IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාර මාෆියා පාලනයට නිසි ක්‍රමවේද

වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික දර්ශනය පැහැදිලි නැත. ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. විවෘත ආර්ථික ක්‍රමය අනුගමනය කරන නමුත් ආණ්ඩුව එය අවස්ථාවාදී ලෙස හසුරුවයි. ක්‍රමය තුළ අවස්ථා පමණක් නොව අභියෝග ඇත.

නිවැරදිව සලකා පුරවැසියන්ට සාධාරණය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීමකි. හොඳ නිෂ්පාදන හා සේවා පහසු මිලකට සපයන පිළිවෙළක් ඇති කරන්නට අවශ්‍යය. රජයට හෝ පෞද්ගලික අංශයට එය කළ හැකිය. පවතින ස්වභාවය අනුව රජයට පමණක් කරන්නට පුළුවන්කමක් නැත. පෞද්ගලික අංශයට පමණක් පැවරීම ද නුසුදුසුය රජය හා පෞද්ගලික අංශය අතර සහයෝගයකින් ව්‍යාපාර හා සේවා කරගෙන යා හැකිය. එහි දී තරඟයක් තිබිය යුතුය. නියාමනය ඉතාම වැදගත්ය. නීති රීති පැනවිය යුතු අතර පාරිභෝගිකයා හා පාරිභෝගික සංවිධාන ශක්තිමත් කළ යුතුව තිබේ. මෑත කාලය තුළ එකී අංශ සංවිධානාත්මක නැත.

පෞද්ගලික ව්‍යවසාය ශක්තිමත් කරන පියවරක වැදගත්කම
විවෘත ආර්ථික ක්‍රමය තුළ ධනය බිහිකරන වගකීම පෞද්ගලික අංශය සතුව තිබේ. පෞද්ගලික අංශය කරගෙන යන කාර්මික, කෘෂිකාර්මික හෝ සේවා අංශ මගින් ආර්ථිකය සක්‍රීය කරයි. රැකී රක්ෂා බිහි කරන අතර එතැනින් බිහිවන ධනයෙන් කොටසක් රජය අත්පත් කරගනී. එය බදු වශයෙන් අය කරන බව පෙන්වා දිය යුතුව ඇත. අය කරන බදු වලින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන අතර ජනතාවට සේවයක් වශයෙන් කරගෙන යන අංශ වලට යෙදවේ. මහජන සුබසාධනය සඳහා යෙදවෙන්නේ ද මෙම බදු ආදායම බව පෙන්වා දිය යුතුව ඇත. ව්‍යවසාය ජාලය ශක්තිමත් කරන තරමට රජයකට පහසුවක් ලැබේ. මැදි ආදායම් රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ව්‍යවසායකයා වැදගත්ය. ව්‍යවසායකත්වය දියුණු කළ යුතුය. නිදහස ලැබුණ දිනයේ සිට ස්වදේශික ව්‍යවසාය දියුණු කරන අදහස ආණ්ඩුවලට තිබුණි. වරින් වර බලයට පත්වන ආණ්ඩු අනුගමනය කරන ලද ප්‍රතිපත්ති නිදහස් සහ ශක්තිමත් ලාංකික ව්‍යවසාය පරපුරකට බාධා කර ඇති බව පෙනේ. දේශපාලන හාදකම් සහ පලිගැනීම් එහි ලා බෙහෙවින් බලපෑවේය. බලයේ ඉන්නා අවස්ථාවේ දී වාසි ලබන අතර විපක්ෂයට ගියවිට පලිගන්නා බවට සාක්ෂි තිබේ.

පවතින අභියෝග මැඩගෙන අලුත් අනාගතයක් ගැන අපේක්ෂා කරන්නේ නම් පැහැදිලි ස්ථිර ප්‍රතිපත්තිවලට යා යුතුය.

ව්‍යවසායක අදහස් ඇති පරපුරක් බිහි කළ යුතු අතර එයට අවකාශ සලසන ව්‍යවසායකත්ව බැංකු ක්‍රමය හඳුන්වා දීම සුදුසුය.

එවැනි බැංකු අදහස් ඇපයට තබා ප්‍රාග්ධනය සපයන අතර එය අවදානමකි. සාර්ථකත්වය සමග ලැබෙන ප්‍රතිලාභ අවදානම අවම කෙරේ. අද ලෝකයේ සාර්ථකම ව්‍යවසාය වලට පදනම අලුත් අදහස් ක්‍රියාවට නැගීම වන අතර ඒවා දියුණු කරන්නට ඉඩක් නොතිබුණේ නම්  ලෝක ආර්ථිකය සංකීර්ණ තැනකට පත්වන්නේ නැත. අද පවතින තාක්ෂණික හා විද්‍යාත්මක දියුණුවට එකම හේතුව ව්‍යවසාය බව පෙන්වා දිය යුතුව තිබේ.


සියතට ගැනීමට වඩා අනුබලය සැපයීම
ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථ ප්‍රමාණය හය දහස ඉක්මවන්නේ නැත. මෙම බස් රථ සංඛ්‍යාව පාලනය කරගැනීමට ඇමැතිවරු, පළාත් අමාත්‍යංශ හා නිලධාරී විශාල පිරිසක් සිටිති. එහෙත් අවුරුද්ද අවසානයේ විශාල පාඩුවක් ලබා තිබේ. පොදු ප්‍රවාහනය කරගෙන යා නොහැකි ආණ්ඩුව කාර්යාල ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ගැන අවධානය යොමු කිරීම සුදුසු නැත.

දැනට මෙරට සුළු ව්‍යවසායකයෝ පිරිසක් ඉතා අසීරුවෙන් ලීසිං පහසුකම් ලබා ගෙන බස් රථ යොදවා කාර්යාල ප්‍රවාහනය කරගෙන යති. පාසල් සේවාව ද එයට නොදෙවෙනිය. එම අංශ හෙයින් රැකියා බිහි වී තිබේ. ලිසිං සමාගම් ආදායම් උපයයි. ඒවායෙන් ආණ්ඩුව බදු අය කරන අතර කර්මාන්තයේ තරඟකාරීත්වය හේතුවෙන් දැන්වීම් හා මාධ්‍ය ප්‍රචාරණයට ද ඉඩ ලැබී ඇත. රජයේ ප්‍රවාහන සේවාවේ පාඩු පියැවීමට මෙම ව්‍යවසායකත්වය අඩපණ කළ යුතුද?     

මුවෝ පැන හේන පාළු කළ විට ගෙදර ඇති මුව හමට තලන්නා සේ රට තුළ හදිසියේ මතුවන අර්බුද අවසානයේ දී මෙරට පෞද්ගලික ව්‍යවසායකයෝ වරදකරුවෝ  බවට පත් වෙති. වෙළෙඳාම මාෆියාවකි. ව්‍යාපාරික අංශය ජාවාරම්කාරයෝය.

අතරමැදියන් නාඩියාකරුවන් වන අතර කලුකඩ මුදලාලිලා වශයෙන් හඳුන්වන පැලැන්තියක් සිටිති. මෙම නිර්වචන හැම අවස්ථාවකම ඇත්ත නොවේ. මතු පිටින් කරන කර්කශ විවේචනයට වඩා යමක් පෞද්ගලික ව්‍යවසාය රටට සපයයි. ව්‍යාපාර කිරීමේ දී ආණ්ඩුව අසමත්ය. රජයට අයත් ව්‍යවසාය පාලනය කරගත නොහැකි වී තිබේ. තිස් හත්දහසකට වැඩි රජයට අයත් දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩලවලින් සෑහෙන කොටසක් අකාර්යක්ෂම බව රජයේ වාර්තා සනාථ කරයි. මෙවැනි ව්‍යුහයකින් ගමනක් නැත. පෞද්ගලික අංශය රටට බරක් නොවේ. කරගෙන යන්නට අසමත්නම් ව්‍යාපාරය විකුණා වෙනත් යමකට හැරේ. මෙවැනි පැති ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. පසුගිය දශක ගණන තුළ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති හා මතවාද වලින් ලැබුණ වාසි අවාසි ගණන් බැලීම සුදුසුය. නිෂ්පාදන සහ සේවා අංශ සම්පූර්ණයෙන් ආණ්ඩුවට පමණක් කරගෙන යන්නට හැකියාවක් නැත. ක්‍රමය තුළ ගැටලු පැන නැගෙන විට ආයතන රජයට පවරා ගන්නා බව සහ අලුත් ආයතන රාජ්‍ය අනුග්‍රහයෙන් අරඹන බවට ප්‍රකාශ කිරීම සුදුසු නැත. වෙළෙඳ පොළ සමබර කරන අතර තරඟකාරීත්වයකින් පාරිභෝගිකයාට වාසි අත්පත්වන රටාවක් අවශ්‍යය.


නියාමනය සාර්ථක මෙවලමක් විය හැකිය
කර්මාන්ත හා ව්‍යාපාර කරගෙන යන පුද්ගලික අංශය පාලනය සඳහා ශක්තිමත් නියාමනයක් ඇති කළ හැකිය. වරින් වර කඩා පැන අපහසුතාවට පත්කිරීමෙන් පලක් නැත. ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට බැංකු හා මුල්‍ය ආයතන සම්බන්ධයෙන් සාර්ථක නියාමනයක් කරගෙන යයි. එහි අවිධිමත් භාවය ගැන ද චෝදනා තිබේ. එය නිසි මගට ගැනීම කළ හැකිය. විදුලිය, ජලය හා ගෑස් සම්බන්ධයෙන් රජයේ නියාමන පණතක් තිබේ. එය රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසාය සම්බන්ධයෙන් සොයා බලා ප්‍රමිති හඳුන්වා දෙයි. අනෙක් අංශ වලට ද නියාමනය ඇතිකළ හැකිය. වී මිල දී ගැනීම හා සහල් නිෂ්පාදනය තුළ ඒකාධිකාරයක් තිබිය යුතු නැත. සහතික මිල ක්‍රමයක් රජය හඳුන්වා දී තිබේ. නිෂ්පාදන පිරිවැය ගැන පර්යේෂණ වාර්තා තිබේ. මේවා පදනම් කරගෙන නියාමනයක් ගොඩනැගීම පහසු කාරණයකි. වී මිල දී ගැනීම, ගබඩා කිරීම හා සහල් නිකුත් කිරීම ගැන තොරතුරු එකතු කිරීම අපහසු නැත. සුළු, මධ්‍ය හා මහා පරිමාණ මෝල් හිමියන් ගේ පසුබිම ගැන නිරවද්‍ය තොරතුරු අනුව වෙළෙඳ පොළ ශඛ්‍යතාව ඇතිකළ හැකිය. එය ගොවියාට පමණක් නොව පාරිභෝගිකයාට ද සහන ගෙන දෙන පියවරක් වනු ඇත.

ආනයනකරුවන්, තොග බෙදා හරින්නන් සහ සුපිරි වෙළෙඳ සැල් යනාදිය සඳහා ද අලුතින් නියාමන පද්ධති හදන්නට පුළුවන්කමක් තිබේ. දැනට පවතින නියාමන ක්‍රම අනුව එක් එක් අංශ වලට ප්‍රතිපත්ති සකස් කර නීතිගත කිරීම ප්‍රමාණවත්ය.


ඒකාධිකාරයකින් කිසිම ප්‍රයෝජනයක් නැත

තිරසාර සංවර්ධනය සම්බන්ධ පර්යේෂණ සලකා බලා ඇති ලෝක ආර්ථික සංසදය රාජ්‍ය හෝ පෞද්ගලික ඒකාධිකාරයකින් පලක් නැති බව අවධාරණය කර තිබේ. එම සංසදය පෙන්වා දෙන පරිද ලෝකයේ නිෂ්පාදනයට පෞද්ගලික අංශය සපයන දායකත්වය සියයට අසූව ඉක්මවයි. එවැනි ඉහළ ප්‍රතිශතයකට ගියේ ආණ්ඩු අසමත්වීම  හා පුද්ගලීකකරණය නිසි පිළිවෙළක් බව කල්පනා කරන ලද 1990 ගණන් වල පැවැත්ම බව දක්වයි. සංවර්ධන අභිප්‍රාය ඉදිරියේ පෞද්ගලික අංශය බැහැර නොකර හවුල්කරුවන් කරගැනීමේ ඉතාම ඵලදායී ක්‍රමය ගැන ජාත්‍යන්තරයේ විද්වත්හු සාකච්ඡා කරමින් සිටිති. රජය හෝ පෞද්ගලික අංශයේ ඒකාධිකාරය කිසිම පලක් නැති දෙයක් බව අවධාරණය කරන කාරණයකි. ප්‍රමාණවත් සේ පෞද්ගලික අංශය දිරිමත් කරන අතර එයින් ජනනයවන ශක්තියෙන් සාමාන්‍ය ජනතාවට සහන සැපයෙන සේවා සඳහා ආණ්ඩුව බදු උපයාගත යුතු බව දක්වයි.

ඒකාධිකාරය තුරන් කරන අතර ජනතාව කේන්ද්‍රීය කරගත් වෙළෙඳ පොළ ප්‍රතිපත්ති සඳහා වැදගත් වන නියාමනය වෙත නැඹුරුවීම ඉතාම අවශ්‍ය බව පෙනේ. ශ්‍රී ලංකාවේ හුරුව අනෙකකි. ව්‍යාපාරිකයන්ට ඉදිරියට එන්නට අවස්ථාව දෙන අතර එක්තරා අවස්ථාවක දී මාෆියාවක් හැසිරෙයි. නිසි නියාමන ක්‍රම ඇති කිරීමෙන් ආණ්ඩුවලට බැහැරව තත්ත්වය පාලනය කරනු හැකි බව පෙන්වා දිය යුතුව ඇත.  

 

- *** සාරා කන්දෙගොඩ



අදහස් (0)

ව්‍යාපාර මාෆියා පාලනයට නිසි ක්‍රමවේද

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 106 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 172 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 31 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 284 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 202 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 252 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site