IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකිණීම යහපාලනයද

පවිත‍්‍රලා නිහඬ ඇයි, යහපාලනය වැරැදිද, ඡන්ද කල්යාමේ වරද කාගෙද, අලූත් ව්‍යවස්ථාවට එරෙහි ඇයි, ආණ්ඩු පෙරළන කතා, හමුදාව අපරාධ කළැයි කියන කතාව, ඒකාබද්ධයත් ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමත් එකතු වෙනවාද යන කාරණා පිළිබඳව  මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්තී‍්‍රනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියයි. 

ප‍්‍රශ්නය:-පසුගිය කාලේ බොහොම සද්දෙ දාගෙන හිටපු පවිත‍්‍රලා දැන් නිහඬ ඇයි?

පිළිතුර:-කොහොමත් අපි සද්දෙ දාගෙන හිටපු අය කියලා එකක් නැහැ. නිවැරැදි දේශපාලන ප‍්‍රතිපත්තින් එක්ක අපි කටයුතු කරනවා. ඒ මේ රට වෙනුවෙන්. මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතින් නිහඬව ඉන්නවා නම් මම ලංකාදීපයට ඉන්ටර්වීව් එක දෙන්නෙත් නැහැනේ.

ප‍්‍රශ්නය:-රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න නම් ආණ්ඩුව එක්ක එකතුවෙන්න තිබුණා නේද?

පිළිතුර:-මේ ආණ්ඩුව නිවැරැදි ප‍්‍රතිපත්තියක නෑ. ඒ නිසා අපට මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න බැහැ. මේ ආණ්ඩුව බලයට පත්වුණේ කුමන්ත‍්‍රණයකින්. ඒ කුමන්ත‍්‍රණයේ දෙවැනි පියවර බොහොම ලස්සනට දැන් කි‍්‍රයාත්මක වෙනවා.

ප‍්‍රශ්නය:-මොකක්ද ඔබ කියන කුමන්ත‍්‍රණය. මොකක්ද දෙවැනි පියවර?

පිළිතුර:-මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේ රට ජාතිය ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගෙන සැබෑ නිදහස් දේශයක් බවට පත්කළා. ජාත්‍යන්තර බලවේගවලට එය නවත්වන්න බැරි වුණා. ඒ වගේම මේ නායකයා ජාත්‍යන්තරය ඉදිරියේ දණ ගහන්න ගියේ නෑ. ඒ නිසා ඔහුව පරාජය කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත් කෙරුණා. ජාත්‍යන්තර තානාපති කාර්යාල, ඒ ඒජන්තවරු, කොටි ඩයස්පෝරාව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගෙදර යවපු කුමන්ත‍්‍රණයේ දෙවැනි පියවර හැටියට දැන් රට දෙකඩ කිරීමේ කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. අලූත් ව්‍යවස්ථාවක් හරහා මේ මවුබිම බෙදා වෙන්කිරීමේ තත්ත්වයට මෙහෙයවමින් සිටිනවා. කොටි ඩයස්පෝරාවට සහ ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය මේ මවුබිම දෙකඩ කරන්නයි. එයට අවශ්‍ය වැඩපිළිවෙළ අලූත් ව්‍යවස්ථාව හරහා කි‍්‍රයාත්මක  කිරීමට පැහැදිලිවම කටයුතු කරමින් සිටිනවා. එදා කරගන්න බැරිවුණු දේ අද ආණ්ඩුව ලවාම කරගැනීමට කටයුතු කරන ආකාරය පැහැදිලිවම දැකගන්න පුළුවන්.

ප‍්‍රශ්නය:-එහෙම කිව්වාට රට බොහොම ශක්තිමත් තැනකට ගෙනගොස් ඇති බව පිළිගන්නේ නැතිද?

පිළිතුර:-නෑ. එහෙම ශක්තිමත් බවක් තියෙන්නේ කොහේද? රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකුණමින් සිටිනවා. රට ශක්තිමත් නම් මෙහෙම කරන්න අවශ්‍යද? ජනතාවට දරාගන්න බැරි තරමට බදු බර පටවලා අවසන්. තවත් බදුගහන්න ආණ්ඩුව ඉතා සූක්‍ෂමව කටයුතු කරමින් සිටිනවා. මේක ජනතාව සූරාගෙන කන ආණ්ඩුවක්. මේ වනවිට රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්වෙලා. බැංකු පොලී අනුපාත ඉහළ නංවලා. උද්ධමනය, ජීවන බර දිනෙන් දිනම ඉහළ යමින් පවතිනවා. ජනතාවට ලබාදී තිබූ සහනාධාර පියවරෙන් පියවර කප්පාදු කරමින් සිටිනවා. පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාර, වැඩිහිටි සහනාධාර යනාදී සියල්ලක්ම කපා දමමින් ජනතාව පීඩාවට පත්කරලා. වසර දෙක හමාරක කාලයකට තවම එකම ආයෝජනයක්වත් ගේන්න මේ ආණ්ඩුවට බැරිවී තිබෙනවා. සංවර්ධනය එහෙම පිටින්ම අඩපණ වෙලා. මේක වැඩ බැරි ආණ්ඩුවක්. අසාර්ථක ආණ්ඩුවක්. එක මතයක් නැති ආණ්ඩුවක්. මෙහෙම ආණ්ඩුවක් රටක් ශක්තිමත් කරන්නේ කොහොමද? මේ වගේ ආණ්ඩුවකට අපි නම් කිසිසේත්ම සහාය දෙන්නේ නෑ.

ප‍්‍රශ්නය:-එතකොට යහ පාලනය කියන්නේ නිවැරැදි ප‍්‍රතිපත්තියක් නෙමෙයිද?

පිළිතුර:-මැතිවරණ කල් දැමීම යහපාලනයද? එහෙම නැතිනම් මහ දවල් මහ බැංකුව කොල්ලකෑම යහපාලනයද? පනත් සංශෝධනයේදී ගෙනෙන පනතට කාරක සභා අවස්ථාවේදී සම්පූර්ණ වෙනස් සංශෝධන එකතු කර වෙනස්ම ආකාරයේ පනතක් සම්මත කරගන්නවා. ජනතාවට ඒ ගැන අධිකරණය හමුවට යාමට තිබෙන අවස්ථාව අහිමි කරනවා. යම් පනතක් හෝ පනතකට සංශෝධනයක් ගේනවා නම් ඒක ගැසට් කරන්න  ඕන. ඊට පසු එයට සතියක කාලයක් ලබා දෙනවා.

මානව අයිතිවාසිකම්වලට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එම පනත හෝ සංශෝධනය පටහැනි නම් ඒ සතියක කාලයේදී ජනතාවට අධිකරණය හමුවට යන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවත් මේ ආණ්ඩුව අහිමි කළා. එතකොට මේකද යහපාලනය. මේකද සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ජනතාවට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පවා මේ ආණ්ඩුව උදුරා ගනිමින් සිටිනවා. මේ අය ආපු ගමන් කුඹුරු වගා කරන්න එපා කිව්වා. දැන් රටේ සහල් හිඟයක්. පිටරටින් හාල් ගේන්න කියා වීරයෝ වගේ කියනවා. විශ්වවිද්‍යාල දරුවො මාස නවයක් මහ පාරේ. රටේ ප‍්‍රශ්න විසඳන්න මේ අයට බැරි බව ඔප්පුකර අවසන්. සෑම දිනකම පාහේ ජනතාව මහ පාරේ. මෙහෙම වෙන්නේ යහපාලනය නිසාද?

ප‍්‍රශ්නය:-ඡන්ද කල්දාන්න වුණේ ඔබලාගේ ආණ්ඩුව කළ වරදක් නිසා නේද?

පිළිතුර:-එහෙම කියන්නේ කොහොමද? කවුද ඔයවගේ කතා කියන්නේ.

ප‍්‍රශ්නය:-ඡන්ද කල්ගියේ බැසිල් රාජපක්‍ෂට වුවමනා ලෙස සීමානිර්ණ කළ නිසා නේද?

පිළිතුර:-ඒක පට්ටපල් බොරුවක්. නියමිත කාලයේදී ඡන්දය පවත්වන්න සියලූ කටයුතු කර තිබියදී තමයි අපි පැරදුණේ. මේ ආණ්ඩුව කළේ කිසිම හේතුවක් නැතිව පළාත් පාලන ආයතන බල රහිත කළා. විසුරුවන්නට නියමිත දිනට මාස නවයකට පමණ කලින් මේ ආයතන බල රහිත කළා. පළාත් පාලන ආයතන අති බහුතරය සිටියේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමත් සමග. මේ සියල්ලක්ම අපට වාසිදායකවයි තිබුණේ ඒ නිසා ඒවා බල රහිත කළා.

සීමා නීර්ණ අවසන් කර තිබූ එක පවා පිළිගන්න බැහැ කියා ඡන්ද කල්දැමීම සඳහාම උපක‍්‍රමශීලීව කටයුතු කළා. කාලය අවසන් වූ පළාත් සභා තුනේ ඡන්දය කල් දමනවා නම් ජනමත විචාරණයකට යන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. ඒ එයට හිස නොනමා ආණ්ඩුව ඡන්දය කල්දාන පියවරකට ගියා. එනිසා මෙතන පැහැදිලිව තිබෙන්නේ මේ අයගේ  ඡන්ද කල් දැමීමේ වුමනාවයි. ඒක යටපත්කරන්න නොයෙක් කතා කියන්න පුළුවන්.

ප‍්‍රශ්නය:-කාන්තාවන්ට වැඩි තැනක් දෙන්න යාම වැරැදිද?

පිළිතුර:-කිසිම වරදක් නෑ. සැබෑවමට එහෙම වැඩි නියෝජනයක් දීමේ වුවමනාව මෙ අයට තිබෙනවාද? මුලින් කාන්තා නියෝජනයේ කතාව පෙරට දාගත්තා. මනාප ක‍්‍රම ගැන කතා කළා. හැබැයි  ඕවා කරනවා කිය කියා අවසානයේ කළේ මොකක්ද? පළාත් සභා ඡන්දය කල්දානව නම් ජනමත විචාරණයකට යා යුතු බව ඉතා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබියදීත් මේ අය කළේ මොකක්ද? ජනතාවට කොළේ වහලා පළාත් සභා ඡන්දයත් කල් දැම්මා. දැන් මේවා තියන කාල වකවානු බොරුවට කියනවා. වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන ඡන්දය කල්දාපු මේ අය මාස පහ හයකින් පළාත් සභා ඡන්දය පවත්වාවිද?

ප‍්‍රශ්නය:-එකම දිනක ඡන්ද පවත්වන්න කටයුතු කිරීම වරදක් ද?

පිළිතුර:-ඔහොම කියල මහ මැතිවරණයත් කල් දමාවි. නොයෙක් කතා කිව්වත් එකම දිනක ඔය ඡන්ද තියන්න බැහැනේ. යම් පළාත් සභාවක කිසියම් ගැටලූකාරී පසුබිමක් තිබුණොත් එකම දිනක ඡන්ද තියන්නේ කොහොමද කියන ප‍්‍රශ්නය එනවා. ඇත්තම කාරණාව ඔය කියන සුන්දර කතා නෙමෙයි. මේ ආණ්ඩුව ජනතාව හමුවට යන්න බයයි. මැතිවරණ පවත්වන්න බයයි. මොකද මැතිවරණයකට ගියොත් අත්වන ඉරණම මොකක්ද කියන එක මේ අය හොඳින් දන්නවා. ඒ නිසා මැතිවරණය කල් දමනවා. මැතිවරණ කල් දැමීම මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක්ද කියන ප‍්‍රශ්නය අපට තිබෙනවා. මේ අය ඡන්ද කල්දැම්මාට ජනතා මතය යටපත් කරන්න බැරි බවතේරුම් ගන්න  ඕන.

ප‍්‍රශ්නය:-තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් ඡන්ද කල්දාන්නේ මොකටද?

පිළිතුර:-ආණ්ඩුව තුනෙන් දෙක හදාගෙන තියෙන්නේ ශ්‍රී.ල.නි.ප. මන්ත‍්‍රීවරු හතළිස් ගණනක් ආණ්ඩුව සමග එකතු වී සිටින නිසයි. එ.ජා.පයට ලැබුණෙත් අසූහයයි. අපට ලැබුණෙත් අසූ හයයි. ඔලූගෙඩි වලින් තුනෙන් දෙක හදා ගත්තට එ.ජා.පය සමග ආණ්ඩු හදන බව ශ්‍රී.ල.නි.ප. ප‍්‍රමුඛ එ.ජ.නි.ස පසුගිය මහ මැතිවරණයේදී ජන තාවට කිව්වේ නැහැ. ජනතාවගේ ඡන්දය ගත්තේ එකක් කියලා. අපි මහ මැතිවරණයට තරග කළේ එ.ජා.ප යට විරුද්ධවයි. ජනතාවට කිව්වේ එ.ජා.ප. යට එරෙහි කතා. එකතු වී ආණ්ඩුවක් හදන බව අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කොතැනකවත් කියා නැහැ. අවසානයේදී ජනවරමට පිටුපාලා එ.ජා.ප.ය සමග ආණ්ඩුවක් හැදුවා. මෙතන සැබෑ ජනවරමක් නෑ. ඒ නිසා ඡන්දයක් තියන්න, ජනතාව හමුවට යන්න මේ ආණ්ඩුව බයයි.

ප‍්‍රශ්නය:-ඒකාබද්ධය අලූත් ව්‍යවස්ථාවට එරෙහිව ඔතරම් කෑ ගහන්නේ ඇයි?

පිළිතුර:-කොටි ඩයස්පෝරාව බලා පොරොත්තු වෙච්ච දේ මේ ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම ඉටු කර දෙමින් සිටිනවා. සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම බරපතළයි. ජාතික ප‍්‍රතිපත්ති හැදීමේ බලය අලූත් ව්‍යවස්ථාවෙන් ප‍්‍රාන්ත ආණ්ඩුවලට දෙනවිට මේ රට කැඞී වෙන් වෙන එක ස්ථිරයි. නොයෙක් වචන හරඹ පෙන්වන්න පුළුවන්. ‘‘යුනිටරි’’ කියන වචනය අලූත් ව්‍යවස්ථාවේ කිසිම තැනක නෑ. බෙදී වෙන්වී යන, ෆෙඩරල් වැනි තේරුමක් දෙන දෙමළ වචනයක් ඉංග‍්‍රීසි පිටපතෙත් දමා තිබෙනවා. මේක ඒකීය රාජ්‍යයක් කියා අපි ජාත්‍යන්තරයට කිව්වොත් එයාලා කියාවි ‘‘යුනිටරි’’ කියා කොතැනකවත් නැහැ කියලා. වෙනත් නම යොදා ජනතාව නොමග යවන්න හදනවා. මේ ව්‍යවස්ථාවේ සමස්ත හරය එන්නේ රට බෙදන තැනකට නම් එයට විරුද්ධ වෙනවා හැරෙන්න වෙන මොනව කරන්නද? ජනතාව කියන්නෙත් ඒකමයි. අලූත් එකක් ගෙනත් රට අගාධයට ඇද දමනවාට වඩා තියෙන එක හොඳ නැති ද?

ප‍්‍රශ්නය:-රටේ නායකයා මෙන්ම ශ්‍රී.ල.නි.ප. නායකයා වන ජනාධිපති කියන්නේ අලූත් ව්‍යවස්ථාවේ ෆෙඩරල් නැහැ කියලයි?

පිළිතුර:-එතුමා එහෙම කියන්න පුළුවන්. හැබැයි මේකෙ අන්තර්ගතය මොකක්ද? සමගාමී ලැයිස්තු අයින් කර ජාතික ප‍්‍රතිපත්ති හැදීමේ බලය ප‍්‍රාන්ත රාජ්‍යවලට දුන්නොත් රට බෙදී වෙන්වීයාමට ඉඩ සලසනව කියන එක අහන්න දෙයක් ද? සිහියක් බුද්ධියක් ඇති අයට මේකට එකඟ වෙන්න බෑ.

ප‍්‍රශ්නය:-අද ඔහොම කිව්වට මේ ව්‍යවස්ථාව හදන කමිටුවල ඔබලත් සිටියා නේද?

පිළිතුර:-ඔව්. මේ අය කරන්නේ මොනවද කියල අපට අවබෝධයක් එන්නේ ඒ කමිටුවල ඉඳගෙන ඒවාට විරුද්ධව කටයුතු කිරීමෙන්. ජනාධිපතිවරයා බලයට ගේන්න කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයේ දොළොස් දෙනා අද විපක්‍ෂය බවට පත්කරගෙන තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා බලයට ගේන්න කටයුතු කළ ජ.වි.පෙ. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක. එතැන ඉන්නේ මන්ත‍්‍රීවරු පහයි. ඒකාබද්ධයේ අපට මන්ත‍්‍රීවරු 54ක් සිටිද්දී විපක්‍ෂ නායක ධුරයවත් නෑ. ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කළ බලවේගම විපක්ෂය බවටත් පත්කරගෙන. එහෙම බැලූවාම විපක්‍ෂයත් ආණ්ඩුවේ ජ.වි.පෙත් ආණ්ඩුවේ. මෙහෙම කටයුතු කරන වෙලාවට අපි රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි මතය ඉදිරිපත් කළ යුතුයි.

ප‍්‍රශ්නය:-ඒකාබද්ධය කියන්නේ එක කල්ලියක් පමණයි ද?

පිළිතුර:-අපි එදා ජනතාව ඉදිරියට ගියේ එජාපය එක්ක ආණ්ඩු හදන්න නෙමෙයි. අපි පරාජය වුණා. අපි විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකළ යුතුයි. ඒ කාර්ය භාරය ඉටු කරනවා. තමන්ගේ වාසියට එක එක්කෙනා  ඕන  ඕන දේවල් කියන්න පුළුවන්. ආණ්ඩුවේ වැරැදි පෙන්නා දීම අපේ වගකීමයි.

ප‍්‍රශ්නය:-ආණ්ඩු පෙරළන කතා කිව්වට තවම ආණ්ඩුවේ එක මයිලක්වත් හොලවන්න බැරි වුණා නේද?

පිළිතුර:-ආණ්ඩුව පෙරලන්න මහ මැතිවරණයක්  තියන්න  ඕන. රටේ දේශපාලන චිත‍්‍රය වෙනස් වෙන්නේ මැතිවරණයකින්. ඒ නිසයි මේ ආණ්ඩුව මැතිවරණ තියන්නෙ නැත්තේ. නියමිත වෙලාවට පළාත් පාලන, පළාත් සභා මැතිවරණ තිබ්බා නම් මේ රටේ දේශපාලන චිත‍්‍රය වෙනස් වෙන හැටි බලන්න තිබුණා. ඡන්දයකට ගියොත් පරදින බව මේ අය හොඳින්ම දන්නවා.

ප‍්‍රශ්නය:-හමුදාව අපරාධ කළ බව බැසිල් රාජපක්‍ෂත් කියනවා නේද?

පිළිතුර:-එතුමා කිසි තැනක එහෙම කියා නෑ. එහෙම  කිව්වේ නැති බවට එතුමා නිවේදනයකුත් නිකුත් කළා. මේවා මඩ පාරවල්.

ප‍්‍රශ්නය:-ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමත් ඔබලත් එකතු වෙන්නද සූදානම?

පිළිතුර:-ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප කණ්ඩායමට අපි කියන්නේ රට බෙදන මේ වැඩ පිළිවෙළට විරුද්ධ වෙන්න කියලයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියෝජනය කරන්නේ මවුබිමට ආදරය කරන බලවේගයයි. මේ අවස්ථාවෙදීවත් රට වෙනුවෙන් වන කැපවීම පෙන්වමින් අලූත් ව්‍යවස්ථාවට අවශ්‍ය තුනෙන් දෙක ලබා ගැනීමට ඉඩ දෙන්න එපා කියා මේ අයගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවෙන් ඉවත් වී මවුබිම සුරකින අරගලය සමග එකතු වෙන්න කියා අපි මේ අයට කියනවා.

(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (9)

රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකිණීම යහපාලනයද

ලුම්බිණි Monday, 09 October 2017 04:17 AM

මට අර මහින්ද රාජපක්ෂ මහතාගේ උරයට හේත්තු වෙලා ඉන්න පින්තූරය මතක් උනා. මේ කතාවට සිනහ වෙනවා විනා වෙන මොනවා කියන්නද?

:       19       109

NIRESH Monday, 09 October 2017 05:01 AM

අනේ කට වහගෙන යන්න නෝනා යන්න. ඔයාලගේ අප්පච්චි විකුණද්දී බුදියගෙනද හිටියේ. එතකොට කුට්ටි කුට්ටි ආවනේ නේද. එතකොට කෑගහන්න බෑනේ.

:       15       117

Sugath Monday, 09 October 2017 07:41 AM

විකිණීමයි බදුදීමයි අතර වෙනස දන්නේ නැති කෙනෙක් මෙයා

:       18       116

sadun Tuesday, 10 October 2017 01:35 AM

මෙයාලට ප්‍රතිපත්තිමය දේශපාලනයක් නැහැ. කැපුවත් නිල් සහ කැපුවත් මහින්ද මහත්තයා යන සංකල්පය විතරයි ඔළුගෙඩියේ තියෙන්නේ. මෙහෙම අය ඉන්න කන් ලංකාවේ දේහපාලනයට අබසරණයි

:       11       129

raawana Tuesday, 10 October 2017 05:13 AM

රජයේ දේපල, තමන්ගේ හෙංචයියලාට මංකොල්ල කන්න ඉඩ දුන්න එක විකුණනවට වඩා හොඳයිද? තේ මිල වැඩි වීම ජනතාවට සෙතක් නොවෙයිද?මුලදී යහපාලන ආණ්ඩුවට කඩේ ගියා නේද?

:       5       34

malini fonsheka Tuesday, 10 October 2017 10:53 AM

පොර්ට්සිටි , ශාන්ගිරිල්ලා වගේ ඒවා සින්නක්කරම වික්කේ කවුද....හොර රජා බව අමතකද..

:       16       61

rohana Tuesday, 10 October 2017 12:07 PM

අපොයි අපොයි මෙයාගේ කට අවුස්සගන්න එපා. මෙයාට තියෙන්නේ බාල්දි කටක්.

:       0       136

kamaniWednesday, 11 October 2017 07:47 AM

උදේ ඉඳලාම බිලා ඉන්නේ...අපි නොදන්නා (අ ) පවිත්‍රා. අහිංසක මුත්තුට කරපුදේ අපිට විතරක් නොවෙයි රත්නපුරේ හැමෝටම මතකයි..

:       0       60

.එම කේ දහනායක - පැල්මඩුල්ලWednesday, 11 October 2017 11:49 AM

අනේ ඔව්..අපිත් දන්නවා මුත්තුගේ කතාව... මුත්තු කියන්නේ මෙයාලගේ ගෙදර ගාව හිටපු අහිංසක තණකොළ කපා ජීවත්වුණු කොලු ගැටයෙක්... මෙයා ඒ කාලේ ගැටිස්සියෙක්. කොහොම හරි මෙයාගේ අඟර දඟර වලින් දපනේ දාගත්තා. තාත්තට අහුවුණා කේස් එක. එදා ඉඳලා මුත්තු අතුරුදහන්...

:       0       43

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 60 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 67 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 171 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 337 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 370 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 109 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site