IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෘත්තිය හෑල්ලූවට දා ගෙනද?

(සේවාර්ජිත මහාචාර්ය  - අශෝක එන්.අයි. ඒකනායක)

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හා වෘත්තිකයන් හෝ කම්කරුවන් හෝ නොවන්නා වූත්, ජනතාවගේ බදු මුදලින් යැපෙන්නා වූත්, සිසුන්ගේ, හාස්‍යජනක පන්ති වර්ජන, පවත්නා නීතිය යටතේ හෝ නව නීති හඳුන්වා දීම තුළින් හෝ මුලිනුපුටා දැමීමට දැඩි ක‍්‍රියාදාමයකින් හෝ රජය අපොහොසත් වීම මුළු මහත් සමාජයම අධෛර්යමත් කරවන්නකි.

දැනටමත් ප‍්‍රමාද වී ඇති නමුදු මෙම සමාජ පිළිලය තුරන් කිරීමට තීරණාත්මක විසඳුමක් ගෙන ඒමට වහාම පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටීම, මෙම ලිපියෙහි අරමුණයි. එවන් ක‍්‍රියාවක් සදාචාර සම්පන්න වනවා පමණක් නොව, පැවැති සෑම රජයක් විසින්ම වරප‍්‍රසාද පිට වරප‍්‍රසාද ලබා දී සුරතල් කරන්නා වූ වෛද්‍යවරුන් ගැන නොව, අහිංසක පීඩිත ජනතාවට සේවය සැපයීමට රජය උනන්දු බව දැක්වීම හේතුකොට ඊට ප‍්‍රබල මහජන මතයක් ද ගොඩනැෙඟනු ඇත.

‘‘සයිටම්’’ නම් එදිනෙදා ජන ජීවිතයට නොවැදගත් කරුණක් කෙරෙහි අසාමාන්‍ය හා නොහොබිනා අන්දමින් දේශපාලන, වෘත්තීය හා මාධ්‍ය අවධානය යොමු කිරීම වෙනුවට, අද දවසෙහි දැවැන්තම ඛේදවාචකය වූත් අපවාදයට පාත‍්‍ර වූත් වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ක‍්‍රියාකලාපය පොදුජන අවධානයට ලක්විය යුතු ප‍්‍රධාන කාරණා නොවන්නේ ද? ‘‘සයිටම්’’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද? එහි කුප‍්‍රසිද්ධ ආරම්භය හා එහි ඉතිහාසය පිළිබඳ හෝ අබමල් රේණුවක වුව හැඟීමෙන් තොර වූ, දශලක්ෂ සංඛ්‍යාත පොදුජනයා තමන්ගේ එදිනෙදා ජීවිතයේ අරගලය ගැන විනා, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාගුණ පිළිබඳ මතවාදවල පැටලීම හෝ, සුදනන් සේ පෙනී සිටිමින් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන පාරම්බාන අයවලූන්ගේ දෙබිඩි ප‍්‍රතිත්ති ගැන හෝ තැකීමක් නොකරති. එලෙසම තමන්ටම ආවේණික වූ සිතිවිලි විදහාලමින් රඟපෑමක යෙදෙන වයෝවෘද්ධ අයගේ නායකත්වයෙන් යුත්, අතිශයින් සාමාන්‍ය බුද්ධි මට්ටමින් යුත් මන්දෝත්සාහී පිරිසකගෙන් සෑදුම්ලත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි ඉලක්කයක් නොමැති, තොරතෝංචියක් නැති කතාබහ ගැන ද පොදු ජනතාව උනන්දුවක් නොදක්වති. අතිබහුතරය වන පොදු ජනතාවට එවැනි දේවලින් ඇති ඵලක් නැත.

අනෙක් අතට ජනතාවට අත්‍යවශ්‍යයෙන් වැදගත්ම වනුයේ තමන්ට ලෙඩක් දුකක් පැමිණි විට, නොයෙක් දුක් ගැහැට විඳ, තමාගේ දෛනික වැටුප පවා අහිමිකරගෙන ප‍්‍රතිකාර සඳහා රෝහලකට ගිය කල්හි, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය යන කුරිරු වෘත්තීය සංගමයේ නියෝගයට වහලූන් මෙන් අවනත වී කරන්නා වූ වර්ජනයක හේතුවෙන් ප‍්‍රතිකාර නොලබා ආපසු හැරී යන තත්ත්වයකට ප‍්‍රතිකාර නොලැබ තම අසීරු තත්ත්වය තවදුරටත් විඳවන තත්ත්වයට පත් නොවීමයි. එසේම පොදු ජනතාවට ඊළඟ වැදගත් කරුණ වනුයේ බොහෝ දුක් විඳ එදා වේල පිරිමසා ගත්ත ද ඍජුව හෝ වක‍්‍රව පරිත්‍යාග කරන්නා වූ බදු මුදලින් අතිබහුතර පොදු ජනයා, වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපනය පෝෂණය කරන අතර, ඔවුන්ගේ එම පරිත්‍යාගයේ අර්ථලාභීන් හැටියට දැඩි අවධානයෙන් හා උනන්දුවෙන්, ජනතාවගේ මුදල් අපතේ යා නොදී, හැකි ඉක්මනින් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකොට, උපාධිය සමඟින් ජනතා සෞඛ්‍ය සේවයට පිවිසෙනු ඇතැයි යන අහිංසක පැතුමයි. එක් වෛද්‍යවරයකුගේ අධ්‍යාපනය සඳහා පොදු ජනයාගේ මුදල් ලක්ෂ 45ක් පමණ වැය වේ යයි ගැනේ. එම නිසා මහජන ධන පරිත්‍යාගයේ භාග්‍ය සම්පන්න අර්ථලාභීන් වන වෛද්‍ය ශිෂ්‍යයන්, මාස 8ක් තිස්සේ තම දේශන ශාලා හා පුහුණු රෝහල් වාට්ටුවලින් ඉවත් වී ඔවුන් කලහකාරී ලෙස ප‍්‍රචණ්ඩව සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවදින, මාර්ග අවහිර කරමින්, අශික්ෂිතව ජන ජීවිතය කඩා බිඳ දමන අයුරින් ප‍්‍රචණ්ඩව හැසිරෙන අවස්ථා හැරුණු විට, මඟ දෙපස අටවාගත් අශෝභන අට්ටාලවල, ජාතියේ අනාගත වෛද්‍යවරුන්, වීදි දරුවන් සේ ලගිමින් වටිනා කාලය අපතේ හැරීම සම්බන්ධයෙන් පොදු ජනතාව අතිබහුතරය දැඩි කෝපයෙන් හා පිළිකුලෙන් පසුවීම පුදුමයක් නොවේ.

‘‘සයිටම්’’ ආයතනය සම්බන්ධයෙන් යම් මතයක් දැරීමට සැමට අයිතියක් තිබේ. ඒවා සාකච්ඡුාකොට නිරාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන ඇත. එහෙත් කුමන හේතුවක් නිසා හෝ රෝගීන්ට ප‍්‍රතිකාර නොකර සිටීම වැනි මහා පරිමාණයේ දුරාචාර ඊට ඈඳාගත යුතු නොවේ. එසේම නිදහස් අධ්‍යාපනයේ වරප‍්‍රසාද භුක්ති විඳින ශිෂ්‍යයන් කුමන හේතුවක් නිසා හෝ පන්ති වර්ජනය කිරීමේ නිර්ලජ්ජිත ක‍්‍රියා බැහැර කළ යුතුය. ‘‘සයිටම්’’ ප‍්‍රශ්නය පසෙක තිබියදී ප‍්‍රතිපත්තිමය වශයෙන් රජයේ කැපවීම හා ප‍්‍රබල මැදිහත්වීම් දැඩි ලෙස අවශ්‍යවනුයේ මෙවැනි ගැටලූවලටය. මොනම හේතුවක් නිසා හෝ රෝගියකුට ප‍්‍රතිකාර නොකර සිටීමට අයිතියක් නැත. එය මූලික වෛද්‍ය ආචාර ධර්ම හා සමාජ සදාචාරය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. එසේම වෛද්‍ය ශිෂ්‍යයන් කුමන හේතුවක් නිසා හෝ පන්ති වර්ජනය කිරීම නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදවල දැඩි අපචාරයක් වන අතර, එය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක.

කුමන අන්දමේ බලපෑමක් එල්ල වුව ද රෝගියකුට ප‍්‍රතිකාර අහිමි කිරීම කිසිසේත් කළ නොහැකිය. රැුකවලූන්ගෙන් මිදී පලා යන දරුණු අපරාධකරුවකු වුව ද ලේ ගලන තුවාලයක් ඇතිව පැමිණියහොත්, පසුව තමන් පත්විය හැකි අසීරු තත්ත්වයන් ගැන නොතකා, ඊට ප‍්‍රතිකාර කිරීමට තම වෘත්තීය චර්යා පද්ධතිය තුළින් වෛද්‍යවරයා බැඳී සිටියි. තමන්ට හිමි වැටුප හෝ දීමනාව නොලැබුණ ද ප‍්‍රතිකාර අහිමි කළ නොහැක. වෛද්‍ය වෘත්තියට ඇතුළු වන සැමදෙනාම මෙහෙයවන, අහිමි කළ නොහැකි, උතුම් චර්යා ධර්ම හා සදාචාරය එයයි. වෛද්‍ය වෘත්තියට ඇතුළු වන්නන්ට හිමි තේජාන්විත උරුමය එයයි. ඔවුන්ගේ පරාර්ථකාමී සේවයේ පරමාදර්ශය එයයි.

පොලිසිය, හමුදාව, ගිනි නිවීමේ සේවය වැනි අනන්‍ය වූ වෘත්තීන් සුළු සංඛ්‍යාවකට යි වෛද්‍ය වෘත්තිය අයත් වන්නේ. මෙම වෘත්තීන්හි ස්වභාවය අනුව වර්ජනවල නිරතවන්නන්ට ඔවුනට අයිතියක් නැත්තේ ඉන් ජීවිත හානි ඇති විය හැකි බැවිනි. වෛද්‍ය වෘත්තියට ඇතුළු වන්නෝ එහි අන්තර්ගත ඒ කොන්දේසිය පිළිගනිති. සෑම වෘත්තියකම ඊට අනන්‍ය වූ වරප‍්‍රසාද හා අවාසි සහගත තත්ත්වයන් ආවේණිකව අන්තර්ගතය. වෘත්තියකට බැඳෙන්නන් එහි ආවේණික වූත් අනන්‍ය වූත් චර්යා ධර්ම, වාසි හා අවාසි ගැන මනා අවබෝධයෙන් යුතුව ඒවා පිළිගනිමිනි ඊට බැඳෙනුයේ. ඒවාට එකඟ නොවන්නේ නම් වෙනත් තමන්ට ගැලපෙන වෘත්තියක් තෝරාගත යුතුයි.

අද දින ගැටලූව වී ඇත්තේ එහි යථාර්ථය තේරුම්ගත නොහැකි වූ හා ‘‘නොගැළපෙන වෘත්තිය’’කට ඇතුළු වූ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් සිටීමයි. ආවේගශීලී, ද්වේෂ සහගත රජයේ නිලධාරීහු සංගම් නායකයෝ හා තම වෛද්‍ය හාම්පුතාට සදා අවනත එහි පදය අනුව නැටවෙන වලිගය බඳු ‘‘රජයේ දන්ත වෛද්‍ය නිලධාරී සංගමය’’ දේශපාලන හා බල අරගලයක නිරත දළදඬු වෘත්තීය සමිති නායකයෝ මුදලට වහල් වී වෛද්‍ය සේවය ඉතාමත් සරු වෙළෙඳ ව්‍යාපාරයක් පමණක් සේ සලකන වෛද්‍යවරුන්, තත්ත්වය, පට්ටම, මාන්‍ය හා ජනයාගේ වැඳුම් පිදුම් ලැබීමේ අටියෙන් මෙම උතුම් වෘත්තියට ඇතුළත් වී සිටින්නන් අතර වෙත්, අභාග්‍යයකි! අධ්‍යයන ක්ෂේත‍්‍රය පවා මොවුන්ට ක්ෂේම භූමියක් වී තිබේ.

ශිෂ්‍යයන් දිරිගැන්විය හැකි වූත්, ඔවුන්ට පරමාදර්ශී චරිත විය හැකි වූත් අය, අද අතුගෑවී යන්නා වූ කොටසක් බවට පත්ව තිබේ. ඒ වෙනුවට පත්ව සිිටිනුයේ සිය ආත්ම සන්තුෂ්ටිය උදෙසා, ජරාජීර්ණ වූ තම ‘‘ජීව දත්ත’’ පත‍්‍රය පණගැන්වීමට පහත් මට්ටමේ වැදගැම්මකට නැති පර්යේෂණ ප‍්‍රකාශන පළ කරන, අධිකාරී පදවියකට පත්ව එහි බලය තම අභිමතය පරිදි හසුරුවන, තොරක් නැති කමිටු, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු අතර කාලය ගෙවමින් ඉතා සැහැල්ලූ වූත් සුවපහසු වූත් අධ්‍යයන ජීවිකාවන්හි නියැලෙන්නන්ය. අවංකව හා කැපවීමෙන් යුතුව රෝගීන්ගේ කටයුතු හා ඉගැන්වීමේ කටයුතුවල නියැලෙමින් ඉතා ප‍්‍රශස්ත මට්ටමක සේවා තෘප්තිය ලත් අයගේ තැන් අද ඔවුන් අරක් ගෙන සිටිනු දක්නට ඇත. අඩන්තේට්ටම් කරන්නා වූ වෛද්‍යවරුන්, ශිෂ්‍යයන් හිංසාවට හා ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන අසංවර දුරාචාර වෛද්‍යවරුන් අන් අයගේ මතය නොඉවසන, ආත්මාර්ථකාමී අරමුණු ඉෂ්ට කර ගැනීමට එකඟත්වය දිනා ගැනීම සඳහා තම සහෝදර වෘත්තිකයන් බියවැද්දීමෙහි නිරත වන්නන් ද එමගින් ‘‘නොගැළපෙන වෘත්තිය’’කට ඇතුළත් වී සිටින්නන්ගේ ලේඛනය සම්පූර්ණය යි සිතමි.

එසේ ‘‘නොගැළපෙන වෘත්තිය’’කට ඇතුළු වූ වෛද්‍යවරු විවිධ මුහුණුවරින් පෙනී සිටිති. එහෙත් වෛද්‍ය සේවයේ තිබිය යුතු උත්තරීතර ගුණාංග වන සම්මානනීය ආවේණික සම්ප‍්‍රදායන්, සේවයට කැපවීම හා පරාර්ථකාමීත්වය ගිලිහුණු බවත් යන්න, ඔවුන් තුළ ප‍්‍රකට වන පොදු ලක්ෂණය යි. විශිෂ්ටත්වයක්, ගරුත්වයක් ආවේණික වූ වෘත්තියක් ඔවුහු සාමූහිකව කෙළෙසති. එහි පුරුෂාර්ථ හා සම්ප‍්‍රදායන් ඇතුළතින්ම සෝදාපාළුවට ලක්කරත්. නව වෛද්‍යවරුන් පරම්පරාවක්ම එම අවාසනාවන්ත මට්ටමට ඇද දමත්. උගත් වෘත්තීන් අතර උසස්ම වෘත්තිය වන වෛද්‍ය වෘත්තියෙහි වුව ඊට නොගැළපෙන වෘත්තිකයන් රැුසක් හිඳීමෙන් විශදවන එක් ප‍්‍රධාන කරුණක් වනුයේ වෛද්‍ය පුහුණුව සඳහා සිසුන් තෝරා ගන්නා ක‍්‍රමවේදයයි. බඳවා ගැනීම් 100ක්ම කුසලතා මත පදනම් නොවේ. ඔවුන්ගේ ආකල්ප, පෞරුෂත්වය, චර්යාව, උනන්දුව, පසුබිම ආදීන් මිණිය හැකි මිණුම් දණ්ඩක් නොමැත.

මෙවන් විවේචන ඉදිරිපත් කරනුයේ දැඩි සංවේගයෙනි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි දිගු කලක් නියැළුණු මා අප රටෙහි අතිවිශිෂ්ට, දැඩි ලෙස සේවයට කැපවුණු වෛද්‍යවරුන් ඇසුරු කිරීමේ භාග්‍යය නොමඳව ලැබූවෙක්මි. ඒ උතුම් වෘත්තියක් බබලවන ලද එවන් වෛද්‍ය උතුමන් වෙත මා තුළ ඇති ගරුත්වය හා ප‍්‍රණාමය නිසාවෙනි. විශේෂයෙන් මහා පරිමාණයේ වර්ජන තුළින් වෘත්තීය අගාධය කරා ගෙන යාමට යත්න දරන අය කෙරෙහි මා තුළ දැඩි පිළිකුලක් හටගත්තේය.

 වෘත්තියට නොගැළපෙන්නන් හා කෲර වෘත්තීය සමිති නායකයන් විසින් ආක‍්‍රමණය කොට, උතුම්  වෘත්තියක් ජරාජීර්ණ වූ තත්ත්වයකට ඇද දැමීමේ ක‍්‍රියාවලියෙහි අවසාන ජවනිකාව වනුයේ, වර්ජන ඇති කොට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම ප‍්‍රතික්ෂේප කිරීමයි. අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යනවාය යන්න, ජනතාව මුළා කිරීමට සැකසූ කූට උපක‍්‍රමයකි. එහි යථාර්ථය නම්, වර්ජනය හේතුවෙන් මියයන්නන්, සංකූලතාවකින් රෝගය උත්සන්නවන්නන්, අසීරු තත්ත්වයට පත්වන්නන්, සෞඛ්‍ය තත්ත්වය යම් තරමින් හෝ පහත් අඩියට පත්වන්නන් ආදීන් කොපමණ දැයි සිතා ගැනීමට හෝ නිවැරැුදිව ගණනය කිරීමට හෝ පහසු කාර්යයන් නොවේ.

මේ වනවිට යහපත් මහජන මතයක් ගොඩනැඟී ඇති බැවින්, තත්ත්වය තවදුරටත් ව්‍යාකූල නොකොට දැඩි ප‍්‍රතිපත්තියක සිටිමින්, වෛද්‍ය වර්ජන නීති විරෝධී කොට ජනතාව දළදඬු වෛද්‍ය වෘත්තීය සංගම් ග‍්‍රහණයෙන් මුදවාගනු ඇතැයි, අපේක්ෂා සහගතව රජයෙන් බලාපොරොත්තු වේ. එසේම වෛද්‍ය සිසුන් ද පන්ති වර්ජන හැරදමා ඉගෙනුමට යළි ඒමට බල කිරීමේ අවශතාව ද ඔවුන් එසේ නොඑන්නේ නම් විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමේ දඬුවමට ලක් විය හැකි බව අවධාරණය කිරීමේ පියවර ද ගත යුතු බැව් පැහැදිලි කරුණකි. මෙම කරුණ පිළිබඳ පියවර ගැනීමේදී යමෙක් ‘‘සයිටම්’’ ආයතනය ගැන කුමන මතයක් දරන්නේ ද යන්න අදාළ නොවනුයේ එය මෙයට පරිබාහිර ප‍්‍රශ්නයක් බැවිනි.

ජනතාවගේ බදු මුදලින් යැපෙන, නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාද භුක්ති විඳින ශිෂ්‍යයන්, කම්කරුවන්ගේ ගණයට නොවැටෙන බැවින්, ඔවුන්ට වෘත්තීය සමිති අයිතිවාසිකම් කිසිසේත් හිමි නොවේ. පන්ති වර්ජනය කිරීම තමන්ට යහපත හා වරප‍්‍රසාද සලසා දෙන අයගේ මුහුණට දමා ගැසීමක් සේය. ජාතියේ තාරුණ්‍යයේ ඉහළින්ම සිටින්නේ තමන්ය යි සිතන, හුරතල් කරන ලද සිසුන් කෙරෙහි, ජනතාව තමන් රැුකිය යුතුය යන්න තමන්ගේ උරුමයක් සේ කල්පනා කිරීම, සිසුන්ට ආවේණික ලක්ෂණයක් බැව් පෙනේ. එහෙත් සැලකිය යුතු බුද්ධිමත්කමක් නොමැති, අයහපත් ආකල්ප ඇති සිසුන්, කුසලතාවම මත නොව පරිබාහිර ක‍්‍රමවේදවල පිහිටෙන් හා උපකාරක පන්තිවල පිහිටෙන්, විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබන බව විමර්ශනශීලී අධ්‍යයන කාර්ය මණ්ඩලයට නොරහසකි. අද දින උසස් අධ්‍යාපනය අපකීර්තියට හා අවභාවිතයට පත් කරන වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පන්ති වර්ජනයට පූර්වාදර්ශය ලබා දුන්, අතීතයේ විශ්වවිද්‍යාලවල තිබූ දරුණු ප‍්‍රචණ්ඩත්වයට යොමුවීමේ ප‍්‍රවණතාවය, ජ්‍යෙෂ්ඨ සරසවි ඇදුරන්ට මතක ඇති බව නිසැකය.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වරින්වර කර ඇති අනතුරු ඇඟවීම, ශිෂ්‍යයන්ට අවි ආයුධ අතට ගැනීම හැර වෙන විකල්පයක් නැතැයි ඔවුන් පෙර කරන ලද ආවේගශීලී ප‍්‍රකාශයක් ඇසුරු කොට ගත්තකි. අවිචාරවත් වෛද්‍යවරුන් හා ඔවුන් විසින් මෙහෙයවන නන්නත්තාර වූ වෛද්‍ය සිසුන්ගේ පාපතර සංයෝගය, මුළු රටත් ජනතාවත් ග‍්‍රහණයට ගෙන ඇති බැව් පෙනේ. මෙම භයානක තත්ත්වය කල් ඇතිව පාලනය කර ගැනීම සඳහා රජය වඩා ක‍්‍රියාත්මක වී, මොවුන්ගේ සමාජ විරෝධී ක‍්‍රියා මැඬලීම සඳහා වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පන්ති වර්ජන, නීති විරෝධී බවට පත් කිරීමට වහා පියවර ගනු ඇතැයි යන්න අපේක්ෂාවයි.



අදහස් (7)

වෘත්තිය හෑල්ලූවට දා ගෙනද?

mahajana Tuesday, 19 September 2017 07:43 AM

පළමුව මෙම ආචාර්ය තුමාගේ චින්තනය ජාතියේ පිනක් බව යෝජනාකරමි. නීතියක් පැනවීමෙන් සමාජය බලාපොරොත්තුවන්නේ කුමන ප්‍රමාණයේ යහපතක් දැයි සහ එහි ප්‍රතිඵලය විය යුත්තේ අදාළ අරමුණේ සැබෑ ස්වභාවයට කොයිතරම් දුරකට එය බලපෑම් කරන්නේද යන්න බව එතුමාට අමතක වීද නැතිනම් පෘතග්ජන ස්වභාවය ඉස්මතුවී හෝ කවුරුන්ගේ හෝ මෙහෙයවීමක් මෙතුමාගේ මනස උත්තේජනය කරන්නේද? යන්න සාමාන්‍ය අපට ගැටලුවකි . අප අත්වින්දින ලද දැනීම් , ලැබූ අධ්‍යාපනය මත අප ලැබූ දැනුම , ලාංකීය දේශපාලන හැරවුම ,ලෝක ප්‍රවනතාවය සහ උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ නිහඬබව සහ මහා මොළකරුවන් කියාගන්නා පුද්ගලයන් පන්හිඳ හැසිරවීම යන කරුණු සැලකීමේදී ඔය සියලු උත්සාහයන් දරන්නේ ශ්‍රි ලංකාවේ මෙතෙක් පවතින නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට බව අපට සක්සුදක් සේ පැහැදිලිය. ඒ මක්නිසාද පාලකයන්ගේ ව්‍යාජ සළු ඉරාදමන අප අතරැඳි එකම අවිය ඔය නිදහස් අධ්‍යාපනය බැවිනි.

:       816       204

MaheshikaTuesday, 19 September 2017 04:25 PM

නිදහස් අධ්‍යාපනයට වැට කඩොලු බඳින්නේ ඔබල නොවේද? පාලකයන්ගේ වැරදි එමටය. නමුත් වැඩිදුර අධ්‍යාපනයට සිහින මවන සිසුන්ට තම මුදල් වැයකර ඉගෙනීමට ඇති අයිතිය නැති කිරීමට යමෙක් වෙර දරන්නේනම් එය මොන තරම් කෲර ක්‍රියාවක්ද? පසෙක සිට බලා සිටින අපට මෙහි ලොකු අසාධාරණයක් ඇති බව පෙනෙනවා. ඔබල කියන ආකාරයට සයිටම් එකේ යම් අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරගැනීම බල කිරීම විනා පලිගැනීම් වලට අසරණ දරුවන්ගේ අධ්‍යාපන සිහිනය කඩා කප්පල් කිරීම මොන තරම් අසාධාරණද?

:       1       228

LalithWednesday, 20 September 2017 02:26 AM

නිදහස් අධ්‍යාපනය කොහෙද? ඔය කියන නිදහස් අධ්‍යාපනය තියෙන්නෙ? අද ළදරු පාසලේ ඉඳලා විශ්ව විද්‍යාලය දක්වා තියෙන්නේ සල්ලි මත දුවන අධ්‍යාපන ක්‍රමයක්. අනික අධ්‍යාපනය දෙන්නෙ මහජන බදු මුදල් වලින්. නිදහස් සෞඛය සේවාවක් ගැන කතාකරනවා. කොහෙද තියෙන්නෙ?

:       2       145

mahee Tuesday, 19 September 2017 11:43 AM

සයිටම ප්‍රශ්නය නිසා තම මහන්තත්තකම රැක ගැනීමට වෛද්‍ය සංගමය ගෙනයන ජන පීඩාව දෙස පොදු මහජනතාවගේ ඇසින් බලා ලියන ලද මෙම ලිපිය ජාතිත් ආණ්ඩුවේත් අවධානය යොමු විය යුතු ලිපියකි. වසරකට සිසුන් 200 ක් බිහිකරන සයිටම් ගැන කරදර වීමට උවමනාවක්වත් වෙලාවක් වත් මහජනතාවට නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ රෝග සමනය කර ගැනීමයි. වෛද්‍ය වරුන් විසින් තමන්ගේ පටු අභිලාශය ඉටුකර ගන්නට තැත් කරන්නේ මෙම රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීමෙනි. ආණ්ඩුව මහජනතාවගේ පැත්ත ගෙන ක්‍රියා කරනු වෙනුවට ජන පීඩකයන්ගේ තර්ජන හමුවේ වෙවුලමින් සිටී.

:       1       98

කසුන් Tuesday, 19 September 2017 07:13 PM

උගත්කම කොතරම් තිබුනත් වැඩක් නැත උදේට කන්තෝරුවට යනවා දේශන පවත්වනවා ආයෙ එනවා හැරෙන්න එතනින් එහාට ප්‍රායෝගික ලෝකය දකින්නට නොහැකිනම්

:       2       12

කවීෂ Wednesday, 20 September 2017 08:33 AM

රුසියාවට වඩා ලොකුයිලු.. අනේ මන්දා?

:       0       3

ජගා Wednesday, 20 September 2017 09:31 AM

එක් කෙනෙක් කාලෙකට කලින් බොරුවට වෙඩි තියාගෙන රගපෑමක් කරා, රටටම එයාගෙ වංචාව අහුවුනා. එයා අද ඇතුලෙද? ළමයි ටික ලෙක්චර්ස් ගියයි කියමු, මහාචාර්යතුමා ඒ අසාධාරන වලට විරුද්ධව කථාකරනවද?

:       24       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 121 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 229 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 343 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 69 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 523 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 285 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site