IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩ වර්ජන - අලාභ හානි ගැන පොලිසියට විශේෂ උපදෙස්

බ්‍රහස්පතින්දා රැයේ පැවැති සිරිසේන - වික්‍රමසිංහ හමුවේ අවධානය වෙනත් කරුණු සම්බන්ධයෙන් ද යොමුවිය. ජනපතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහන සහ අගමැතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ගම් පෙරළිය වැඩසටහන විශේෂයෙන් සැළකිල්ලට ගැනිණ. 

විශේෂ අනාවරණයක් සිදුකරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කැරෙන මැතිවරණ කොට්ඨාසයන්ට රුපියල් මිලියන 100 බැගින් ලැබෙනු ඇති බවය. එම මුදල් මේ වන විටත් වෙන්කර අවසන් බව ඔහු පැවසුවේ ය.

ගෙවුණු සතියේ පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ සංවිධායකයන් ජනපති මන්දිරය වෙත කැදවීමට ජනපතිවරයා පියවර ගත්තේ ය. පැමිණි පිරිස කණ්ඩායම් දෙකකට බෙදා, අවස්ථා දෙකක දී එම එක් එක් කණ්ඩායම් හමුවූ ජනපතිවරයා, දැනට ක්‍රියාත්මකව තිබෙන මෙම මහා පරිමාන ව්‍යාපෘතීන් ද්විත්වය හා සක්‍රීයව සම්බන්ධවන ලෙස ඔවුනට උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහරගම ප්‍රාදේශීය සභාවේ සාමාජිකා චන්ද්‍රිකා සොයිසා මහත්මිය කියා සිටියේ මෙවැන්නකි.

“ජනතාව අතරට ග්‍රාම ශක්ති වැඩපිළිවෙල අරගෙන යන්නේ කොහොම ද කියන එක ගැන අපට උපදෙස් ලැබුණා. බෙදා හැරීමට අත්පත්‍රිකා අපට ලැබුණා. නිවාස සදහා වන ණය ක්‍රම වගේම, කුඩා මාර්ග සංවර්ධනය, සෙවිලි තහඩු බෙදා දීම, වැව් ප්‍රතිසංස්කරණය කිරීම, පොදු ස්ථාන ආරක්ෂා කිරීමේ කටයුතු, යන දේවල් ගැනත් අපට පැහැදිලි කිරීමක් සිදුකළා”

“ග්‍රාම ශක්ති සහ ගම්පෙරළිය වැඩසටහන්වල ප්‍රගතිය අධීක්ෂණය කරන්නටය කියා අපට උපදෙස් දෙනු ලැබුවා. රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා නිවාස ණය ලබාගන්නට පුලුවත් බවත් දැන්වුවා. විදුලි බල පහසුකම් ලබාගන්නට පුලුවන් බවත් දැන්වුවා. රත්නපුර නගර සභාවේ විපක්ෂ නායක උපාලි මීගහගෙදර මහතා පැවසුවේය.
නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ තවත් අයෙක් කියා සිටියේ පරාජයට පත්වුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ව ද මෙම වැඩකටයුතු සදහා හවුල් කරගන්නා ලෙස ඔවුන්ට උපදෙස් ලැබුණු බවය.

එක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ ජනපති සිරිසේන මහතා යටතේ බවත්, අනෙක අගමැති වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක බව බවත්, ඉතාම පැහැදිලිය. ඉදිරි ජනපතිවරණය සදහා අපේක්ෂකයින් ලෙස තමන් දෙපළ ඉදිරිපත් වන බව හුවා දැක්වීමට ඔව්හු දැන් තියාම උත්සාහ කරමින් සිටිති.

සභාග රජය බිදී, ඔවුනොවුන්ටම අනන්‍ය වූ මාර්ගයන්ගේ යාමට කාලය පැමිණි කල්හි, මෙම දෙදෙනාටම තමන්ගේ නම යටතේ ප්‍රදර්ශනය කිරීමට වෙන වෙනම ව්‍යාපෘති දෙකක්, දැනටමත් හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් සළකන කල්හි, පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී අගමැතිවරයාගේ ව්‍යායාමට ප්‍රබල පහරක් එල්ල විය. ගම් පෙරළිය වැඩසටහන යටතේ පත්කිරීමට නියමිත වූ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් ගෙවීම සදහා අවස්ථා දෙකක දී ඉදිරිපත් කළ යෝජනා, එම දෙවතාවේදීම ජනපති සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර තිබීම හමුවේ ද නොසැලුණු ඔහු, වෙනත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව කැබිනට් රැස්වීමේ දී එළැඹි අවස්ථාවේ, මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් සදහා මෝටර් රථයක් සහ ඉන්ධන ලබාදිය යුතුයැයි වාචික යෝජනාවක් ඉදිරිපත් කළේය.

ව්‍යාපෘති සාර්ථක කරගැනීමට දායකත්වය ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද යම් සහායක් ලබාදීමට ඇමැතිවරුන් පොරොන්දු දී තිබෙන බව ඔහු කියා සිටියේය. නමුත් ජනපති සිරිසේන මහතා එය බැහැර කළේ ය.මෙය පසු අවස්ථාවක සාකච්ඡාවට ගත හැකි කරුණක් බව ඔහුගේ මතය විය. 

අතීතය සැළකිල්ලට ගතහොත්, ජනපතිවරයාගේ මෙවන් හැසිරීමකින් පිළිබිඹු වන්නේ ඔහු යම් යෝජනාවක් ඉවත ලන බවකි. එම අවස්ථාවේ දී අඩුම තරමේ ඉන්ධන හෝ ලබාදිය හැකිදැයි අගමැතිවරයා විමසූ අතර, ඊට හෝ ජනපතිවරයාගේ අනුමැතිය නොලැබිණ.

සිරිසේන - වික්‍රමසිංහ සාකච්ඡාවට බදුන් වූ තවත් කරුණක් වූයේ සැප්තැම්බර් මස 5 වැනිදා ඒකාබද්ධ විපක්ෂය කොළඹ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන විරෝධතා ව්‍යාපාරයයි. 

සාකච්ඡාව සදහා එය යොමුකළේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාය. විරෝධයට ප්‍රතිචාරයක් ලෙස, රජය සිදුකර තිබෙන මෙහෙරවර සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් එම දිනයේදීම ක්‍රියාත්මක කිරීම සුදුසු බව ඔහුගේ අදහස විය.

ඒක හොද අදහසක්. අපි තවත් සාකච්ඡා කරමු, ජනපතිවරයා කීවේ ය.

සියලුම අමාත්‍යංශයන් පසුගිය වසර 3 හි දී ලබාගත් ජයග්‍රහණයන් එම එක් එක් අමාත්‍යංශය යටතේ ප්‍රදර්ශනය කිරීමටත්, ජනතාවට කොළඹට පැමිණ ඒවා නැරඹීමට අවස්ථාව සළසා දීමටත්, බ්‍රහස්පතින්දා රැයේ පැවැති සාකච්ඡාවේ දී තීරණය විය. ඒ හා සමාන වැඩසටහන් දිස්ත්‍රික් මෙන්ම මැතිවරණ කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

ඉදිරියේ සිදුකරන බවට ප්‍රකාශයට පත්කර තිබෙන වැඩවර්ජන පසුපස දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙන බව ද සාකච්ඡාවේ දී ප්‍රකාශයට පත්වූ අතර, පොදු දේපළවලට අලාභහානි කරන සහ නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් දීමටද තීරණය විය. මේ සියල්ල පසුපස තිබෙන්නේ, විරෝධය දැක්වීමට ගෙන්වන්නේයැයි පවසන ලෙසම පක්ෂපාතීත්වය දැක්වීමට තමන්ට ද ජනතාව ගෙන්විය හැකි බව විපක්ෂයට පෙන්වීමට රජයට තිබෙන වුවමනාවයි.

විපක්ෂයේ විරෝධතාවට මුහුණදීමට රජය සූදානම් වෙමින් සිටින්නේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට දුම්රිය වෘත්තිය සමිති තර්ජනය කර තිබෙන වාතාවරණයකය. අවස්ථා දෙකක දී ජනපති සිරිසේන හමුවී සාකච්ඡා පැවැත්වුව ද, තම ඉල්ලීම් ඉෂ්ට නොවුනු බව එම වෘත්තිය සමිති නඟන චෝදනාවයි. මේ අරබයා රජය සිටින්නේ වැටුප් විෂමතා කොමිසමක් යටතේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් වන ගැටලු නිරාකරණය කළ යුතුය යන ස්ථාවරයේය. එම කටයුතුවල ප්‍රමාදය වෘත්තිය සමිතිවල කෝප ගන්වමින් තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අයත් ප්‍රවාහන අමාත්‍යංශය මෙම වර්ජන තර්ජන සම්බන්ධයෙන් කිසිදු සැළකිය යුතු පියවරක් මේ දක්වාම ගෙන නොතිබීම විශේෂ කරුණකි. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මෙම කරුණ නිසාවෙන්ම පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහුගේ සගයින්ගේම දෝෂදර්ශනයට ලක්විය. 

ත්‍රීරෝද රථ රියදුරකු ලෙස රැකියාව කිරීමට දැනට පනවා තිබෙන වසය අවුරුදු 18ක වයස් සීමාව, වයස අවුරුදු 35 දක්වා ඉහළ දැමිය යුතු බවට ඔහු කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ. නමුත් පවතින වයස් සීමාව ඒ අයුරින්ම පැවැතිය යුතු බවට අමාත්‍යවරු තීරණය කළෝය. ජනපතිවරයාගේ අනුමැතිය ද එයට හිමිවිය. තරුණ ත්‍රීරෝද රියදුරන් නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සහ ත්‍රීරෝද රථ රියදුරකු ලෙස රැකියාව කිරීමට නොව කුසලතා සංවර්ධනය කරගනිමින් වෙනත් රැකියාවල නිරතවීමට තරුණයින් යොමු කිරීම, මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ අදහස වූ බව ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධරයෙක් පැවසුවේ ය.

එසේවුව ද, ත්‍රීරෝද රථ රියදුරන් නිසා මහමග උද්ගතව තිබෙන බරපතල ගැටලුවල විසඳාලීමට අවශ්‍ය පියවර ගැනීමට ද ප්‍රවාහන අමාත්‍යංශය අපොහොසත්ව තිබේ. 

පොලිසිය සදහන් කරන ආකාරයට, බස් රථවලට, විශේෂයෙන් පෞද්ගලික බස් රථවලට පසු, ඉතාම බරපතල ලෙස මාර්ග නීති උල්ලංඝණය කරන්නේ ත්‍රීරෝද රථ රියදුරන්ය. ඔවුන්ගේ නොසැළකිල්ල නිසාම දැනටමත් ජීවිත රැසක් අහිමිව තිබේ. යම් පාලනයක් ගෙන ඒම සදහා නියාමන අධිකාරියක් ඇතිකිරීමට සැළසුම් කෙරුණ ද, රියදුරන්ගේ විරෝධතාවය නිසා එය හකුළා ගැනීමට සිදුවිය. 

පොලිසිය පවසන ආකාරයට ඉතාම බරපතල කාරණය වන්නේ බොහෝමයක් ත්‍රීරෝද රථ රියදුරන්ට වලංගු බලපත්‍රයක් පවා නොතිබීමය. නමුත් එවන් රියදුරන්ව හදුනාගැනීම දුෂ්කර කටයුත්තක් වී තිබේ.

රජය දිගටම පවත්වාගැනීමේ අරමුණ, නොයෙක් ගැටලු හා අර්බුද මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට අලවා තිබෙන සාධකයයි. එවන් අරමුණක් හා අදිටනක් පැවතිය ද, දිනෙන් දිනම රජයට එරෙහිව නැගෙන ගැටලු හා බාධකවල කිසිදු අඩුවක් ද නැත.

පසුගිය සතියේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගියේ ය.මේ සමග තවත් නොයෙක් භාණ්ඩ සහ විශේෂයෙන් ආහාරවල මිල ද ඉහළ යනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. බත් පතට, ඉදි ආප්පයට, ආප්පයට, යන මේ සියල්ලට මෙය අදාළය. ජීවන වියදම ද එයත් සමග තවත් ඉහළට යනු ඇත.

අනෙක් ගැටලුව වන්නේ ඡන්ද දිනාගැනීම සදහා රජය දියත් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් රටේ ආර්ථිකයට තවත් බරක් පටවනු ඇති ද යන්නයි. 

දැනටමත් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල පවතින්නේ රුපියල් 162 හෝ රුපියල් 163කට ආසන්න අගයකය. වැඩවර්ජන සහ විරෝධතාවලින් රටේ ආර්ථිකය දිගින් දිගටම පහර කමින් සිටී. අල්ලස හා දූෂණය ඉවවහා ගොස්ය. මෙවන් වාතාවරණයක පළමුවෙන් එන්නේ පළාත් සභා මැතිවරණය ද, නැතහොත් ජනපතිවරණය ද, යන්න වැදගත් නැත. කුමන මැතිවරණයක් වුව ද, එයින් වර්තමාන සභාග රජයේ ශක්තිය ඉතාම දැඩි ලෙසම උරගා බැලෙනු ඇති බව සැක නොමැතිවම කිව හැකිය.

වේලාසනම පැවැත්වෙන පළාත් සභා මැතිවරණයකින් සිදුවනු ඇත්තේ කාලය තවත් කෙටි වීම පමණකි. එය එසේ සිදුවනු ඇති ද?, නොවනු ඇති ද?, විශේෂයෙන්ම රජය එයට සූදානම් නැති අවස්ථාවක ?, ජනතාව පිළිතුරු සෙවිය යුතු ගැටලු නම් මේවාය.



අදහස් (0)

වැඩ වර්ජන - අලාභ හානි ගැන පොලිසියට විශේෂ උපදෙස්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 92 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 246 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 178 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 230 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 235 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 787 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site