1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට නායකත්වය දුන් වීර මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව දැයෙන් සමුගෙන මේ මස 26 වැනිදාට වසර 201 ක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1818 නොවැම්බර් මස 21 වැනිදා අලුපොතදී කොහුකුඹුරේ රාළ සහ බූටාවේ රටේ රාළ සමග කොටියා ලකුණ දරණ ඌව වෙල්ලස්ස කොඩිය අතින්ගත් කිවුලේගෙදර මොහොට්ටාල ඇතුළු ඌවේ සටන්කාමීන් හා එම සටන මර්දනය කිරීමට ඉංග්‍රීසී හමුදාවක් සමග පැමිණි මොනරවිල කැප්පෙටිපොල මහා දිසාව මුහුණට මුහුණලා හමුවිය.
සිංහල සටන්කාමීහු කැප්පෙටිපොල මහ දිසාවට චෝදනා නැගූහ. සිංහලේ නාමයෙන් බි්‍රතාන්‍යයට එරෙහිව කෙරෙන සටනේදී මව්බිම වෙනුවෙන් අප සමග එක්ව සටනේ නායකත්වය ගන්නා මෙන් ඌවේ සටන්කාමීහු කැප්පෙටිපොල මහ දිසාවට ඇරයුම් කළහ.
එය එසේ වේවායි හඬ නැගූ මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව බි්‍රතාන්‍යයේ කතිර කොඩිය ඉංග්‍රීසි හමුදාවේ කපිතාන් අතට දී තොපගේ මේ කොඩියත් තොපගේ ආයුධත් රැගෙන ආපසු යනු තොපගේ තුවක්කු වලින් තොපට පහරදීම සිංහලයන්ට මදිකමකි. කැප්පෙටිපොල දිසාව ඉංග්‍රීසින්ගෙන් සිංහලේ නිදහස් කර ගැනීම පිණිස සටන් වදින බව මහනුවර ඒජන්ත තැනට දන්වනු යනුවෙන් කැප්පෙටිපොල ගිගිරුවේය.
1818 නොවැම්බර් මස 26 වැනි දා පෙරවරුවේ මහනුවර බෝගම්බර අසලදී මොනරවිල කැප්පෙටිපොල මහ දිසාවේ සහ මඩුගල්ලේ උඩගබඩා මහ නිළමේගේ හිස ගසා මරා දැමීමට නියම විය. මා දැන් තුරුණුවන් නමැද ඉතිපිසෝ ගාථාව කියමි. මා දන්වා සිටින විට එක කඩු පහරින් මගේ ගෙල කපා දමව් යනුවෙන් ප්‍රකාශ කර හිස පෙරට නැඹුරුකර ‘අරහං’ නම් වචනය ඔහුගේ මුවින් පිටවනවාත් සමගම ඉංග්‍රීසින්ගේ අණට කීකරු වූ ගහලයාගේ අසිතපතට ගෙල දුන් මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව දැයෙන් සමුගත්තේය.
ලොව අභීත යුග පුරුෂයන්ගේ නම් අතරට කැප්පෙටිපොල මහ දිසාව එක්වන්නේ ඌවේ සටන්කාමීන් සමග එක්වද්දී බි්‍රතාන්‍ය කතිර කොඩිය හා යුධ ආයුද ඔවුන්ට භාර දී පළවා හැරීම සහ මරණයේදී පවා පෙන්නුම් කළ අභීත ලීලාවන් නිසාය.
අනුරාධපුරයේ පුලියන්කුලමේ පිහිටි බි්‍රතාන්‍ය යුද කඳවුරේ සිටි ලෙෆ්ටිනන්ට් විලියම් ඔනිල්ට ඔත්තුවක් ලැබී කහල්ල ගම්පියසේදී 1818 ඔක්තෝම්බර් මස 28 වැනිදා කැප්පෙටිපොල දිසාව බි්‍රතාන්‍ය පාලකයින්ගේ අත්අඩංගුවට ගැනිණ. 1818 නොවැම්බර් මස 26 වැනිදා බෝගම්බර වැව අසලදී මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ මහ නිලමේතුමාගේ හිස ගසා මරා දැමීමට නියම විය. කැප්පෙටිපොල දිසාව නිරතුරුවම තම ඉණෙහි සඟවා ගෙන යන කුඩා පුස්කොල පොතක ලියන ලද ධම්ම පදයක් භාවිත කළ බව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ලියන ලද උඩරට මහ කැරැල්ල පළමු කාණ්ඩය ග්‍රන්ථයේ සඳහන් වෙයි.
කැප්පෙටිපොල දිසාවගේ හිස ගසා දමන මොහොත සම්බන්ධ පුවත සහ 1818 වෙල්ලස්ස නිදහස් කැරැල්ල ලෝක ඉතිහාසයේම රන් අකුරෙන් ලියැවී තිබේ.
කැප්පෙටිපොල දිසාවගේ හිස එංගලන්තයට ගෙනගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස්කබල එඩින්බරෝ කෞතුගාරයේ තැන්පත්කොට තිබී 1954 නොවැම්බර් 26 වැනිදා යළි ලංකාවට ගෙනවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභියස තැන්පත් කර එහි ස්මාරකයක් ඉදිකර තිබේ. කැප්පෙටිපොල දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ, උඩසිය පත්තුවේ මොණරවිල ග්‍රාමයයි. දිසාවගේ පියා රාජාධිරාජසිංහ ධූරය දැරූ ගොලහැල හෙවත් කැප්පෙටිපොල නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ විය. මෙම දෙපළට දියණියන් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැළේපොළ අධිකාරමගේ බිරිඳ වූ ඇහැලේපොළ කුමාරිහාමිය. වැඩිමහල් පුතා මොණරවිල නාමය කැප්පෙටිපොල දිසාවගේ මව් පරපුරේ නාමය විය. මව්පිය දෙදෙනාගේ පරපුර වෙනුවෙන් මොණරවිල කැප්පෙටිපොල නමින් ඔහු ප්‍රකට විය.
මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ බිරිඳ දෙල්වල කුමාරිහාමිය. මේ දෙපළට එක් පුතෙක් විය. මොණරවිල කැප්පෙටිපොල දිසාව දැයෙන් සමුගැනීමට පෙර බිරිඳට ප්‍රකාශ කර සිටියේ මොණරවිල වලව්ව භික්ෂූන් වහන්සේලාට පූජා කොට දරුවා සමග කෑගල්ලේ දෙල්වල වලව්වට ගොස් තම දෙමාපියන් සමඟ ජීවත්වන ලෙසය. කැප්පෙටිපොල වලව්වේ ඉතිහාසය පිළිබඳව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා උඩරට මහා කැරැල්ල පළමු වැනි කාණ්ඩය ග්‍රන්ථයෙහි සඳහන් කර තිබෙන අන්දමට මොණරවිල වලව්ව ඉංග්‍රීසින් රාජසන්තක කර තිබේ. පසුව ඉංග්‍රීසි පාලනයන්ගේ උදහසට ලක්ව මෙහි දේපළ විනාශයට ලක්ව ඇත. අද වලව්වේ ගල් කණු කිහිපයක් පමණක් ඇති අයුරු එහි ගිය අපට දැක ගැනීමට ලැබුණි. මොණරවිල දිසාව විසින් පල්පේපොල වේළුනාරාම භූමියේ ඉදි කරන ලද බුදු කුටිය අදත් දැක ගත හැකිය.
මොණරවිල කැප්පෙටිපොල දිසාව මාතලේ දිසාව භාරව රාජකරි කරද්දී වාසය කර ඇත්තේ මොණරාවිල ගම් පියසෙහිය. රාජකාරි සඳහා මහනුවර රජ වාසල වෙත යාමේදී අතරමඟ නැවතී ගිමන් හැරීම පිණිස මාතලේ හුලංගමව ගමේ ඉදි කරන ලද වලව්වේ අදත් විද්‍යාමානව පවතී.
මොණරාවිල කැප්පෙටිපොල දිසාව ඉංග්‍රීසි පාලකයින්ගේ උදහසට ලක් වීම නිසා ඔහුගේ එකම පුතාට රාජ්‍ය නිලතලයක් ලැබී ඇත. ඔහුගේ මුණුපුරෙකු වූ මුතුබණ්ඩා මොණරවිල කැප්පෙටිපොලට මාතලේ දිසාව තනතුර ලැබිණ. එම දිසාව විසින් හුලංගමුවේ පිහිටි කැප්පෙටිපොල වලව්ව ප්‍රතිසංස්කරණය කර එහි පදිංචි වී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවැනි මොණරවිල කැප්පෙටිපොල දිසාව මෙම වලව්ව නඩු ඇසීමට ද යොදා ගෙන තිබේ. ස්වකීය පුතුණුවන්ගේ විවාහ මංගල්‍යය නිමිති කර මෙම වලව්ව වැඩිදියුණු කර තිබේ. මෙම වලව්ව කිහිපවරක්ම වැඩිදියුණු කර ඇත.
හුලංගමුව ගමේ පර්චස් 120ක පමණ භූමි භාගයක ඉදි කර තිබෙන මෙම වලව්ව කාමර 16කින් යුක්තය. හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපයුම් මෙහි දක්නට තිබේ. 18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප්‍රදායන් මෙහි පිළිබිඹු කරයි.
මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30ක් පමණ වන අතර දිගින් හා පළලින් අඩි 40 බැගින් වේ. බිත්තියක ඝනකම අඟල් 16ක් පමණ වෙයි. සිමෙන්ති භාවිතයක් නොකර මැටි බදාම විශේෂයක් මගින් බිත්ති ඉදිකර තිබේ. වටිනා දැව යොදා වහලය සහ දොර ජනෙල් සාදා තිබේ. සුවිශේෂ රටාවකින් නිර්මාණය කර තිබෙන මෙය දෙමහල් ගොඩනැගිල්ලකි.
මෙම ඓතිහාසික වලව්වේ කැප්පෙටිපොල දිසාවගේ හත්වැනි පරම්පරාව අදත් ජීවත් වෙති. වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ මිනිබිරියන් වන අක්කා නගෝ දෙදෙනෙක් වූහ. අක්කා මෛත්‍රී කැප්පෙටිපොල මහත්මිය දැනට විදේශ ගතව සිටින්නීය. නංගී ධනරංජනී කැප්පෙටිපොල මහත්මිය පසුගිය දිනක දැයෙන් සමුගත්තාය. ඇගේ සැමියා වන වින්ටිසර් හුලංගමුව මහතා සහ දරුවන් අදත් එම වලව්වේ ජීවත් වෙති.
ඇම්.ඩබ්ලිව්. සෝමරත්න
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ
ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රට වෙනුවෙන් දිවිපිදූ වීර මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව
Ananda Wednesday, 27 November 2019 02:09 AM
සෝමරත්න මහතාණනි , මේ ම ලිපියෙන් දැන උගත් කරුණු ඉතාම අගනේය. ඔබතුමාට මෙවැනි පර්යේෂණාත්මක ගවේෂණයන් කිරීමට ඉදිරියටත් දිරිය ලැබෙවා.!
rizwan Thursday, 28 November 2019 05:38 AM
අපිට මේ තරම් හදිකම් කරපු සුද්දන්ට තාම අපි වඳිනවා. මොන තරම් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්ද අපිට තියෙන්නේ? හරිම වටිනා ලිපියක්... මේ වලව්වේ ඡායාරූපයක් අපිට බලන්න බැරිද?
දසුනි මලිශා නවංජලි Monday, 17 January 2022 04:46 PM
සෝමරත්න මහතානනි මොන තරම් දුකද? වටිනා ලිපිනයක්..අපිට ජායාරැපයක් බලන්න බැරිද?