හර්ෂණ තුෂාර සිල්වා
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය සහ අන්තර්ජාල වාර්තා ඇසුරිනි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔක්තෝබර් මස 26 වැනි සිකුරාදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කළේය. එම තීරණයෙන් පසුව පාර්ලිමේන්තු සැසිවාරයකල් තැබීමටත් ඊටත් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයා පියවර ගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගන්නා ලද තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටහැණි යැයි ද නීතිවිරෝධි යැයිද සදාචාරවිරෝධී යැයි ද ඇතැම් පිරිස් පවසති. මේ අර්බුද සියල්ල මධ්‍යයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිනොගන්නා බවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තුරු ඔක්තෝබර් 26 පෙර තිබූ තත්ත්වය පිළිගන්නා බවත් කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර් 9 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ගැසට් පත්‍රයට අත්සන් තැබූ අතර නොවැම්බර් 12 වැනිදා සඳුඳා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා ස්වාධීන පුද්ගලයන් ඇතුළු පිරිසක් අදාළ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය. එම පත්සම් සැලකිල්ල ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු නියෝගයක් ලබා දුන්නේය. එයින් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නැයි සඳහන් කරමින් නිකුත් කළ නිවේදනය අනුව නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවිණි. එදිනත් ඊට පසුදිනත් පාර්ලිමේන්තුව කැඳවිණි.
එම දින ශ්‍රී ලංකා ඉතිහාසයේත්, පාර්ලිමේන්තු ඉතිහාසයෙත් අඳුරු දින ලෙස සටහන් වනු ඇතැයි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ දෙනාගේ අදහස විය.
මේ සිදුවීම් දාමයට හේතුව කතානායකවරයා යැයි එක් පිරිසක් චෝදනා කළ අතර ජනාධිපතිවරයා මීට වගකිව යුතු යැයි තවත් පිරිසක් චෝදනා කළහ. මෙලෙස එකිනෙකාට චෝදනා කරගන්නා අතරවාරයේදී ව්‍යවස්ථාදායකය සහ විධායකය ගැටී ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ. එවැනි සිදුවීම් ලෝක ඉතිහාසය, ලෝක දේශපාලනය දෙස බැලීමේදී සොයාගැනීමට හැකියාව තිබේ. එයින් වඩාත් ප්‍රකට සිදුවීම වනුයේ එක්සත් රාජධානියේ පළමු වැනි චාල්ස් රජු, විලියම් ලෙන්තල් කතානායකවරයා සහ ඔලිවර් ක්‍රොම්වෙල් සම්බන්ධ සිදුවීමයි.
විලියම් ලෙන්තල් කතානායකවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කළ බවත් ඔහුගේ වචන දීර්ඝ ඉතිහාසයක් සහිත නියෝජිත ප්රජාතන්ත්රවාදය තුළ අමරණීය බවත් නොවැම්බර් 11 වැනිදා සන්ඬේ ටයිම්ස් කතුවැකියේ සඳහන්ව තිබිණි.
විලියම් ලෙන්තල් කතානායකවරයාගේ එම ක්‍රියාව කතානායකරවයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකළ සහ එම අයිතිවාසිකම් තරයේ ප්‍රකාශ කළ පළමු ලිඛිත සිදුවීම යැයි ද එම කතුවැකියේ සඳහන් විය. ඊටත් අමතරව බලයෙන් ඉවත් කෙරුණු කතානායක කරුජයසූරිය මහතා දීර්ඝ ඉතිහාසයක් සහිත මෙම සම්ප්‍රදායන් අනුගමනය කරන්නට යෙදුණු බව ද එහි සඳහන් විය. කතානායක විලියම් ලෙන්තල් සම්බන්ධ සිදුවීම මෙසේය.
එවකට එක්සත් රාජධානියේ පාලකයාවූයේ පළමු චාල්ස් රජුය. පළමුවැනි චාල්ස් රජු වසර 1642 ජනවාරි 4 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකුට රාජද්‍රෝහී චෝදනා එල්ල කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පළමුවැනි චාල්ස් රජු එලෙස පාර්ලිමේන්තුවට පැමිණියේය. හොල්ස්, පිම්, සර් ඒ.හාස්ලරිග්, හැම්ප්ඩෙන් සහ විලියම් ස්ට්රෝඞ් යන මහත්වරුන්, රජුගේ රාජද්‍රෝහී චෝදනාවට ලක්වූ මන්ත්‍රීවරුන් පස්දෙනාය.
පළමුවැනි චාල්ස් රජු පාර්ලිමේන්තුවට පැමිණෙන විට කතානායක විලියම් ලෙන්තල් ද එහිවිය. පළමුවැනි චාල්ස් රජු පාර්ලිමේන්තුවට පැමිණ කතානායක පුටුවේ අසුන් ගත්තේය.
“මහත්වරුනි, මේ අවස්ථාවේදී ඔබ හමුවට පැමිණීමට සිදුවීම ගැන සමාවෙන්න” යනුවෙන් පළමුවෙනි චාල්ස් රජු එහිදි පවසා ඇත.
පළමුවැනි චාල්ස් රජු පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථව වන විටත් ඉහත කී මන්ත්‍රීවරු පස් දෙනා පලාගොස් සිටියහ. කතානායක ලෙන්තල් එම අවස්ථාවේදී රජු ඉල්ලූ කිසිදු තොරතුරක් ලබා නොදීමට වග බලා ගත්තේය. ඒ වෙනුවට ඔහු රජුට මෙලෙස පිළිතුරු දුන්නේය.
“දේවයන් වහන්ස කරුණාකර ඔබේ පැහැදීම උදෙසා, මේ ස්ථානයේදී දැකීමට නෙත් ද කතාකිරීමට මුවක් ද මට නැත්තේය. එහෙත් රජතුමනි, කරුණාකරන්න සභාව මෙහෙයවන පරිදි මම පාර්ලිමේන්තුවේ සේවාකයා වන්නෙමි. ඒ අනුව ඔබේ ඉල්ලීම පරිදි, රජතුමනි ඔබේ පැහැදීම උදෙසා ඉහත පිළිතුර හැර වෙනත් පිළිතුරක් දීමට මට හැකියාවක් නැති බව මම මෙයින් දන්වා සිටිමි. මම ඊට සමාව අයදිමි”.
ඒ අනුව රජුගේ ඉල්ලීම නොසලකා හරිමින් කතානායක ලෙන්තල් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පවත්වාගෙන ගියේය. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට රජුට නොහැකි වූ අතර ඔහු එයින්නික්ම ගියේය. මෙම සිදුවීමෙන් පසුව කිසිදු රජතුමකු එංගලන්ත පාර්ලිමේන්තුවට පැමිණ නැති බව එරට ඉතිහාස වාර්තාවල සඳහන්ය.
පළමුවැනි චාල්ස් රජුගේ ප්‍රතිපත්තිවලට පාර්ලිමේන්තුවෙන් විශේෂයෙන්ම විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර දරුණු ගැටුමක් නිර්මාණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් යුද්ධයක් ද ඇතිවිය.
එහි මූලිකත්වය ගත්තේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඔලිවර් ක්රොම්වෙල්ය. ඔහු යුද්ධය ජයගෙන පළමුවැනි චාල්ස් රජුට එරෙහිව නඩු විභාග කර රාජද්‍රෝහී චෝදනා යටතේ වරදකරු මරණ දඬුවම ක්‍රියාත්මක කළේය. එතැනින් එක්සත් රාජධානියේ රාජාණ්ඩුක්‍රමය අවසන් වූ අතර ‘එංගලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය’ නිවේදනය කරමින් ජනරජයක් ස්ථාපිත කරන ලදි.
පළමු චාල්ස් රජුගේ පුත් දෙවැනි චාල්ස් 1660 වසරේදී රාජණ්ඩුව නැවත ස්ථාපිත කළේය. කෙසේ නමුත් ඔලිවර් ක්‍රොම්වෙල් එංගලන්ත ඉතිහාසයේ සුවිශේෂී නායකයකු හා රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙසින් හැඳින්වේ.
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේ
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විලියම් ලෙන්තල් ආදර්ශය
Mangala Thursday, 22 November 2018 11:39 AM
ඒ එංගලන්තේ, එහෙ ඒවා මෙහෙට ගලපන්න එපා. එංගලන්තේ රජා පත්වුනේ මහජන ඡන්දෙන් නෙවෙයිනේ.
vipula Friday, 23 November 2018 08:04 AM
සුද්දෝ අපේ රටේ දිගටම හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද? තවමත් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් නායකයා කියල පිළිගන්නේ රැජින, අනික කවුරු කොහොම කිව්වත් ඒ රටවල තියන ක්‍රමය නිසා තමයි, ඒ රටවල් දියුණුවෙලා තියන්නේ..
Milinda Friday, 23 November 2018 02:25 PM
විපුල - සුද්දට කඩේ යන්නේ නැතිව ඉන්න. කොහෙද එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය දියුණුයි කියන්නේ. හරියට ඇහැ ඇරලා බලපන්... උෟට ඉතිහාසේ මතක නැහැ... වර්තමානේ දිහා බලලා අනාගතේ ගැන දුක්වෙනවා. රටටත් කරුමයක්...