IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රට අගාධයට ගෙන යන රාජ්‍ය ව්‍යාපාර

රාජ්‍ය ව්‍යවසාය හෙවත් රජයට අයත් සංස්ථා සහ මණ්ඩල, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දෙන සහනාධාර මත යැපෙන රටේ ආර්ථිකයට මහා බරක් වූ ආයතන පද්ධතියක් බව දැන උගත් මිනිසුන්ගේ පිළිගැනීමය. අද “කළ යුත්තේ කුමක්ද” විශේෂයෙන් සලකා බැලෙන්නේ ඒ පිළිබඳවය. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්දැයි අද අපට කරුණු කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු ය.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව කතාබහ කෙරෙන්නට වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. රටක ආර්ථිකයේ වැඩි බලයක් එනම් පාලනයේ පමණක් නොව නිෂ්පාදන ක්‍රියාවලියෙහි වැඩි බලයක් රජය යටතේ සිදුවිය යුතු බව කියන මේ සංකල්පය ලොවට හඳුන්වා දුන් පුද්ගලයන්ගේ මතවාදය විය. විශේෂයෙන් මාක්ස්වාදය පැන නැඟීමත් සමග ලෝකයේ බොහෝ රටවල ධනේ්‍ශ්වර ආර්ථිකය පිළිබඳව පැවැතියේ කලකිරීමකි. මාක්ස්වාදය රැල්ලක් වීමත් සමඟ රාජ්‍ය ව්‍යවසාය ක්‍රමය ද රැල්ලක් විය. ධනේශ්වර ආණ්ඩු යටතේ ද රාජ්‍ය ව්‍යවසාය බිහිවීම ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි ප්‍රශස්ත උදාහරණයකි. එය ලංකාවේ ද එසේම සිදුවිය. 1960 සිට 65 දක්වා පැවැති එජාප ආණ්ඩුව ඊට කදිම නිදසුනකි.

රටේ ආර්ථිකයේ බොහෝ කේන්ද්‍රවල ආයෝජකයා වූයේ රජයයි. සීනි, වානේ, රෙදිපිළි, තුනී ලෑලි වැනි විවිධ කේෂ්ත්‍රවල ආයෝජකයා රජයම විය. එහෙත් රාජ්‍ය ව්‍යවසාය බහුතරයක කාර්යක්ෂමතාව මෙන්ම ඵලදායීතාවය ද පිරිහුණේ ඉතා ශීඝ්‍රයෙනි. 1977 පමණ වනවිට මේ රාජ්‍ය ව්‍යවසාය බහුතරයක් රටට බරක් විය. 1977 බලයට පත්වූ ආණ්ඩුවේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මත ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේ එහෙයිනි. ඒ අනුව රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය ඇරැඹුණු අතර ඇතැම් ව්‍යවසායයන් සම්පූර්ණයෙන්ම වසා දැමිණි. 1995 දී බලයට පත් වූ ශ්‍රීලනිප මුල් කරගත් පොදු පෙරමුණු ආණ්ඩුව ද ඒ ප්‍රතිපත්තියම වේගයෙන් අනුගමනය කළත් 2005 දී බලයට පත් ශ්‍රීලනිප ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසාය යළිත් පණ දුන්නේය. එහෙත් එහි අරමුණ වූයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම නොව රජය රක්ෂා සපයන්නකු වීමය. දේශපාලන බල ව්‍යාපෘතිය මත ක්‍රියාත්මක වූ ඒ ක්‍රමයෙන් රජය සේවා සපයන්නකු නොවී රැකියා සපයන්නකු වීම නිසා රාජ්‍ය ව්‍යවසායවල ඇතිවූයේ සේවක අතිරික්තයකි. එමගින් රාජ්‍ය ව්‍යවසාවල වෙතින් රටේ ආර්ථිකයට පැටැවුණු බර තවත් ඉහළ ගියේය.

 වර්තමානය වනවිට රටේ තිබෙන රාජ්‍ය ව්‍යවසාය ගණන 400 කි. ශ්‍රී ලංකා මහ බැංකුව කියන හැටියට උපාය මාර්ගික වශයෙන් වැදගත් වන්නේ ඒ ආයතන 400න් 55ක් පමණකි. විදුලිය, ඛනිජ තෙල්, වරාය, ප්‍රවාහන හා ජලසම්පාදන උපාය මාර්ගික වශයෙන් වැදගත් කේෂ්ත්‍ර ය. එහෙත් මහා භාණ්ඩාගාරයට යම් මුදලක් දී තිබෙන්නේ ඒ රාජ්‍ය ව්‍යවසාය 55න් සියයට 25ක් එනම් හතරෙන් එකක් පමණකි. ඒ රාජ්‍ය ව්‍යවසාය 2017 දී රජයෙන් රුපියල් බිලියන 41ක් දී තිබෙන අතර ඒ ආයතන විසින් රජයට (මහා භාණ්ඩාගාරයට) දී තිබෙන්නේ රුපියල් බිලියන 54 කි. ඉන් අනාවරණය වන්නේ රජය රුපියල් බිලියන 41ක් වැය කිරීමෙන් උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 13ක් පමණක් බවය. එය ආයෝජනයට සාපේක්ෂව මහා ලාභයක් නොවේ.

උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතනවලින් ද හතරෙන් තුනක් එනම් සියයට 75ක් තවමත් රජයට බරකි. ඒ ආයතන රටට බරක් නිසා පවත්වාගෙන යාම සඳහා බැංකුවලින් ණය ගනී. බොහෝ විට එසේ ණය ගන්නේ රාජ්‍ය බැංකුවලිනි. කෙළවරක් නැති ඒ ණය ගැනිල්ලෙන් අවසානයේ රාජ්‍ය බැංකු ද බංකොලොත් විය හැකිය. රාජ්‍ය ආයතනවල ණය සීමාව ඉක්මවා ගොස් තිබෙන බවට මුඩිස් ආයතනය ද රජයට අනතුරු අඟවා තිබේ. ඔවුන් එසේ අනතුරු අඟවා තිබෙන්නේ අවසානයේ මේ ණය බර රජය මත පැටවෙන බැවිනි. 2017 මැද වනවිට ඒ ණය බර රුපියල් බිලියන 1848 කි. 2006 සිට 2015 වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 244 කි. විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 172 කි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 128 කි. ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 61 කි. උපාය මාර්ගික වශයෙන් ඉහළම වැදගත්කමක් හිමි ඒ රාජ්‍ය ව්‍යවසාය හතරෙන් පමණක් 2006 සිට 2015 දක්වා කාලයේදී වී තිබෙන පාඩුව රුපියල් බිලියන 605 කි. රටේ පවතින රාජ්‍ය ව්‍යවසාය ගණන 400ක් නම් රටට සිදුවන පාඩුව කොතරම් දැයි සිතා ගැනීමටවත් නොහැකිය. පාඩු ලබමින් රටට බරක් වී තිබෙන මේ රාජ්‍ය ව්‍යවසාය සිය වත්කම්වලින් උපයාගෙන තිබෙන ලාබය සියයට බින්දුවයි දශම 64 කි. මේ ආයතන නඩත්තු කිරීමට රජය කරන ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභය එතරම් පහළය. අතිශය කනගාටුදායකය. පෞද්ගලික ව්‍යවසායකයකු නම් මේ ආයතන සියල්ල වසා දමනු නිසැකය.

රාජ්‍ය ව්‍යවසායවලට මේ ඉරණම අත් වී තිබෙන්නේ ඇයි? ප්‍රධානම සහ ප්‍රබලම කාරණය දුර්වල කළමනාකරණයයි. සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරෙන්නෝ ඡන්දවලින් පැරැදෙන අපේක්ෂකයන් හෝ මැති ඇමැතිවරුන්ගේ දේශපාලන හිතවත්හු සහ ඥාතීහුය. ඔවුහු කළමනාකරණය සහ පරිපාලනය ගැන මෙලොව හසරක් නොදනිති. දෙවැනි කාරණය ඒ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට වගවීමක් නැතිකමය. රාජ්‍ය ව්‍යවසාය පොදු දේපළකි. ඒවා අයිති රටේ පොදු ජනතාවටය.

එහෙත් ඒවා හසුරුවන්නේ මැති ඇමැතින්ට ඕනෑ හැටියට සභාපතිවරුන්ය. ඒ සභාපතිවරුන් ඒ දේපළ අයිති මහජනයාට වගකියන්නේ නැත. ඔවුන් වග කියන්නේ තමන් පත්කළ ඇමැතිට මිස ජනතාවට නොවේ. කරන්නේ තමන්ට හා ඇමැතිට අවශ්‍ය දේවල්ය. ජනතාවට ඒවායේ තොරතුරු ලැබෙන්නේද නැත. ඉල්ලුවාට දෙන්නේ ද නැත. ඒ සභාපතිවරුන් සේවය කරන්නේ ආණ්ඩුවට හා ඇමැතිට මිස ජනතාවට නොවේ.

සභාපති ඇතුළු ඒ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට දිගු කාලීන සැලසුම් ද නැත. ඔවුන්ගේ එකම අරමුණ ආණ්ඩුව හා ඇමැති සතුටු කිරීමය. ආණ්ඩුව සේම ඇමැති මාරු වනවිට තම තනතුරු අහිමි වන බව ඔවුහු දනිති. එහෙයින් ඔවුහු ඒ ආයතන ගොඩදමන දිගුකාලීන සැලසුම් නොකරති. එසේ කිරීමේ හැකියාවක් ද ඔවුනට නොමැත. මක්නිසාදයත් ඔවුන් කළමනාකරණය හා පරිපාලනය ගැන මෙලොව දෙයක් නොදන්නා බැවිනි.

තරගකාරීත්වයක් නොමැතිකම ද රාජ්‍ය ව්‍යවසාය වැටීමට හේතුවකි. මිල ප්‍රතිපත්තියක් නොමැතිකම තවත් කාරණයකි. ඔවුහු වෙළෙඳපොළට සංවේදී නොවෙති. කටයුතු කරන්නේ දේශපාලන පදනමකින් මිස වාණිජ පදනමකින් නෙවේ. පිරිවැය ආවරණය වන මිල ප්‍රතිපත්තියක් අනුගමනය නොකරති. කෝප් කමිටුවෙන් ද වන සුගතියක් නැත. එය කරන්නේ වාර්තාවක් නිකුත් කිරීම පමණකි. ඒ වාර්තාවේ කරුණු මත පදනම්ව පසු විපරමක් නොකෙරෙයි. වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමක් සිදු නොවෙයි. රාජ්‍ය ව්‍යවසායවල පවතින මේ සංස්කෘතිය වෙනස් කිරීමට වෘත්තීය සමිති දක්වන්නේ ද මාරාන්තික විරෝධයකි. එහෙයින් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ආණ්ඩු හා ඇමැතිවරුන් අනුගමනය කරන ප්‍රතිපත්ති ද නිවැරැදි නොවෙයි. ආණ්ඩු, ඇමැතිවරුන් හා වෘත්තීය සමිති තම එදා වේල ප්‍රතිපත්ති පැත්තකට දමා රට හා ජනතාව ගැන සිතා දිගුකාලීන ප්‍රතිපත්ති මත සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කරනතුරු රාජ්‍ය ව්‍යවසාය දැන් වැටී තිබෙන වළෙන් ගොඩගත නොහැකිය.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්

 



අදහස් (1)

රට අගාධයට ගෙන යන රාජ්‍ය ව්‍යාපාර

nishan Tuesday, 22 January 2019 05:33 AM

ඉතාමත් කාලෝචිත නිවැරදිව විශ්ලේෂණය කරන ලද ලිපියක්. රාජ්‍ය භාණ්ඩාගාරයේ කාර්ය භාර්යද සහ නිවැරදිව කරන ලද පුද්ගලීකරණය ගැන යමක් සාකච්චා කරනම් අගනේය.

:       0       25

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 134 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 126 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2042 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 195 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 142 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 752 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site