයෙකුට අනාගතය හදාගන්න තියන මාර්ගයක් වැසී යාමේ අවධානමකුත් තියෙනවා. ඒ වගේම ඔබතුමා මතුකල ජාත්‍යන්තර පාසල් ප්‍රශ්නයට මං විසඳුමක් යෝජනා කරනවා ජාත්‍යන්තර පාසල්වල ළමයින්ට ශ්‍රී ලංකා සා.පෙල හා ශ්‍රී ලංකා උ.පෙල කිරීමට අවස්ථාව දෙන්න.

:       53       184

vipula Friday, 06 October 2017 08:50 AM

ලබා ගැනීමේ අරමුණින් අටවා ගත් සයිටම් වැනි කිසිම ප්‍රමිතියක් නැති ආයතන වහා අහෝසි කල යුතුයි. වැඩ තුනට ලකුණු 50 ගන්න බැරි අය කොහොමද රෝග ලක්ෂණ වලින් ලෙඩක් හඳුනා ගෙන බෙහෙත් කරන්නේ?

:       129       148

naradhaFriday, 06 October 2017 10:31 AM

එතකොට පසු ගිය අවුරුදු 50 තුළ නුවරඑළිය, මන්නාරම, ත්‍රිකුණාමලය, මොණරාගල වැනි ප්‍රදේශ වලින් උසස් පෙළ "S " 3 ලබාගත් සිසුන්, සරසවියට ඇතුල් වී, කිසිම ප්‍රශ්නයකින් තොරව වෛද්‍ය උපාධිය හදාරා, වෛද්‍යවරුන් වුයේ කෙසේද?

:       630       507

පුෂ්පකුමාර Friday, 06 October 2017 10:31 AM

බද්‍රානිගේ අදහස් දැක භූමිතෙල් ගෑවුනා සේ කුපිත වූ ගැරඬියෙක් බුද්ධිමත් සංවාද මණ්ඩපයක හැව ඇර තිබෙනවා... දුටු විට මට නම්, කියන්න තිබෙන්නේ, මෙවැනි ගැරඬින්ට පශු වෛද්‍යවරුන්ගේ බෙහෙත් වත් ප්‍රයෝජනවත් නොවන බවයි.

:       55       4

අල්විස්Friday, 06 October 2017 11:47 AM

මහත්තයත් කලින් සමහර තැන්වල පළකරපු අදහස් දුටුවාම මටත් ඔය දේම හිතිලා තිබුනේ.

:       9       118

පුෂ්පකුමාර Friday, 06 October 2017 01:40 PM

අල්විස් මහත්තයා ඒ සැඟවිලා කළ ශබ්දය මගේ සවනට නුහුරුම ශබ්දයක් නොවේ.. සඳ පායන දිනට, නිවෙස් වල ඇතිකරන සුරතල් සුනඛයින් හා ගම්මානයෙන් මඳක් ඔබ්බට වන්නට තිබෙන ඝන කැලෑවෙනුත් ඇසෙන ශබ්දයට ඒ හඬ සමානකමක් තිබෙනවා. කෙසේ වෙතත් පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ඉතා ගැඹුරු සංවාද මිස එවැනි සවනට මිහිරි හෝ අමිහිරි නාද පලක් නොවන බව ඔබතුමා අවබෝධකර ගත්තොත් ඒක මේ රටේ අනාගත පරම්පරාවට යහපත් වෙයි.

:       298       106

අල්විස්Friday, 06 October 2017 05:56 PM

ඔබතුමාට සුභ පතනවා. මට නම් වෙන කිසිත් නොව සාමාන්‍ය මනුෂ්‍යය සිතිවිලි තමයි ඔබතුමාගෙන් පෙන්නුම් කරන්නේ. යථාර්තය නම් අප බොහෝ දෙනෙක් මා ගැන, අප ගැන, අපේ කෙනෙකුට වාසි වනසේ ක්‍රියාකිරීම ගැනයි සිතන්නේ. මේ ලියන මා තුලත් අඩු වැඩි වශයෙන් ඒ ගතිගුණ තිබෙනවා. බොහෝ ගැටුම් වලට මූලික හේතුව මෙයයි. එතනින් එහා ගොස් සියල්ලෝම ගැන සිතන්නවුන් වැඩිය නැත. එමෙන්ම කෙනෙක් කථාබහ කරන විදිහෙන් එම කෙනාගෙ චරිත ලක්ෂණ ඉස්මතු වේ.

:       69       168

කරුණාපාල Friday, 06 October 2017 02:50 PM

ඇත්තෙන්ම මේ ලිපිය හරිහැටි කියෙව්වානම් තේරෙනවා අප රටේ උසස් අධ්‍යාපනයට අත්වී ඇති ඛේදවාචකය. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුලදී ඇතිකළ මෙම ආයතනය රටේ අවශ්‍යතාවය මත ආරම්භවුවක්. එය ප්‍රමිතිගතව ඉදිරියට කරගෙන යනවාද, නොඑසේනම්, එය වසා දමනවාද කියා තීරණය කල යුත්තේ. රටේ පවතින රජය හා ඒ ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීනුත් පමණයි. එකිනෙකාගේ පටු සංකල්ප හා පටු දේශපාලන පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට මෙම ආයතනය දඩමීමා කර ගැනීම විශාල ව්‍යසනයක්. නමුත්, ජන්මයෙන් පෙරහරේ හා රැලේ යාමට රුචියක් දක්වන ලාංකිකයා මේ කරන රුකඩ රංගනයේ ප්‍රතිපල දැනටමත් සමාජය මත පතිතවී හමාරයි. නිතර වෙනස් වන ලෝකයට අනුව, වැරදි නිවැරදි කර ගනිමින් රටක් ලෙස ඉදිරියට යනවාද? එසේ නොමැතිනම්, වානර සංකල්ප මුල්කරගෙන ආපස්සට යනවාද යන්න මත ගනු ලබන තීරණය අනුව මේ රටේ අනාගතය තීරණය වෙයි. මෙම පෙරහරේ යන කසකාරයින්ට රටේ පවතින, අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාල, මෙන්ම රෝගීන්ගෙන් මුදල් ගසාකන චැනල් කඩ හා නිසි ප්‍රමිතියක් නොමැති පෞද්ගලික රෝහල් නොපෙනී තිබෙන්නේ, පෙරහරේ ගමන් කරන චුන් එකට දැයි අපට හැගෙයි.

:       196       410

විකුම් රංගන Friday, 06 October 2017 09:17 PM

උතුරේ ද්‍රවිඩ සිසුන් වගේම නැගෙනහිර හා දකුණේ මුස්ලිම් සිසුන් හොඳට ඉගෙන ගන්නවා,. ඒ නිසා මේ රටේ අනාගතය ගැන කවුරුවත් බියවිය යුතු නැහැ. නැට්ටට ගිනි තබාගෙන කුලප්පුවෙලා දුවන නරින්ට ළඟදීම බෙහෙත් විතරක් නෙමේ, ඉන්ජක්ෂනුත් ලැබෙයි කුහක ලෙඩේ සනීපෙට, සුව වෙන්නම.

:       883       768

sadun Friday, 06 October 2017 11:03 PM

මේ ප්‍රශ්නයට නීතියෙන් විසදුමක් ලබදෙන්ඩ කියල ඉල්ලලා තියෙනවනම් රජයට මැදට පැනල විසදුමක් දෙන්ඩ බැහැනේ. රජය කියන්නේ උසාවිය නෙවෙයිනෙ. ජනාදිපතිට වත් අගමැතිට වත් නිතියට පිටින් කිසිමදෙයක් කරන්ඩ බැහැ.

:       77       32

ජනක් Saturday, 07 October 2017 04:11 AM

කසුන් කියනවා වගේ සයිටම් ජනසතු කරලා තවත් රජයේ වෛද්‍ය විද්‍යාල හදන්න කිව්වට ඒවා නඩත්තු කරන්නේ කසුන්ගේ පෞද්ගලික බුදලයෙන්ද ? ඔය හැම රජයේ විශ්ව විද්‍යාලයක්ම නඩත්තු කරන්න වෙන්නේ මහජනයාගේ බදු සල්ලි වලින් . හැම වසරකම අ .පො .ස උසස් පෙළ සමත් වෙන ඔක්කොටම රජයේ විශ්ව විද්‍යාල දුන්න හැකිද? දැනට ආරම්භ කර ඇති රජයේ විශ්ව විද්‍යාල හොඳින් නඩත්තු කල යුතුය. මම නම් කියන්නේ හොඳ ප්‍රමිතියක් ඇතුව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කල යුතුය. සයිටම් විශ්ව විද්‍යාලයේද ප්‍රමිතිය නිසි පරිදි සකස් කල යුතුය.

:       162       63

කසුන්Saturday, 07 October 2017 01:08 PM

ටික කලකින් කියයිද දන්නෑ රජයේ වෛද්‍ය පීඨ අනවශ්‍යය වියදමක් මොකද වෛද්‍යවරුන් පෞද්ගලික අංශයෙන් බිහිකරනවනේ කියලා. ආණ්ඩුවට සල්ලි නෑ ... ගිය ආණ්ඩුවෙන් ගත්ත ණයවල පොලියවත් ගෙවන්න විදිහක් නෑ. වෛද්‍ය පීඨ නඩත්තු කරන්නේ මහජනතාවගේ බදු මුදලින් මිසක් කසුන්ගේ පෞද්ගලික බූදලයෙන් නෙමේ. රටට අවශ්‍ය වෛද්‍යවරු පෞද්ගලික අංශයෙන් බිහිවෙන නිසා මේවා අනවශ්‍යයයි කියා. මං මේ කීවේ ඔබතුමාට අපහාසයට නෙමේ... මේ දේවල් බොහෝවිට තව අවුරුදු 8,9 කින් රට කරන උන්දැලාගෙන් අහන්න ලැබේවි. කොහොමත් ඔය වියදම් ප්‍රශ්නය තදටම දැනේවි රජයේ පීඨ වල ආචාර්යවරු රඳවාගන්න නොහැකි වෙනකොට. අපේ රටේ වැඩ සිදුවෙන පිළිවෙල අනුව සිදුවිය හැකි දේ ලෙස මට පෙනෙන දේ තමයි ඔය. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් ඇතිවිය හැකි ආදීනව එයින් ඇතිවන හොඳට වඩා වැඩියි.

:       35       274

ජනක්Sunday, 08 October 2017 06:24 AM

ඉස්සෙල්ලා ඔයගොල්ලන් කිව්වේ සයිටම් ප්‍රමිතිය නෑ කියලනේ. දැන් ඔයා කියන්නේ සයිටම් වලට හොඳ ආචාර්යවරු ගියහම රජයේ ඒවාට ආචාර්යවරු හොයා ගන්න බැරිවෙයි කියලනේ. ඉතින් ජී එම් ඕ කියන්නේ සයිටම් වල ප්‍රමිතිය නැති නිසා වහන්න කියලනේ. දැන් අපිට තේරෙනවා කව්ද කුහක කියලා. එතකොට ළිං මැඩියෝ වගේ ඉන්නේ නැතුව හොයලා බලන්න. ලෝකයේ අනිත් රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල නැද්ද කියලා. සමාජවාදී රටක් වන කියුබාව ඇරුණම චීනය ඇතුළු ලෝකයේ සියලුම රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල නැද්ද කියලා හොයලා බලන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල එපානම් පෞද්ගලික රෝහලුත් අහෝසි කරන්න. පෞද්ගලික චැනල් සේවාවත් අහෝසි කරන්න.

:       53       75

sumuduSunday, 08 October 2017 12:31 AM

ජනකගේ අදහසට මමත් එකගයි. දැන් රජයට සල්ලි නැහැ වියදන් කරන්න. කොහොම කලත් අන්තිමට මිනිසුන්ගේ මුදල් නේ. ඉස්සෙල්ලම රජයේ ඉස්පිරිතාල ටික ක්‍රමයෙන් වහන්න ඕනේ. ඊට පස්සේ ඉස්කෝල. ටික කාලයක් යයි. මොකද මිනිසුන් විරුද්ද වෙන නිසා. ඊට පස්සේ මිනිසුන්ගේ සුබසාදන දේවල් ඔක්කොම කපා හරින්න ඕනේ. එතකොට රජයේ සේවකයෝ ඕනනේ නැහැ. බදු මුදල් අවශ්‍ය වන්නේ දෙසපලකයන්ගේ පවුල් නඩත්තු කරන්න විතරයි.

:       68       101

Azardismath Saturday, 07 October 2017 12:07 PM

සියලුම බලධාරීන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ, එක්කෝ සයිටම් වහන්න, එහෙම නැත්නම් රාජසන්තක කරන්න, නැත්නම් මෙහෙමම පවත්වාගෙන යන්න, මොන දෙයක් කරලා හරි මේ අහිංසක ළමයින්ගේ අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් පටන්ගන්න. මේ ළමයි ලංකාවේ අනාගතයයි, කරුණාකර එය සමග සෙල්ලම් නොකරන්න.

:       15       169

lal Saturday, 07 October 2017 12:22 PM

වෛද්‍ය විද්‍යාල වර්ජනය ආරම්භ වුණේම සරල රුවටීමකුත් සමගයි. ටෝකන් වර්ජනයක් කියලා පටන්ගත් වර්ජනය මාස 2,3 වගේ ඇදිලා දැන් මාස9ක්. ලංකාව පුරාම තියෙන වෛද්‍ය විද්‍යාල7ක් විතරම මේ අනවරත වර්ජනයේ දිගටම හිටියා නමුත් කාලය අනවශ්‍ය ලෙස දුර ගියා ඇත්තටම සිසුන් දැරිය නොහැකි තරම් දුරකට, මම නිතරම ...එකේ කියෙව් දෙයක් තමයි වෛද්‍ය සංගමය මීට වඩා යමක් කළයුතු බව, ඔවුන් ඉතා පහසුවෙන් චැනල් නවතා ඒ මගින් ජනතා අවධාරණය ළබාගන්න තිබුනා නමුත් එවැනි යෝජනාවක් වත් එහෙන් ආවේ නෑ... ඒක අඩුපාඩුවක් දෙමව්පියන්ගෙන් අපහසුවෙන් යැපෙන සිසුන් වෙනුවෙන් අරමුදලක අවශ්‍යතාවක් තිබුණත් එවැන්නක් දැනුවත්ව වුණේ නෑ. සිසුන් ටික දෙනෙකු ක්ලිනිකල් පටන්ගත්තත් එය අනියමින් නවතා දැමීමත් .... ඒකේ වැඩක්. දැන් වෛද්‍ය ශිෂ්‍යාවගේ ගැටළුව, මෙය අස්වාභාවික දෙයක් නොවේ ඇය දිගටම අධ්‍යාපනයේ යෙදුනේ නම් මේ කාරණාවට මැදි වීමේ ශක්‍යතාවය ඉතා අඩුයි. එබැවින් මෙහිදී ඇයව තනි නොකිරීමට සංගමය කටයුතු කිරීම අවශ්‍යය. දැන් සිසුන් ගේ දෙමව්පියන් මෙයට එකතු කරගන්න හදන්නේ ඇයි? ඔවුන් සිසුන් ගේ මව්පියන් වුවත් මේ ප්‍රශ්නයට පරිභාහිර අයයි... අනික මාරාන්තික එකක්...

:       37       1

රවිඳු Saturday, 07 October 2017 06:22 PM

විකුම් රංගන රටේ අනාගතය ඔබ ලියා තිබෙනවා. මෙතන ඔය කවුරු ලොකු කතා කීවත් රටේ ඉරණම තමයි ඔබ ඔය ලියා තිබෙන්නේ. රටේ මුග්ද මහලුන්ට නොතේරෙන පැතිකඩක් ඔබ දැක තිබෙනවා. මොන හේතුවකට අකුල් හෙලුවත් රටේ තරුණ පරපුරේ අධ්‍යාපනයට අකුල් හෙලා ඔවුන්ව පිටරටට පිටමන් කිරීමට වලිකන එවුන්ට අත්වෙන ඉරණමේ අනාවැකිය ඔබ දැක තිබෙනවා. සාත්තර කාරයින්ගේ නිජ භුමියේ වලපල්ල වැඩි ඈතක නැහැ. දැනටමත් අධ්‍යාපනය සඳහා අමනයින්ගේ රටෙන් පිටව ඉන්නා සහෝදර සහෝදරයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ. ඒ රටවල වෙසෙන උතුම් මිනිසුන්ගේ සංස්කෘතියට හුරුවෙන්න. ඔවුන්ට ඔබේ දැනුම හා සේවය ලබා දෙන්න. මුර්ගයින්ගෙන් වෙන්වී මනුෂ්‍යයින් සමග ජීවත් වීමට හුරු වන්න. දුක් මහන්සිවී පිටරටක ඉගෙනගෙන බල්ලන්ගේ රටක මනුස්සයෙකු ලෙස ජීවත් වෙනවාට වඩා මනුස්සයෙයින්ගේ රටක බල්ලෙකු ලෙස (බල්ලන්ගේ රටේ ඉපදුනු පවට) ජීවත් වීම පහසු බව තේරුම් ගන්න.

:       186       0

sajithSunday, 08 October 2017 05:20 AM

ඔය කියන උතුම් සංස්කෘතියක් තියෙන රටවල් වල නිදහස් අධ්‍යාපනය ඉල්ලා උද්ඝෝෂණ කරන බව දන්නවද? ඒ රටවල්වල දරුවෝ ඒ අයගේ උසස් අධ්‍යාපන ආයතන වල වාරික ගෙවා ගන්න ගණිකා වෘත්තියේ යෙදෙන බව දන්නවද? වසලයන් මේ රටට ඇත්තෙන්ම බරකි. සිද්ධ වෙන්න ඕනේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නොව නිදහස් අධ්‍යාපනයේ නිම් වලලු පුලුල් කිරීමය.

:       0       2

අජිත්Sunday, 08 October 2017 05:22 AM

නරියා මිදි තිත්තයි කථාව පොඩි කාලේ අහල තිබුණේ. ඒත් ඒ කථාවේ නරියගේ මානසික තත්වය ගැන කිසිම සඳහනක් තිබුනේ නෑ නේ.

:       0       53

රවිඳු Sunday, 08 October 2017 10:37 AM

නරි මනස ගැන අජිත් මහත්තයට අමුතුවෙන් උගන්වන්න දෙයක් ඉතිරිවෙලා නැහැ කියලයි මට නම්, හිතෙන්නේ. මහත්තයෝ තමුන්ගේ නැට්ට පාගාගෙන අනුන්ගේ නැට්ට හොයන්න කලින් මේ පුවත හොඳට කියවන්න. ලෝකයේ සාර්ථක මිනිසුන් බිහිවුයේ වෛද්‍ය අධ්‍යාපනය තුලින් පමණක් යයි හිතන උන්මන්තකයින්ගේ ලොජික් දැක්කම අර කොහෙන්න මන්දා හිනා යනවා. සජිත් මහත්තයට කියන්න තියෙන්නේ, මෙලෝ හසරක් නැතිව තමන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කර ගනිමින් දේශපාලකයින්ට හා වෙද මාෆියා වගේම සිසුන් පිටරට පටවන ඒජන්සී කාරයින්ට දැනගැනීම අනිවාර්යයි. පොඩ්ඩක් හිතා බලන්න, පිටරටක දුක්මහන්සි වී වෛද්‍ය උපාධිය රැගෙන තම මව්බිමට පැමිණි සිසුන්ට, ඊ ආර් පී එම් විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම මානුෂික ක්‍රියාවක්ද? එසේ නොමැති නම් නිවට ක්‍රියාවක්ද? තීරණය ඔබට බාරයි.

:       1       38

sumudu Sunday, 08 October 2017 12:23 AM

රටේ සිදුවන සෑම සිදුවීමකටම වග කිව යුත්තේ ඒ රටේ ජීවත් වන ජනතාවයි. දැන් සමහරු උන්ට හොඳ වැඩේ කියනවා නේද? බලන්න එහෙම ජනතාවක් ඉන්න රටකට මේවගේ ප්‍රති පල තමයි අයිති වෙන්නේ. දොස්තරවරු නතු වුනොත් ජනතාවටමයි අාපහු කරදරේ. කෙටියෙන්ම කීවොත් මුග්ද ජනතාවක් ඉන්න රටක් සැමදාම යන්නේ වලපල්ලටමයි. පුළුවන් පුළුවන් කට්ටිය ඔය කාලකන්නි මිනිස්සු ඉන්න රට දාල යන්න.( මම රටට කාලකන්නි යයි නොකියමි. රට ඉතා වසනා වන්ත රටකි. එහෙත් එකේ ඉන්නේ මහා අත්මර්තකමී , නිද්‍රාශීලී නිවට මිනිසුන් කොටසකි.)

:       0       3

Kamal Sunday, 08 October 2017 02:04 AM

වසර අටක් මහින්ද පාලනය යටතේ එතරම් ගැටළුවක් නොවූ සයිටම් මෙම රජය පැමිණි වහාම මහා අර්බුදයක් වන්නේ ඇයි? මේ පිටුපස තිබෙන දුෂ්ට දේශපාලනය තේරුම් ගන්න. මෙයට වෛද්‍ය සිසුන් ගොදුරු වී තිබෙනවා.

:       31       161

ජයමාන්න Sunday, 08 October 2017 05:03 AM

සයිටම් සම්පූර්ණයෙන් රජයට පවරා ගත යුතුයි. දැනට ඒකේ ඉගෙන ගන්න ළමයින්ට සුදුසුකම් බලා වෛද්‍යවරුන් වීමට ඉඩ ලබා දිය යුතුයි. දැනට අඩු ලකුණු ගනනකින් වෛද්‍ය විද්‍යාල අහිමි වෙන දරුවන්ට වෛද්‍ය වෘත්තිය ඇරඹීමෙන් පසු කොටස් වශයෙන් ගෙවිය හැකි වන සේ ගෙවීමේ ක්‍රමයකට සිසුන් ඇතුලත් කර ගත හැකි පූර්ණ රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරඹිය යුතුය. මේ ක්‍රමයෙන් සයිටම් ළමයින්ටත්, රජයේ අනිත් වෛද්‍ය සිසුන්ටත් යන දෙපිරිසටම සාධාරණයක් ඉ‍ටුවෙනු ඇත.

:       42       116

mahinda Sunday, 08 October 2017 10:57 AM

කවුරු මොනවා කිව්වත් දුක් විඳින්නේ සමාන්‍ය අසරණ ලෙඩ්ඩු. රජයෙන් ඉගෙන ගෙන රෝහල්වල බේත් කරන්නත් දොස්තරලා නැතුව යනවා. හැබැයි සල්ලි වලට ඕන තරම් බෙහෙත් ගත්තහැකි.. සල්ලි දීල මහන්සිවෙලා ඉගෙන ගත්ත අයටවත් රජයේ රෝහල්වල බෙහෙත් දෙන්න අවස්ථාවක් නෑ මේ අය නිසා. මම දකින්නේ ඉන්න දොස්තරල්ගේ තණ්හාව.

:       19       4

mahinda Sunday, 08 October 2017 11:01 AM

මේ අය සයිටම් වහන්න කියනවා. පුද්ගලික රෝහල් නම් අරින්න කියනවා. රෝහල් ඇරියේ නැතත් ගෙදර හරි ප්‍රයිවට් දා ගන්නවනේ.

:       1       21

කසුන් Sunday, 08 October 2017 07:17 PM

ජනක් GMOA එක සයිටම් එකට විරුද්ධ වෙන්න හේතු ඇති.අපිටත් ඒකට විරුද්ධ වෙන්න හේතු තියෙනවා.ඒව GMOA හේතුම වෙන්න ඕන කියල දෙයක් නෑ.ඒවා මේ දැන් ඔයාට අහන්න ලැබුන එකට මට කරන්න දෙයක් නැත.මේ රටේ දුප්පත්,පොහොසත් භේදයක් නැතුව දක්ෂ,ලැබිය යුතු දරුවට ඒ තැන් ලබාදෙන්න උත්සහ කරන එකට සහය දක්වන එකට ඇහෙන වචනය කුහකය නම් සතුටින් මමත් ඒ නම භාරගන්නව.මොකද කව්රු කීවත් හෘදය සාක්ෂියට අනුව දුකක් නැත. පෞද්ගලික චැනල් නවත්තන්නයි කියල සටනක් පටන්ගන්නව නම් මමත් ඒකට මේ වගෙම සහය දක්වනවා.

:       0       3

අජිත් Sunday, 08 October 2017 07:25 PM

රවිඳු කොච්චර කරත් නැට්ටෙන් කකුල අයින් කරගන්නම බෑ වගේ.මගේ වරදක්ද නැත්තං???ලියපු දෙය වැඩිය පැහැදිලි නැත.තව ටිකක් සරල කරල කියන්න පුළුවන් ද?

:       0       1

රවිඳු Monday, 09 October 2017 07:20 AM

මට පේන්නේ නැට්ට පාගගෙන ඉන්නවා මදිවාට නැට්ට උඩම පහරගෙන වගෙයි. මොනා කළත් කමක් නැහැ, නැට්ට ගසන්නනම් එපා පළාතම ඉවරයි. එත් ඉති අර යාළුවො කට්ටිය එක්ක මහපාරේ හුරේ දාන දවසට නම් කළාට කමක් නැහැ. පොලිස් අයියලා කට්ටියව නාවලා හොඳට පොලිෂ් කරනවනේ..

:       1       0

අජිත්Monday, 09 October 2017 05:04 PM

මමයි මෝඩයා වූනේ. අඩුගානෙ වැදගත් දෙයක් කියන්න ඇතියි කියල ඇහුවෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 250 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 215 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 60 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 261 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site