IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ ආර්ථිකේ සෝමාලියාවටත් හපන්

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත්, මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කිරීමත්, පාර්ලිමේන්තුව විසුරුවීමත් යන කරුණු මුල් කරගනිමින් ඇති වූ දේශපාලන වාතාවරණය ඇතැම් හු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථ අර්බුදයක් යැයි ද ඇතැම් දේශපාලන අර්බුදයක් යැයි ද තවත් පිරිසක් කුමන්ත‍්‍රණයක් යැයි ද අර්ථ දක්වන්නට වූහ. බල අරගලයක් තිබෙන බව පැහැදිලිය. බල සටන නිසා දේශපාලන අස්ථාවරත්ව සහ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විය. එම තත්ත්වය කිසිසේත්ම ආර්ථිකයට හිතකර නොවන පැහැදිලිය. රටක යම්කිසි දේශපාලන අර්බුදයක් නිර්මාණය වන්නේ ද එය ආර්ථිකයට යහපත් නොවන බව තේරුම් ගැනීමට බොහෝ වෙහෙසක් ගත යුතු නැත. 

    ආණ්ඩුවක කඩා වැටීම, දේශපාලන පක්ෂ අතර තිබෙන ගැටුම්, අර්බුද හෝ මැඩ පැවැත්වීමට දුෂ්කර තරගකාරීත්වය දේශපාලන අවිනිශ්චිත බව යනුවෙන් සරලව හඳුන්වා දිය හැකිය. ආණ්ඩු මාරුවක් නිසා සිදුවන, ඇතිවන වෙනස්කම් ද දේශපාලන අවිනිශ්චිත තත්ත්වයක් ලෙසින් පෙන්වාදිය හැකිය. දේශපාලන අවිනිශ්චිත තත්ත්වය යනු නොනැසී පවතින කි‍්‍රයාවලියකි. එසේත් නැතිනම් දේශපාලන අවිනිශ්චිත තත්ත්ව අනවරතය. 

    ආර්ථික වර්ධනය සහ දේශපාලන ස්ථාවරත්වය එකිනෙක සම්බන්ධය. ආර්ථික වර්ධනය සහ දේශාපලන ස්ථාවරත්වය අතර තිබෙන අන්තර් සබඳතාව ඉතා ගැඹුරු හා පුළුල් එකකි. අනෙක් අතට අවිනිශ්චිත තත්ත්ව අස්ථාවර දේශපාලන පරිසරයක් හා සහසම්බන්ධ අතර එම නිසා ආයෝජන අඩු වී ආර්ථික සංවර්ධනයේ වේගය අඩාල විය හැකිය. මේ සරල කරුණු තේරුම් ගැනීමේ අපට මෙරට වත්මන් තත්ත්වය තේරුම් ගැනීමට අපහසු නොවේ. ඇති වී තිබෙන අස්ථාවර අවිනිශ්චිත දේශපාලන තත්ත්වය ඉක්මනින් නවතා දේශපාලනය යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් කළ යුතු අතර එය දේශපාලන බල අධිකාරියේ ප‍්‍රධාන සහ ප‍්‍රමුඛ වගකීමකි. 

    තරුණ කැරැුලි කෝලහල, තිස් වසරක සිවිල් යුද්ධය මෙරට ආර්ථිකය දරුණු ලෙස පසුපසට ගියේය. යුද්ධයෙන් පසු රට තුළ ස්ථාවර දේශපාලන තත්ත්වයක් නිර්මාණය වූ අතර ගෙවීගිය වසර නවයක කාලයේදී පත්වූ ආණ්ඩු දෙක යටතේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රට ශීඝ‍්‍ර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත් එම පාර්ශවයේ පිරිස් පෙන්වාදෙති. එම සමයේදී රට ණය වූ බවත් තමන් ආර්ථිකය ස්ථාවර කරමින් ආර්ථිකය සංවර්ධන මාවතකට ගෙන ආ බව සිරිසේනxවික‍්‍රමසිංහ ආණ්ඩුව විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ පාර්ශවය පෙන්වාදෙති. 

    ඒ සියලූ කරුණු මධ්‍යයේ වත්මන් තත්ත්වය පිළිබඳව සලකා බැලීම අත්‍යවශයෙන්ම කළ යුත්තකි. විශේෂයෙන්ම ඔක්තෝබර් 26ට පෙර තිබූ තත්ත්වයත් ඉන් පසුව ඇති ව තිබෙන තත්ත්වයත් වත්මන් දේශපාලන අර්බුදයෙන් පසු තත්ත්වයත් විමසා බැලීම වටී. 

    ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නොවැම්බර් මස දෙවැනි සතියේදී පැවැසීය. ඒ අනුව ඉදිරි වසර පහක කාලයේදී ශ්‍රී ලංකාව පොළිය නොමැතිව ගෙවිය යුතු විදේශ ණය නැවත ගෙවීම් පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 20ක් බව එම මාධ්‍ය හමුවේදී කියැවිණි.

    එවැනි තත්ත්වයක් මත ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් පසුගිය මාසයක කාලයේදී ශ්‍රී ලංකාව අවදානම් ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටම්වලට දැමීය. දෙසැම්බර් 3 වැනිදා ෆිච් රේටින්ග්ස් සහ දෙසැම්බර් 4 වැනිදා එස්.ඇන්ඞ් පී ග්ලෝබල් රේටින්ග්ස් ආයතන මෙරට දිගුකාලීන විදෙස් ණය ශ්‍රේණිගත කිරීම් ‘බී+ (ස්ථාවර* සිට ‘බී (ස්ථාවර* දක්වා පහත හෙළීමට පියවර ගත් අතර නොවැම්බර් මස 20 වැනිදා මූඞීස් ආයෝජන සේවා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැුකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බී1 (ඍණ* සිට බී2 (ස්ථාවර* මට්ටම දක්වා පහත දැමීය.

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කරනු ලැබීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වූ ප‍්‍රතිපත්තිවල අවිනිශ්චිත බව, අයවැය ඒකග‍්‍රතාව මන්දගාමී වීමේ අවදානම සහ විදේශ ණය නැවත ගෙවීම පිළිබඳ ඇති වූ අවදානම යන කරුණු නිසා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට පියවර ගත් බව අවසන් වරට ශ්‍රී ලංකාව පහළ ශ්‍රේණියකට දැමූ ‘ෆිච් රේටින්ස්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කළේය. මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව 2019 වසරේ සිට 2022 දක්වා කාලයේදී ගෙවිය යුතු විදේශීය මුදල් ඒකක පදනම් කරගත් ස්වෛරීත්ව ණය ප‍්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 20.9ක් යැයි ද ‘ෆිච් රේටින්ස්’ ආයතනය සඳහන් කර තිබිණි. 

    කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත තත්ත්ව පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසීය. 

    ‘‘ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වී තිබෙනවා. කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීමේ ආයතන එම තීරණ ගෙන තිබෙනවා. එවැනි අවිනිශ්චිත තත්ත්ව පවතින්නේ සති කිහිපයක් පමණක්’’ යැයි වීරසිංහ මහතා කීය. 
    ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවල නව ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් තීරණවලින් රටේ සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොවන බවත් සාර්ව ආර්ථික මූලධර්මවලින් පිළිබිඹුවන සාධකවලට පටහැණිව එම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති බවත්  පෙන්වාදුන් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ශ්‍රේණිගත කිරීම් සාධාරණ නැතැයි ද සඳහන් කළේය.

    වත්මන් දේශපාලන අර්බුදය හමුවේ වුවද විශේෂයෙන්ම මූල්‍ය අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුළුව ආර්ථිකය මත ඇතිවිය හැකි  ඕනෑම බලපෑමක් අවම කිරීම සඳහා මහ බැංකුව සහ රජය කි‍්‍රයාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබිණි. 

    ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය අංශ දේශීය සහ විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණදීමට හැකි මට්ටමේ පවතින බව තවදුරටත් අවධාරණය කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය. 

    මෙසේ පහළ ශ්‍රේණීවලට ඇද දැමීමෙන් ආයෝජකයන් ශ‍්‍රී ලංකාව කෙරෙහි තබා තිබෙන විශ්වාසය පළුදු වී යන අතර රටට වෙළෙඳපොළින් ණය ගැනීමට තිබෙන අවස්ථාවට දැඩි ලෙස බලපෑම් එල්ල කරනු ඇත. එසේ බලපෑම් එල්ල වන්නේ හිතකර අයුරින් නොවන බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. සැලකිලිමත් විය යුතුය. ශ්‍රේණිගත කිරීම්වල පහළට දැමූ පසු ආයෝජකයෝ එවැනි රටවල ආයෝජනය කිරීමට හා ණය ලබාදීමට පැකිළෙති. 

      විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනිදා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී පමණක් රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

    ජාත්‍යන්තර මූල්‍ය අරමුල ශ‍්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට 2016 දී එකඟතාව පළ කර තිබූ අතර එයින් දැනට ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ශ්‍රී ලංකාව සඳහා නිදහස් කර ඇත. එයින් එක් වාරිකයන් දෙසැම්බර් මාසයේදී ලැබීමට නියමිතව තිබූ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හේතුවෙන් එම ණය වාරිකය නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡුා කල් දමා ඇත. වත්මන් දේශපාලන දිගින් දිගටම පැවැතුණ හොත් සහ මානව හිමිකම්, යහපාලනය, නීතියේ ආධිපත්‍යය තර්ජනයකට ලක්වුවහොත් ශ්‍රී ලංකාවට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව රටවල් කිහිපයක් අනතුරු අඟවා ඇත. වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබීමට නියමිතව තිබූ මිලියන ගණනක ආධාර වැඩසටහන ප‍්‍රමාදවෙමින් තිබේ. ‘ලයිට් රේල්’ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් ලැබීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 මුදල සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන සහ සෞඛය ක්ෂේත‍්‍රවල වර්ධනය සඳහා ඇමෙරිකාවෙන් ලැබීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදල ප‍්‍රමාදවෙමින් පවතී.

    යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන අපනයන වෙළෙඳපොළකි. යුරෝපයට අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාව ජී.එස්.පී. ප්ලස් සහනයට යටත්ව අපනයනය කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වූ අතර සිරිසේනxවික‍්‍රමසිංහ ආණ්ඩුව සමයේදී ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට නැවත හිමිවිය. මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනාදිය ඇතුළුව ජාත්‍යන්තර ප‍්‍රඥප්ති සහ දුන් පොරොන්දුවලට අනුකූලව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වනු ඇතැයි යුරෝපා සංගමය අර්බුදය ඇති වීමෙන් පසුව අනතුරු ඇඟවීය. 

    ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පහසුවෙන් නොසලකා හැරිය නොහැක. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ග‍්‍රීසිය සහ සෝමාලියවටත් වඩා උග‍්‍ර තත්ත්වයකට පත්ව ඇතැයි ඇතැම් ආර්ථිකවේදීහු පෙන්වාදෙති. ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථික හිමි රටවල් දෙක සිටින්නේ ආසියාවේය. එකක් චීනය වන අතර අනෙක ඉන්දියාවයි. ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම පසුගිය වසර කිහිපයේදී සියයට හයත් හතත් ඇතැම් අවස්ථාවලදී ඊට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ද පවත්වාගෙන ගියහ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුවලට අනුව ඉන්දියාව ලබන වසරේදී සියයට 7.4ක ආර්ථික වර්ධන වේගයක් ද චීනය සියයට 6.2ක ආර්ථික වර්ධන වේගයක් ද පවත්වාගෙන යනු ඇතැයි පැවසේ. ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය ආසියාව වන අතර එයින්ද වර්තමානය වනවිට වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්ව ඇත්තේ දකුණු ආසියානු කලාපයයි. දකුණු ආසියානු කලාපය මේ වසරේදී සියයට 6.9 ආර්ථික වර්ධන වේගයක් ද ලබන වසරේදී සියයට 7.1ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇතැයි ද ලෝක බැංකුව මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී සඳහන් කළේය.

    ලොව වේගයෙන්ම වර්ධනය වන කලාපයේ සිටින ශ්‍රී ලංකාව සිටින්නේ කලාපයේ සියලූ රටවල්වලට පහළිනි. පසුගිය සමයේදී එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීමත් සමඟ ලොව අනෙක් මුදල් ඒකක වාර්තාගත අයුරින් අවප‍්‍රමාණය වූ අතර අනෙක් මුදල් ඒකක ක‍්‍රමයෙන් ස්ථාවර වුවද ශ්‍රී ලංකා රුපියල තවමත් වාර්තාගත අන්දමින් අවප‍්‍රමාණය වෙමින් තිබේ. එවැනි තත්ත්වයක් මත ශ්‍රී ලංකාව සිටින්නේ අවසන් තැනට ඉහළිනි

    ලෝක බැංකුව පසුගිය ඔක්තෝබර් මාසයේදී පෙන්වාදුන් පරිදි වේගවත්ම ආර්ථික වර්ධනයට හිමිකම් කියන්නේ ඉන්දියාවය. මේ වසරේදී බංග්ලාදේශය සියයට 7.9ක, භූතානය 4.6ක, ඉන්දියාව 7.3ක, මාලදිවයින සියයට 8.0ක, නේපාලය සියයට 6.3ක, පාකිස්තානය සියයට 5.8ක ආර්ථික වර්ධනයකට හිමිකම් කියනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. එම ඇස්තමේන්තු කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.9ක් ලෙසත් ඇෆ්ගනිස්තානයේ ආර්ථික වර්ධන වේගය සියයට 2.4ක් ලෙසත් ඇස්තමේන්තු කර ඇත. ඉදිර වසර දෙකේ (2019 සහ 2020* යන වසරවලද එහි වෙනසක් නැත. 

    ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට දිගුකාලීනව දරුණු ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කොළඹදී පැවැසීය.
    වත්මන් දේශපාලන අර්බුදය නුදුරේදී විසඳා ගත්ත ද එම නිසා ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම දිගුකාලීනව පවතින බවත් එය ගණනය කළ නොහැකි තරම් විශාල යැයි ද මහාචාර්ය අබේරත්න මහතා කීය.

    කොළඹ ගාලූමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිවිපාක යන මැයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් මහාචාර්යවරයා එම කරුණු කීවේය. 

    දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට බලපාන ප‍්‍රතිවිපාක සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මෙසේ ද කීය.

    ‘‘ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු වූ දේශපාලන අර්බුදය ආර්ථිකයට කිසිසේත් හිතකර නැහැ. අපිට දරුණු ප‍්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. දේශපාලන අර්බුදය ඉදිරි දිනකදී විසඳාගත්තත් එයින් ආර්ථිකයට සිදුවන බලපෑම නවතින්නේ නැහැ. එය දීර්ඝකාලීනව ආර්ථිකයට බලපෑම් එල්ල කරනවා. දේශාපලන අර්බුදය කම්පනය දිනයකින් දෙකකින්, සතියකින්, මාසයකින් නවතින්නේ නැහැ. එහි බලපෑම තවත් අවුරුදු ගණනාවක් තියෙනවා. ආයෝජකයන් ලංකාව පිළිබඳව සුළු හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් එයත් දැන් නැතිව යනවා’’. 

    මේ සියලූ කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ඇත්තේ අවදානම් තත්ත්වයකය. කුමන ආණ්ඩුවක් යටතේ වුවද කුමන අග‍්‍රාමාත්‍යවරයෙක් යටතේ වුවද දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම ආර්ථික සංවර්ධනය උදෙසා අත්‍යවශයෙන්ම සිදුකළ යුතුය. දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ආර්ථික ස්ථාවරත්ය ඇති කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කළ යුතුයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ යුතුය. එසේ නොමැතිව ආයෝජන ආකර්ෂණය කරගැනීමට හෝ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට නොහැකිය. 

හර්ෂණ තුෂාර සිල්වා

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ආර්ථිකේ සෝමාලියාවටත් හපන්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 10 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 205 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 154 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 216 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 226 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 745 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site