IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විස්සේ විවේචන ඉවත දාන්නේ නෑ

විස්ස විවාදයේ කාල සීමාව, විස්සට එරෙහි සංඝරත්නයේ අදහස්, විස්සේ කර්තෘ කවුද, පාස්කු කොමිසම ගැන ශ්‍රීලනිප චෝදනා, බදියුදීන් ඇල්ලීම නාට්‍යයක්ද, පොලිස්පති ඉවත්කිරීමට ක්‍රමයක් නැද්ද, ඇඟලුම් කම්හල්වල හෙට දවස හා රට වසා දැමීමකට යනවාද යන කරුණු ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතායි

ප්‍රශ්නය:- විසි වැනි සංශෝධනයට අදාළ තෙවැනි වර කියවීමේ විවාදයට දින තුනක් දෙන්නැයි කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බවට විපක්ෂය චෝදනා කරනවා. විපක්ෂය ඉල්ලන අවස්ථාව ආණ්ඩුවට දෙන්න බැරි ඇයි?
පිළිතුර:- පාර්ලිමේන්තුව අවසන් වීමට නියමිතව තිබුණේ සවස 4.30ට. ඒ වෙනුවට අපි පස්වරු 7.30 වනතුරු පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩදුන්නා. කෑම වෙලාවෙත් මේක සාකච්ඡාවට ගමු කියලා අපි කිව්වා. එතකොට අනිවාර් යෙන්ම එක දවසකට පැය හතරක් වැඩිපුර ලැබෙනවා. දවස් දෙකට නම් පැය අටක්. එතකොට දවස් තුනක පාර්ලිමේන්තු කාලයට වැඩි කාලයක් අපි දීලා තිබෙනවා. දින ගණන කළමනාකරණය කරලා ඒ අයට අවශ්‍ය පැය ගණන ලබාදෙන්න අපි කටයුතු කරල තිබෙනවා.

ප්‍රශ්නය:- විපක්ෂය පවසන්නේ විස්ස කියන්නේ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු උපදේශක කාරක සභා හෝ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාකච්ඡාවට බඳුන් නොවූ නිසා දින තුනක් අවශ්‍ය බවයි. මේ තර්කය වැරැදිද?
පිළිතුර:- 19 වැනි සංශෝධනය ගෙනාවෙ දවස් දෙකෙන්. විසි වැනි සංශෝධනය ගැන අධිකරණ මතය පාර්ලිමේන්තුවට විසි වැනිදාට ඉදිරිපත් කළාම මන්ත්‍රීවරුන්ට ඒ ගැන අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඊට පසුව ඒ ගැන විවාදයට දවස් දෙකක් දීලා තිබෙනවා. දවස් දෙකක් කිව්වාට පැය ගණනින් බලන්න ඕනෑ. කාලයේ අවශ්‍යතාව නිසයි එවැනි තීරණයක් ගත්තෙ. හැබැයි යහපාලන ආණ්ඩුව කාලේ සංශෝධන ගෙනාපු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවට පනත ගෙන එනවිට වෙනස් කරලා දාපු අවස්ථා තිබුණා. අපි එහෙම කරන්නේ නෑ. සංශෝධන ගැන නිසියාකාරව දැනුවත් කරලා විවාදයට සියලු දෙනාට අවස්ථාවක් දෙනවා.

ප්‍රශ්නය:- විසි වැනි සංශෝධනය පසුපස රටත් ජාතියත් පාවා දෙන අදිසි හස්තයක් ඇතැයි බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, ඉඳුරාගාරේ ධම්මරතන ඇතුළු ස්වාමීන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් මගින් පවසනවා. මේ ආණ්ඩුව බලයට ගෙනඑන්නට මැදිහත් වූ සංඝරත්නයේ විරෝධය ගැන ආණ්ඩුව සැලකිලිමත්ද?
පිළිතුර:- අපි ඒ ගැන හොඳ අවධානයක් යොමුකරනවා. ස්වාමින් වහන්සේලාට තිබෙන්නේ යම් යම් කාරණා ගැන විරෝධයක්. ඒ විරෝධතාවලට ගරු කරලා සංශෝධන අවස්ථාවේදී වෙනස් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. 19 ගෙනෙද්දි කවුරුවත් විරුද්ධ වුණේ නෑ. හැබැයි ඒකෙන් කළේ තනිකර බොරුවක්. ස්වාධීන කියලා ඉස්සරහට දැම්මාට පත්කළ කොමිෂන් සභා ස්වාධීන වුණේ නෑ. මේ පක්ෂවලට ඡන්දය දෙන්න එපා යැයි කී අය මැතිවරණ කොමිසමේ හිටියා. පොලිස් කොමිසමක් පත්කළා. පොලිස්පති පත්කළේ ජ්‍යෙෂ්ඨත්වය අනුව නෙවෙයි. අපි හැම කොමිෂන් සභාවක්ම වැරැදියි කියන්නේ නෑ. ඒත් ඒවා ක්‍රියාත්මක වූ ආකාරයේ වැරැදි තිබුණා. අපි හැමදාමත් ස්වාධීන කොමිෂන් සභාවලට එකඟ අය. අලුත් ව්‍යවස්ථාව හරහා ඒකට වැඩපිළිවෙළ හැදෙනවා. ජනාධිපතිවරයාගේ වසර පහක නිල කාලයෙන් දැනටම අවුරුද්දක් ඉවරයි. එතුමාට ඉතිරි වසර හතරක කාලයේ වෙනසක් කරන්න ඕනෑ. ඒ වෙනස කිරීමට දහ නවය එක්ක බෑ. මෛත්‍රිපාල ජනාධිපතිතුමාට ජනාධිපති ධුරය සමග ඇමැති ධුරවලට ඉඩදුන්නත් ඊළඟ ජනාධිපතිවරයාට එවැනි ඉඩක් නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ජාතික ආරක්ෂාවට වගකිව යුතු නායකයෙක්. එතුමාට ඒත් ආරක්ෂක ඇමැතිකම නෑ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට වාඩිවුණාට ඇමැතිකමක්වත් නෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දුර්වලතා මඟ හැරෙන ආකාරයෙන් සංශෝධනවලට යටත්ව විසි වැනි සංශෝධනය සම්මත කරගැනීමටයි.

ප්‍රශ්නය:- උන්වහන්සේලා කියන්නේ ජනපතිගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග නොසලකා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලතල ද හීන කරවමින් මෙය සකසා ඇත්තේ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අවම දැනුමක්වත් නැති අයකු කියලයි. ඇත්තටම විස්සේ නිර්මාණකරු කවුද කියලාවත් ආණ්ඩුවට කියන්න බැරි වුණා නේද?
පිළිතුර:- 19 අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් රටට ගේන්න ඕනෑ යැයි අපි මැතිවරණ ව්‍යාපාරයේදි පැහැදිලිව කිව්වා. තුනෙන් දෙකේ බලයක් ඉල්ලුවේ එයටයි. ඒ ජනවරම ජනතාව අපට දුන්නා. එතකොට 19 අහෝසි කරලා 18 ගේන්න බෑ. දහ අටේ කරුණුත් ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධනත් එක්ව තමයි විස්ස ඉදිරිපත් වෙන්නේ. ඒක සෙක්ෂන් බයි සෙක්ෂන් ගිහින් අනුමත කරන්න පුළුවන්. නායක ස්වාමින් වහන්සේලාත් ආගමික නායකයනුත් දක්වන අදහස් සැලකිල්ලට ගෙන තමයි අපි එය සම්මත කිරීමට බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රශ්නය:- රජය බලය ඒකරාශි කරගැනීමේ ව්‍යවස්ථා ගෙන ඒම නවතා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මැදිහත් විය යුතු යැයි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම සංවිධාන ඉල්ලා සිටිනවා. ඇත්තටම මේ වෙලාවේ රජයට ජනතාවගේ සෞඛ්‍යයට වඩා දේශපාලන බලය ප්‍රමුඛද?
පිළිතුර:- රජයක් හැටියට 19 වැනි සංශෝධනය අහෝසි කරලා මේ හදන්නේ වැඩ කිරීමට අවශ්‍ය පසුබිම තමයි. 19 ගෙනාපු අයම දැන් ඒක විවේචනය කරනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාම 19 නිසා වැඩ කරගන්න බැරි වුණා යැයි කිව්වා. මොකද ජනාධිපතිත් අගමැතිත් කඹ ඇදිල්ලක් වුණේ මේ නිසා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන කොමිසමේ හිටපු ජනාධිපතියි අගමැතියි සාක්කි දෙනකොට ආරක්ෂක මණ්ඩලය මෙහෙයවපු ආකාරය අපට පේනවා. රටක් වැඩ කරන්න අවශ්‍ය නෛතික පදනම නිර්මාණය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්. එහෙම නම් ඒ සඳහා තමයි විස්ස ගේන්නේ. එයට සංශෝධන කිරීමට ඕනෑම අයකුට අවස්ථාවක් තිබෙනවා.

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසමත් දේශපාලන ගනුදෙනුවකට යටවීදැයි කාදිනල්තුමා සැක පළ කළා. දැන් ශ්‍රීලනිප මහලේකම්වරයා පවසන්නේ කොමිසම ප්‍රහාරකයා සෙවීම අත්හැර වෙනත් කාරණා පසුපස යමින් සිටින බවයි. ආණ්ඩුවේම හවුල්කාරයන් නඟන මේ චෝදනාව ගැන ඔබ මොකද හිතන්නේ?
පිළිතුර:- ඕවා ඔවුන්ට ජාතික ලැයිස්තු අවස්ථා නොලැබීම සමග හටගත් කලකිරීම නිසා කියන දේවල් වෙන්න පු`ඵවන්. හැබැයි අදටත් පොලිස් කොමිසමක් තියාගෙන පොලිස්පතිව වෙනස් කරන්න බැරි බව මම පැහැදිලිව කියනවා. අදටත් පොලිස් කොමිසමෙන් උසස්වීම් ලැබෙන්නේ අපට විරුද්ධව කටයුතු කළ සී.අයි.ඩී හා එෆ්.සී.අයි.ඩී නිලධාරින්ටයි. තාමත් කොමිසම්වල නිලධාරින් කටයුතු කරන්නේ එහෙමයි. නැත්නම් රිෂාඩ් බදියුදීන් කරපු දේවල් ගැන පොලිසිවලට හොයන්න බැරිකමක් නෑනෙ. අපි රජය වුණාට පාලන තන්ත්‍රය තිබෙන්නේ තාම පරණ එක. ඒක වෙනස් කළ යුතුය කියන ස්ථාවරයේ දැඩිව ඉන්න නිසා තමයි ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් බලයක් ලැබෙන විදියට විස්ස ගේන්නේ.

ප්‍රශ්නය:- පොලිස්පතිවරයා ඉවත් කිරීමට 19 බාධාවක්ය යන්න අධිකරණ ඇමැතිවරයා ගෙතූවක් බව ආණ්ඩුවේම නීතිය පිළිබඳ විශාරදයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා. ඇත්තටම පොලිස්පතිවරයා ඉවත්කිරීමට ආණ්ඩුවට අවශ්‍ය නම් වෙනම පනතක් තිබෙනවා නේද?
පිළිතුර:- පොලිස්පතිවරයා ඉවත්කිරීමට ජනාධිපතිවරයාට ඉඩක් නෑ කියන තැනදි ඒකට ක්‍රමවේදයක් නෑ කියනවා හැරුණු විට මොකද්ද කියන්නේ. අපි යුද්ධය දිනන විට ජයග්‍රහණ ලැබුවේ ජනාධිපතිතුමාට තීන්දු තීරණ ගන්න අවස්ථාව තිබුණු නිසයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කියලා හදපු 19න් වුණේ ඒක ඔවුන්ගේ දේශපාලන වුවමනා එපාකම්වලට පාවිච්චි කරපු එක. 19 ගෙනාවෙ රාජපක්ෂලාට තිබුණු භීතිකාව නිසා. 19න් වුණේ මොකක්ද? විගණන කොමිසම තිබුණා කියලා මහ බැංකු හොරකම නැවතුණේ නෑනෙ. අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බලය දුන්නොත් ඉතිරි අවුරුදු හතරෙදි ජනතාවගේ බලාපොරොත්තු ඉටුවේවි.     

ප්‍රශ්නය:- රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ පූර්ණ රැකවරණය ලැබෙමින් පවතින බව විජයදාස රාජපක්ෂ මහතා කියනවා. මේක බරපතළ චෝදනාවක්?
පිළිතුර:- විජයදාස රාජපක්ෂ එහෙම කියනවා නම් ඒක ඉතාම වැරැදියි. මොකද ඔය රිෂාඩ් බදියුදීන් පහුගිය ජනාධිපතිවරණයේදිවත් පාර්ලිමේන්තු මැතිවරණයේදිවත් අපිත් එක්ක හිටියේ නෑ. ඉතින් අපිට ඒ අය රැකගන්න කිසිම වුවමනාවක් නෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරින්ට වගකීමක් තිබෙනවා. නිලධාරින් වගකීම් පැහැර හරිනවා නම් ඒ නිලධාරින්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

ප්‍රශ්නය:- බදියුදීන් ඇල්ලීමේ පොලිස් මෙහෙයුම නර නාටකයක් යැයි විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමැතිවරයාත් කියනවා. මේවා කියන්නේ විපක්ෂය නෙවෙයි. ආණ්ඩුව?
පිළිතුර:- කරුණු දැනගෙන කතා කළොත් මේවායේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ අය අල්ලන්න මහජන නියෝජිතයන් විදියට අපට බෑනෙ.

ප්‍රශ්නය:- එහෙම පුළුවන් නම් කියන අය ඒක කරලා රටට පෙන්නන්න ඕනෑ. හැමෝටම කියන්න ලේසියි. හැබැයි අපි එහෙම ක්‍රියාකරන්න ගියොත් දේශපාලකයෝ නීතිය අතට අරගෙන කියලා ජනතාව කියාවි. රටේ නීතිය ක්‍රියාත්මක කරන තැනට අපි කටයුතු කරන්න ඕනේ.
පිළිතුර:- තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව මෙන්ම රැකියා සුරක්ෂාව ද අවදානමක ඇතැයි සේවකයන් කියද්දී වෘත්තිය සමිති චෝදනා කරන්නේ...

ප්‍රශ්නය:-කොරෝනා වයිරසය මර්දනයේදී කම්හල් නියාමනයට තමන් කළ යෝජනා පසුගිය කාලයේ ආණ්ඩුව අත්හැර දැමූ බවයි. චෝදනාව පිළිගන්නවද?
පිළිතුර:- සමහර නිලධාරින්ගේ අඩුපාඩුකම් නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. අපි නෑ කියන්නේ නෑ. කර්මාන්තශාලා ක්‍රියාත්මක කරද්දී කටයුතු කළ යුතු ආකාරය ගැන හිමිකරුවන්ට පැහැදිලිව උපදෙස් දී තිබුණා. නිරෝධායන ක්‍රියාවලියට අදාළව සෞඛ්‍ය අංශ දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේත් වගකීමක්. මම කියන්නේ නිලධාරින් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය:- ඇගලුම් ඇතුළු කම්හල් ක්‍ෂේත්‍රයත් කොවිඩ් වයිරසයේ සෘජු ඉලක්කයක් වී තිබෙනවා. සංචාරක හා විදේශ රැකියා ක්‍ෂේත්‍ර අර්බුදයට ගොස් ඇති අවස්ථාවක ගම්පහ කලාපයේ මහජන නියෝජිතයකු හැටියට අපනයන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබට තිබෙන සැලකිල්ල මොකක්ද?
පිළිතුර:- සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පරිදි කොරෝනා පාලනය වෙලා කියන මතය තමයි තිබෙන්නේ. ආසාදිතයන් හා ආශ්‍රිතයන් හඳුනාගනිමින් සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. කර්මාන්ත ශාලාවල පෞද්ගලික අංශය මගිනුත් පී.සී.ආර් පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා. ඉතින් ඒ ප්‍රධානීන්ට අප දුන් උපදෙස් අනුව කටයුතු කළොත් ඉදිරියේදී මේක පාලනය කරගැනීමට අපට පුළුවන් වේවි. මේක අපි හැමෝගේම වගකීමක්. කොරෝනාවලින් බේරෙන්න නම් අපි හැමෝම වගකීම්සහගත විය යුතුයි. කොවිඩ් සමග ජීවත්වෙන්නත් අපිට සිදුවේවි.  

ප්‍රශ්නය:- ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගැනීම ගැන මැසිවිලි නඟනවා. ඔවුන්ට සාධාරණයක් වේවිද?
පිළිතුර:- දිසාපතිතුමා ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර පළමු වසංගත අවස්ථාවේදී පත්කළ කමිටු නැවත ක්‍රියාත්මක කරලා පොලිස් ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවලට යම් සහනයක් දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කළා. අද(20) සිට එය ක්‍රියාත්මක කරන්න අපට පුළුවන් වේවි. ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වී එම ප්‍රතිපාදන ලබාදීමටත් එකඟතාව ලැබී තිබෙනවා.

ප්‍රශ්නය:- කොවිඩ් පැතිරෙන පෙදෙස් හෝ රට වසා තැබීමකට ආණ්ඩු තල්ලුවේද යන්න බොහෝ දෙනෙකු විමසන ප්‍රශ්නයක්. ආණ්ඩුව එවැනි විකල්පයකට යෑමට සිදුවේවිද?
පිළිතුර:- මේක පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයකට ගියොත් අපට එහෙම කරන්න සිදුවේවි. සෞඛ්‍ය අංශ දැනට නම් කියන්නේ එවැනි තත්ත්වයක් නෑ කියලයි. ඒත් රජයක් හැටියට අපට තීන්දු ගන්න වෙන්නේ ලොක්ඩවුන් කිරීමක් ආර්ථිකයට කොපමණ බලපෑම් කරනවාද කියන කාරණාත් සැලකිල්ලට ගෙනයි.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (7)

විස්සේ විවේචන ඉවත දාන්නේ නෑ

Champa Monday, 19 October 2020 03:54 PM

කියවන්න කියවන්න.. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ භයානකකම වැඩි වැඩිය දැනෙනවා. සිංහල බෞද්ධයන් තවමත් දැනුවත් නැත්නම්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, පූජ්‍ය බෙංගමුවේ නාලක හාමුදුරුවෝ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, ආචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවෝ, පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හාමුදුරුවෝ සහ පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හාමුදුරුවෝ ජනාධිපතිවරයාට යවපු ඉතාම පැහැදිලි සවිස්තර ලිපිය කියවන්න. පත්තර වැඩි ප්‍රසිද්ධියක් දුන්නේ නැත්තේ ඒ ලිපියෙන් පෙන්වන කරුණු වල භයානකකමට වෙන්නැති. වඩාම වැදගත් කාරණය මේ හාමුදුරුවරු 6 දෙනා ගෝඨාභය ජනාධිපති කරන්න දිවා රෑ නොබලා හුඟක් වෙහෙස වුණු හාමුදුරුවරු... නමුත් මහා සංඝරත්නය, රටට, ජාතියට, ආගමට අගතියක්, තර්ජනයක් එන හැමවිටම බලයට, ධනයට, අයුක්තියට හිස නොනමා අභීතව ඉදිරිපත්ව සටන් කරන බව මේ ලිපියෙන් ඔප්පු කරලා තියෙනවා. අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවත් 20 වෙනි සංශෝධනයක් ඉල්ලා අස් කරගන්න කියලා ආණ්ඩුවට කිව්වා...

:       0       6

gaminiMonday, 02 November 2020 09:41 PM

මේ රජයේ වෙන ඇමතිවරු නැතිද මෙවැනි දේකටවත් යවන්න.

:       0       2

Champa Monday, 19 October 2020 05:31 PM

20 වෙනි ව්‍යවස්ථාව හදලා තියෙන්නේ එකිනෙකට බැඳුණු භයානක පාදම් දෙකක් මත... ඒ පාදම් තමයි (1) ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට සහ ජනාධිපතිවරණයට තරඟ කරන්නට අවස්ථාව ලබාදීම සහ (2) එහෙම පත්වෙන ද්විත්ව පුරවැසියන්ට විශාල අයිතියක් සහ බලයක් ලබාදීමට තමයි ව්‍යවස්ථාවේ 53වැනි වගන්තිය ඉවත් කිරීම, ලංකාව ඒකීය රටක් කියන වගන්තිය ඉවත් කිරීම සහ ඒ හරහා ව්‍යවස්ථාවේ 7 වෙනි උප ලේඛනයේ තියෙන අනිවාර්ය දිව්රුම්දීම ඉවත්කිරීම සිද්ධ කරන්නේ... මේ පාදම් මත ඉඳගෙන..., 20 වෙනි සංශෝධනය සම්මත වුණාට පස්සේ ඉබේම නැවත ද්විත්ව පුරවැසිභාවය වලංගු වෙන ජනාධිපතිවරයාට අති විශාල බලයක් හිමිවීම, රට පාවා දුන්නත් රටේ පුරවැසියන්ට ඔහුට විරුද්ධව කිසිම නඩුවක් පැවරීමට නොහැකි කිරීම, හදිසි නීති පනත් එක දවසින් සම්මත කරගැනීමේ බලය ලැබීමත්.., තෝරාගත් ආයතන රාජ්‍ය විගණනයෙන් ඉවත් කිරීම සහ තමන් කැමති විදිහට පත්වීම් කිරීම හරහා විනිශ්චයකරුවන් සහ අධිකරණය තමන්ට නතු කරගැනීමේ බලය ලැබීම ඉතාම භයානකයි.

:       0       10

Champa Monday, 19 October 2020 05:55 PM

මේ ඇමරිකන් පුරවැසියන් දෙන්නට ලංකාවේ ව්‍යවස්ථාවේ තියෙන ඒකීය වචනය සහ 7 වැනි උපලේඛනයේ තියෙන අනිවාර්ය දිවුරුම ඉවත් කරන්නට මේච්චර වුවමනා ඇයි? හේතුව, ද්විත්ව පුරවැසියන්ට විදේශ රටකට පක්ෂපාතියි කියලා දීලා තියෙන දිවුරුමට අවහිරයක් නොවී, ඒ දිවුරුම දිගටම පවත්වා ගෙන යාමට ඉඩ සලසා දීමට.... සරලව කියනවා නම් ලංකාවේ දිව්රුම ඉවත් කරලා, විදේශ රටට දැනටම දීලා තියෙන දිව්රුම කඩ නොවී තියාගැනීම තමයි මෙතන මූලික අරමුණ. හේතුව රටවල් දෙකකට පක්ෂපාත වෙන්න විදේශ පුරවැසියන්ට බැහැ. ටිකක් හිතලා බලන්න... මේක මොනතරම් ලොකු පාවාදීමක්ද? මේක අපේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විතරක් නෙමෙයි, විරුද්ධ පක්ෂයත්, රිමෝට් කොන්ට්‍රෝල් එකකින් බටහිර රටවලට සදාකාලිකව පාලනය කරන්න හැකිවෙන්න ගෙනාපු "ඉතාම සූක්ෂම සහ හොඳට සැලසුම් කරපු කුමන්ත්‍රණයක්" වෙන්න පුළුවන්. මේක පිටිපස්සේ ඉන්නෙතේ 2015 මහින්දව ඉවත් කරපු ඇමරිකාව, බටහිර රටවල් සහ ඉන්දියාව වෙන්න හොඳටම පුළුවන්. 20න් රටට විරුද්ධව කරන, මේ තරම් පැහැදිලිව පෙනෙන භයානක පාවාදීම සහ අනර්ථය ප්‍රසන්න රණතුංගට තේරෙන්නේ නැත්ද? ජනතාව පැත්තේ ඉන්න අපිට හොඳටම පේනදේ, අගමැතිතුමාට සහ ආණ්ඩුවේ අනිත් මන්ත්‍රීවරුන්ට තේරෙන්නේ නැත්ද?

:       0       8

sam Tuesday, 20 October 2020 01:02 PM

විවේචන ඉවත දාන්නේ නැතිවුණාට ඒවත් එක්කලා තමයි සම්මත කරන්නේ.

:       0       5

ranjith Wednesday, 21 October 2020 11:41 PM

අල්ලේ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේ කියනවා වගේ මේ රට පාලනයට හවුල් වෙන්න අදහසක් තියෙනවානම් ඔය ද්විත්ව පුරවැසි කියන පරදේසක්කාර ගති ඉවත්කරගෙන එන්න බැරිද.

:       0       5

Rata Perata Friday, 23 October 2020 06:41 AM

මෙයාට ලොකු බඩක් නම් තියෙනවා. ඒත් කොන්දක් තියෙනවාද කියලා සැකයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 135 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 270 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 81 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 289 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site